ආදරය ඉතාම සරලව වෛරය බවට පත්වෙනවා.......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරය ඉතාම සරලව වෛරය බවට පත්වෙනවා.......

    17255542df34ed10ac744cfafe488d58ec22ff0a.jpg


    ඔබ තුල ආදරය තියෙනවද..? පාඩුවෙ පැත්තකට වෙලා වාඩිවෙලා ඉන්නකොට කවද හරි ඔබ ඔබෙන් අහල ිතයෙනවද ඔබ තුළ ආදරය තියෙනවද කියලා. ඔබ දැකලා තියෙනවද ඔබ තුළ ආදරය තියෙනවා. ඇත්තටම තව කෙනෙකුට දෙන්න තරම් ආදර ශක්තියක් ඔබ තුළ තියෙනවද..?

    ඔයා ළඟ ආදරය නෑ.. කොටින්ම වෙන තියෙන කෙනෙකුත් නෑ.. ආදර සම්බන්ධතාව තුළඳි ඔබ අහුවෙනවා. දෙන්නම මවාපාන්නො. දෙන්නම එකිනෙකාට මවාපාන පාරාදීසයක් තරම් දෙයක් ඔව දෙන්න හදන්නෙ කියලා ඔබ එකිනෙකාට ඒත්තු ගන්වන්න හදනවා. යමෙක් ඔබව විවාහ කරගත්තොත් ඒ තුළින් රත්තං දින ළඟා කරලා දෙන්න පුළුවන් කියලා.

    ඔබ ඇතත්ටම දන්නෙ නෑ දෙන්න තරම් දෙයක් ඔබ ළඟ නෑ කියලා. මේ ඔක්කොම දේවල් ළඟා කරගන්න, ලබාගන්න තියෙන දේවල් මිසක් ඔබ ළඟ තියෙන දේවල් නෙමෙයි. ඔබ වගේම අනිත් කෙනා කරන්නෙත් එකම දේ. ඔබ විවාහ වුණු ගමන් ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රශ්න ඇතිවේනනෙ දෙදෙනාම බලන් ඉන්නවා මේ දේවල් සිද්ධ වෙනකල්. අන්න එතකොට එතැන කේන්තිය ඇතිවෙනවා. ඒක හෙමින් හෙමින් විසක් බවට පත්වෙනවා.

    ආදරය ඉතාම සරලව වෛරය බවට පත්වෙනවා. ඔයා ළඟ තියෙන්නෙ එක එක මූණු. වෙරළෙදි, සිනමා ශාලාවෙදි, නටන තැනදි මේ එක් එක් තැන ඔබ තුළ තියෙන්නෙ එක එක මූනු. අනාගතය ගැන සුන්දර හීන දකින අත්වැල් පටලවාගෙන ඉන්න පැය භාගයකදි විතර ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබ විවාහ වෙලා මේ දේවල් බලාපොරොත්තුවෙන් ඉන්නකොට ඒ දේවල් එක එක වාෂ්ප වෙන්න පටන් ගන්නවා.

    අලුත විවාහ වුණු යුවළක් තමන්ගෙ ගමන් මලුවල අලුත විවාහ වුණු කියලා ලේබලයකුත් අලවගෙන හෝටලේට ඇතුළු වුණා ඔවුන්ගෙ මධුසමය ගතකරන්න. කාමරයට ගියා විතරයි පිරිමියා ඇඳට පැනලා පොරෝනය යටට වැඳුණා. කාන්තාව නාන කාමරයට ගියා.

    පිරිමියා කියනවා “ඔය ලයිට් නිවන්න, මට ලයිට් දාගෙන නිදාගන්න බෑ” කියලා. එතකොට කාන්තාව කියනවා “විනාඩි පහක් ඉන්න මං එළියට ආවම නිවන්නන්” කියලා.. ඔහු ආයිත් කියනවා “කරුණා කරලා ඉස්සෙල්ලම ලයිට් එක නිවන්න” කියලා.. ඔන්න ඇය ඉතින් රණ්ඩුව පටන් ගන්නවා. කාන්තාවට ආයිත් ලයිට් නිවන්න කියපුවහම ඈ කියනවා “ඔයාට මං වෙනුවෙන් අවුරුදු පහක් බලන් ඉන්න පුළුවන් වුණා. ඇයි දැන් විනාඩි පහක් ඉන්න බැරි..” කියලා.

    පිරිමියා කියනවා “දැන් ඉතිං පැය විසිහතරක් මට ඔයත් එක්ක ඉන්න එපෑ. මං කොහොමටත් මේ බ්ලැන්කට් එක යටට වෙලා ඉන්නෙ..” කියලා. කාන්තාව කියනවා “මට නං තේරෙන්නෑ ඔයා මොනව කියනවද කියලා..” පිරිමියා කියනවා “දැන් ඉතිං මං ඔයාට ඇත්තම කියන්නම්.. මගේ මේ එක කකුලක් බොරු කකුලක්, ඒක අයින් කරනවා ඔයා දකිනවට මං කැමති නෑ.. ඒ හින්දයි මට කළුවර ඕන..” කියලා.. එතකොට කාන්තාව කියනවා “යන්නං ඇති.. දැන් තමයි මට සැනසීමක් දැනුණෙ.. මොකද මගේ මේ කොණ්ඩෙයි, දතුයි, පියයුරුයි ඔක්කොම බොරු ඒවා.. ඒ හින්දා දැන් ලයිට් තිබුණත් එකයි නැතත් එකයි” කියලා..

    මේක කියනකොටම මනුස්සය ඇඳෙන් බැහැලා අතුරුදන් වෙනවා. ආයි කවදාවත් එයාව හොයාගන්න බැරිවුණා.

    මානව සම්බන්ධ වලට තේරුම් ගැනීමත් අවශ්‍යයි. මගේ යෝජනාව නං භාවනා කරන්න කියන එකයි. පුළුවන් තරං නිස්කලංක, නිශ්ශබ්දතාවයට පත් වෙන්න, ඔබ තුළ ශාන්ත බව නැගී එන්න ඉඩ දෙන්න.

    ඒ තුළින් ඔබට දහසකුත් එකක් මාර්ග ඇතිවෙනවා. ආදරය තුළ විතරක් නෙමෙයි තවත් දේ වලට ආදරය කරන්න බැරි මිනිස්සු කොහොමද නිර්මාණශීලී වෙන්නෙ. ආදරය නැති හදවතක් කවදාවත් ඇත්තම නිර්මාණශීලීත්වයට ළඟා වෙන්නෑ. ඔහුට අනුකරණය කරන්න පුළුවන් හැබැයි නිර්මාණශීලී වෙන්න බෑ. සියලුම නිර්මාණ ඇති වෙන්නෙ ආදරය, තේරුම් ගැනම සහ නිශ්ශබ්දතාව තුළ.

    →දුමින්ද බොරළුගොඩ


    17255541fa24fedd191bf4e12dbbdf5646cd19ca.jpg