ආදරය සමාජය ආකල්පය හා ජීවිතය
සිතේ කෙනෙකු වෙනුවෙන් ආදරයක් ඇති වීම ස්වාභාවික විය හැක. නමුත් බොහෝමයක් අවස්ථාවලදී එය ප්‍රකාශ කිරීම යම් හෙයකින් ස්වාභාවික සේ පිළිනොගන්නා බවක් දැනෙයි. ආදරය ප්‍රකාශ කරන්නාට විවිධ හේතු තිබිය හැක. ආදරය ගැන කවි ගීපද ඇති තරම් කිව හැක. නමුත් කුමක් හෝ හේතුවක් මත සැබෑ ලෝකය තුල ප්‍රකාශ කරන ආදරය පිළිගනීවි යැයි බලාපොරොත්තු තබා ගත නොහැක්කේ මන්ද? එය පොදු කාරණයකි. නැතිනම් තනිකඩයන් බහුල වීමට හේතුවක් නැත. කෙනෙක් හමු නොවේවි යැයි කඩවුනු බලාපොරොත්තු ඇති කරගැනීමට අවශ්‍ය නැත. එය නිරායාසයෙන් ම අහිංසක අවශ්‍යතාවයක් බලාපොරොත්තුවක් පමණි. නමුදු එය ඉටුකර ගැනීමට හැමදෙනාටම ද හැකි නොවන්නේ මන්ද?
ජීවිත ගමන තුළ තනිව සිටින්නට කිසිවෙක් කැමති නැති සේම ජීවිත ගමන කිසිවෙකු නැතිව යාමට අපහසුද වෙයි. එසේත් නැතිනම් මානසික සතුටක් සහයෝගයක් හවු හරණක් යම් අයුරකින් කෙනෙකු ජීවිතයට බලාපොරොත්තු වන පරිදි ආවේ නැති වූ විට ආදරය සොයා යන්නාට එය නොලැබෙනා අවස්ථාව වැඩි වන විට ජීවිතය පිළිබඳ කලකිරීමට පත්වන තත්ත්වය වැඩිවෙයි. ඒ බලාපොරොත්තුව ස්වාභාවික මානුෂික කාරණාවකි. නමුත් එවන් ස්වාභාවික කාරණාවක් ඉටු කරගත නොහැකි තරමට සමහර අයට තත්වය ඔඩු දුවන්නේ මන්ද?
නීතිය, සදාචාරය, සභ්‍යත්වය, සංස්කෘතිය යන මේ සියලු කාරණා බොහොමයක් පිරිස පීඩනයට පත් කරවන උගුල්ය. ඒවාට එපිටින් යන්නවුන් ට දඬුවම් කරන්නටත්, අපහාස කරන්නටත්, සිස්ටම් එකට බලෙන් අනුගත කරවන්නටත් උත්සුක වන පිරිස වැඩි වන්නේ ඒ රාමු තුළ ඔවුනුත් සිරවී දුක් විඳ ඇති බැවිනි. මීළඟට එන පරම්පරාව ද කරන්නේ එයමය. තමන්ට ආදරය සෙනෙහස නිදහසේ විඳින්නට නොදුන් සමාජ ක්‍රමයටම වෛර කරන ඔවුන් තව තවත් පීඩනයට පත් කරවන පිරිස් බවට පත් වෙයි. ආත්මාර්ථකාමිත්වය සාමාන්‍ය වෙයි. එන්න එන්නම අගාධයකට වැටීම මිසක් අත දී නැගී සිටින්නට උදව් කරන්නවුන් බිහි නොවනු ඇත. එවන් උදව් කරන්නෝ කලාතුරකින් දක්නට ලැබුණහොත් පළමුව දඬුවම් ලැබෙන්නේ ඔවුන්ටය. එතරම් කුහක සමාජ ක්‍රමයක් දැන් නිර්මාණය වී ඇත. ආදරය! සෙනෙහස! මේවා තව දුරටත් වලංගු නොවනු ඇත. දිවි නසා ගැනීම් අතින් විශිෂ්ඨ තැනක් අත් කර ගැනීමට අප සිටින සමාජය සමත් වනු ද ඇත. උදෑසනින් සමාජයට පිවිසෙන අප සැමට වැඩි වශයෙන් මුණ ගැහෙන්නෙ ආදරණීය මිනිසුන් යැයි දැන් සැමවිටම විශ්වාස කල නොහැක. මිනිසුන් එලියට එන්නේ සිතේ වෛරය පිරිවරාගෙනය.
~ සිත්හි හටගත් සිතිවිලි දාමයකි.! මෙය වඩා ගැඹුරු කාරණාවක් බව සැබෑය. එය වචනයෙන් දෙකකින් අවසන් කල නොහැකිය.