"මචං ආදරේ අන්ධයි නේද බං ?" යාළුවා දිහාට හැරිලා මම් කිව්වා.
"ඈ යකෝ !!! මෙච්චර වෙලා හොදට හිටපු උඹට එකපාරට මොකෑ උනේ ? උඹට ඔල්මාදෙ ද ?" යාළුවා උත්තර දුන්නා.
"එහෙම එකක් නෙමේ බං. අර කෙලවරේ වාඩි වෙලා ඉන්න කපල් එක නහුතෙට තොල් විකා ගන්න එක උන් හිතන්නේ අපට පේන්නේ නෑ කියලා නේ !!"
"කෝ .... බං !!"
"අර පෙම් මුල්ලේ වාඩි වෙලා ඉන්නේ. උඹ ඇස් කටේ දාගෙනද ඉන්නේ ?"
"අඩේ හැබෑමයි නේ බං. උඹට ඉතින් කොහෙං හරි කැරිකිලා ඕවා නම් පේනවා !!!"
වෙනදා වගේම නුගේගොඩ ඉදන් බස් එකේ ඇවිත් ආමර් වීදියෙන් බහිනකොට මට අතීජාත මිත්‍රයෙක් හම්බ උනා. ඌත් එක්ක කදේ වැටිලා ටික වෙලාවකින් අපේ ගමට යන බස් එකට ගොඩ උනා. එතකොට තමයි ඔය කියන ජෝඩුව දැක්කේ.
ඒ වෙලාවේ බස් එක පිරෙන්නම වගේ සෙනඟ හිටියත් අන්තීම සීට් එකේ කෙලවරක වාඩිවෙලා හිටපු ජෝඩුවක් ඔය විදිහට ආදරෙන් අන්ධ වෙලා හිටියා (පවු නේ.) මාත් ඔය සිද්ධිය අහම්බෙන් වගේ දැකලා මං ලඟ හිටපු යාළුවාට පෙන්නුවා.
මේ සිද්ධිය දැක්කම හිතුනේ ඒ කොල්ලයි කෙල්ලයි පුරුදු කාරයෝ දෙන්නෙක් කියලා.
ඔහොම ටික වෙලාවක් යනකොට බස් එකේ හිටගෙන හිටපු එක එකාගේ ඇස් අර ජෝඩුව දිහාවට යොමු උනා. ඒත් උන් දෙන්නට නෙමෙයි ගානක්වත් තිබුනේ.මේ සිද්ධිය දැකපු සමහර මැදි වයසේ අය නම් "මුන්ට විලි ලැජ්ජ නෑ" කියලා තමන්ට විතරක් ඇහෙන්න බැන ගත්තා.
තවටික වෙලාවක් යනකොට මේ සීන් එක ඉහින් කනින් ආරංචි වෙලා සීට් වල වාඩිවෙලා හිටපු එක එකා චුට්ට චුට්ට ඉස්සිලා ඒ දෙන්නා දිහා බලන්න ගත්තා. කොටින්ම බස් එකේ හැම එකාගෙම අවධානය ඒ දෙන්නා පැහැර ගත්තා කිව්වොත් මම වැරදි නෑ.
මේ වගේ දේවල් පිටරටවල් වල අරුමයක් නැති උනාට අපට නම් අළුත් දේවල්. AC බස් වල මෙහෙම ඒවා වෙනවා කියලා දැනගෙන උන්නට සාමාන්‍ය බස් වලත් මෙහෙම වෙනවා කියලා මම් දැනගත්තේ අදමයි.
කොහොමහරි මේ දෙන්නා පෑලියගොඩ පහුවෙනකොට බැහැලා ගියා. මේ දෙන්නගෙ නිදහස නේ කියලා හිතලා වෙන්නැති කවුරුවත් මුකුත් කියන්න ගියේ නෑ. ඊට පස්සේ මමයි අරුයි බස් එකෙන් බහිනකම් දවසේ විස්තර කතා කර කර ගියා.
වෙනදට වාහන තදබදයට අහුවෙලා සෙනඟ අතරේ තෙරපිලා යන ඒකාකාරි අතෘප්තිකර බස් ගමන සුන්දර කලාට මේ දෙන්නට ස්තුතියි කියමු !!!

-------------------------------------------------------------