ආදිවාසී චැලේන්ඡ්
ආදිවාසී ක්රිකට් පිල ඇමැතිලාට 'චැලේන්ඡ්' කරති
පිට පළාතකට එන්න රු. 50,000 ක් ගන්නවාලු
නෝමන් පලිහවඩන
දඹාන - ආදිවාසින්ගේ ක්රිකට් කණ්ඩායම වත්මන් රජයේ ඇමැති මණ්ඩලය සමඟ ක්රිකට් තරගයක් පැවැත්වීමට බලවත් කැමැත්තක් දක්වන බව ආදිවාසී ජනඋරුම කේන්ද්රයේ පාලක එම ක්රිකට් කණ්ඩායමේ නායක ඌරුවරිගෙලාගේ හින්බන්ඩලා ඇත්තෝ ජංගම දුරකථනයෙන් දිවයිනට ඊයේ (08 දා) ප්රකාශ කළේය.
තරගය දඹාන විදුහල් ක්රීඩාංගණයේදී පැවැත්විය යුතු බවද කී හීන්බන්ඩලා ඇත්තෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ එදා එම ඇමැති මණ්ඩලය සමඟද තම කණ්ඩායම තරග කළ බව කීය.
ආදිවාසීන්ගේ ක්රිකට් කණ්ඩායම දියුණු කිරීම සඳහා වත්මන් රජයේ ක්රීඩා ඇමැතිවරයාගේ සහයෝගය බලාපොරොත්තුවන බවද තම ක්රිකට් කණ්ඩායමට හොඳ ක්රීඩා පිටියක්, මෙන්ම පහසුකම් ලබාදීමට මෙන්ම රජය ක්රියාකළ යුතු බවද ඔහු කිවේය.
පිට පළාතක ක්රිකට් තරගයකට සහභාගිවීම සඳහා තම කණ්ඩායම රුපියල් පනස් දාහක මුදලක් අය කරන බවද ගමන් පහසුකම් සහ කෑමබීමද නවාතැන්ද තම කණ්ඩායමට ලබා දිය යුතු බවද කීවේය. මෙම ක්රිකට් කණ්ඩායමේ විස්තර නිවේදකයා ඌරුවරිගෙලාගේ විමලේ ඇත්තෝය.

ketha seen eka ! 50k 