ආදායම මිලියන 397 - වියදම මිලියන 21,194

monson

Well-known member
  • May 7, 2007
    25,606
    28,566
    113
    ආදායම මිලියන 397 - වියදම මිලියන 21,194

    මත්තල ගුවන්තොටුපල සදහා වැය වූ මුදල ඇ.ඩො. මිලියන 252 කි. එයින් ඇ.ඩො. මිලියන 190 ක් ලැබුණේ චීනයේ එක්සිම් බැංකුවෙනි. ලංකා රජය සතු ගුවත් තොටුපල හා ගුවන් සේවා සමාගම ඩොලර් මිලියන 19 ක් ආයෝජනය කළ අතර අතිරේක වැඩ සදහා ගුවන් තොට ඉදිකළ චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගමට ගෙවීමට සිදුවූ මුදල ඩොලර් මිලියන 38.7 කි. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම තවත් ඩොලර් මිලියන 4 ක් අතිරේක භාණ්ඩ සදහා වැය කළේය. ඒ අනුව, සමස්ථ ආයෝජනය ඩොලර් මිලියන 252 ක වැය කොට ඇත්තේ චීන එක්සිම් බැංකුව හා ලංකා පුරවැසියන්ගේ මුදල් වලිනි.

    චීන බැංකුවෙන් ලැබුණු ණය මුදලට 2% ක වාර්ෂික පොලියක් ගෙවිය යුතු අතර, එය වසරේ මාර්තු සහ සැප්තැම්බර් මස හීනවන ශේෂය මත ගණන් බැලිය යුතුය. 2010 මාර්තු 10 ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව මේ දක්වා ආපසු ගෙවා ඇති ණය මුදල ඩොලර් මිලියන 38 කි. ඒ අනුව තවත් ඩොලර් මිලියන 152 ක් 2018 . 03 .31 දිනට ශ්‍රී ලංකා රජය චීනයට ගෙවිය යුතුයි.

    මත්තල ගුවන්තොටුපල මෙහෙයුම් කටයුතු ආරම්භ වන්නේ 2013 මාර්තු 18 වන දිනයි. 2013 දී මත්තල ලැබූ ආදායම රු. මිලියන 48 කි. එම වසරේ වියදම රු. මිලියන 2,828 කි. 2014 දී රු. මිලියන 3,235 ක් වැය වන විට ලැබූ ආදායම රු. මිලියන 136 කි. 2015 දී මත්තල රු. මිලියන 5,947 ක් වැය කර මිලියන 72 ක ලාභයක් ලැබීය. 2016 දී මි. 49 ක් ද, 2017 දී මිලියන 78 ක් ද, 2018 මැයි දක්වා මිලියන 14 ක ආදායමක් ද ලබන මත්තල ගුවන් තොටුපල පිළිවෙළින් එම වර්ෂවල මිලියන 3,898, 3,390 හා 1,896 ක් ලෙස පාඩු ලබන්නේය.

    මත්තල ට ලබාගත් ණය මුදලට ගෙවීමට ඇති මුදල ඩොලර් මිලියන 152 ක් හෙවත් රු. මිලියන 24,320කි. ඉද හිට හදිසි අවස්ථාවක දී පැමිණෙන ගුවන් යානයක් හැර වෙනත් ආදායමක් නැති නිසා රු. මිලියන 4,000 කට ආසන්න පාඩුවක් එයට දැරීමට ලංකා රජයට සිදුවේ.

    2017 දී ජාත්‍යන්තර ගුවන් යානා මගින් ලංකාවට පැමිණි මගීන් ගණන 3773 කි. පිටත්ව ගිය මගීන් ගණන 12,947 කි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය මත්තල ගුවන් ගමන් අවසන් කිරීමත් සමගම විදේශගතවීම සදහා මත්තල යොදා ගන්නා පිරිස සීමා විය. 2016 වසර පුරාම මත්තලට පැමිණි මගීන් ගණන 2,176 කි. මත්තලින් පිටත්ව ගිය මගීන් සංඛ්‍යාව 2,629 කි.

    2013 මාර්තු මස මත්තල ආරම්භවිමෙන් පසු එම වසරේ 36137 දෙනෙකු පැමිණිම සහ පිටවීම සඳහා ගුවන් තොටුපල භාවිත කර ඇති අතර එයට අමතරව පුද්ගලයින්10 938 ක් ට්‍රාන්සිට් මඟින් මත්තල භාවිත කොට ඇත. 2014 වසරේදී පැමිණිම පිටවීම සඳහා ගුවන්තොටුපොළ කර පිරිස 40386 කි වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව 2015 සහ 2016 වසරේදී පැමිණීම සහ පිටවීම සදහා මත්තල භාවිත කොට ඇත්තේ 6291 සහ 6207 ක් පමණි. 2017 වසරේදී පැමිණි පිටවුනු මඟි සංඛ්‍යාව22972කි. අයහපත් කාළගුණ තත්වයක් පැවති අවස්ථාවලදී කටුනායක වෙත පැමිණි ගුවන් යානා මත්තල වෙත හරවා යැවීම හේතුවෙන් 2017 වසරේ වාර්තාගත ට්‍රාන්සිට් මඟින් සංඛ්‍යාවක් එනම් 40949ක් මත්තල භාවිත කළේය. 2018 ජුනි 30 දක්වා මඟීන් 2363ක් මත්තල භාවිත කොට ඇත. මේ වසරේ ට්‍රාන්සිට් මගීන් සංඛ්‍යාව10906කි ඒ අනුව 2013 මාර්තු මස මත්තල ගුවන් තොටුපල ආරම්භ වීමෙන් පසුව පසුගිය ජුනි 30 දින දක්වා පැමීනිම- පිටවීම සඳහා මඟීන් 114356ක් මත්තල තොටුපොල භාවිත කර ඇති අතර පුද්ගලයින් 70188 කට ට්‍රාන්සිට් පහසුකම් ද සැලසී ඇත.


    - https://www.facebook.com/Keerthi.tennakoon/posts/10214770791756922
     
    Last edited:
    • Like
    Reactions: akilar25
    Jul 17, 2018
    610
    31
    0
    ෆේල් කන්ට්‍රි, ෆේල් පීපල්, ෆේල් රිලිජන්, ෆේල් හිස්ටරි.. නතින් ලයික් ශ්‍රී ලංකා..



    පකින් ඉදියට්ස් පැරඩයිස් ඉන් ඉන්දියන් ඕෂන්..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    FsOvuAR.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මත්තල ගුවන්තොටුපල සදහා වැය වූ මුදල ඇ.ඩො. මිලියන 252 කි. එයින් ඇ.ඩො. මිලියන 190 ක් ලැබුණේ චීනයේ එක්සිම් බැංකුවෙනි. ලංකා රජය සතු ගුවත් තොටුපල හා ගුවන් සේවා සමාගම ඩොලර් මිලියන 19 ක් ආයෝජනය කළ අතර අතිරේක වැඩ සදහා ගුවන් තොට ඉදිකළ චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගමට ගෙවීමට සිදුවූ මුදල ඩොලර් මිලියන 38.7 කි. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම තවත් ඩොලර් මිලියන 4 ක් අතිරේක භාණ්ඩ සදහා වැය කළේය. ඒ අනුව, සමස්ථ ආයෝජනය ඩොලර් මිලියන 252 ක වැය කොට ඇත්තේ චීන එක්සිම් බැංකුව හා ලංකා පුරවැසියන්ගේ මුදල් වලිනි.





    monson පොන්ස් උබලගේ රස්සාවල් අනතුරේ මේ යන විදියට ....