ධම්මපදයේ ප්‍රිය වග්ගයේ සඳහන් වන ගාථාවක් වන “පේමතෝ ජායතී සෝකෝ” සිංහල සියල්ලෝ ම පාහේ දන්නා ගාථාවකි. එකී ගාථාව ජනප්‍රිය කිරීමේ ගෞරවයෙන් යම් කොටසක් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රට හිමි විය යුතු වන්නේ එතුමා එම පාථය තම නිර්මාණයකට යොදා ගත් නිසාවෙනි. ඒ කෙසේවෙතත් මේ ගාථාව හැඳින්විය හැක්කේ සියල්ලෝම දන්නා නමුත් අර්ථය නොදන්නා සහ නොදක්නා ගාථාවලින් එකක් ලෙසිනි. ඒ මන්දැයි පහතින් සඳහන් කරමි.
මේ ගාථාවේ සරල අර්ථය වන්නේ ප්‍රේමය ශෝකය ඇති කරන අතර ප්‍රේමය බිය ද ඇති කරන බවත් ප්‍රේමය නැති කල්හි ශෝකයක් හෝ බියක් නොපවතින බවත් ය. විශාඛාව අරබයා මේ ගාථාව බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ ඇගේ මිණිබිරියකගේ මරණය නිසා හඬා දොඩා ශෝක කරන අවස්ථාවේ දී ය. විශාඛාව වනාහි සෝවාන් උපාසිකාවකි. එවන් අයටද දුක දැනේ.
අපගේ ජීවිතය දෙස බලන්න. ජීවිතයට ලැබුන අත්දැකීම් දෙස බලන්න. දන්නා හඳුනන පවුලේ අය, යාළුවන්, හිතවතුන් කී දෙනෙක් ඔබ දැනුවත්ව මිය ගොස් තිබේ ද? සමහර දෙමාපියන්ට දරුවන් නැති වෙයි. දරුවන්ට දෙමාපියන් නැති වෙයි. සැමියාට බිරිඳ නැති වෙයි. බිරිඳට සැමියා නැති වෙයි. යහළුවාට යහළුවා නැති වෙයි. මේ ආකාරයට අපි ආදරය කරන්නෝ (ආදරය විවිධාකාර ය. දෙමාපියන් හා දරුවන් අතර ඇති ආදරය සහ සැමියා බිරිඳ ඇති ආදරය වෙනස් ය) නැති වෙයි. එවිට අප පොදුවේ කරන්නේ කුමක් ද? හැඬීමයි. වැලපීමයි.
එසේම අප එතරම් ඇසුරක් නැති ආදරයක් නැති අය නැති වෙන අවස්ථාවක් ද සලකා බලන්න. එවැනි විටක සමහරුන්ට දුක කෙසේවෙතත් සතුට හිතෙන ආකාරයක් ද දක්නට ලැබේ. ‘ඕකා මැරුන එකමයි හොඳ’ කියා සමහරුන්ගේ මරණයේ දී සමහරු කියයි. සරලව ම ගත්විට අපේ හිත තුළ ආදරයක් නැති අයකුට මොන හෙණය ගැහුවත් අපිට දැනෙන්නේ නැත. නමුත් අපි ආදරය කරන අයකුට මදුරුවෙකු විද්ද ද අපට දුක ශෝකය සහ තරහව දැනේ.
බුදුරජාණන්වහන්සේ දේශනා කලේ මෙයයි. මේ වෙනස අපිට දක්නට ලැබෙතත් අප එය අවබෝධ කර ගන්නේ නැත. එනිසා ආදරේ කරනවුනගේ වියෝවේදී දුකත් ආදරය නොකරන්නවුන්ගේ වියෝවේදී සතුට නැත්නම් උපේක්ෂාවත් අපි විඳින්නෙමු. එක අතකට පටිච්ච සමුප්පාදයේ දී බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි යන්නට මෙය ද සම්බන්ධ වේ. ආදරය ද ප්‍රියතාවයේ ම තවත් ස්වභාවයකි. ප්‍රියතාවක් නැතිව ආදරයක් නැත.
එදිනෙදා ජීවිතයේ දී අත්දැකීමට ලැබෙන මේ තත්ත්වය අවබෝධ කර ගැනීම, සතුටින් ජීවත්වීමට අත්‍යවශ්‍ය ය. මෙයින් ආදරය නොකරන්නයැයි හෝ කෙනකුට ප්‍රිය නොකරන්නැයි නොකියමි. ආදරය කරද්දී මෙකී තත්ත්වය අවබෝධ කර ගෙන ආදරය කිරීමට පෙළඹවීම වැදගත් බව පමණක් කියමි. නිකමට හිතන්න බුදු වදන් පිළිගන්නා බුදුරජාණන්වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ඇති ඔබ, ඔබ ආදරය කරන්නකු නැති වූ විට හඬා වැලපෙනවා නම් ඔබේ ශ්‍රද්ධාවේ ස්වභාවය කෙතරම් ද කියා. නැත්නම් බුද්ධ ධර්මය ඔබේ ජීවිතයට කෙතරම් ලඟ ද කියා.
බුද්ධ ධර්මය වනාහී සතුටින් ජීවත්වීමට මග පෙන්වන්නා වූ ධර්මයකි. මෙවැනි ගාථා බුද්ධ ධර්මයේ සඳහන්ව ඇත්තේ මිනිස් හැඟීම් ඇති වීම වැලැක්වීමට ම නොවේ. එකී හැඟීම් තුළින් දුක ඇති කර නොගෙන ජීවත්වීමට ඉගැන්වීමට ය. නිදසුනකට ආදරය මිනිස් හැඟීමක් වන අතර විවිධ හේතු මත ආදරය ඇති වේ. මෙසේ ඇති වන ආදරය නිසා මිනිසුන් කෙතරම් නම් දුකට පත්වන්නේ ද නැත්නම් හඬන්නේ ද යන්න ද අපි දැක ඇති තත්ත්වයකි. නමුත් ආදරය වනාහී එසේ ඇඬීමට වැලපීමට හේතුවක් විය යුතු ද? එහි පවතින ස්වභාවය බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇති විට සහ එය ධර්මයේ සඳහන්ව පවතින විට එවැනි තත්ත්වයක් ඇති වීමෙන් නැත්නම් එවැනි තත්ත්වයකට මුහුණ දීමෙන් වැලකීමේ හැකියාව අපට ලැබේ. එය සතුට ට හේතුවක් නොවේ ද? බුද්ධ ධර්මය වනාහී සතුටින් ජීවත්වීමට මග පෙන්වන්නා වූ ධර්මයක් වන්නේ එහෙයිනි.