එදිනෙදා අධිකරණයේ කටයුතු කරද්දී දක්නට ලැබෙන දේ අනුව ආදරය ගැන මේ සටහන තබමි. එය සිහිපත්වූයේ ගුරුළුගෝමීන්ගේ ධර්මප්‍රදීකාව නිසා ය.
යමෙක් ආදරය කරන්නේ නම් අත්කර ගැනීමේ ආශාවෙන් මිදේ. කාමාශාවෙන් ඒ ආදරය කෙලසන්නේ නැත. එසේම ආපසු යම් දෙයක් හෝ ලාභයක් බලාපොරොත්තු වන්නේ නැත. ආදරය වෙනස් වන්නේ ද නැත. නොසෙල්වන ආදරයක් වුවත් නම්‍යශීලී නොවන්නේ ද නැත. තද වුවත් රිද්දන්නේ ද නැත. ආදරය ඇති විට උපකාර කිරීමට පෙලඹුනත් මැදිහත් වන්නේ නැත. ලබා ගන්නවාට වඩා දීම සිදු කරන්නේ ය. උදාරවුවත් මාන්නක්කාර වන්නේ නැත. එවැනි ආදරයක් කිරීමට හෝ ලැබීමට පහසු නැත.
ඔබත් එවැනි ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් බවට සැක නැත.