ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා

emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    මේ ලිපිය ලියන්නේ ආදරය වෙනුවෙන් දිවි පුදන්ඩ ඉන්න අයටයි, ආදරය වෙනුවෙන් දිවි පිදීම සාධාරණී කරණය කරන්ඩ යන අයටයි සහ අනෙක් සියලු දෙනාටයි.
    මම මේක විස්තර කරන්නේ ශාරුක් ඛාන්ගේ, ප්‍රීති සින්ටගේ වගේ එක එකාගේ ගොබ්බ අදහස් වලට අනුව නෙමේ :no:. මගේ ගොබ්බ අදහස් වලට අනුවත් නෙමේ :P. තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත උන්වහන්සේගේ ධර්මයට අනුකුලව:yes:. ඒක නිසා මිටවඩා Perfect විසදුමක් මේ ප්‍රශ්න වලට නෑ :no:.
    ඉස්සරලා බලමු ආදරය කියන්නේ මොකක්ද කියල.

    ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද?
    අකුසලයක්.:sorry: අම්ම කෙනෙක් දරුවෙක්ට ආදරය කරන තැන ඉදන් කෙල්ලෙක්ට / කොල්ලෙක්ට / සල්ලි වලට / දෙපලට / යාන වාහන වලට ආදරය කිරීම දක්වා අකුසලයක්. කුසලයක් වෙන්නේ මයිත්‍රීය. මයිත්‍රීයෙදී අල්ලා ගැනීමක් නෑ. මයිත්‍රීයයි ආදරයයි පැහැදිලිව දෙකක්. මයිත්‍රීයෙදී වෙන්නේ පොදුවේ තමා ඇතුළු සියලු සත්වයන්ගේ යහපත / නිවන ප්‍රර්ථනා කිරීමක්. අල්ලා ගැනීමක් නෑ. මගේ මට විතරයි කියල දෙයක් නෑ එතන.
    අදරයේදී වෙන්නේ අල්ලා ගැනීමක්. එතැනදී වෙන්නේ තමන්, තමන්ගේ ලගම අය, දේපල වස්තුව ආදිය තදින් අල්ලා ගැනීමක්.

    බුදුදහමට අනුව ආදරය කියන්නේ මොකක්ද? හොද දෙයක්ද නරක දෙයක්ද?
    බුදුදහමට අනුව ආදරය කියන්නේ නරක දෙයක්. :yes: ආදරය කියන්නේ ලෝභයක්. අභිධර්මයට අනුව ලෝභය යනු අරමුණට ඇලීමයි. ආදරය කියන්නෙත් අරමුණට ඇලීමක්.

    එතකොට ආදරය වෙනුවෙන් දිවි පිදීම කියන්නේ?
    ආදරය වෙනුවෙන් දිවි පිදීම කියන්නේ තමන් ඇලුණු අරමුණ තමන්ට නොලැබීමෙන් ඇතිවන ද්වේශය පිටකිරීමක්.:growl: බුදුදහමට අනුව ද්වේශය යනු අරමුණට ගැටීමයි. මේක සම්පුර්න අකුසලයක්. මෙහෙම මැරෙන අයගේ චුති චිත්තය බොහෝ විටම තියෙන්නේ ද්වේශයක්. එහෙම උනොත් ඉපදෙන්නේ නිරයේ :sorry:. එහෙම නැතුව චුති චිත්තයට ලෝභය (අරමුනට ඇලීම) ආවොත් භූත, ප්‍රේත ආත්ම වල ඉපදෙනේ. සුගතියට නොයන තරම් මෙහෙම අය.

    ආදරය වෙනුවෙන් දිවි පුදන්නේ ඇයි?
    නොවටිනා දේ වටිනා යැයි සිතීම. අසාර දේ සාර වශයෙන් ගැනීම. :yes: මෙහෙම ගත්තහම අරමුණ (කෙල්ල / කොල්ල / වස්තුව / දරුවා) වැරදියට ගන්නේ. ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා කියල හිතනවා. එතකොට ඒ අරමුණට ඇලෙනවා. ඒ අරමුණ නොලබුනහම ඒකට ගැටෙනවා. එතනදී ඇතිවන් ද්වේශය හින්ද තමයි එක්කෝ තමන් හරි අරමුණ හරි විනාශ කරන්ඩ යන්නේ. මොකද තමන් සහ අරමුණ යන දෙක තියෙන තාක් කල් සහ එයා අරමුණ වැරදියට ගන්න තාක් කල් එයාගේ හිත අරමුණත් එක්ක ගැටෙනවා. අරමුණක් එක්ක ගැටී ගැටී ජිවත් වෙන එක ඇත්තෙන්ම වදයක්. ඒක නිසා වසදුම් තුනයි තියෙන්නේ.
    1. තමන් විනාශ වීම
    2. අරමුණ විනාශ කිරීම
    3. අරමුණ වැරදි ආකාරයට ගැනීම නතර කර අරමුණ නිවැරදි ආකාරයට ගැනීම.
    මෙයින් වඩාත්ම බුද්ධිමත්ම තීරණය තමයි අංක තුන. ඒකට ඉදිරියට කියවන්ඩ.

    මම ආදරය කරපු අරමුණ (කෙල්ල / කොල්ල / වස්තුව) මට නැති උනා. මට මැරෙන්ඩ හිතිලා තියෙන්නේ. මොකද කරන්නේ?
    මුලින්ම තේරුම් ගන්ඩ ඕන මේවගේ වේලාවකදී සම්පුර්ණයෙන් වැරැද්ද කරලා තියෙන්නේ තමුන්.:shocked: 100% තමුන්. තමුන්ගේ කෙල්ල / කොල්ල වංචා කරා කියල ඔහු / ඇය වත්, තමන්ගේ දේපල හොරකම් කරපු හොරුවත් නෙමේ වැරදි තමුන්. :shocked:
    තමුන් කරපු ලොකුම වැරැද්ද තමා අරමුණ වැරදියට ගත්තු එක. :yes: තමුන් හිතුව තමුන්ගේ කෙල්ල / කොල්ල වෙනස් වෙන්නේ නැති වෙයි කියල. රහත් නොවිච්ච ඕන කොල්ලෙක් / කෙල්ලක් ඕනෑම වෙලාවක අරමුණු වෙනස් කරන්ඩ පුළුවන්. :yes: වෙන අරමුණකට ලොකු ඇලීමක් ඇති උනොත් කලින් අරමුණ අයින් කරන්ඩ ගත වෙන්නේ ඒක චිත්තක්ෂණයයි. මේක කියවන ඔයත් එහෙමයි / ලියන Download_Now ත් එහෙමයි ඔයාගේ කෙල්ල / කොල්ල / අම්ම තාත්තත් එහෙමයි. තමුන් බුද්ධිමත් වෙලා මේක තේරුම් ගන්ඩ ඕන. :yes:. අනික තමුන් මේ පන දාගෙන ආදරේ කරපු කෙනා ගිය ආත්මේ පිට්ටනියක තණකොළ උලාකකා හිටපු මිහරකෙක් වෙන්ඩ පුළුවන්. :P ලබන ආත්මෙත් මෙලෝ දෙයක් නොතේරෙන දෙමලිච්චෙක් කටුස්සෙක් වෙන්ඩ පුළුවන්. :baffled: එතකොට මොකේටද ආදරේ කරේ? මුකුත් නෑ. :no: මෙතනදී මම වැඩිපුර අභිධර්මය කියන්ඩ යන්නේ නෑ. මොකද එතකොට මේක කියවන එක නතර කරන නිසා. :P
    දැන් කරන්ඩ තියෙන්නේ අරමුණ හරියට ගන්න එක. මේකට සමාජයත් එක්ක ගැටිලා රුපියලට මිනී මරණ එවුනුත් එක්ක ඉදල තෙම්පරාදු වෙච්ච අයට ලේසි. මිනිහෙක් වෙනස් වෙන්ඩ යන්නේ කොච්චර ටික කාලයයිද කියල දන්නවා. :yes: ගෙයි මුල්ලේ හුරතල් වේවි හිටපු කෙනෙක්ට අමාරුයි. එහෙම අය තව ටිකක් අභිධර්මය කියවන්ඩ. එකේ චිත්ත වීති කියල එකක් තියෙනවා. එකේ තියෙනවා හිත වැඩ කරන විදිය. තව සියලු සතුන් (මිනිස්සු / සතුන් / දෙවියන්) ට ඇතිවන සිත් 89 විස්තර කරලා තියෙනවා. අපිට ඕන වෙලාවක ඇති වෙන්නේ ඒ 89න් එකක්. ඒක තේරුම් ගත්තොත් තේරෙයි ආදරය කියන්නේ බොරුවක් කියල. :yes: මේක ගොඩක් අමාරු දෙයක් නෙමේ. එක සතියක් මහන්සි උනොත් අය කොල්ල / කෙල්ල නෙමේ අම්ම තාත්ත, නෑදෑ ඔක්කොම දාල ගියත් ගානක් වත් නෑ. :cool:
    සල්ලි දේපල නැතිවෙලා සියදිවි නහගන්ඩ ඉන්න අයටත් මෙටිකම තමා. සල්ලි දේපල කියන්නෙත් අරමුණු. එව්වත් වෙනස් වෙනවා. අපිට ඕන විදියට තියෙන්නේ නෑ. අපි ලස්සනයි කියල හිතගෙන ඉන්න Car එක තව අවුරුදු 100කින් විතර නිකං දුන්නත් ගන්නේ නැති තත්වෙට පත් වෙනවා. තමන් අරමුණට ඇලිල හිටිය නිසා අරමුණ නැති වෙද්දී දුකක් (දුක යනු ද්වේශයේ ඒක model එකකි. ද්වේශය = අරමුණට ගැටීම) එනව මිසක් car එක හින්ද දුක හිතුන නෙමේ.

    වැඩිදුර අභිධර්මය ඉගෙනගන්නේ කොහොමද?
    මම අභිධර්මය මුලින්ම පිළිවෙලට ඉගෙන ගත්තේ මෙන්න මේ හාමුදුරුවන්ගෙ
    Ven. Thiththagalle Anandasiri Thero
    මෙන්න මේ video set එකෙන්
    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ
    මේ හාමුදුරුවෝ සරලව, ප්‍රසන්න ලෙස අභිධර්මය උගන්නනවා. මේ ඔක්කොම බලන්ඩ වෙලාවක් නෑ කියනවා නම් මම බලපු හැටිත් කියල දෙන්නම්. මම මේ ඔක්කොම බැලුවේ ඇදෙදී නින්ද යනකම්. කොට්ට දෙකක් ඔලුවට තියාගන්ඩ. බඩ උඩිනුත් කොට්ටයක් තියාගන්ඩ. ඒක උඩින් phone එක තියල hands-free එක කනේ ගහගෙන නින්ද යනකම් අහන එකයි. Phone වලින් හොදම ප්‍රයෝජන ගත්ත අය අතරින් මමත් කෙනෙක්. :P

    එතකොට bla bla bla? :growl:
    හරි හරි, ඉස්සරලා මෙටික කියවල ඉදපල්ලකෝ :rolleyes:. ඔක්කොම මෙතන කියන්ඩ බෑනේ :angry:. ප්‍රශ්න තිබ්බොත් comment කරපල්ල :yes:.

    මගේ එකම ප්‍රාර්ථනය, මේ ලිපිය කියවල සියදිවි නසාගන්ඩ ඉන්න / කනස්සල්ලෙන් ඉන්න එක්කෙනෙක් හරි සුවපත් කරන එක. :dull: ඒක හින්ද පුළුවන් තරම් මේක Share / Bump කරන්ඩ. දන්නේ නැති දේවල් / ප්‍රශ්න අහන්ඩ.

    තව කියන්ඩ ඕන මේක ලිව්වේ මම (Elakiri එකේ Download_Now). මේක අඩුපාඩු තියෙනවා නම් ඒ මගේ අඩුපාඩු මිස බුදුදුදහමේ අඩුපාඩු නොවන වග සලකන්න.

    තෙරුවන් සරණයි

    super
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,791
    1,422
    113
    Sri Lanka
    pawak da mama danne na.... e unaata mama nam mage ammatayi thaaththatayi aadareyi.... eka pau unath mata nam kamak na.......... mona apaaye watunath mama mage ammatayi thaathatayi aadare wena eka nawathinne na..........

    api kaatawath karadarayak nathiwa jeewath wenaawa kiyana eka thamaa mama nam dakinne wenna ona de kiyala.... aadare nisaa apaaye yayi kiyala mata hithenneth na..... aadare karana aya bandeem athikaraganna nisaa sasara digu wenawa ati........ e unaata thaman karanne hoda chethanaawakin nam mama hithanne na oya kiyana tharame akusalayak weyi kiyala......

    mata hithena de thama budun wahanseth sandakindurek wela eka aathmeka aadare kara.... mama nam hithanne na e nisaa unwahanse akusalayak karagaththa kiyala....... oyalath ehema hithanawada???
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මම මේ ඔක්කොම බැලුවේ ඇදෙදී නින්ද යනකම්. කොට්ට දෙකක් ඔලුවට තියාගන්ඩ. බඩ උඩිනුත් කොට්ටයක් තියාගන්ඩ. ඒක උඩින් phone එක තියල hands-free එක කනේ ගහගෙන නින්ද යනකම් අහන එකයි. Phone වලින් හොදම ප්‍රයෝජන ගත්ත අය අතරින් මමත් කෙනෙක්.

    වැඩේ කියන්නේ මචං මේ විදිහට කොට්ට තිබ්බම ආයේ ලොවෙත් නැතිවෙන්න සනීපෙට නින්ද යනවනේ …:lol::lol::lol::lol:
    අත්හැරීම කියන එක ප්‍රගුණ කරන්න ඕනි හැම තිස්සෙම .වටිනා ලිපියක් .
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    වර්තමාන සුවහසක් ඒලකිරියන් වෙනුවෙනි....