ආදර මතක සැමරුම

dulaniresha

Member
Aug 31, 2010
216
5
0
හිත වාවන්නෙම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ මම තාම දන්නේ ඔබ මගේ කියා :(:(
loneliness_man_under_tree.jpg
 
Last edited:

dulaniresha

Member
Aug 31, 2010
216
5
0
දුක තමයි කොල්ලෝ
:(:(

ඒ අයට තේරෙන්නේ නෑ බං කොල්ලන්ගේ ආදරේ කොයි වගේද කියල ඒ අය හිතන්නේ අපි දකින දකින කෙල්ලට ආදරේ කරනවා කියල :(:(
 

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඒ අයට තේරෙන්නේ නෑ බං කොල්ලන්ගේ ආදරේ කොයි වගේද කියල ඒ අය හිතන්නේ අපි දකින දකින කෙල්ලට ආදරේ කරනවා කියල :(:(

    කියලා වැඩක් නෑ බන්
    අවංක වූ මා සැමදා දුකේ
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    "අහසේ තරු තරම් මට ආදරෙයි කියා
    සයුරෙ දිය තරම් අපමණ හැඟුම් තියා
    පෙම්පත් දහසක ආදර වදන් ලියා
    නොයෙන බව නොකියා ඔබ යන්න ගියා....."


    :love::love::love::love::love:

    දවස් ගාණක් මාත් එක්ක කතා නොකර හිටපු ඔයා එක්ක ඉන්න බැරිම තැන මම කතා කළා. ඒත් ඔයා හිටියේ නෝක්කඩුවෙන්. උත්තර දුන්නේ නොදී බැරි කමට වගේ. මම කරන්න දෙයක් නැති තැන ඔයාට අපේ අම්මා අලුතෙන් ගෙනාව බලු පැටියගෙ පින්තූරයක් පෙන්නුව. ඔයා ෆෝන් එක දිහා යාන්තම් බලලා අහක බලා ගත්තා. මම ආයෙත් කල්පනාවට වැටුණා.
    "පොඩ්ඩක් දෙන්න අර බලු පැටියා බලන්න....."
    ඔයා ටික වෙලාවකට පස්සේ ෆෝන් එක ඉල්ලුවා. ඊට පස්සේ අනෙක් පින්තූරත් බැලුවා.
    "මේ කොහේද?" මම අයියගේ ඔෆිස් එකේ යාළුවොත් එක්ක දඹුල්ලෙ ගිය වෙලාවෙ ගත්ත පින්තුර බලන ගමන් ඔයා ඇහුවා.
    "ඔය දඹුල්ලෙ ගිය දවස් දෙකේ ඒවනෙ..... ඇයි මම ඔයාට දවස් දෙකේම කතා කළේ....." මම කිව්වා.
    "මට ඕවා මතක නැහැ....." ඔයා එහෙම කියලා දිගටම පින්තූර බැලුවා.
    "එතකොට මේ කව්ද?" අයියගේ ඔෆිස් එකේ ගැහැණු ළමයෙක් පැත්තකින් ඉන්න ඈතින් දඹුළු ගල පේන පින්තූරයක් පෙන්නලා ඔයා ඇහුවා.
    "ඔය අරුණිනේ.....අයියගේ යාළුවෙක්....."
    "ඇත්තද....." ඔයා මට ආයෙත් ෆෝන් එක දුන්නා.
    මගේ හිතේ කහටක් තිබුණෙ නෑ නෙත්මි. ඒක නිසා මට ඒ පින්තූරෙ හංගන්න ඕනි වුණේ නෑ. ඒත් ඔයාට කේන්ති ගියා. ඒක මට හරියටම තේරුණේ නැත්තේ මගේ හිතේ අරුණි ගැන වෙනින් අදහසක් නොතිබුණු නිසා වෙන්න ඇති. එදා මම හදිසි පණිවිඩයක් අහන්න ඔයාට ගත්තත් ඔයා කතා කළේ නෑ. ඔයාට කේන්ති ගිහින් කියලා මට තේරුණා.
    ඊට දවස් දෙකකට පස්සෙ ක්ලාස් එකට ඔයා ලස්සණ ඇඳුමක් ඇඳගෙන ආවා. මම ඔයාගේ පින්තූරයක් ගන්න හැදුවා.
    "එපා..... එපා....."
    "ඇයි....."
    "ඕකෙ..... මගෙ පින්තූර නැහැ නේ....." ඔයා කිව්වා.
    ඔයාගේ හඬේ පසුතැවීමක් වගේ දෙයක් තිබුණා. මම දුක් වුණා. ඔයාගේ පින්තූර තියා ගන්නේ නැත්තේ තාත්තා ෆෝන් එක චෙක් කරන නිසා කියලා ඔයා දන්නවා. ඒත් ඔයාගේ පින්තූර හැම එකක්ම මගේ ගාව. මගේ කම්පියුටර් එකේ හංගලා තියනවා. ඔයා නොදන්නවා උනාට අපේ ක්ලාස් එකේ පාටි වලදී ගත්ත ඔයා යන්තම් පේන්න ඉන්න පින්තූර පවා මං ගාව තියනවා. ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් එක නැති වෙලා හින්දා මට ෆෝන් එකේ හැම පින්තූරයක්ම දාන්න බැරි උනා. ඒත් මම බ්ලූටුත් ගැජට් එකක් හොයාගෙන ඔයාගේ පින්තූර හැම එකක්ම මගේ
    කම්පියුටර් එකට දානවා කියලා ඔයා දැනගෙන හිටියෙ නෑ. මම ඔයාට බොරු කළේ නෑ නෙත්මි. මම පුළුවන් හැටියට ඔයාව ආරක්ෂා කළා. ඒත් ඔයා හැමදාම හිතුවේ මම බොරුකාරයෙක් කියලා. ඔයා එහෙම හිතුවේ ඇයි නෙත්මි.

    මතු සම්බන්ධයි.
    :love::love::love::love::love:
     
    Last edited:

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    අයියෝ!!!ඒකිට උඹව එකපාරක් එපා නම් උඹට ඒකිව දහස් පාරක් එපා කියලල හිත හදාගනින්.
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අප්පට සිරි මචන් මට මෙ කතව කියවද්දි දුක හිතෙනවා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපෝ දුකේ බෑ
    මේ වගේ ඒවා දාන්න එපා බං
    නිකන් හිත පෑරෙනවා


    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවයක් නෑ
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    අපෝ දුකේ බෑ
    මේ වගේ ඒවා දාන්න එපා බං
    නිකන් හිත පෑරෙනවා


    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවයක් නෑ

    එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
    මෙදා වියොවක් නෑ
     
    • Like
    Reactions: i-maxz

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    Hmm.. anthimata balanakota okkoma kollange story eka wage..

    keep posting bro... "Nethmi" namath hari,ubei magei nama vitharai wenas..

    hapoi :(