ඇඹිලිපිටියට සිසු ඝාතනයේ චූදිත මේජර් ජාලි
ඇඹිලිපිටියට සිසු ඝාතනයේ චූදිත මේජර් ජාලිය ඈපා සමග සංවාදයක්
මේජර් ජාලිය ඈපා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිලධාරියෙකි. ඔහු 1988-89 භීෂණ කාලයේදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ සේවය කළේය. ඔහු ලොව පුරා ආන්දෝලනයට ලක්වූ ඇඹිලිපිටිය පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ සිද්ධියේ එක් චූදිතයෙකු වූ අතර ඒ සඳහා අධිකරණයෙන් වරදකරුවෙකු වී සිරදඬුවම් ද ලැබීය.
වර්තමානයේ සිරෙන් නිදහස්ව නිහඬ ජීවිතයක් ගත කරන මේජර් ජාලිය ඈපා ප්‍රථම වතාවට ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය පිළිබඳව මාධ්‍යකට අදහස් දක්වයි. ඔහුටද ඇඹිලිපිටිය සිදුවීම පිළිබඳව කීමට කතාවක් තිබේ. මේ එම කතාවයි.
මේජර් ජාලිය ඈපා ඔබගේ හමුදා ජීවිතය ගැන යමක් කිවහොත්? මොන ක්‍රියාන්විතවලද ඔබ සිටියේ?
ඔව් මා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට බැඳුනේ 1981 සැප් මාසයේ. එවකට එය විශ්වවිද්‍යාලයක් නොවන නිසා කළමනාකරණය උපාධිය (BA (Mgt)) හැදැරීමට කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනා. උපාධිය අවසන් කර වැඩිදුර හමුදා පුහුණුව දියතලාව හමුදා ඇකඩමියට ඇතුලත්ව දෙවන ලුතිතන්වරයෙක් ලෙස 1985 සැප්තැම්බර් මාසයේ කාලතුවක්කු රෙජිමේන්තුවට බැදුනා. මාගේ හමුදා ජිවිතයෙන් වැඩි හරියක් ගෙවුනේ ක්‍රියාන්විත රාජකාරිවල.
මාගේ මුල්ම deployment එක වුයේ ඔඩ්ඩුසුඩාන්. ඉන් අනතුරුව මුරුන්කන්, මන්නාරම තල්අඩි, මාන්කුලම්, කිලිනොච්චි හමුදා කදවුරුවල සේවය කළා. 87 සාම සාකච්ඡාවලින් පසු දෙණියාය, වෙඩිතල්තිව්, මොණරාගල සහ ඇඹිලිපිටියෙත්, නැවත යුද්ධය ඇරඹීමත් සමග යාපනයේ මාවඩිපුරම්, මන්නාරමේ, වවුනියාව, වැලිඔය, අම්පාර වැනි කඳවුරුවල ක්‍රියන්විත රාජකාරියේ යෙදුනා. එ් වගේම නැවතත් වවුනියාව, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්පිටිය හමුදා කඳවුරු ආශ්‍රිතව ක්‍රියාන්විතවල යෙදුනා. ප්‍රධාන ක්‍රියාන්විත නම් බලවේගය, අස්සක සේනා, වන්නිවික්‍රම 1,2,3, හයේ පහර, අකුණු පහර, සහ නැගෙනහිර පලාත මුදාගැනිමේ මෙහෙයුම්, වවුනියාවෙ FDL එක expand කිරීමේ මෙහෙයුම්, මාවඩිපුරම් FDL ආරක්ෂා කිරීමේ මෙහෙයුම්, තලෙයිමන්නාරම දූපත clear කිරීමෙ මෙහෙයුම්, මඩු පල්ලිය මුදා ගැනීමේ මෙහෙයුම්, සහා convoy ආරක්ෂා කිරීමේ මෙහෙයුම්වලට සහභාගි වුනා. මා ඒකකයේ විධායක නිලධාරි (Adjutant) බතරොයි දෙකක් අලුතින් පිහිටවලා එහි පලමු බතරොයි නිලධාරී අණදෙන ලෙසත්, ඒකකයේ දෙවන අණදෙන නිලධාරී ලෙසත් රාජකාරි කොට තිබෙනවා.
ඒවගේම දියතලාව අාධුනිකයි පුහුණු පාඨමලා ඛණ්ඩ භාර නිළධාරි ලෙසත්, දියතලාව කෙඩෙට් නිලධාරි පාසලේ Intake 36 හි course officer ලෙස පුහුණු කිරීම් අංශයෙනුත්, රත්නපුර සම්බන්ධීකරණ මූලස්ථානයේ දෙවන ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරී ලෙසත්, පාබල බ්‍රිගේඩ් ගෘප් කිහිපයක බ්‍රිගේඩ් මේජර් ලෙසත් පනාගොඩ පළමු සේනාංකයේ ජෙනරාල් මාංඩලික නිලධාරී 11 (GSO II) ලෙසත් මාණ්ඩලික රාජකාරි කර තිබෙනවා.
මා මිමි 130 කාලතුවක්කුව specialize කර තිබෙනවා. පිටරට පාඨමලා හතරකුත්, දේශීය පාඨමාලා අටක් පමණත් කර තිබෙනවා. එයට බුද්ධි පාඨමාලා දෙකක් සහා නිළධාරීන් සදහා ICRC වලින් මෙහෙයවන ලද Law of War for Officers පාඨමාලාවත් ඇතුලත්.
ඇඹිලිපිටිය සිසු ඛේදවාචකයට ඔබ සම්බන්ධ වන්නේ කෙසේද?
මා එම කාලවකවානුවේ 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ ලුතිනන්වරයෙක්, මා විසින් ආරම්භ කරන ලද 16 වන කාරක බතරොයියේ පළමු බතරොයි නිළධාරී. (අණදෙන) මා යටතේ කුට්ටිගල කඳවුරත් රත්නපුරේ නීලපොල වත්තත් (කුඩා කඳවුරක් වත්තේ ආරක්ශාවට) තිබ්බා. ඒ අතරෙම ඇඹිලිපිටිය මහවැලි නිවාඩු නිකේතනයේ පිහිටුවා තිබු රත්නපුර සම්බන්ධිකරණ කාර්යාලයේ දෙවන ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරී ලෙස සම්බන්ධීකරණ නිලධාරීතුමා යටතේ සේවය කලා. සම්බන්ධීකරණතුමාගේ (Coordinating Officer) වගකීම තමයි සියලුම රජයේ ආයතන ප්‍රධානීන්ට නිසි ආරක්ෂාව සහ නායකත්වය ලබා දී එම ආයතන පවත්වාගෙන යාම.
දිසාපතිගේ පටන් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ප්‍රධානීන් ඔහුගේ අණට යටයි. එයට අමතරව ඔහු 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවේත් අණදෙන නිලධාරීතුමා. මා ඔහුගේ මාණ්ඩලික නිලධාරී ලෙස ඔහුගේ රාජකාරි කටයුතුවලට සහය වුනා. මා ස්ථානගත වී සිටියේ එම මහවැලි කඳවුරේ. ඔහු යටතේ දිස්ත්‍රික්කයේ සියලුම හමුදා කඳවුරු ( 16-17 පමණ) සියලුම පොලිස් ස්ථාන (10 ක් විතර) තිබුනා. ඉතිං ප්‍රදේශයේ මහජනයා තම පැමිනිලි කිරීමට මෙම සම්බන්ධිකරණ කාර්යාලයට පැමිනෙනවා. මේ සෙවන කඳවුරට වගෙම අන් කදවුර බල ප්‍රදේශවල හමුදා පොලිස් ක්‍රියාමාර්ග සැබැඳිවයි මෙම පැමිණිලි. සැමවිටම සම්බන්ධීකරණ නිළධාරීතුමා හමුවීමට ප්‍රථම එම ජනයා මා හමුවෙනවා. ඒ නිසාම මේ සෙවන කඳවුර බල ප්‍රදේශයට අයත් ජනයාත් මා මහවැලි කඳවුරේදි හමුවී තිබෙනවා.
ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු පිරිසක් හමුදා අත්අඩංගුවට පත්වන අතර ඔවුන් පසුව අතුරුදහන් වනවා. මේ සිද්ධියට ඔබ වගකිව යුත්තෙක්ද?
එය මෙසේයි. මා ඒ මුළු කාලසීමාවටම අණ දුන්නේ කුට්ටිගල හමුදා කඳවුර සහා නීලපොල වත්ත හා සැබැඳිවයි. මොකද වගකීමෙන් බැඳෙන්නේ අනුඛණ්ඩ බාර නිලධාරී හෝ/සහ නිලධාරී අණදෙන (බතරොයි නිළධාරි අණදෙන) හෝ/සහ අණදෙන නිළධාරීතුමයි. මේකට කියන්නේ Chain of Command. මේ සිදුවීම සිදුවුනේ ඇඹිලිපිටිය නගර සීමා බලප්‍රදේශය භාර සෙවන හමුදා කඳවුරේ. මා රාජකාරි කළේ ඊට මිටර් 500-800 ඈතින් පිහිටි මහවැලි කඳවුරේ පිහිටි සම්බන්ධිකරණ කාර්යාලයේ. මාගේ රාජකාරි ස්වභාවය වුයේ සම්බන්ධීකරණ නිලධාරීතුමාගේ උපදෙස් අනුව සම්බන්ධීකරණ කටයුතු ඉටුකිරීමයි. ඒ කියන්නේ pen to paper work. මා අණදෙන රාජකාරි කුට්ටිගල ප්‍රදේශයේ හැර රත්නපුර දිස්ත්‍රික්කයේ වෙනත් කිසිම ප්‍රදේශය කළේ නැහැ. ඒ අනුව මා මේ සිදුවීම්වලට කිසිම අණදීමක් කර නැහැ.
ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්ති ඒ කාලයේ ඔබගේ මිතුරෙක්ද? ඔහුට මොකක්ද හමුදාව සමග තිබ්බ ගනුදෙනුව?
මා රාජකාරි කරන ප්‍රදේශවල කිසි කෙනෙක් සමග (රජයේ නිලධාරීන් හෝ වේවා) රාජකාරි මට්ටමෙන් පමණයි සම්බන්ධතාවන් පවත්වන්නේ. ඇත්තෙන්ම මා හමුදාව තුළත් batch mates ලා හැර ජේෂ්ඨ/කනිෂ්ඨ නිළධාරීන් සමග රාජකාරි කාලය තුල පැවැත්වූයෙත් රාජකාරි සබඳතා පමණයි. මා එ් තරමටම impersonal. ඉතිං මා ගලප්පත්ති විදුහල්පති සමග රාජකාරි මට්ටමෙන් එපිට කිසිදු සබඳතාවක් තිබුනේ නැත. රාජකාරි මට්ටමෙන් පවා තිබ්බේ ඉතා අඩු සබඳතාවක්. ඔහු සෙවන කඳවුර, විදුහල අසල නිසා, සමග සබඳතා පැවැත්වූ බව මා දනිමි. ඒ නිසාම එදා ඔහු මගේ මිතුරෙක් නොවේ. නමුත් නඩුව පැවතුන කාලයේ ඉඳන් අද දක්වා අන් අයට වඩා මා සමග ඔහු වඩා හිතවත්.
අන් රජයේ ආයතන, උසාවිය හැර GA කාර්යාලයේ සිට පහළට, අත්‍යවශ්‍ය සේවා (ජල, විදුලි, බස් ගමනාගමන මෙන් පාසැල් පැවැත්වීමද අපගේ ප්‍රධානම රාජකාරිවලින් එකක්. ඒ වගෙම රජයේ නිළධාරීන් හට අරක්ෂාව දීමත් අපේ රාජකාරියක්. ඒ අනුව ගලප්පත්ති පර්ෂද විදුහල්පතිට (ඔහුගේ පර්ෂදය යටතේ තවත් පාසල් කිහිපයක් තිබුනා. ඒවා administratively පාලනය කළේ ඔහුයි) පාසල් පවත්වාගෙන යාම නිසා ජනතා විමුක්ති පෙරමුණෙන් මරණීය තර්ජන තිබ්බා. එක් අවස්ථාවක් පිස්තෝලයෙන් ඔහුට පසුපසින් පැමිණ වෙඩි තිබ්බා. ශිෂ්‍යෙයක් කෑ ගහපු නිසා ඔහු මුවා වීම තුළ වෙඩි නොවැදී බේරුනා. ඉන් පසුව සම්බන්ධීකරණ නිළධාරීතුමාගේ උපදෙස් අනුව සෙවන කඳවුර විසින් පාසැලටත් ඔහුගේ නිල නිවසටත් ආරක්ෂාව සැපයුවා.
ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය යට සිටි බුද්ධික කුලතුංග නම් ජවිපෙ ක්‍රියාධරයා ගැන කවුරුත් දන්නේ නෑ. ඔහු පිළිබඳව සඳහනකුත් නෑ. ඔහුගේ භූමිකාව මොකක්ද?
ඔහු ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ තරුණ ගුරුවරයෙක්. ඔහු ම.ම.වි. ඉඩමෙන් කොටසක් පෙට්‍රල් ෂෙඩ් එකක් අලුතින් හදන්න දෙන්න ගත් තීරණයට විරුද්ධව ශිෂයන් උසිගන්වා ශිෂයන්ගේ උද්ඝෝෂණය යටින් සිට මෙහෙයවුවා. මේ කාලයේ අප ඇඹිලිපිටියේ නොවෙයි හිටියේ. ඒ වගේම ගලප්පත්තිත් හිටියේ අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ. හිටපු විදුහල්පතිතුමාට මෙය පාලනය කර ගත නොහැකි වූ නිසා ඔහු ඉන් ඉවත් කර ගලප්පත්ති එහි විදුහල්පති ලෙස පත් කර එවලා තියෙනවා. ඒ සමගම තමයි අප රෙජිමේන්තුවෙන් මොනරාගල සිට ඇඹිලිපිටියට එව්වේ. මේ සිදුවීම් දෙකම එකම කාලයක සිදුවුයේ. මා කුට්ටිගල ස්ථානගත වුවා. සෙවන කඳවුරේ ස්ථානගත භට පිරිස්වලට අණ දුන්නේ මේජර් රන්ජිත් රූපසිංහ. පසුව කර්නල් නිලයෙන් හමුදාවෙන් විශ්‍රාම ගියා. ඔහුත් සම්බන්ධීකරණ නිලධාරීතුමා වන බ්‍රිගේඩියර් පැරී ලියනගේත් ඇඹිලිපිටිය ම.ම. විද්‍යාලයට ගොස් ගුරු, ශිෂ්‍යයන් ඇමතුවා. මතකද ඒ කාලයේ ශිෂ්‍ය සටන් පාඨය වුයේ "පලමුව මව්බිම-දෙවනුව පාසැල" කියායි. ඔහු ඉතා තදින් කතා කළා. ඇත්තටම ගලප්පත්ති විදුහල්පති නැවිලා හිටියේ ජවිපේ පැත්තට. ඒ මරණීය බයට. අප කළේ ඊටා වඩා වැඩි භීතියක් රාජ්‍ය නිලධාරින්ට දීමයි.
ඉතිං මේ ගුරුවරයා ම.ම. විද්‍යාලයේ පටන් ගත්තා කෙඩෙටින් ප්ලැටුන් එකක්. එසේ ශිෂ්‍යයන් තම ග්‍රහණයට නතු කර ගත්තා. මේ ශිෂ්‍යයන් අත් අඩංගුවට පත්වෙන්නේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල ගිනි තැබීමෙන් පසුවයි. මා මේ කියන්නේ ඊට පෙර සිදුවීම්. ඔහු මේ ශිෂ්‍යයන්ව පන්ති පහ කරවීම, අවි පුහුණු කඳවුරුවලට යැවීම් ආදිය කළා. මේ අය ජවිපේ ශිෂ්‍ය සන්නද්ධ අංශය ලෙස කටයුතු කරා. අප මොහුව දෙපාරක් අත් අඩංගුවට ගත්තා. පලමු වර ගලප්පත්ති විදුහල්පති තුමා මැදිහත්වී ඔහුව බේරා ගත්තා. ඒ පාසැලේ ශිෂ්‍යයන් පාලනය කර ගන්න වෙන්න ඇති. දෙවැනිවර අර මා කියු කර්නල් රූපසිංහ බේරලා ඇරියා. කියන්නේ ඔහුත් ආගමේ, බුද්ධිකත් ක්‍රිස්තියානි ආගමේ කියලයි. ඉතිං පෙහෙකම්හල ගිනි තැබිමේ සිද්ධියට (සෙවන කඳවුර බලප්‍රදේශයේ පිහිටි) ශිෂ්‍ය සන්නද්ධ අංශයත් සහභාගි වෙලා තිබ්බා. ඒ ගැන පරීක්ෂණ කරන විට බුද්ධික ප්‍රදේශයෙන් පලා ගොස් හිටියා. අපට සොයා ගන්න බැරිවුනා. ඔහු පල්ලියේ අධාරයෙන් රට ගොස් ඇති බව පසුව අප දැනගත්තා.
අතුරුදහන් වූ සිසුන් ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ සිටියාද? ඔබට එසේ සිටි සිසුන් නම් වශයෙන් කිව හැකිද?
එක් කෙනෙක් හැර අන් සියලු දෙනාම අවි පුහුණු කඳවුරුවලට සහභාගි වෙලා අවි පුහුණුව ලබා තියෙනවා. උදේෂ් කාවින්ද, ප්‍රසන්න හඳුවල, සුසිල් කුමාර, රසික කලුගම්පිටිය, සිසිල්, අන් අයගේ නම් මට මතක නැහැ. උදේෂ්, හඳුවල, සුසිල් වගේ අය මිනීමැරුම් පවා කර තියෙනවා. මොකද ගොඩක් මිනීමැරුම් සිදු වුනේ පැය 17.45-18.45 වගේ හවස සහ රාත්‍රිය අතර. ඒ කියන්නේ last light එකේදි. එය කර මේ අය ගෙදර එනවා. ගෙදර අය සැක හිතන්නේත් නැහැ. මේ සියල්ලන්ගෙන් කොටසක් රාජ්‍ය දේපල ගිනි තබා විනාශ කර තිබෙනවා.
මෙතන කිසිම රාජ්‍ය විරෝධී ක්‍රියා නොකරපු අහිංසකයොත් සිටියාද? ඔවුන් කවුද?
ඔව්. ඔහු තමයි මල්වත්ත කියන ශිෂ්‍යයා. මා ඒ ගැන සම්බන්ධීකරණ නිළධාරීතුමාට නිදහස් කරන්න කියා, කියා තියෙනවා. මොකද මා සම්බන්ධීකරණ නිළධාරිතුමාට සෑම කඳවුරකින්ම එන සැම introgation report එකක්ම බලනවා. මා සෑමවිටම big picture එකේ සිටියේ. එය මාණ්ඩලික නිළධාරී කෙනෙකුගේ පරම රාජකාරියක්. හමුදාවේ කෙනෙකුගෙන් අසා බලන්න පුළුවන් එය එසේමද කියා. මල්වත්තව නිදහස් නොකෙරුනේ ඔහුව අන් අය සමගමයි රඳවා හිටියේ. නමුත් එයට මා එකඟ වූයේ නැහැ. මා අණදෙන නිළධාරීවරයෙක් නොවන නිසා (මාණ්ඩලික නිලධාරියෙක් පමණක් වූ නිස) මා හට ඉන් එහාට කළ හැකි දෙයක් වූයේ නැහැ.
මහාධිකරණ නඩු විභාගය කාලයෙදි ස්ටීවන් වැනි එදා නිදහස් කළ රැඳවියන් සාක්ෂි දෙනවිට බ්‍රිගේඩියර් මා හට ඔච්චමට කියුවේ ජාලිය කොහොමද අපි මල්වත්තව නිදහස් කරලා තිබුන නම් කියා. නමුත් ඒ වනවිට මා reform වෙමින් සිටි බැවින් මනුෂ්‍ය ජීවිතයක වටිනාකම හොඳින් වටහාගෙන (මට එතකොට වයස 34-35 වගේ) සිටි බැවින් ඔහු කී දේ මාගේ එක් කනකින් ඇතුලත් වී අනෙක් කනෙන් පිටවුනා. අදටත් මා ඒ ගැන දුක් වෙනවා ඒ අහිංසකයෙක් නිසා. ඔහු පංති කර ඇති බව මට මතකයි. හැබැයි එවැනි අය අප කලේ බූස්ස කඳවුරට ඇරීමයි. අන් අය ගැන මා හට ඒ කෝණයෙන් දුකක් නැහැ. හේතුව අවි පුහුණුව ලබා තිබේ නම්, අවි සමග අත් අඩංගුවට පත්වී ඇත්නම්, මිනි මරා ඇත්නම් සහ රාජ්‍ය දේපල විනාශ කර ඇත්නම් ඒ අය විනාශ කිරිමටයි රාජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න මැතිතුමා වාචික උපදෙස් ලබා දී තිබුනේ. කෙසේ වෙතත් මල්වත්ත වෙනුවෙන් කතා කරන්න ශක්තියක් තිබීම ගැන මා කුඩා සතුටක් ලබනවා. ඒ එම අපරාධයේ කොටස්කරුවෙක් නොවීම නිසයි.
ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ සිටි සිසුන් විසින් සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියා මොනවාද?
1. ඇඹිලිපිටිය පෙහෙකම්හල ගිනි තබා විනාශ කිරිම
2. ඩිපෝවේ ලංගම බස් රථ ගිනි තබා විනාශ කිරිම
3. මහේස්ත්‍රාත් උසාවිය ගිනි තැබිම
4. ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව අසල තිබෙන ජනාධිපති නිල නිවස ගිනි තැබීම
5. කඩ වැසීම සඳහා චිට් දීම
6. ජනයා විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් බිය වැද්දීම සහා එක් ග්‍රාම සේවකයෙක් මැරිම.
7. කතරගම රූපසුන්දරිය ඝාතන නඩුවේ සිරදඬුවම් විඳ නිදහස් වූ හමුදා සමාජිකයෙක් නිදහස් වී සතියක් ඇතුලත ඝාතනය මැරිම.
8. පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරිම.
9. ජන ජීවිතය මුළුමනින්ම අඩාල කිරිම.
මෙම නඩුව පිළිබඳ ඔබගේ අදහස් මොනවාද?
නඩු විභාගය පැවති කාලයෙදිත්, මා සිරදඬුවම් විදපු කාලයේදිත්, අදත් හෙටත් මා දකින්නේ ඒ දේමාපියන්ගේ පරම අයිතියක් කියායි. මොකද අප ජීවත් වන්නේ ශිෂ්ඨ සමාජයක නිසා. හැබැයි මෙයට දේශපාලන මුහුනුවරක් චන්ද්‍රිකා, පවිත්‍රා, S.B දිසානායක වගේ අය දුන්නා 94 බලයට එන්න. ඒ වගේම UNP රජයේ අවසාන කාලයේදි ලංකාවේ Human Rights රෙකෝර්ඩ් එක පහල මට්ටමක කියා විදේශ ආධාර ලැබී නොතිබුන තත්ත්වයක් තිබුනේ. ඒ නිසාම චන්ද්‍රිකා ප්‍රමුඛ විපක්ෂය රාජ්‍ය බලය ලබාගැනීම සඳහා දේශපාලන විදේශ පරිත්‍යාග මත මෙවැනි අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ක්‍රියා කරනවා යයි රටේ ජනතාවට වගේම විදේශයට පොරොන්දු දුන්නා. ඒ අනුව 94 අගෝස්තු බලයට ආ චන්ද්‍රිකා 94 ඔක්තෝබර් මුල අප පස්දෙනෙක් CID මගින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කොට දින 14 කට රිමාන්ඩ් භාරයට පත් කරා. කොමිෂනුත් දැම්මා. හැබැයි 1992 සිට වගේ මේ එක් එක් අය වෙනුවෙන් Heabeascopes නඩු අපට තිබ්බා.
පසුව 1995 අග අප සියලු දෙනාට චෝදනා 80 කින් ( eighty count) යුත් අධිචෝදනා පත් රත්නපුර මහාධිකරණයෙන් භාර දුන්නා. චෝදනා තිබුනේ ශිෂ්‍යයන් 25 ක් සඳහා පමණයි. අප නිර්දෝෂයි කියූ නිසා ජූරියකින් තොරව 1996 ජනවාරි මස සිට නඩුව විභාග කලා. චෝදනා 80 කින් යුත් අධිචෝදනා පතක් යටතේ මීට පෙර කිසිම චූදිතයෙකුට ලංකා මහාධිකරණයකින් නඩු පවරලා නැහැ. 1999 පෙබරවාරි 10 වැනි දින මා වරදකරු කරන විට දින 200 කට ඉතා අසන්න කාලයක්, ඒ අවු 3 කට මදක් වැඩි කාලය තුළ විභාග කර පිටු 15,000 ක ආසන්න නඩු වාර්තාව මත චෝදනා 8 කට වරදකරු කොට ඉන් 4 කට අවු 10 බැගිනුත් ඉතිරි 4 ට අවු 5 බැගිනුත් මුලු අවුරුදු 60 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් එකවර ගෙවී යන සේ ලබාදුන්නා.
ඔබ සාධාරණ නඩු විභාගයකට මුහුණ දුන්නාද?
ඔව්. විභාගය සාධාරණව පැවැත්වූවා. නමුත් වරදකාරිත්වයේ තීන්දුව අසාධාරණයි. හැබැයි දඬුවම් තීන්දුව සාධාරණයි.
සිර දඬුවම පිළිබඳ තීන්දුව ලැබූ අවස්ථාවේදී ඔබ තුළ ඇති වූ සිතිවිලි මොනවාද ?
තීන්දුව කියවීම පැයක් හමාරක් ගතවුනු කාලයක්. මා වරදකරුවෙක් යයි මුලින් කියන විට මාගේ කකුල් දෙක පන නැතිව ගියා වගේ හැඟීමක් ඇති වුනා. මට අම්මා තාත්තා මතක් වුනා. ඒ අය කවරදාකවත් පොලීසියකටවත් නොගියපු අය. ඊට පස්සේ සිර දඬුවම් වසර ගණන් කරන්න පටන් ගත්තා. එය හරියටම කරන්න පුළුවන් වුනේ නැහැ. අම්මා තාත්තා කවරදාකවත් උසාවියට ඇවිත් නැහැ. එදා ආවෙත් නැහැ. ඒ වෙනුවට මාගේ classmate කෙනෙක්, තවත් නුගේගොඩ යහළුවෝ පස් හය දෙනෙක් ඇවිත් සිටියා. කා දෙසවත් කෙලින් බලා කතාකරන්න ශක්තියක් තිබුනේ නැහැ. ඩොක් එකේ සිටගෙන සිටියේ මොළය වැඩ කරන්නේ නැතිව. පසුව උසාවියේ සිර කූඩුවට දැමු පසු සිගරට් හත අටක් එක දිගටම පත්තු කරා. කලිසමත් පිච්චුනා. ඇඳලා හිටියේ ලා කොල කලිසමක් සහ ඊටත් වඩා ලා කොල අත්දිග ෂර්ට් එකක්, කොල දුඹුරු පාට ටයි එකක් පැළඳ. මගේ classmate ට මගේ රත්තරන් බ්‍රේස්ලට් එකයි චේන් එකයි ගලවලා දුන්නා පෙම්වතියට දෙන්න කියා. කූඩුවෙ පැයක් හමාරක් ඉන්නකොට මට පියවී සිහිය ආවා. මා සිර ජීවිතය පටන් ගන්නත් පෙර සිත හදාගෙන සිර ජිවිතය වැළඳ ගත්තා. ඇත්තට මාගේ ශක්තිමත් පෞරුෂත්වය නැවත මට ලැබුනා.
ඔබගේ සිර ගෙදර ජීවිතය ගත වුනේ කොහොම?
ඔව් මගේ සිර ජීවිතය අවු 7 කට ආසන්නයි. ඒ කියන්නේ 1999 පෙබරවාරි 10 දින සිට 2005 සැප්තැම්බර් 23 දක්වා. ඒ තමයි මාගේ ජීවිතයේ වටිනාම කාලය. මා ජීවිතය අවබෝධ කරගත්තේ මේ කාලය තුලදියි. ඒ කියන්නේ අවිහිංසක මිනිස් හැගීම් මා වර්ධනය කර ගත් කාලයක් මේක. ජන සමාජය අවබෝධ කර ගත් කාලයක් මේ කාලය. නැවත මා ආ ගමන්මග දෙස, ඒ කියන්නේ වැල්ලේ පිය සටහන් දෙස නැවත හැරී බලන්න පුළුවන් වූ කාලයක් මේ කාලය. ධර්ම පොතපත එ් කියන්නේ තුනේ පංතියේ හතරේ පහේ ඔය ආදී වශයෙන් දහම් පාසල් පොත් පරිශීලනය (මා දහම් පාසල් ගොස් නැත) ලැබිච්ච කාලයක් මේක. වඩා වැදගත්ම වන්නේ රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත, චතුරාර්ය සත්‍ය වැනි පොතුත්, බලංගොඩ ආනන්දමෛත්‍රී ස්වාමීන් වහන්සේගේ පොතුත්, අචන් චා හිමියන්ගේ භාවනා සම්බන්ධ පොත්පතුත්, තව තව බෞද්ධ පොත්පත් සමග ඩේල් කානගීගේ සහ තවත් අයගේ මනෝවිද්‍යාව, මනස සැබැඳි පොත් පත් සහා නෙල්සන් මැන්ඩෙලාගේ long walk to freedom, බිල් ක්ලින්ටන්ගේ My life, ලලිත් ඇතුලත්මුදලිගේ autobiography එක වැනි පොත්පතුත් තවත් විශාල පොත්පත් ප්‍රමාණයක් කියවන්න මට වාසනාව ලැබුන කාලයක් තමා මේ කාලය. දිනපතා සිංහල පත්තර 2 ක් සහ Daily News පත්තරයත්, සති අන්ත සිංහල පුවත්පත් තුනක් සහා ඉංග්‍රිසි පුවත්පත් තුනක් බලන්නත් හැකි වෙච්ච කාලයක් මේක. ඒ වගේම දුම්පානයෙන් සහා මත්පැන් පානයෙන් තොර වූ කාලයක් මේ කාලය. දිනපතා වියායාම (cell එක තුල) කරන්න පුළුවන් වූ කාලයක් මේක. ඒ වගේම healthy food (සිරබත) ඒ කියන්නේ less sugar, No fat, No spices, No acid etc etc ගන්න ලැබිච්ච කාලයක් තමයි මගේ සිර ජීවිතය.
ඒවගේම MS Office න්‍යාත්මකව ඉගෙන ගන්නත්, ඇඳුම් මහන්නත් (මා ටේලර් පාටියේ හිටියේ) ඉගෙන ගන්න පුළුවන් වූ කාලයක් තමා මේ කාලය. අවු 18 ක පමණ හමුදා කාලය තුළ අන් අය supervise කර ඔවුන්ගෙන් වැඩ ගත් මා, මා විසින් ඉදිකටුවට ඇඟිලි තුවාල කරමින්, දාඩිය දමාගෙන මැෂිම පාගනින් task එකට වැඩ කරන්න හිත කය පුරුදු කරගත් කාලයක් තමා මේ කාලය. ඒ වගේම දිනපතා පන්සිල් ගන්නත්, පෝය දින වැඩසටහන්වලට සහභාගි වෙන්නත්, දින 3 ක් හෝ 5 ක භාවනා වැඩ සටහනකටත් සහභාගි වෙන්න වාසනාව තිබ්බ කාලයක් තමා මේ කාලය. ඒ වගේම පරවියන් ඇතිකරන්නත්, පූසියෙකුටත් ආදරය දක්වන්නත් හැකිවෙච්ච කාලයක් තමා මේ කාලය. ඒවගේම සහෝදර සිරකරුවන්ගේ ජීවිතවලට එබිකම් කරන්නත් හැකියාවක් ලැබුනු කාලයක් තමා මේ කාලය. එ් කියන්නේ මරණීය දණ්ඩනයට ලක්වූ අය, දවල් හොරු, රාත්‍රී හොරු, මංකොල්ලකාරයො, වංචාකාරයො, ස්ත්‍රි දූෂකයො, පාතාලයෝ, චන්ඩියො, කුඩු මුදලාලිලා, කුඩ්ඩො, අරක්කු සික්කාරයො, පිස්සො, අල්ලස්කාරයෝ, වැරදි කරපු පොලීස් නිළධාරීන්, SB වැනි දේශපාලකයින්, සමාජයේ වැදගත් යයි සැලකෙන යම් ප්‍රභූන් වැනි අයගේ ජීවිත සහ අත්දැකීම් කියවා ගන්නත් ලැබිච්ච අනගි අවස්ථාවක් තමයි මේ කාලය. මොකද විශ්වවිද්‍යාලයේ මාගේ ප්‍රියතම විෂය තමයි Psychology. මට B pass එකක් තියෙනවා. පසුකාලීනව psychology සැබැඳි ගොඩක් පොත්පත් මා එවකට කියවා තිබුනා. ඒ දැනුම මා ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන් වූ කාලයක් තමා මේ කාලය. එවගේම Chess ඉගෙන ගන්නත්, අප විසින්ම organize කළ Chess tournament එකකින් දිනන්නත් පුළුවන් වූ කාලයක් තමා මේ කාලය. ඒ වගේම කුඩා fight දෙකකටත් මැදිහත් වෙලා අත්දැකීම් ගත් කාලයක් තමා මේ කාලය. එ වගේම ඇපිල් නඩුවට අදාළව සියලු facts සහා law මාගේ ජනාධිපති නීතීඥ ශ්‍රිනාත් පෙරේරා මහත්‍තයාට (President Council Srinath Perera) ලබා දීම සදහා විශාල home work කරන්නත් ලැබිච්ච අවස්ථාවක් තමයි මේ අවුරුදු හත. ඉතිං මෙකී සහ නොකි ක්‍රියාකාරකම් නිසා මාගේ අවු 7 ක සිර දඬුවමට මා අදටත් ආදරය කරනවා. එහි ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඒකයි මා කියන්නේ මේ කාලය මාගේ ජීවිතයේ වටිනාම කාලය කියා. තව විදිහට කිවහොත්, ඇතුලට ගිය මේජර් ජාලිය ඈපාට වඩා එළියට ආපු නිකන් ජාලිය ඈපා වඩා ශක්තිමත්, ගුණගරුක, ධර්මයට ලැදි, ධර්මානුකුලවම ජීවත්වන්න උත්සහා කරන වඩා යහපත් පුද්ගලයෙක් කියා.

Last edited: