ආදර මතක සැමරුම

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ආදර මතක සැමරුම

    මට තාම මතකයි

    "පාට පාට හීන ලොවේ සීත රැයේ
    ආදරේට කීව කතා මා තුරුලේ
    තාම මා සිතේ යළි යළි රාව නැඟේ
    ඒ වගේම ආයෙ ගන්න දෑත මගේ
    "
    :love::love::love::love::love::love:

    i-miss-u-missing-you-kiss-funny-imissu-misc-3-Love-Couples-lovers-romantic-k-album-%25252525252525252525255D-samotni-Sweet-Stuff_large.jpg



    "මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ විසල්. මිනිස්සුන්ගේ හිතත් එහෙමයි. එක තප්පරේට වෙනස් වෙන්න පුළුවන්. ඔයා දැන් කිව්වට මට තරම් කාටවත් ආදරේ කළේ නෑ කියලා තවත් අවුරුදු දෙක තුනකින් තවත් කෙනෙකුට කියයි එයාට තරම් කාටවත් ආදරේ නෑ කියලා. ඒ හින්දා මං ගැන හිතලා වැඩක් වෙන්නේ නෑ. මට හැම දේම තාවකාලිකයි......"

    ඒ sms එක ආව වෙලාවේ මම කීප වතාවක්ම ඒක බැලුවා. ඊට මාස දෙකකට විතර කලින් "මගේ ලෝකේ හැමදේම ඔයා ව්තරයි විසල්" කිව්ව ඔයාට හිටි හැටියෙම ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ කියලා තේරෙන්න ගත්තේ ඇයි කියලා මම කල්පනා කළා. මගේ යාළුවො නම් කිව්වේ ඔයා මගෙන් ඈත් වෙන්න ලෝක ධර්මතාවය ඉස්සරහට දැම්මා කියලා. ඒත් මම අදත් හිතන්නේ ඔයා මට බොරුවක් කළේ නැහැ කියලා. මම මෝඩයෙක් වෙන්න ඇති නෙත්මි. ඔයා මාත් එක්ක ආදරෙන් හිටපු හැටියට ඔයා වෙනින් කෙනක් දිහා මට හොරෙන් බලයි කියලවත් මම හිතුවෙ නෑ. ඒත් ඔයා මට ලෝකේ හැටි පෙන්නුවා. ඔයා නොදන්නවා උනාට මට තාමත් ඔයා විතරයි. තව අවුරුදු කීයක් ගියත් ඔයා කිව්ව කෙනා මට මුණ ගැහෙන්නේ නෑ. මම මහා ගොඩක් ආදරේ කලේ ඔයාට විතරයි. ඒත් ඒ ආදරේ ඔයාට මදි උනා.


    මතු සම්බන්ධයි.

    :love::love::love::love::love::love::love:



     
    Last edited:

    gimhanmax

    Active member
  • Mar 16, 2008
    500
    143
    43
    හරි හරි දෑන් කියපන්කෝ මොකක්ද කේස් එක කියලා................:(:(:(:(:(:(:(:(
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    "ඔබ පාවී ගියා දුර ඈතකට
    මා සසැලී තියා වරු ගානකට
    සැඟවෙන්නේ නෑ තරු දෑස
    ඔබ ඒ දෝ සොයා මගෙ හීනෙකට"
    :love::love::love::love::love:

    කමිංග මට කවදත් කතා කරන්නේ සුදූ, බබා, පණ ඔය වගේ නානාප්‍රකාර ආදර කතා කියලා. මට විතරක් නෙමෙයි ඌ කාටත් එහෙමයි. ඒක ඔයා දැන ගෙන හිටිය නෑ. දවසක් ඔයත් එක්ක ක්වීන්ස් කැෆේ එකට වෙලා කියව කියව ඉන්නකොට
    කමිංගයා මට කෝල් එකක් ගත්තා.
    "ඔයා කොහෙද සුදූ....."
    "මම දැන් බ්‍රිටිෂ් කවුන්සල් එකේ....." මම ඔයා දිහා බලාගෙන කිව්වා.
    "සුද්දියෙක් එක්කද සුදූ..... අපි අද සෙට් වෙනවද?"
    "කීයටද....." මම අහද්දී ඔයාගේ මූණ වෙනස් උනා.
    "හතරට...... පැටියෝ......"
    "හරි පැටියෝ....." මම පුරුද්දට කිව්වා.
    ඔයාගේ ඇස් විශාල උනා. මට වැරදුනා කියලා මතක් වෙනකොටත් ඔයාගේ ඇස් වල කදුළු. මම දෙසැරයක් හිතන්නේ නැතුව ෆෝන් එක කට් කළා.
    "කව්ද ඒ....." ඔයා මගේ ඇඟට කඩාගෙන පැන්නා. උත්තරයක් දෙන්න කලින් ආයෙත් කමිංග කතා කළා. මම ෆෝන් එක කට් කළා.
    "ඇයි..... කට් කරන්නේ. කව්ද ඔය පැටියා. මෙහෙට දෙනවා ෆෝන් එක....." ඔයා මගේ ෆෝන් එක උදුර ගත්තා. මම කවදාවත් ඔයා මගේ ෆෝන් එක චෙක් කරනවට විරුද්ධ වුණේ නෑ.
    ඔයා කෝල් එක ආව නම්බර් එක බැලුවා.
    "මේ කවුද?" ඔයා ඇහුවා.
    "කමිංග" මම කිවුවා.
    "මම මේකට රින්ග් කරනවා ඇත්ත කියන්න විසල්....." ඔයා අඬන්න ඔන්න මෙන්න.
    ඔයා නම්බර් එකට රින්ග් කළා. ආයෙත් කට් කළා.
    මම "ඇයි" කියලා ඇහුවා.
    ඔයා "ඇත්ත කියන්න" කියලා ආයෙත් රින්ග් කරලා කට් කළා. ඒ ගමන
    කමිංග මගේ ෆෝන් එකට ගත්තා. ඔයා කෝල් එක ඔන් කරලා ෆෝන් එක කනේ තියා ගත්තා. ඒ වේගෙන්ම ෆෝන් එක කට් කළා.
    "මොන ......ක් ද පැටියෝ කරන්නේ" කියලා ඇහුවා කියලා ඔයා මට පස්සේ කිව්වා.

    අපි දෙන්නා අතරේ රහස් තිබුණෙ නෑ. පෞද්ගලිකයත්වයක් තිබුණෙත් නෑ. ඔයාගේ ඊ මේල්වල පාස්වර්ඩ් තිබුණේ මා ගාව. ඔයාගේ
    ෆෝන් බිලත් මට පෙන්නුවා. ඒත් ඔයා එකපාරටම වෙනස් වුණා. ඒ වෙනසට මමත් වග කියන්න ඕනි කියලා මම දැනගෙන හිටියා. ඒත් ඔයා වෙනස් වුණේ වෙනස් විදිහකට. ඔයාගේ ෆෝන් එක දවසක් බලන්න හැදුවා කියලා ඔයා මර හඬ දීලා මට බැන්න. මම පුදුම වුණා.
    ඇයි නෙත්මි එහෙම වුණේ......!
    මේ තරම් ලොකු දඬුවමක් දෙන්න තරම් වැරැද්දක් මම කළාද?

    මතු සම්බන්ධයි.

    :love::love::love::love::love:

     
    Last edited:
    • Like
    Reactions: virajintel