....:: ආදරය යනු කුමක්ද? සියල්ලන්ම බලත්වා ::....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ....:: ආදරය යනු කුමක්ද? සියල්ලන්ම බලත්වා ::....

    ප්‍රශ්ණය : ආදරය යනු කුමක්ද?

    පිලිතුරු :

    කලා සිසුවා ►►

    ආදරය යනු මිනිස් චෛතසිකයේ ඇති වන අතිශයින්ම විචිත්‍රවත් වූ හැගීමකි. කාලිදාසගේ යුගයේ සිට අද දක්වා කවියන්/ලේඛකයන් ආදරය නොයෙක් ආකාරයෙන් විග්‍රහ කිරීමට උත්සාහ දැරූ නමුත් මේ වන තෙක් එය නිවැරදිව විග්‍රහ කිරීමට සමත් වූවෙකු නොමැත.විරහව උපදින්නේ ආදරය බිදී යාමෙනි.

    ඉංජිනේරු සිසුවා ►►

    පිරිමියෙකුගේ හැගීම් ශ්‍රීතය සහ ගැහැණියගේ හැගීම් ශ්‍රීතය ඡේදනය වූ විට ආදරය ඇති වේ.මෙහි අගය 0 සිට අනන්තය දක්වා විචලනය විය හැකි අතර විටක අර්ථ දැක්විය හැකි නොවේ. අනුකලනය අවකලනය ත්‍රිකෝණමිතිය හෝ ජ්‍යාමිතික සූත්‍ර භාවිතා කර ආදරය පැහැදිලි කල නොහැක,වඩා සරළ පැහැදිලි කිරීමක් සදහා පහත පියවර අනුගමනය කරන්න

    1. Google වෙත යන්න(www.google.com)

    2. sqrt(cos(x))*cos(300x)+sqrt(abs(x))-0.7)*(4-x*x)^0.01, sqrt(6-x^2), -sqrt(6-x^2) from -4.5 to 4.5
    යන්නඇතුලත් කර Search කරන්න

    වෛද්‍ය සිසුවා ►►

    ස්ත්‍රීයක් සහ පුරුෂයෙකු අතර ඇති වන සම්බන්ධයක් නිසා හදවතේ ඇති වන අසාමාන්‍ය තත්වයකි. මෙම අසාමාන්‍ය තත්වය බොහෝ විට ඉතා යහපත් වූවත් මෙය දෙදෙනාටම හෝ එක් අයෙකුට මාරාන්තික වීමේ හැකියාවක්ද පවතී.

    රෝග ආකාරය :
    • ඒකපාර්ශවීය
    • ද්වීපාර්ශවීය

    වයස් සීමාව: නව යොවුන් තරුණ තරුණියන් අතර සුලභ වූවත් වයස අවුරුදු 10 සිට 100 දක්වා ඕනෑම වයස් කාණ්ඩයක අයට වැලදිය හැකියි

    රෝග ලක්‍ෂණ :
    • ආතතිය
    • දවල් සිහින දැකීම
    • නින් ද නොයෑම
    • දුරකතන ඇබ්බැහිය
    • බොලද වීම
    • ඇස් වලින් නිතරම කදුලු ගලා යාම

    රෝග විනිශ්චය :
    • Mobile Phone පරීක්‍ෂාව
    • වත්පොත්(Facebook) Profile පරීක්‍ෂාව

    ප්‍රථිකාර :
    • පියාගේ සපත්තු ප්‍රථිප්‍රේම ප්‍රථිකාරය
    • මවගේ සෙරෙප්පු ප්‍රථිප්‍රේම ප්‍රථිකාරය


    වාණිජ සිසුවා►►

    දෙදෙනෙකු අතර ඇති කර ගන්නා වූ දෙපාර්ශවයටම ලාභ පාඩු සමසේ බෙදෙන හවුල් ව්‍යාපාරයකි. නමුත් එක් පාර්ශවයක අන්තනෝමතික ක්‍රියා කලාප හේතුවෙන් හෝ එක් පාර්ශවයක ඉල්ලුමට අනූව අනෙක් පාර්ශවයේ සැපයුම නොමැති කල්හි හෝ ව්‍යාපාරය බංකොලොත් වීමේ අවධානමක් පවතී.
     
    • Like
    Reactions: hiphoprock

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    laugh8kb.gif
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63

    • හදවතේ ඇති වන අසාමාන්‍ය තත්වයකි
      [*]අතිශයින්ම විචිත්‍රවත් වූ හැගීමකි

      [*]හවුල් ව්‍යාපාරයකි
    :lol::lol::lol::lol::lol::lol: