ආදරේ නිසා මං ඇඟට රිංගුවා
ආදරේ නිසා මං ඇඟට රිංගුවා
භාවනාව යනු සිත ශක්තිමත් කිරීමයි. (භාවේ නීතී භාවනා) අද භාවනාව පිළිබඳ විශේෂ උනන්දුවක් සමාජය තුළින් දක්නට පුළුවන. භාවනා කළ යුත්තේ ආරණ්‍යයක ය, සේනාසනයක ය, රුක්ඛ මූලයකය, ශුන්‍යාගාරයක ය. ප්‍රවීණ ගුරුවරයකු යටතේය.
එහෙත් වර්තමානයේ විවිධ ස්ථානවල, වේදිකාවල පවා භාවනාව උගන්වන අයුරු දැක ගන්නට ඇත. මුදල් අය කොට පාඨමාලා වශයෙන් ද උගන්වන ස්ථාන ඇත. තවත් සමහරෙකුට භාවනාව විලාසිතාවක් වී ඇති අයුරු ද දැක ගන්නට ඇත.
කෙසේ නමුත් ගුරු ඇසුරෙන් තොරව පොත්පත්වල සඳහන් අයුරු බලා ගෙන භාවනා කරන්නෝ ද සිටිති. භාවනා පුහුණුවේ දී දිනපතා ද, ගැටලු අවස්ථා පැන නැඟුණු විට ද ගුරුවරයා මුණ ගැසී කමටහත් ශුද්ධ කැර ගත යුතුය. එසේ නොකරන සමහරු සිතුවිලිවලට රැවටී නොමඟ ගොස් අවුල් කැර ගන්නා අවස්ථා ද ඇත.
කෙසේ නමුත් උපන් දා සිට මරණය දක්වා අප මෙහෙයවන්නා වූ, කය, වචන හසුරුවන්නා වූ ඇසට නොපෙනෙන අතට හසු නොවන, කිසිදු යන්ත්‍ර සූත්‍රයකට හසු නොවන්නා වූ සුවිශේෂී ශක්ති බලවේගයක් වූ “සිත” සමඟ කරන්නා වූ ව්‍යායාමයක්, වැඩ පිළිවෙළක් වූ භාවනාව උතුම් ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික ක්‍රියාවලියක් මිස සෙල්ලමක් නොවේ.
ඇය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියකි. නමින් මල්කාන්ති ය. හතළිස් පස් හැවිරිදි ය. දෙදරු මවකි. ඇය පෞද්ගලික සමාගමක සේවය කරන්නීය. කෑම අප්‍රියාව හා සිහිනෙන් බිය වී තිගැස්සී අවදි වීම ඇයට තිබුණු රෝගාබාධයයි. එහෙත් ඇය ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන, වැඩි මහල් දියණිය සමඟ ආවේ ස්වාමි පුරුෂයාගේ විකෘතියක් නිසාය.
මල්කාන්තිගේ ස්වාමි පුරුෂයා සරච්චන්ද්‍ර ය. ඔහු පෞද්ගලික අංශයේ ගිණුම් ලිපිකරුවෙකි. මාස කීපයක සිට ඔහු බියසුළු ගතියකින් පෙළෙයි. වෙනදා මෙන් ගෙදර වියදමට මුදල් නොදෙයි. සවස 6 වන විට නිවසේ අඳුරු මුල්ලකට වී ගුලි ගැසී නිදා ගනියි.
මේ තත්ත්වයෙන් වළක්වා ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගොස් ආධ්‍යාත්මික උපදේශකවරයා මුණ ගැසුණි. ඇය සිය සැමියා ගේ ස්වභාවය පැහැදිලි කරන විට පැද්දෙන්නට වූවා ය. ඇය ප්‍රලය වී කතා කරන්නට වූවාය.
“මාව එළවන්න හිතුවට මම නම් යන්නේ නෑ”
“කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නෙ?”
“..........” ඉන් එහාට කතා කළේ නැත. මල්කාන්තිගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කොට නැවත සාකච්ඡා කළේය.
“ඇයි මහත්තයව එක්ක ගෙන ආවේ නැත්තෙ?” ගවේෂකවරයා ඇසීය.
“එයා එන්නේ නෑ” මල්කාන්ති කීවාය.
“එහෙම නම් මට කරන්න දෙයක් නෑ. අදාළ පුද්ගලයා නැතුව ප්‍රතිකාර කරන්න බෑ. මෙතැන සිදු කරන්නේ ආධ්‍යාත්මිය ප්‍රතිකාරයක්. ඒ තුළින් ඔහුගේ චිත්ත ශක්තිය ගොඩ නඟනවා. භූතාත්මවල බලපෑමට හසු වී දුර්වලව ඇති මානසික ශක්තිය ආධ්‍යාත්මික ප්‍රතිකාරවලින් ක්‍රමයෙන් ශක්තිමත් කරන්න ඕනෑ. අදාළ පුද්ගලයා නැතිව ඒ තත්ත්වය ගොඩ නඟන්න බෑ” යි පැහැදිලි කළේය.
“අනේ මහත්තයා එයාව නම් කොහොමවත් ගේන්න අමාරුයි. ඒකයි අපි ආවේ.”
“ගමේ පන්සලට ගිහින් බෝධි පූජා දහහතරක් තියන්න. ඊට පස්සෙ මහත්තයව එක්ක එන්න උත්සාහ කරන්න” යැයි ද උපදෙස් දුන්නේය.
බෝධි පූජා පැවැත්වීමෙන් අනතුරුව දියණිය පියා ළඟ අඬා වැලපී ඔහු කැඳවාගෙන එන්නට කැමති කැර ගත්තා ය. එහි පැමිණි සරච්චන්ද්‍ර හා ගවේෂකවරයා අතර සුහද සාකච්ඡාවක් ගොඩ නැඟුණි.
“මොකක්ද මහත්මයා මේ ගැටලුව?”
“මහත්මයා! මම මීට අවුරුද්දකට කලින් කෑගල්ලේ භාවනා ගුරුවරයෙකු ගෙන් භාවනා කරන්න ඉගෙන ගත්තාÓයි සරච්චන්ද්‍ර කීවේය.
“ඔව් එයා තමයි ගෙදරට වියදම් කරන්න එපා. මේ වගේ භාවනා වැඩවලට වියදම් කරන්න කියලා මෙයාට උපදෙස් දීලා තියෙන්නේ” යි මල්කාන්ති ද කීවා ය.
“ඔව්! ඔව්!! මම මගේ ගුරුතුමාගේ නියමයෙන් පිට වැඩ කරන්නේ නෑ”
“ඒ ගුරුතුමා උගන්වන්නේ බෞද්ධ භාවනාව ද?”
“නෑ එතුමා ආගම්වලට කොටුවුණ කෙනෙක් නොවෙයි. එතුමා නිදහස් යෝග ක්‍රමයක් උගන්වන්නෙ?”
“ඒ ගුරුතුමා කොයි වගේ කෙනෙක් ද?”
“එතුමා වලව්කාරයෙක්. ගිහි ගෙය කලකිරී වෙනම කුටියක් හදාගෙන භාවනා කරනවා. කුණ්ඩලිණිය වඩනවා. මේ දවස්වල එතුමා අසනීපෙන් ඉන්නේ. මම එතුමා මෙතැනට එක්ක ගෙන එන්න ද?”
ඊළඟ දිනයේ ඒ භාවනා ගුරුවරයා ද කැටුව සරච්චන්ද්‍රත් මල්කාන්තිත් ආහ. ගුරුවරයා නිහතමානීය. ඇඟ ඉදිමී සුදුමැලි වී තිබුණි.
ඒ ගුරුවරයා මධ්‍යස්ථානයට ඇතුළු වූ හැටියේ ම දිෂ්ටි වී කතා කරන්නට පටන් ගත්තේය.
“උඹලට බෑ මාව එළවන්න. මම යන්නේ නෑ” යි මහ හඬින් හිනාවෙන්නට විය. “උඹ කවුද? උඹලට මාව අඳුනන්න බෑ” යි නැවත කියන විට ම ගවේෂකවරයා “උඹ කතා කරන්න ඉගෙන ගනින්” යැයි වේවැල් පාර දෙකක් දුන්නේ ය.
“අනේ! අනේ! ගහන්න නම් එපා. මම ඇත්ත කියන්නම්.”
“කියාපං උඹ කවුද?”
“මම සිරිපාල”
“සිරිපාල කියන්නේ කවුද?”
“මම ඩ්‍රැයිවර්. මේ මහත්තයාගෙ වලව්වේ කාර් එක එළෙව්වේ මම. මම අසනීපෙකින් මළා. මේ මහත්තයට ආදරෙයි. එයාගෙ ඇඟට රිංගුවා.”
“ඇයි අනුන්ගෙ ඇඟට රිංගුවේ?”
“ඒ ලේ සුවඳට ඇදිලා ආවා.”
“ඇයි මේ මහත්තයාට කරදර කරන්නෙ?”
“ඒ අපේ හැටි. මමත් එහෙම තමයි”
“තමුන් මේ ඇඟට රිංගලා මොනව ද කළේ?”
“මම මෙයාට වද දෙනවා. එතකොට ලේ කෝප වෙනවා. එතකොට ලේ සුවඳ පිටවෙනවා. මම ඒ ලේ සුවඳ උරා බොනවා. ඒ අතරේ භාවනාව අවුල් කළා. ගෝලයන්ට වැරදි උපදෙස් දුන්නා.”
“ඇයි ආදරෙන් ඉඳලා. වැඩ අවුල් කළේ?”
“මෙයාගෙ ගෙදර අය බෝධි පූජා තියනකොට මට ඉන්න බෑ. ඒකයි හිරිහැර කළේ?”
ගුරුවරයාට දෑස් පියාගෙන ඔහුට පුරුදු භාවනාවේ යෙදෙන්නට උපදෙස් දී ගවේෂකවරයා ඔහුට ශක්ති කිරණ එල්ල කළේය. භූතයා මෙල්ල විය.
“දැන් ඉවත්වෙලා යන්න ඕනෑ”
“බෑ බෑ මම නම් යන්නේ නෑ.”
“එහෙනම් නම් ගුරුතුමාගෙ ඇඟේ ඉන්න පුළුවන්. හැබැයි වෙනත් අයගෙ ඇඟට රිංගන්න බෑ. තේරුණා ද?”
“හොඳයි මම එකඟයි.”
ප්‍රේත ජීවියා ශරීරයෙන් ඉව්ත කොට උපදෙස් නැවත දුන්නේ ය.
“මහත්මයා බෞද්ධ පිළිවෙත් නොකළාට කමක් නෑ. මේ සරච්චන්ද්‍රත් සමඟ බෝධි පූජාවට යන්න. දවස් විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැÓයි උපදෙස් දුන්නේ ය.
“හැබැයි බෞද්ධ භාවනාව බලගතුයි. හොඳට මතක තියාගන්නැ” යි ද අවධාරණය කළේය.
සති තුනකට පසු ඔව්හු නැවත පැමිණියහ. ගුරුවරයා දිෂ්ටි ගැන්වීය.
“හඃ... හඃ... හා... මම නම් යන්නේ නෑ”
“උඹව බල්ලෙක් වගේ පුච්චනවා” යි කිරණ ශක්තිය එල්ල කළේය.
“අනේ! අනේ! එපා. මම යනවා. මීට පස්සේ භාවනාව අවුල් කරන්නෙත් නෑ. වැරදි උපදෙස් දෙන්නෙත් නෑ. මම කැලණි බෝධිය ළඟට යනවා” යි ඉවත්ව ගියේය.
මේ යෝගියා ගේ ශරීරයට රියැදුරා ගේ ප්‍රේතාත්මය රිංගා ගෙන භාවනාව අවුල් කළේය. ඔහු ලවා ආධුනික යෝගීන්ට වැරදි උපදෙස් දී තිබුණි. දැන් සරච්චන්ද්‍රත්, මල්කාන්තිත්, ගුරුවරයාත් ප්‍රකෘති තත්ත්වයට පත්ව සිටිති.
මතුගම මහින්ද විජේතිලක