ආදර්ශමත් පියෙක් සහ දුවෙක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ආදර්ශමත් පියෙක් සහ දුවෙක්










    මෙවර පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යා අංශයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන මීරාසා පාතිමා සිසුවිය සමත්ව තිබෙනවා.


    මුතූර්, සාපි නගර් හි පදිංචි මෙම සිසුවියට වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙක් සහ එක් සහෝදරියක් සිටින අතර ඔවුන් උපතින්ම දිළිදු කමින් පිඩා විදින පවුලක් බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.


    මුතුර් අල් මීනා පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ ඇය අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය ඉහලින්ම සමත්වීම නිසා ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයට ඇතුලත් වීමට වරම් ලබා තිබෙනවා. මුතූර් සිට ත්‍රිකුණාමලයට දිනපතා ගමන් කිරීම දුෂ්කර කටයුත්තක් බැවින් ඇයව ත්‍රිකුණාමලයේ පිහිටි නේවාසිකාගාරයක නැවැත්වීමට පාතිමා ගේ දෙමව්පියන් තීරණය කර තිබෙනවා.


    ගඩොල් කැපීම සහ කුලීවැඩ කිරීම ජීවිකාව කරගත් පාතිමාගේ තාත්තා සිය දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය සිදුකර ඇත්තේ දහසක් බාධක හමුවේ බවයි අප වාර්තාකරු සඳහන් කලේ.


    " මගේ තාත්තා ගඩොල් කපලා කුලි වැඩ කරලයි මට ඉගැන්නුවේ. ටියුෂන් පන්ති යන්න තාත්තා සල්ලි දුන්නා. අපේ නැති බැරි කමට දුෂ්කරතාවයන්ට මම මුහුණ දුන්නා. ඉගෙන ගන්න සල්ලි ඕන තමයි. නමුත් විභාගය පාස් කරන්න දුප්පත්කම මම බාධාවක් කර ගත්තේ නැහැ. මොන ක්‍රමයෙන් හරි තාත්තා මට සල්ලි සොයලා දුන්නා හැදේකටම. මම විශේෂඥ වෛද්‍යවරියක් (නාරි හා ප්‍රසව) වීමටයි මගේ අනාගත බලාපොරොත්තුව. ඒ වගේම ගඩොල් කපා මගේ අධ්‍යාපනය වෙනුවෙන් මහන්සිවී කැපවීම් කළ දෙමව්පියන් වගේම අකුරු කරවූ ගුරුවරුන්ව කිසිදා අමතක කරන්නේ නැහැ"



    ජීව විද්‍යා අංශයෙන් එ සමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබා ගනිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගත් මීරාසා පාතිමා සිසුවිය කියා සිටියා.
    දුප්තකම ඉගනිමට බාධාවක් නොවේ යැයි අන් අයට ආදර්ශයක් දුන් සිය දියණියගේ ඉදිරි අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව දැනට 75 හැවිරිදි මිරාසා පාතිමා ගේ පියා පවසා සිටිනවා.


    205.jpg




    208.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,976
    113
    Mother Earth
    :love::love: නියමයි මචන්. මෙන්න කෙල්ලො. ඕනම දුකක් උහුලන්න පුළුවන්.