ආදරේ කරන්නෙ කොහොම ද?

hpalpola

Well-known member
  • ආදරේ කරන්නෙ කොහොම ද?

    පහුගිය දවසක දාපු ලිපියකට ලැබුන ප්‍රතිචාරයක් නිසයි මේක ලියන්න හිතුවෙ. එතැනදි කෙනෙක් ප්‍රතිචාරයක් දක්වලා තිබුනා ඒ කිව්ව විදියට නම් ආදරේ කරන්න බැරි වෙයි කියලා. ඒ වගේම තවත් ප්‍රතිචාරයක් තිබුනා ආදරේ ගැන ස්වාමීන්වහන්සේලා ධර්ම දේශනා කරන්නෙ අපි ලිව්ව විදියට වඩා වෙනස් විදියට කියලා. ඒවට උත්තර දෙන්න අවශ්‍යතාවක් නැහැ. නමුත් ඒ ලියපු කරුණ තවදුරටත් පැහැදිලි කරන්න ඕනා කියලා හිතුන නිසයි මේ ලිපිය පටන් ගත්තෙ.

    මුලින්ම කියන්න ඕනා බහුතරයක් දෙනා ආදරයයි අල්ලා ගැනීමයි පටලවන් තියෙන්නෙ. මෙතැනදි උප්පත්ති කථාවේ 2 වන පරිච්ඡේදයේ සඳහන් වෙලා තියෙන දෙයක් සඳහන් කරන්න කැමැතියි. මුලින් ම ඒක කියවලා ඉන්න.
    ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි කීසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවූසේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ. මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය; එහෙත් මනුෂ්‍යයාට හෙවත්, ආදම්ට. සුදුසු සහකාරියක් සම්බනොවීය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට බරවූ නින්දක් පැමිණෙවූසේක, ඔහු නිදාගත්තේය; උන්වහන්සේ ඔහුගේ ඉළ ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය මාංසයෙන් පිරෙවූසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉළඇටයෙන් ස්ත්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙවූසේක. එවිට මනුෂ්‍යයා කථාකොට: මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය; මෑ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හෙයින් මනුෂ්‍ය දූයයි කියනුලබන්නී යයි කීය. එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.

    ඊට පස්සෙ 4 පරිච්ඡේදයේ මෙහෙම තියෙනවා.

    මේක ටිකක් මතකෙ තියා ගන්න. මොකද අද කියන කතාවෙන හුඟක් දේවල යටින් යන්නෙ ඔය කථාවමයි. ඒක සමහරු බෞද්ධ ඉගැන්වීම් වලටත් ආදේශ කරලා තියෙනවා. ඒකයි වරද. බුදු දහම මීට හාත්පසින්ම වෙනස්.

    ආදරේදී අපි දරන්නෙත් ඔය අදහසමයි. මතුපිටින් නොපෙනුනාට අපි අද කථා කරන ප්‍රසිද්ධ ආදරේදී කෙනෙක් ඉහළයි කෙනෙක් පහළයි. ඒ නිසා තමයි මන් ඔයාට ආදරේ නම් ඔයත් මට ආදරේ වෙන්න ඕනා, ඇයි ඔයාට බැරි මට ආදරේ කරන්න කියන ප්‍රශ්නය අහන්නෙ. නැත්නම් මන් මෙච්චර එයාට ආදරේ කරලත් ඇයි එයා මට ආදරේ නොකරන්නෙ කියන ප්‍රශ්නය අහන්නෙ.

    හිතන්න. වතුර වීදුරුවක් අරන් ඒ වතුර වීදුරුවට ලුණු මිටක් දානවා කියලා. ඒ ලුණු ටික දිය කලාට පස්සෙ අර වතුර වීදුරුව බොන්න පුළුවන් ද? බැහැ. ලුණු රස වැඩියි. හැබැයි මේ ලුණු මිටම ගලා ගෙන යන ගඟකට දාලා බලන්න. බොන්න බැරිද? බොන්න පුළුවන්. සැරින් සැරේ ලුණු දදා හිටියත් මිනිස්සු ඒ ගඟෙන් උයන්න, බොන්න නැත්නම් හෝදන්න වතුර අරගනීවි. ඇයි මේ. ගඟ මහ විශාලයි. වීදුරුවෙ තියෙන වතුර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගඟේ වතුර තියෙනවා. ඒ නිසා ගඟට පුළුවන් අර ලුණු ටික අරගෙන මිශ්‍රකරලා ඒ වතුරටම එකතු කරගන්න. ඒ වගේම තමයි මේ ගඟ ගලා ගෙන ගිහින් මුහුදට වැටුනම මුහුදෙ වතුර වැඩි නිසා ගඟේ වතුර අරගෙන ඒ වතුර මුහුදු වතුරට මිශ්‍ර කරගන්නවා. ඒ වතුර ලුණු රසයි. බොන්න බැහැ.

    download.jpg

    අපේ හිතත් මේ වගේ. හිත පුංචි වෙද්දි තේරුම් ගන්න පුළුවන් කම, අනුකම්පාව වගේ දේවල් සීමිත වෙනවා. අනුන්ගෙන් අපිට ලැබෙන දේ අපි තුළට අරන් මිශ්‍ර කරගන්න තරම් හැකියාවක් නැති නිසා අපි ඒවා එක්ක ගැටෙනවා. හැබැයි අපි කියනවා ඒ අයට අපි වගේ වෙනස් වෙන්න කියලා. උදාහරණයකට ආදරේ දී අපි අනිත් කෙනාට කියනවා මන් කැමැති මෙහෙම ඉන්න, ඒ නිසා ඔයත් එහෙම ඉන්න කියලා. හිත නිකම් වතුර වීදුරුව වගේ. ඒත් හිතන්න ඔයාගේ හිත ගඟක් වගේ කියලා. ඒ කියන්නෙ විශාල හිතක් ඔබට තියෙන්නෙ. අර වීදුරුවට ලුණු දැම්මම වීදුරුවෙ තියෙන වතුර ලුණු රහ වුනත් ඒ ලුණු ටික ගඟට දැම්මම ගඟේ වතුර ලුණු රහ වෙන්නෙ නෑ වගේ අනිත් කෙනා කරන දෙයින් ඔයාගේ හිත රිදෙන්නෙත් නෑ. අනිත් කෙනාව තේරුම් ගන්න අපිට පුළුවන්. එයාට අනුකම්පා කරන්න අපිට පුළුවන්. එනිසා තවත් අපිට ඒ දේවල් වේදනාවක්, රිදවීමක් නොවේ. අපිට පුළුවන් අනිත් කෙනාව එයාගේ විදියට තේරුම් ගන්න. එයාලට ඕන නම් එයාලා වෙනස් වේවි. ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙනම් කොහොමද අපි අපේ හිත දියුණු කරගන්නෙ නැත්නම් විශාල කරගන්නෙ කියන එක මතයි?

    download.jpg

    මතක තියා ගන්න මහ රූස්ස ගහක් වුනත් අද රූස්ස ගහක් විදියට අපි දැක්කට පටන් ගන්නෙ පුංචි පැළයකින්. ඒ පැළයට අවශ්‍ය පෝෂණය නොලැබුනානම් ඒ ගහ රූස්ස ගහක් වෙන්නෙ නෑ. ඔයා හිටවන පැළයක්, ඒ පැළයට අවශ්‍ය පෝෂණය නොදුන්නොත් මැරිලා යාවි. අපි හැමෝටම පුළුවන් සතුට, ආදරේ වැඩි දියුණු කරන්න ඉගෙන ගන්න. ආදරේ කියන්නෙ සතුට. අපි අපේ සතුට පෝෂණය කළාම ආදරේ කරන්න තියෙන හැකියාවත් වැඩි දියුණු වෙනවා. අපේ සතුට වැඩි වෙන විදිය අපි ඉගෙන ගත්තම ඒ තුළින් ම අපිට පුළුවන් ආදරේ විඳින්න.

    images.jpg

    කලින් කිව්ව වගේ කෙනෙක්ව තේරුම් ගැනීම හරිම වැදගත්. සම්බන්ධතාවයකදි නිතරම අපිට අහන්න ලැබෙන දෙයක් තමයි ඔයා මාව තේරුම් ගන්නෙ නෑ කියන කථාව. බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කළේ අනෙක් කෙනාව හොඳට තේරුම් අරන්. ඒ නිසයි ඒ අයට ධර්මය හොඳට තේරුම් ගන්න පුළුවන් වුනේ. දරුවා නැති දුකෙන් අඬාගෙන ආපු කිසිගෝතමීව තේරුම් ගත්ත නිසා බුදුරජාණන්වහන්සේ ඒකට පිළියමක් තමයි මුලින් ම කලේ. ඉන් පස්සෙයි ධර්මය දේශනා කළේ. මේ වගේ. ඉතින් තේරුම් ගැනීම හරිම වැදගත්. ඒ විදියටම කෙනෙක්ගෙ දුක, වේදනාව තේරුම් ගැනීම ඒ කෙනාට ඔයාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග බව තේරුම් ගන්න. ඒ දුක, වේදනාව තේරුම් අරන් ඔයා කරන දේ එයාට හොඳම තෑග්ග වේවි. නමුත් ඒකෙ ආරම්භය වෙන්නෙ ඔයා ඒ දුක, වේදනාව තේරුම් ගැනීමයි. මෙනිසා ආදරේට කියන තවත් නමක් තමයි තේරුම් ගැනීම කියන්නේ. ඔයාට තේරුම් ගන්න බැරිනම් ඔයාට ආදරේ කරන්නත් බැහැ.

    පුංචි උදාහරණයක් කියන්නම්. ඔයාගේ බිරිඳ නැත්නම් සැමියා දවස තිස්සෙ ගෙදර වැඩ කරලා නැත්නම් රස්සාව කරලා මහන්සි වෙලා ඔයා ලඟට එන්නෙ සැනසෙන්න හිතාන. ඔයාට ඒක තේරෙන්නෙ නෑ. එතකොට මොකද වෙන්නෙ. මේ තත්ත්වය එක්තරා දවසක ඔයාගේ විවාහය දික්කසාදයකින් අවසන් වෙන්න හේතුවක් වේවි. මේ වගේ වෙච්චි, වෙන හුඟක් තැන් අපේ සමාජයේ අපිට අහන්න, දකින්න පුළුවන්. සමහරු මේක තේරුම් ගන්නවා හොඳට. අද සැමියා විතරක් නෙමෙයි බිරිඳත් රැකියාවට යනවා. සමහරු ස්වාමියෝ ඉන්නවා බිරිඳ ගෙදර එනකන් හරිම ආදරෙන් බලා ඉන්නවා. ගේට්ටුවෙන් ඇතුල් වෙද්දි ම පිරුණ හිනාවකින් බිරිඳව පිළිගන්නෙ. එයා දන්නවා බිරිඳ එන්නෙ මහන්සි වෙලා බව. සමහර බිරින්දෑවරුත් මෙහෙමයි සැමියාව දැක්කම හරිම සතුටකින් පිළිගන්නවා. බිරිඳගේ මූණෙන් දකින හිනාවෙන්ම සැමියාගේ මහන්සිය ඉවරයි. ඉස්සර අපේ වැඩිහිටියො මෙහෙමයි. බොරු නම් අහලා බලන්න ආච්චි සීයාගෙන්. ඒ අයට අනෙක් කෙනා ගැන අවබෝධය තියෙනවා. සමහර බිරින්දෑවරු ඉන්නවා සැමියා එක්ක සමහර වෙලාවට තරහ අරන් කෑ ගහනවා. සැමියා දන්නෙ නෑ මොන වරදටද නැත්නම් මොන හේතුවටද මේ කෑ ගහන්නෙ කියලා. ඒත් එයා බිරිඳව තේරුම් අරන් ඉන්නෙ. ඒ නිසා ඔහේ අර කෑ ගැහිල්ල අහගෙන ඉන්නවා. නැත්නම් පැත්තකට වෙලා ඉන්නවා. ටික වෙලාවකින් බිරිඳම ඇවිල්ලා සැමියා එක්ක කථා බහ කරනවා. සමහරු කියනවා මේක පිරිමිකමට නිගාවක්ය, නිවටකමක්ය කියලා. ඒවා ඉතින් ඒ ඒ අයගේ අදහස්. ඒ අදහස් වලට ගරු කරන්න ගිහින් විනාඩි කිහිපයක් ඉවසන්න බැරි වීම නිසා මහා විනාශයකින් අවසන් වුන පවුල් ජීවිත ඕනෑ තරම් මේ පුංචි රටේ තියෙනවා.

    මේ නිසයි කිව්වෙ තේරුම් ගන්න බැරි නම් ආදරේ කරන්නත් බෑ කියලා.

    ඇත්ත ආදරේ අපිට දෙන්නෙ ලස්සන නැත්නම් සුන්දරත්වය, ප්‍රසන්නකම, සතුට, හයිය නැත්නම් ආරක්ෂාව, නිදහස සහ සාමය. අපි කියනවානේ ඇත්තටම ආදරෙයි කියලා. කියන්න නම් බැරියැ. ඒ වගේම තමයි ඇත්ත ආදරේ අපිට දෙනවා අපි ජීවත් වෙලා ඉන්නවා නැත්නම් ජීවත් වෙනවා කියන සතුට. අපිට කෙනෙක්ගෙන් ආදරේ ලැබෙද්දි මේවගේ දැනෙන්නෙ නැත්නම් ඉතින් ඒක ඇත්ත ආදරේ වෙන්න බෑ නේද. අනික ඔයා ආදරේ කරද්දි ඒ දේවල් ඔයාට දැනෙන්නෙ නැත්නම් ඒකත් ඉතින් ආදරේ වෙන්න අමාරුයි නේද. ටිකක් හිතන්න.

    මන් මුලින්ම උප්පත්ති කතාවේ කොටස් කීපයක් පෙන්නුවනේ. ඒ ටික මතක් කරගන්න. එතැන අන්‍යොන්‍ය ගරු කිරීම ගැන උගන්වන දේ ටිකක් හිතලා බලන්න ගැඹුරින්. ඒ එක්ක බුදුරජාණන්වහන්සේ මේ ලෝකෙ ඉපැදුන පළමු මනුස්සයාට තමන් ගැන හිතුන හැටි ගැන කරලා තියෙන දේශනා ටිකක් මතක් කරගන්න. බුදු දහම තුළින් අපිට උගන්වන දෙයක් තමයි අපි වටේ ඉන්න කවුරුන්ට වුනත් ගරු කිරීම. ඒ ඒ අයට ගැලපෙන විදියට ගරු කරන්න බුදු දහමෙන් උගන්වනවා. ඒ නිසයි එදා අතීතයේ අපේ රට ආගන්තුක සත්කාරයෙන් ඉතා උසස්ය කියලා ලෝකප්‍රසිද්ධ වුනේ. තමුසෙ දන්නවද මන් කව්ද කියලා නැත්නම් අද උගන්වන්නම් මන් කව්ද කියලා ආදරවන්තයො අතරෙත් මේක ජනප්‍රිය ප්‍රකාශයක් නෙ. සැබෑ බෞද්ධයො මේ දේවල් කියන්නෙ නෑ. සේවකයාට වුනත් අදාළ විදියට ගරු කරනවා. ඒක ආදරේදිත් එහෙමම යි. සමහර වෙලාවට අපිට අමතක වෙනවා අනෙත් කෙනාට අපි ගරු කරන්න ඕනා කියලා. කවුරුවත් කැමැති නෑ කෙනෙක්ගෙන් අපහාසයට පත් වෙන්න. නැත්නම් පහත් කරලා සලකනවට. ඒ නිසා ආදරේ කරද්දි මේ ගරු කිරීම අමතක කරන්න එපා. ගරු කිරීම ආදරේ ස්වභාවයක්.

    ima.jpg
     
    • Like
    Reactions: hodakolla

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒ එක්ක බුදුරජාණන්වහන්සේ මේ ලෝකෙ ඉපැදුන පළමු මනුස්සයාට තමන් ගැන හිතුන හැටි ගැන කරලා තියෙන දේශනා ටිකක් මතක් කරගන්න.
    කොහෙද ලෝකෙ පලමු ජීවියාට තමන්ගැන හිතුණු හැටි බුදුපියාණන් වහන්සේ දක්වල තියෙන්නෙ?

    Anyways good thread. Thanks for sharing.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොහෙද ලෝකෙ පලමු ජීවියාට තමන්ගැන හිතුණු හැටි බුදුපියාණන් වහන්සේ දක්වල තියෙන්නෙ?
    mehema ekk na
    born again kaarayo nodanna reddwal kiynwa
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    mehema ekk na
    born again kaarayo nodanna reddwal kiynwa
    මන් දන්න තරමින් ත්‍රෙඩ් එකේ කියනවා වගේ අදහසක් බුදුහිමියන් කොතැනකවත් දක්වලා නැහැ. අනික් ආගම් ගැන නම් දන්නෙ නැහැ.
     

    hpalpola

    Well-known member
  • කොහෙද ලෝකෙ පලමු ජීවියාට තමන්ගැන හිතුණු හැටි බුදුපියාණන් වහන්සේ දක්වල තියෙන්නෙ?

    Anyways good thread. Thanks for sharing.

    ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට. දිගටම රැඳිලා ඉන්න.

    "ඇවැත්නි, දික් කලක් ඇවෑමෙන් කිසි සමයෙක මෙ ලොව නැසෙයි ද, එ බඳු කාලපරිච්ඡේදයෙක් වෙයි. ලොව නැසෙන සමයෙහි සත්වයෝ බෙහෙවින් ආභස්සර බඹ ලොව උපදනාහු වෙත්. ඔහු එහි ධ්‍යාන චිත්ත බලයෙන් උපන්නාහු, ප්‍රීතිය ම ආහාර කොටැත්තාහු, සිය සිරුරු එළියෙන් බබළන්නාහු, අහසැ හැසිරෙන්නාහු, සිත්කලු උයන් විමන් ඈහි සිටුනාහු (නොහොත් සිත්කලු වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටුනාහු) වෙත්. ඔහු එහි ඉතා බොහෝ කල් සිටුනාහ. ඇවැත්නි, දික්කලක් ඇවෑමෙන් කිසි සමයෙක මෙ ලොව හැදෙන්නේ ද, එසේ වූ කාලපරිච්ඡේදයෙක් වෙයි. ලොව හැදෙන කලැ හිස් බඹ විමනෙක් පහළ වෙයි. එ කලැ එක්තරා සත්වයෙක් ආයු ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් ආභස්සර බඹලොවින් සැව එකී හිස් බඹ විමනට පැමිණෙයි (හිස බඹ විමනැ උපදී). හෙ තෙමේ එහි ධ්‍යාන සිතින් උපන්නේ, ප්‍රීතිය ගොදුරු කොටැත්තේ, සිය සිරුරෙන් විහිදෙන එළියෙන් බබළනුයේ, අහසැ හැසිරෙනුයේ, ශෝභන උද්‍යාන විමාන ආදියෙහි සිටුනේ (නොහොත් ශෝභන වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටුනේ) වෙයි. හේ එසේ බොහෝ කලක් සිටියි. එහි එකලා වැ දිගු කලක් වුසූ බැවින් ‘අන් සත් කෙනෙකුත් මෙ අත්බවට එන්නාහු නම් යෙහෙකැ’ යි එ කලා විසීමෙහි නො ඇල්මෙක්, අමුතු කෙනකු හා සහභාවයෙහි ආශාවෙක් උපදී. එයින් පසු අන් සත් කෙනෙක් ද ආයු ගෙවීමෙන් හෝ පින ගෙවීමෙන් හෝ ආභස්සර බඹලොවින් සැව, එ හිස් බඹ විමනට, ඒ පළමු ඉපැදැ සිටියහුගේ සහභාවයට පැමිණෙයි. ඔහු ද එහි ධ්‍යාන සිතින් උපන්නාහු, ප්‍රීතිය ගොදුරු කොටැත්තාහු, ස්වයම්ප්‍රභ වූවාහු, අහසැ හැසිරෙන්නාහු, සිත්කලු උයන් ඈහි සිටිනාහු වෙත්. එසේ දිගු කලක් ඔහු එහි සිටිත්. ඇවැත්නි, එහි යම් සතෙක් පළමුව උපන්නේ ද, ඔහුට, “මම් බ්‍රහ්ම වෙමි, මහා බ්‍රහ්ම වෙමි, මෙරමා මැඩ අධිපති වැ සිටුනෙම් වෙමි, අනුන් විසින් නො මඩනා ලදුයෙම් වෙමි, ඒකාන්තයෙන් සියල්ල දක්නෙම් වෙමි, සියල්ලන් සිය වශයෙහි පවත්වනු යෙම් වෙමි, ලොවැ ඊශ්වර වෙමි, ලොවැ කාරකවෙමි, ලොවැ නිර්මාතෘ වෙමි, ලොවැ ස්‍රෂ්ටෘ වෙමි, ලොවැ සකසන්නා වෙමි. මෙරමා තමා වශයෙන් පවත්වන්නෙම් වෙමි, උපන් උපදනා හැමගේ පියා වෙමි. මේ සත්හු මා විසින් මවන ලදහ. ඒ (කියනුයේ) කවර හෙයින? පෙරැ මට ‘අන් සත් කෙනෙකුත් මෙ අත්බවට එන්නාහු නම් ඒ ඉතා යෙහෙකැ’ යි මෙ සිත විය. මෙසේ මගේ ප්‍රාර්ථනාව ද වීය. ‘මේ සත්හු ද මෙහි ආහ’ යි මට මේ සිත වෙයි."

    පාඨික සූත්‍රය

    mehema ekk na
    born again kaarayo nodanna reddwal kiynwa

    බොහොම ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න. ඔබට තෙරුවන් සරණයි.
    ------ Post added on Jun 26, 2021 at 12:51 PM
     

    hpalpola

    Well-known member
  • සම්බන්ධතාවය ආරම්භයේ දී ඔයාගේ ආදරේ ලැබෙන්නේ ඔයාටයි ඔයාගේ සහායකයාට හෝ සහායිකාවට විතරයි. නමුත් ඔයා ඇත්තට ආදරේ කරද්දි ඒ ආදරේ කොයිතරම් වර්ධනය වෙනවද කියනවා නම් ඔයත් එයත් එක්ක හැමෝවම ඒ ආදරේට ඇතුළත් වෙනවා. කොයිවෙලාවක හරි ආදරේ සංවර්ධනය වීම නතර වෙනවාද, අන්න ඒ වෙලාවේ ඉඳන් ආදරේ මැරෙන්න පටන් ගන්නවා. ආදරෙත් හරියට ගහක් වගේ. අපි හොඳටම දන්නවා කවදහරි දවසක ඒ ගහ වැඩිලා ඉවර වුනා කියන්නේ දැන් ඉතින් ඒ ගහ මැරෙන්න පටන් ගන්නවා කියලා. අපිට පුළුවන් අපි ඇතුලෙ තියෙන ආදරේ වර්ධනය කරන්න ඉගෙන ගන්න. ඒ ආදරේ වැඩෙන්න උදව් කරන්න.

    මෙතනදි මන් කථා කලේ ආදරේ වර්ධනය කරන්න නැත්නම් ආදරේ වැඩි වෙන්න පුළුවන් දෙයක් කියන එක ගැන. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතකොට ආදරේ කියන්නෙත් පණ තියෙන දෙයක් ද කියලා. ඇත්තටම ඔව්. ආදරේ කියන්නෙත් හුස්ම ගන්න, සජීවී දෙයක්. මෙතනදි මන් මතක් කරන්නම් බොන්සායි ගැන. බොන්සායි වලදි පැලයක් අරන් ඒ පැලේ ගහක් කරන්නෙ අපිට ඕනා විදියට. එහෙට මෙහෙට හරවලා. ඔයාලා දැකලා ඇති. හරි ලස්සන ඒත් පුංචි ගස්. හැබැයි ආදරේ කියන්නෙ වැඩෙන්න කියලා එහෙම බලයක් දාන්න ඕන දෙයක් නෙමෙයි. අරෙහෙම ආදරේ වෙන්න මෙහෙම ආදරේ වෙන්න කියලා හදන්න ඕනා දෙයක් නෙමෙයි ආදරේ කියන්නේ. හිතන්න අපි අපි එක්ක කොයි තරම් සංවේ දී ද කියලා. අපි අපිට කොයි තරම් ආදරේ ද කියලා. අපි අපිට සංවේදී වෙද්දි, අපි අපිට ආදරේ කරද්දී අපිට ම දැනේවි අපි ඇතුලෙම හරිම නිදහසේ ආදරෙත් වැඩෙන බව. ඔය මෛත්‍රියෙදි වුනත් මුලින් ම තමුන්ට මෛත්‍රී කරන්නෙ මේ හේතුවත් එක්ක. අපි ලඟ අපිට නැති ආදරයක් කොහෙන් ද තව කෙනෙක්ට අපි දෙන්නෙ?

    index.jpg

    හුඟක් වෙලාවට අපි තව කෙනෙක් එක්ක බැඳෙන්නෙ නැත්නම් කැමැති වෙන්නේ අපි ඒ කෙනාට ඇත්තට ම ආදරේ කරන නිසාවෙත් ඒ කෙනාව තේරුම් ගන්න නිසාවත් නෙමෙයි, ටික වෙලාවකට හරි අපේ දුකෙන් ඈත් වෙන්න. හිතලා බලන්න. අපේ පාළුව අපිට වේදනාවක්. ඒ වේදනාව නැති කරගන්න නැත්නම් අපේ පාළු මකා ගන්න අපි තව කෙනෙක්ගෙ උදව්ව නැත්නම් තව කෙනෙක් අපි ලඟ හිටියා නම් හොඳයි කියලා හිතනවා. අනේ හැමෝටම කොල්ලො කෙල්ලො ඉන්නවා මට විතරයි නැත්තෙ, මටත් ඉඳියානම් හොඳයි කියලා හිතන අය හම්බවෙලාම නැද්ද? අපි අපිට ආදරේ කරන්න අපිව තේරුම් ගන්න ඉගෙන ගත්තම, අපි ගැනම අපිය ඇත්තටම කරුණාව දැනුනම අපිට පුළුවන් තව කෙනෙක්ට ඇත්තට ආදරේ කරන්න නැත්නම් තව කෙනෙක්ව තේරුම් ගන්න. එහෙම නැතුව අපේ දුක, වේදනාව නැති කරගන්න හේතුවක් විදියට තව කෙනෙක්ට ලන් වෙන එක අවසානයේ ගේන්නෙ තවත් දුකක් විතරයි.

    ඇත්ත ආදරේ හැදිලා තියෙන අංග හතරක් තියෙනවා. බුදුරජාණන්වහන්සේ මේ අංග හතරට ලොකු වටිනාකමක් දේශනාවලදි දීලා තියෙන බව ඔයාලා දන්නවා. මොනවද මේ අංග හතර? මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව. මේ අංග බෞද්ධයන්ට විතරක් අයිති අංග නෙමෙයි. මේ හැඟීම් තියෙන අන්‍යාගමිකයන් ඕන තරම් ඉන්නවා. හිතන්න ඔයාගේ ආදරේ ඇතුලෙ මේ අංග තියෙනවා කියලා. ඒ ආදරේට පුළුවන් ඕනැම තත්ත්වයකට වෙනස් වෙන්න. ඒ ආදරේට පුළුවන් අපිව විතරක් නෙමෙයි තව කෙනෙක්වත් සුවපත් කරන්න. ඒ ආදරෙන් අපේ ජීවත වලට ගැඹුරු අර්ථයක් ලබා දේවි.

    photo-1615966650071-855b15f29ad1.jpg

    මෙතනින් මෛත්‍රිය කියන දේ මුලින් ම අරන් බලමු. ඕනැ කෙනෙක් දන්නවා මෛත්‍රිය ගැන. මෛත්‍රිය තියෙන කෙනෙක්ගෙන් ලැබෙන වාසිය මොකක් ද? එයාට පුළුවන් තවත් කෙනෙක්ට සතුට දෙන්න. ඇයි අපි බුදුරජාණන්වහන්සේට අදටත් ආදරේ. බුදුරජාණන්වහන්සේ අපිට දුන්න ආදරේ තමයි ඒකට හේතුව. අසීමිත ආදරේ. ඔයාට පුළුවන් තව කෙනෙක්ට හෙණැල්ලක් වෙන්න. තවකෙනෙක්ට ආලෝකය වෙන්න. හැබැයි මේ එකක්වත් කරන්න බැහැ ඔයා තුළ සතුට නැත්නම්. මුලින් ම තමුන් තුළ මෛත්‍රිය ඇති කරගෙන තමුන්ගෙ හිත සතුටින් පුරෝගන්න. දැකලා නැද්ද ලෝකෙට මොන හෙනේ ගැහුවත් හරිම සතුටින් ඉන්න මිනිස්සු. ඒ මිනිස්සුන්ට මොන දේ කළත් ඒ මිනිස්සු ඒ දේවල් දිහා බලන්නෙ සතුටින්. අනිත් අයට ඒ අය ගැන ඊර්ෂ්‍යාව හිතෙනවා අනේ අපිට බෑ නේ මෙහෙම ඉන්න කියලා. ඉතින් මුලින් ම තමුන් තුළ සතුට පුරෝගන්න. මෙතනදි බෞද්ධයකුට නම් සතිමත් බව වැඩෙන භාවනාවක් වගේ පුළුවන් මෛත්‍රිය පාවිච්චි කරන්න. සරලවම කියනවා නම් ඔයාට දෙන්න දෙයක් නැත්නම් තව කෙනෙක්ට දෙයක් දෙන්න බැහැ නෙ. දෙන්න හිතුනත් මොනවා කරන්න ද දෙන්න දෙයක් නැත්නම්. ඒ වගේ තමයි. මුලින්ම තමුන් තුළ මෛත්‍රිය වර්ධනය කර ගන්න. දැන් ඔයා ලඟ තව කෙනෙක්ට දෙන්න දෙයක් තියෙනවා.
    index.jpg

    ඊළඟට අපි බලමු කරුණාව ගැන. ඇත්ත ආදරේ ඇතුලෙ තියෙන තවත් අංගයක් තමයි කරුණාව. තමුන් තුළ තියෙන වේදනාව වගේම අනුන් තුළ තියෙන වේදනාව අවබෝධ කරගන්න තියෙන හැකියාව තමයි කරුණාව. ඔයාට ඔයාගේ වේදනාව තේරෙනවා නම් විතරයි තව කෙනෙක් තුළ තියෙන වේදනාව අඳුනගන්න පුළුවන් වෙන්නෙ. බුද්ධ චරිතය තුළ මේ ගැන ඕනෑ තරම් නිදර්ශන තියෙනවා. උදාහරණයකට බෝධිසත්වයන් වහන්සේට සතර පෙර නිමිති තුළින් මුලින් ම දැනුනෙ මටත් මෙහෙම වෙනවා නේද කියන අවබෝධය. ඉන් පස්සෙ යශෝධරාට, රාහුලටත් ඒ දේ ම වෙනවා නේද කියලා දැනුනා. පස්සෙ ලෝකෙ හැම කෙනාටම මේක නේද වෙන්න කියලා දැනෙනවා. ඉන් පස්සෙ තමයි අපි හැමෝ වෙනුවෙන් ම මේ දුකින් ගැලවීමේ මාර්ගය හොයන්න ඕනා කියන තීරණය උන්වහන්සේට එන්නෙ. නැතුව බෝධිසත්වයන්වහන්සේට විතරක් දුකෙන් ගැලවෙන්න ඇති වුන වුවමනාවක් නොවෙයි ඒක. ඉතින් අපිට අපි තුළ ඇති වේදනාව අවබෝධ වෙනවානම් විතරයි තව කෙනෙක්ට එයාගේ තුළ තියෙන වේදනාව නැති කරගන්න උදව් කරන්න පුළුවන් වෙන්නේ. වේදනාව අවබෝධ කර ගත්තම තමයි ඒකට ප්‍රතිකර්මයක් කරන්න පුළුවන් වෙන්නේ. තමුන්ට තමුන්ගේ වේදනාව නැති කරගන්න ක්‍රමයක් හොයා ගෙන අනුන්ගේ වේදනාව නැති කරන්න දෙයක් කරන්න පුළුවන් වෙන්නෙත් කරුණාව තුළින් විතරයි.
    index.jpg

    තුන්වැනි අංගය. ඒ කියන්නෙ මුදිතාව. සරලව ගත්තම මුදිතාවෙන් කථා කරන්නෙ තව කෙනෙක්ට සතුට කොයිතරම්නම් දෙන්න පුළුවන් ද කියන එක. මේක ඉතින් එක එක විදියට කෙනෙක්ට අර්ථ නිරූපනය කරන්න පුළුවන්. ඔයා ඉගෙන ගත්තම නැත්නම් ඔයාට ඔයා තුළ සතුට ඇති කරන්න තේරෙද්දි ඔයාට පුළුවන් ඔයාගේ සතුට වර්ධනය කරන ගමන් තව කෙනෙක්තුළත් සතුට වර්ධනය කරන්න. අහලා නැත්ද සමහරු කියනවා ඉස්සර මට හරියට කේන්ති යනවා ඒත් දැන් අහවලා එක්ක ඉන්න නිසා ඒක අඩු වෙලා වගේ කථා. මුදිතාවෙන් පිරුණු කෙනෙක් ලඟ ඉන්නවා කියන්නේ හරියට මලකින් සුවඳ හමනවා වගේ තමයි. සමහරු ලඟට එනවට වත් අපි කැමැති නෑ. ඇයි ඒ? එන්නෙම අවුලක් එක්ක. සමහරු ගෙදර එද්දි ගෙදර මිනිස්සු බයයි. විහිලු නෙමෙයි. සමහර තාත්තලා ගෙදර එද්දි දරුවො හැංගෙනවා. සමහරු බිරින්දෑවරු ස්වාමි පුරුෂයා එද්දි බයෙන් ගැහෙනවා. ඒ වගේම තමයි සමහරු එනවා කිව්වම අනේ කෝ තාම නෑ නේ කියලා පොරොත්තුවෙන් මග බලා ඉන්නවා. ඕක තමයි හැටි.

    අන්තිමට උපේක්ෂාව. උපේක්ෂාවේදී අපිට පුළුවන් වෙනවා කිසි වෙනස්කමක් නැතුව දෙයක් දිහා බලන්න. හොඳ, ගැඹුරු සම්බන්ධතාවයකදී ඔයත් එයත් අතර සීමාවක් නෑ. ඔයා එයා. එයා ඔයා. ඔයාගේ දුක එයාගෙත් දුක. එයාගේ දුක ඔයාගෙත් දුක. ඔයාගේ දුක ගැන ඔයාට තියෙන අවබෝධය එයාගේ දුක අඩු කරන්න දෙයක් කරන්න හයිය ඔයාට දෙනවා. සතුටෙදිත් මෙහෙමමයි. තවදුරටත් සතුටයි දුකයි තනි පුද්ගල නෑ. එයාට වෙන්නෙ මොකක් ද ඒක ඔයාටත් දැනෙනවා. ඔයාට වෙන්නෙ මොකක් ද ඒක එයාටත් වෙනවා.

    equanimity.buddha.jpg

    මේ අංග හතර ඒ කියන්නේ මෛත්‍රිය, කරුණාව, මුදිතා සහ උපේක්ෂා ගැන ඕන තරම් ධර්ම දේශනා අහලා ඇති. පොත් පත් ලිපි කියවලා ඇති. මෙනෙහි කරලා ඇති. ඒත් ප්‍රායෝගිකව කොයිතරම් නම් පාවිච්චි කරනවා ද? හිතන්න ඔයා, එයා අඳින්න කැමැති දේට වඩා බලාපොරොත්තු වෙන්නෙ එයා ඔයා කැමැති දේ අඳිනවට නම් කොහෙද ආදරේ? එයාගේ දෙමාපියන්ට එයා සලකනවට ඔයා අකමැති නම් ඒ නිසා ඔයාට කේන්ති යනවා නම් කොහෙද ආදරේ? ඔයා දෙයක් කරන විදියයි එයා දෙයක් කරන විදියයි නොගැලපෙද්දි ඔයාට ඕනා එයා කරන විදිය ඔයාගේ විදිය වෙන්න නම් කොහෙද ආදරේ?

    අද ආදරේ මිනිස්සුන්ට වේදනාවක් වෙලා තියෙන එක හේතුවක් වෙන්නේ මේ කියන අංග ඒ ආදරේ ඇතුලෙ නැතිවිම. ඔයාම හිතලා බලන්න නිදහසේ.


     
    • Like
    Reactions: Renu77

    hpalpola

    Well-known member
  • අපි සාමාන්‍ය ගෑණු මිනිස්සු නිසා ඉර්ෂයාව කේන්තිය වගේ හැඟීම් සාධාරණයි. හැබැයි අපි ආදරේ කරන්නෙ ඒවා වැඩි දියුණු කරන්නනම් ඒක සාධාරණ නැහැ. ආදරේ කියල හිතන් ඉර්ෂයා කරන්න ගත්තම අන්තිමේ ඉතුරු වෙන්නෙ කේන්තියයි වෛරයයි දුකයි විතරයි. හැබැයි එකක්. ඒකෙන් විනාශ වෙන්නෙ ඒ ඊර්ෂ්‍යා කරන කෙනා නෙමෙයි අනෙත් කෙනා. මොකද එයා කවදාවත් හිතන්නෙ නෑ එයා ආදරේ කරන කෙනා එයාට ඊර්ෂ්‍යා කරනවා වෛර කරනවා කියලා. එයා තමුන් ආදරේ කරන කෙනා ලඟ ඉන්නෙ හරිම නිදහසෙන්. කිසිම ආරක්ෂිත පියවරක් නැතිව. ඉතින් එයා අර තරහට ඊර්ෂ්‍යාවට අහුවෙලා විනාශවෙලා යනවා. ඉන්පස්සෙ තමයි ඊර්ෂ්‍යා කරන කෙනාට දැනෙන්නෙ අනේ ඇයි මම එහෙම කලේ කියලා. ඒ වගේම තමයි එයා අරයව විනාශ කරද්දිත් එයා හිනාවෙලා විනාශ වෙන්නෙ. මොකද එයා ඒක කවදාවත් බලාපොරොත්තු නොවන නිසා. කවුද ⁣කවදාවත් හිතන්නෙ තමුන් ආදරේ කරන කෙනාම තමුන්ව විනාශ කරලා දායි කියලා. ඉතින් එයා හිනාවෙලා විනාශ වෙනවා. අන්න ඒ හිනාව හැමදාමත් ජීවත් වෙනකන් ජීවත් වෙනකෙනාට මතක් වෙනවා. ඒත් ආදරේ කරන කෙනා ඊර්ෂ්‍යා කලත් වෛර කලත් පුංචි වෙලාවක් හරි තමුන්ගෙ ආදරේ ලබන කෙනා හිනාවෙනවා, සතුටින් ඉන්නවා දකින්න ආශයි. ඒ නිසා ඊර්ෂ්‍යාවට වෛරයට ඉහලින් ආදරේට වටිනාකමක් දෙනවා. එහෙම බෑ කියන්නෙ ඉතින් ඒක ආදරේ කියලා තමුන්වම රවටා ගැනීමක් විතරයි. මන් දන්නවා මේවා කිව්ව කියලා අහන්නෙ නැති බව. නමුත් මන් හිතනවා ඒ ගැන කියලා තියෙන එක හොඳයි කියලා.