ආදරේ කරන්නෙ කොහොම ද?
පහුගිය දවසක දාපු ලිපියකට ලැබුන ප්‍රතිචාරයක් නිසයි මේක ලියන්න හිතුවෙ. එතැනදි කෙනෙක් ප්‍රතිචාරයක් දක්වලා තිබුනා ඒ කිව්ව විදියට නම් ආදරේ කරන්න බැරි වෙයි කියලා. ඒ වගේම තවත් ප්‍රතිචාරයක් තිබුනා ආදරේ ගැන ස්වාමීන්වහන්සේලා ධර්ම දේශනා කරන්නෙ අපි ලිව්ව විදියට වඩා වෙනස් විදියට කියලා. ඒවට උත්තර දෙන්න අවශ්‍යතාවක් නැහැ. නමුත් ඒ ලියපු කරුණ තවදුරටත් පැහැදිලි කරන්න ඕනා කියලා හිතුන නිසයි මේ ලිපිය පටන් ගත්තෙ.
මුලින්ම කියන්න ඕනා බහුතරයක් දෙනා ආදරයයි අල්ලා ගැනීමයි පටලවන් තියෙන්නෙ. මෙතැනදි උප්පත්ති කථාවේ 2 වන පරිච්ඡේදයේ සඳහන් වෙලා තියෙන දෙයක් සඳහන් කරන්න කැමැතියි. මුලින් ම ඒක කියවලා ඉන්න.
ඊට පස්සෙ 4 පරිච්ඡේදයේ මෙහෙම තියෙනවා.
මේක ටිකක් මතකෙ තියා ගන්න. මොකද අද කියන කතාවෙන හුඟක් දේවල යටින් යන්නෙ ඔය කථාවමයි. ඒක සමහරු බෞද්ධ ඉගැන්වීම් වලටත් ආදේශ කරලා තියෙනවා. ඒකයි වරද. බුදු දහම මීට හාත්පසින්ම වෙනස්.
ආදරේදී අපි දරන්නෙත් ඔය අදහසමයි. මතුපිටින් නොපෙනුනාට අපි අද කථා කරන ප්‍රසිද්ධ ආදරේදී කෙනෙක් ඉහළයි කෙනෙක් පහළයි. ඒ නිසා තමයි මන් ඔයාට ආදරේ නම් ඔයත් මට ආදරේ වෙන්න ඕනා, ඇයි ඔයාට බැරි මට ආදරේ කරන්න කියන ප්‍රශ්නය අහන්නෙ. නැත්නම් මන් මෙච්චර එයාට ආදරේ කරලත් ඇයි එයා මට ආදරේ නොකරන්නෙ කියන ප්‍රශ්නය අහන්නෙ.
හිතන්න. වතුර වීදුරුවක් අරන් ඒ වතුර වීදුරුවට ලුණු මිටක් දානවා කියලා. ඒ ලුණු ටික දිය කලාට පස්සෙ අර වතුර වීදුරුව බොන්න පුළුවන් ද? බැහැ. ලුණු රස වැඩියි. හැබැයි මේ ලුණු මිටම ගලා ගෙන යන ගඟකට දාලා බලන්න. බොන්න බැරිද? බොන්න පුළුවන්. සැරින් සැරේ ලුණු දදා හිටියත් මිනිස්සු ඒ ගඟෙන් උයන්න, බොන්න නැත්නම් හෝදන්න වතුර අරගනීවි. ඇයි මේ. ගඟ මහ විශාලයි. වීදුරුවෙ තියෙන වතුර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගඟේ වතුර තියෙනවා. ඒ නිසා ගඟට පුළුවන් අර ලුණු ටික අරගෙන මිශ්‍රකරලා ඒ වතුරටම එකතු කරගන්න. ඒ වගේම තමයි මේ ගඟ ගලා ගෙන ගිහින් මුහුදට වැටුනම මුහුදෙ වතුර වැඩි නිසා ගඟේ වතුර අරගෙන ඒ වතුර මුහුදු වතුරට මිශ්‍ර කරගන්නවා. ඒ වතුර ලුණු රසයි. බොන්න බැහැ.
අපේ හිතත් මේ වගේ. හිත පුංචි වෙද්දි තේරුම් ගන්න පුළුවන් කම, අනුකම්පාව වගේ දේවල් සීමිත වෙනවා. අනුන්ගෙන් අපිට ලැබෙන දේ අපි තුළට අරන් මිශ්‍ර කරගන්න තරම් හැකියාවක් නැති නිසා අපි ඒවා එක්ක ගැටෙනවා. හැබැයි අපි කියනවා ඒ අයට අපි වගේ වෙනස් වෙන්න කියලා. උදාහරණයකට ආදරේ දී අපි අනිත් කෙනාට කියනවා මන් කැමැති මෙහෙම ඉන්න, ඒ නිසා ඔයත් එහෙම ඉන්න කියලා. හිත නිකම් වතුර වීදුරුව වගේ. ඒත් හිතන්න ඔයාගේ හිත ගඟක් වගේ කියලා. ඒ කියන්නෙ විශාල හිතක් ඔබට තියෙන්නෙ. අර වීදුරුවට ලුණු දැම්මම වීදුරුවෙ තියෙන වතුර ලුණු රහ වුනත් ඒ ලුණු ටික ගඟට දැම්මම ගඟේ වතුර ලුණු රහ වෙන්නෙ නෑ වගේ අනිත් කෙනා කරන දෙයින් ඔයාගේ හිත රිදෙන්නෙත් නෑ. අනිත් කෙනාව තේරුම් ගන්න අපිට පුළුවන්. එයාට අනුකම්පා කරන්න අපිට පුළුවන්. එනිසා තවත් අපිට ඒ දේවල් වේදනාවක්, රිදවීමක් නොවේ. අපිට පුළුවන් අනිත් කෙනාව එයාගේ විදියට තේරුම් ගන්න. එයාලට ඕන නම් එයාලා වෙනස් වේවි. ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙනම් කොහොමද අපි අපේ හිත දියුණු කරගන්නෙ නැත්නම් විශාල කරගන්නෙ කියන එක මතයි?
මතක තියා ගන්න මහ රූස්ස ගහක් වුනත් අද රූස්ස ගහක් විදියට අපි දැක්කට පටන් ගන්නෙ පුංචි පැළයකින්. ඒ පැළයට අවශ්‍ය පෝෂණය නොලැබුනානම් ඒ ගහ රූස්ස ගහක් වෙන්නෙ නෑ. ඔයා හිටවන පැළයක්, ඒ පැළයට අවශ්‍ය පෝෂණය නොදුන්නොත් මැරිලා යාවි. අපි හැමෝටම පුළුවන් සතුට, ආදරේ වැඩි දියුණු කරන්න ඉගෙන ගන්න. ආදරේ කියන්නෙ සතුට. අපි අපේ සතුට පෝෂණය කළාම ආදරේ කරන්න තියෙන හැකියාවත් වැඩි දියුණු වෙනවා. අපේ සතුට වැඩි වෙන විදිය අපි ඉගෙන ගත්තම ඒ තුළින් ම අපිට පුළුවන් ආදරේ විඳින්න.
කලින් කිව්ව වගේ කෙනෙක්ව තේරුම් ගැනීම හරිම වැදගත්. සම්බන්ධතාවයකදි නිතරම අපිට අහන්න ලැබෙන දෙයක් තමයි ඔයා මාව තේරුම් ගන්නෙ නෑ කියන කථාව. බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කළේ අනෙක් කෙනාව හොඳට තේරුම් අරන්. ඒ නිසයි ඒ අයට ධර්මය හොඳට තේරුම් ගන්න පුළුවන් වුනේ. දරුවා නැති දුකෙන් අඬාගෙන ආපු කිසිගෝතමීව තේරුම් ගත්ත නිසා බුදුරජාණන්වහන්සේ ඒකට පිළියමක් තමයි මුලින් ම කලේ. ඉන් පස්සෙයි ධර්මය දේශනා කළේ. මේ වගේ. ඉතින් තේරුම් ගැනීම හරිම වැදගත්. ඒ විදියටම කෙනෙක්ගෙ දුක, වේදනාව තේරුම් ගැනීම ඒ කෙනාට ඔයාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග බව තේරුම් ගන්න. ඒ දුක, වේදනාව තේරුම් අරන් ඔයා කරන දේ එයාට හොඳම තෑග්ග වේවි. නමුත් ඒකෙ ආරම්භය වෙන්නෙ ඔයා ඒ දුක, වේදනාව තේරුම් ගැනීමයි. මෙනිසා ආදරේට කියන තවත් නමක් තමයි තේරුම් ගැනීම කියන්නේ. ඔයාට තේරුම් ගන්න බැරිනම් ඔයාට ආදරේ කරන්නත් බැහැ.
පුංචි උදාහරණයක් කියන්නම්. ඔයාගේ බිරිඳ නැත්නම් සැමියා දවස තිස්සෙ ගෙදර වැඩ කරලා නැත්නම් රස්සාව කරලා මහන්සි වෙලා ඔයා ලඟට එන්නෙ සැනසෙන්න හිතාන. ඔයාට ඒක තේරෙන්නෙ නෑ. එතකොට මොකද වෙන්නෙ. මේ තත්ත්වය එක්තරා දවසක ඔයාගේ විවාහය දික්කසාදයකින් අවසන් වෙන්න හේතුවක් වේවි. මේ වගේ වෙච්චි, වෙන හුඟක් තැන් අපේ සමාජයේ අපිට අහන්න, දකින්න පුළුවන්. සමහරු මේක තේරුම් ගන්නවා හොඳට. අද සැමියා විතරක් නෙමෙයි බිරිඳත් රැකියාවට යනවා. සමහරු ස්වාමියෝ ඉන්නවා බිරිඳ ගෙදර එනකන් හරිම ආදරෙන් බලා ඉන්නවා. ගේට්ටුවෙන් ඇතුල් වෙද්දි ම පිරුණ හිනාවකින් බිරිඳව පිළිගන්නෙ. එයා දන්නවා බිරිඳ එන්නෙ මහන්සි වෙලා බව. සමහර බිරින්දෑවරුත් මෙහෙමයි සැමියාව දැක්කම හරිම සතුටකින් පිළිගන්නවා. බිරිඳගේ මූණෙන් දකින හිනාවෙන්ම සැමියාගේ මහන්සිය ඉවරයි. ඉස්සර අපේ වැඩිහිටියො මෙහෙමයි. බොරු නම් අහලා බලන්න ආච්චි සීයාගෙන්. ඒ අයට අනෙක් කෙනා ගැන අවබෝධය තියෙනවා. සමහර බිරින්දෑවරු ඉන්නවා සැමියා එක්ක සමහර වෙලාවට තරහ අරන් කෑ ගහනවා. සැමියා දන්නෙ නෑ මොන වරදටද නැත්නම් මොන හේතුවටද මේ කෑ ගහන්නෙ කියලා. ඒත් එයා බිරිඳව තේරුම් අරන් ඉන්නෙ. ඒ නිසා ඔහේ අර කෑ ගැහිල්ල අහගෙන ඉන්නවා. නැත්නම් පැත්තකට වෙලා ඉන්නවා. ටික වෙලාවකින් බිරිඳම ඇවිල්ලා සැමියා එක්ක කථා බහ කරනවා. සමහරු කියනවා මේක පිරිමිකමට නිගාවක්ය, නිවටකමක්ය කියලා. ඒවා ඉතින් ඒ ඒ අයගේ අදහස්. ඒ අදහස් වලට ගරු කරන්න ගිහින් විනාඩි කිහිපයක් ඉවසන්න බැරි වීම නිසා මහා විනාශයකින් අවසන් වුන පවුල් ජීවිත ඕනෑ තරම් මේ පුංචි රටේ තියෙනවා.
මේ නිසයි කිව්වෙ තේරුම් ගන්න බැරි නම් ආදරේ කරන්නත් බෑ කියලා.
ඇත්ත ආදරේ අපිට දෙන්නෙ ලස්සන නැත්නම් සුන්දරත්වය, ප්‍රසන්නකම, සතුට, හයිය නැත්නම් ආරක්ෂාව, නිදහස සහ සාමය. අපි කියනවානේ ඇත්තටම ආදරෙයි කියලා. කියන්න නම් බැරියැ. ඒ වගේම තමයි ඇත්ත ආදරේ අපිට දෙනවා අපි ජීවත් වෙලා ඉන්නවා නැත්නම් ජීවත් වෙනවා කියන සතුට. අපිට කෙනෙක්ගෙන් ආදරේ ලැබෙද්දි මේවගේ දැනෙන්නෙ නැත්නම් ඉතින් ඒක ඇත්ත ආදරේ වෙන්න බෑ නේද. අනික ඔයා ආදරේ කරද්දි ඒ දේවල් ඔයාට දැනෙන්නෙ නැත්නම් ඒකත් ඉතින් ආදරේ වෙන්න අමාරුයි නේද. ටිකක් හිතන්න.
මන් මුලින්ම උප්පත්ති කතාවේ කොටස් කීපයක් පෙන්නුවනේ. ඒ ටික මතක් කරගන්න. එතැන අන්‍යොන්‍ය ගරු කිරීම ගැන උගන්වන දේ ටිකක් හිතලා බලන්න ගැඹුරින්. ඒ එක්ක බුදුරජාණන්වහන්සේ මේ ලෝකෙ ඉපැදුන පළමු මනුස්සයාට තමන් ගැන හිතුන හැටි ගැන කරලා තියෙන දේශනා ටිකක් මතක් කරගන්න. බුදු දහම තුළින් අපිට උගන්වන දෙයක් තමයි අපි වටේ ඉන්න කවුරුන්ට වුනත් ගරු කිරීම. ඒ ඒ අයට ගැලපෙන විදියට ගරු කරන්න බුදු දහමෙන් උගන්වනවා. ඒ නිසයි එදා අතීතයේ අපේ රට ආගන්තුක සත්කාරයෙන් ඉතා උසස්ය කියලා ලෝකප්‍රසිද්ධ වුනේ. තමුසෙ දන්නවද මන් කව්ද කියලා නැත්නම් අද උගන්වන්නම් මන් කව්ද කියලා ආදරවන්තයො අතරෙත් මේක ජනප්‍රිය ප්‍රකාශයක් නෙ. සැබෑ බෞද්ධයො මේ දේවල් කියන්නෙ නෑ. සේවකයාට වුනත් අදාළ විදියට ගරු කරනවා. ඒක ආදරේදිත් එහෙමම යි. සමහර වෙලාවට අපිට අමතක වෙනවා අනෙත් කෙනාට අපි ගරු කරන්න ඕනා කියලා. කවුරුවත් කැමැති නෑ කෙනෙක්ගෙන් අපහාසයට පත් වෙන්න. නැත්නම් පහත් කරලා සලකනවට. ඒ නිසා ආදරේ කරද්දි මේ ගරු කිරීම අමතක කරන්න එපා. ගරු කිරීම ආදරේ ස්වභාවයක්.