ආදර මතක සැමරුම
ඒ sms එක ආව වෙලාවේ මම කීප වතාවක්ම ඒක බැලුවා. ඊට මාස දෙකකට විතර කලින් "මගේ ලෝකේ හැමදේම ඔයා ව්තරයි විසල්" කිව්ව ඔයාට හිටි හැටියෙම ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ කියලා තේරෙන්න ගත්තේ ඇයි කියලා මම කල්පනා කළා. මගේ යාළුවො නම් කිව්වේ ඔයා මගෙන් ඈත් වෙන්න ලෝක ධර්මතාවය ඉස්සරහට දැම්මා කියලා. ඒත් මම අදත් හිතන්නේ ඔයා මට බොරුවක් කළේ නැහැ කියලා. මම මෝඩයෙක් වෙන්න ඇති නෙත්මි. ඔයා මාත් එක්ක ආදරෙන් හිටපු හැටියට ඔයා වෙනින් කෙනක් දිහා මට හොරෙන් බලයි කියලවත් මම හිතුවෙ නෑ. ඒත් ඔයා මට ලෝකේ හැටි පෙන්නුවා. ඔයා නොදන්නවා උනාට මට තාමත් ඔයා විතරයි. තව අවුරුදු කීයක් ගියත් ඔයා කිව්ව කෙනා මට මුණ ගැහෙන්නේ නෑ. මම මහා ගොඩක් ආදරේ කලේ ඔයාට විතරයි. ඒත් ඒ ආදරේ ඔයාට මදි උනා.

මට තාම මතකයි
"පාට පාට හීන ලොවේ සීත රැයේ
ආදරේට කීව කතා මා තුරුලේ
තාම මා සිතේ යළි යළි රාව නැඟේ
ඒ වගේම ආයෙ ගන්න දෑත මගේ"

"මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ විසල්. මිනිස්සුන්ගේ හිතත් එහෙමයි. එක තප්පරේට වෙනස් වෙන්න පුළුවන්. ඔයා දැන් කිව්වට මට තරම් කාටවත් ආදරේ කළේ නෑ කියලා තවත් අවුරුදු දෙක තුනකින් තවත් කෙනෙකුට කියයි එයාට තරම් කාටවත් ආදරේ නෑ කියලා. ඒ හින්දා මං ගැන හිතලා වැඩක් වෙන්නේ නෑ. මට හැම දේම තාවකාලිකයි......""පාට පාට හීන ලොවේ සීත රැයේ
ආදරේට කීව කතා මා තුරුලේ
තාම මා සිතේ යළි යළි රාව නැඟේ
ඒ වගේම ආයෙ ගන්න දෑත මගේ"

ඒ sms එක ආව වෙලාවේ මම කීප වතාවක්ම ඒක බැලුවා. ඊට මාස දෙකකට විතර කලින් "මගේ ලෝකේ හැමදේම ඔයා ව්තරයි විසල්" කිව්ව ඔයාට හිටි හැටියෙම ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ කියලා තේරෙන්න ගත්තේ ඇයි කියලා මම කල්පනා කළා. මගේ යාළුවො නම් කිව්වේ ඔයා මගෙන් ඈත් වෙන්න ලෝක ධර්මතාවය ඉස්සරහට දැම්මා කියලා. ඒත් මම අදත් හිතන්නේ ඔයා මට බොරුවක් කළේ නැහැ කියලා. මම මෝඩයෙක් වෙන්න ඇති නෙත්මි. ඔයා මාත් එක්ක ආදරෙන් හිටපු හැටියට ඔයා වෙනින් කෙනක් දිහා මට හොරෙන් බලයි කියලවත් මම හිතුවෙ නෑ. ඒත් ඔයා මට ලෝකේ හැටි පෙන්නුවා. ඔයා නොදන්නවා උනාට මට තාමත් ඔයා විතරයි. තව අවුරුදු කීයක් ගියත් ඔයා කිව්ව කෙනා මට මුණ ගැහෙන්නේ නෑ. මම මහා ගොඩක් ආදරේ කලේ ඔයාට විතරයි. ඒත් ඒ ආදරේ ඔයාට මදි උනා.
මතු සම්බන්ධයි.

Last edited: