මදුරුවා

hpalpola

Well-known member
  • මදුරුවා කුඩා සතෙකි. ඌ ජීවත් වන්නේ එක්කෝ තවත් සතෙකුගේ ලේ උරා බීමෙනි. නැත්නම් ගසක සාරය උරා බොමිනි. මදුරුවා නිසා වේදනාවට පත් වූ මිනිසුන් බොහෝ ය. මදුරුවා හරහා නොයෙක් භයානක ලෙඩ රෝග පැතිරෙයි. ඒ සඳහා මිනිසාගේ ක්‍රියාකාරීත්වය ද හේතු වෙයි. ඒ මදුරුවන් බෝ වන තැන් සකසා දීම තුළිනි.​

    මදුරුවකුගේ දුටු විගස නැත්නම් උගේ ශබ්දය ඇහුණු විගස අපේ මනසට ආරක්ෂා වීමේ සිතුවිල්ල ඇති වේ. ආරක්ෂා වීමේ සිතුවිල්ල නැගෙන්නේම ආත්ම සංඥාව නිසා ය. එය ස්වභාවික සංසිද්ධියකි. මේ සිතුවිල්ල නිකන් ම ඇතිවන්නේ ද නැත. ඒ සඳහා මදුරුවා සම්බන්ධයෙන් මනසේ තැන්පත්ව ඇති අත්දැකීම් හේතු පාදක වෙයි. එසේ නොවන්නට එවැනි ආරක්ෂා වීමේ සිතුවිල්ලක් නැගෙන්නේ නැත. නිදසුනකට කෙතරම් විෂ සහිත සතෙකු වුවත් මුල් වතාවේ දී හමු වන විට බියක් ඇති නොවේ. නමුත් උගේ විෂ ගැන දැනගත් පසුව ඒ සතා නැවත හමුවන විට බියක් ඇති වේ. මදුරුවා සම්බන්ධයෙන් ද එය එසේම ය. ඒ ආරක්ෂා වීමේ සිතුවිල්ල තුළින් එහි ප්‍රතිඵලයක් ලෙස එක්කෝ මදුරුවා මරා දැමීමට නැත්නම් එම ස්ථානයෙන් ඉවත් වීමට අපව මෙහෙයවයි. මදුරුවා කුඩා සතකු නිසා සහ පහසුවෙන් මරා දැමිය හැකි නිසා බොහේ විට තෝරා ගන්නේ ඌ මරා දැමීමේ විකල්පයයි. අලියාට සිංහයාට බයේ දිව්වාට මදුරුවාට බයේ දුවන්නේ නැත.​

    බැලුබැල්මට මෙය ඉතා ඉක්මණින් සිදුවන ක්‍රියාවකි. චේතනාවම ක්‍රියාව වන බවත්, එය කයින් මනසින් හෝ වචනයෙන් පිටවන බවත් බුද්ධ දේශනාව වේ. මදුරුවකු මරා දැමීම සඳහා ඇති වන්නේ අකුසල් මූල සිතකි. ඒ සිත ඇති වන්නේ ආත්ම සංඥාව නිසාවෙනි. ආත්ම සංඥාව ඇති වන්නේ අවිද්‍යාව නිසාවෙනි. විද්‍යාව තිබුනා නම් ආත්ම සංඥාව ඇති වන්නේ ද නැත. මදුරුවා කුඩා සතකු නිසා ඌ මරා දැමීමට ඇති වන සිත ද කුඩා යැයි කෙනෙකුට සිතෙනු ඇත. කුඩා වතුර බිංදු එකතු වී වතුර කළයක් සෑදෙනා බව ඔබට මෙහිදී සිහිපත් වනු ඇත. එක් වරක් පමණක් මදුරුවකු මැරීමත්, නිතර නිතර මදුරුවන් මැරීමට යොමුවීමත් අතර ප්‍රතිඵලයේ වෙනසක් පවතී. ඒ අකුසලය ද විපාක දීම සඳහා මිනිසාව සංසාරයට රැගෙන එනු ඇත.​

    මනුෂ්‍ය ජීවිතයේ ස්වාභවය ඉතා දුක්ඛිතය. උපාය නොදැනගත්තොත් සිදුවන්නේ මහා පාඩුවකි. කුඩා මදුරුවකුට පවා අපව සංසාරයට බැඳ තැබිය හැක.​

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,714
    1
    60,348
    113
    Mother Earth
    KMG364.jpg