කොවිඩ් වසංගතය ලංකාවේ පැතිරයාම, නගර හුදෙකලා කිරීම ආදී කාරණා පිළිබඳ සාකච්ඡාව යටපත් කරමින් මේ දිනවල දැඩි කතාබහට ලක්වෙමින් තිබෙන්නේ විදේශගත ශ්‍රී ලංකිකයින් ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය තුළ පවතින මාෆියාවක් පිළිබඳවය. විදේශගත ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ සාකච්ඡාව පළමු කොරෝනා රැල්ලේ සිටම පැවතිණ. එහෙත් එය නිසි පරිදි සිදු නොවීම නිසා තවමත් හැට අටදාහකට අධික පිරිසක් ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පොරොත්තු ලේඛනවල සිටිති. එසේ පොරොත්තු ලේඛනවලට ඇතුළත් නොවූ තවත් සැලකිය යුතු පිරිසක්ද විවිධ රටවල වෙසෙති.
විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේදී පොරොත්තු ලේඛනයේ ඉදිරියට නම යොදා ගැනීම පවා ජාවාරමක් බවට පත්ව ඇති බවට ප්‍රශ්නයට මුහුණ දුන් ලාංකිකයන්ගෙන් චෝදනා එල්ල විය. එසේම ඔවුන්නේ සාමාන්‍ය ගුවන් ටිකට් පත මෙන් දෙගුණයක් අය කරන බවටද, සංවිධායකයන් දැනුම් දෙන හෝටල්වල නිරෝධායනය වීමට එකඟවන්නේ නම් පමණක් ලංකාවට පැමිණීමට ඉඩ ලැබෙන බවට මෙන්ම පීසීආර් පරීක්ෂණ දෙකක් සඳහා යැයි තවත් වෙනම ගාස්තුවක් අය කරන බවද කියති. ඒ අයකිරීම අනුව ඩුබායි හෝ මැදපෙරදිග රටක සිට ලංකාවට පැමිණීමට එක් අයෙකුට ලක්ෂ හතරක පමණ වියදමක් දැරීමට සිදුවේ. මේ සියලු සේවා පවතින්නේ පැකේජ ලෙස බවද ඒවාට අමතරව ගුවන්තොටුපොළේ සිට නිරෝධායන මධ්‍යස්ථානය දක්වා රැගෙන යන වාහනයේ ගාස්තුව ගෙවීමට සිදුවන බවටද චෝදනා එල්ල විය.
මේ විවේචනය විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙන්ම විපක්ෂයෙන්ද සාක්ෂි සහිතව ඉදිරිපත් වෙද්දි ආණ්ඩුවේම ඇතැම් මැති ඇමතිවරු මෙම ක්‍රියාවලිය තුළ මාෆියාවක් ක්‍රියාත්මක වන බව පිළිගනිමින් ඒ ගැන වහා පරීක්ෂණයක් සිදුකළ යුතු බවට හඬ නගන්නට වූහ. ඒ අනුව ඇතැම් ව්‍යාපාරිකයන් මේ ක්‍රියාවලියෙන් ඉවත් කර ඇති බවටද ආණ්ඩුව පාර්ශ්වයෙන් කියැවිණ. එහෙත් විදේශගත ලාංකිකයන් පවසන පරිදි එසේ ඉවත්කළ බව කියන ව්‍යාපාරිකයෝ තවමත් තම කාර්යය කරගෙන යති.
මෙරට පුරවැසියන් විවිධ හේතු නිසා විදෙස්ගත වේ. ඇතැමෙක් උසස් අධ්‍යාපනය ලැබීම, උපාධි, ආචාර්ය උපාධි, සපුරාගැනීම, ප්‍රතිකාර සඳහා, රැකියාවට, ව්‍යාපාරික කටයුතු සඳහා ආදී ලෙස විවිධ හේතු මත විදෙස් ගත වෙති. මේ කුමන හේතුවකට විදෙස් ගත වුණද ඔවුන්ගේ කාර්යය අවසන් වූ නියමිත කාලය පසුවී තිබේ නම්, ඒ රටේ ජීවත් වීමට ලබාදී තිබූ නෛතික බලපත්‍රය නැතහොත් වීසා අවලංගු වේ.
වීසා අවලංගු වූ අයෙකුට එරට රැඳීසිටිය හැක්කේ තවත් දින තිස් එකක් පමණි. එම දින තිස්එක ඇතුළත ඔහු හෝ ඇය රටින් පිටවිය යුතුය. (මේ කාලය රටකින් රටකට වෙනස් විය හැකිය. මා සඳහන් කළේ මැද පෙරදිග රටවල තත්ත්වය වේ) එසේ පිට නොවුණහොත් ඔවුන් දිනකට ලංකාවේ මුදලින් රුපියල් එක්දහස් පන්සීයක් පමණ වන දඩයක් ගෙවිය යුතුය. රටින් පිටවීමට පෙර එම දඩය ගෙවීමට නොහැකි වුවහොත් ඔහු හෝ ඇය අසාදු ලේඛන ගත වේ. එසේම වීසා අවලංගු වුවහොත් ඔවුන්ට බැංකු ගනුදෙනු කළ නොහැකිය. එසේම රටේ නීත්‍යානුකූල කටයුතු කිසිවක් කළ නොහැකි වනු ඇත. අවම වශයෙන් පීසීආර් පරීක්ෂණයකට මුහුණ දීමටවත් ඔවුන්ට නොහැකිය.
ඒ නිසා බොහෝ ආයතන තමන් යටතේ සේවය කළ අය සේවයෙන් ඉවත් කරනු ලැබුවද වීසා අවලංගු නොකරති. එහෙත් තානාපති කාර්යාල පොරොත්තු ලේඛන සකස් කරද්දී වීසා අවලංගු නොවීම එම ලේඛනයේ පසුපසට යාමට හේතුවක් බවට පත්ව ඇති බවද ඩුබායිවල සිරවී සිටින ලාංකිකයෝ පවසති.
තානාපති කාර්යාලවලින් නිශ්චිතවම තමන්ට එරටින් පිටවීමට ලැබෙන දිනය නොදැන්වීම නිසාද බොහෝ දෙනා බරපතළ අපහසුතාවලට ලක්වේ. ඇතැමෙක් ලංකාවෙන් ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවලට සංචාරක වීසා ලබාගෙන ගොස් රැකියා සොයාගනිති. එසේ එරට වෙසෙන අය කොහේ හෝ කාමරයක් කුලියට ගෙන විවිධ ස්ථානවල සේවය කරති. ඇතැම් කාන්තාවෝ ගෙවල් දෙක තුනක සේවය කරති. එසේ සේවය කරන අය විටින් විට වීසා කාලය දිගු කර ගනිති. ඒ තමන් සේවය කරන තැන හිමිකරුගේ සහායද ඇතිවය. එහෙත් කොවිඩ් වසංගතය නිසා මුලින්ම රැකියා අහිමි වන්නේ ඔවුන්ටය. එවිට ඔවුන්ට වීසා අහිමි වේ. තවදුරටත් ඔවුන්ට කාමර කුලියට ගෙන වාසය කළ නොහැකිය. එවිට ඔවුහු ඉන්න හිටින්න තැනක් නැතිව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙති. රැකියාවක් නැතිව ඉන්න හිටින්න තැනක් නැතිව, මාස ගණනාවක් තමන්ට වෙන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව ජීවත් වීමට සිදුවුවහොත් එය කෙතරම් ඛේදනීයද?
බොහෝ තානාපති කාර්යාල නැතහොත් මහකොමසාරිස් කාර්යාලවල නිලධාරින් කටයුතු කරන්නේ වගකීම් විරහිතව බවට ඒ රටවල සිරවී සිටින ලාංකිකයෝ චෝදනා කරති. රැකියා අහිමි වූ වීසා අහිමි වූ හෝ ගර්භනී කාත්නාවන් හෝ ප්‍රතිකාර සඳහා ලංකාවට එන්න උත්සාහ කරන අය සම්බන්ධයෙන් ප්‍රමුඛතාව හිමිවිය යුතු වුවද එවැනි ප්‍රමුඛතාවයක් සකස් වී නැති බවටද චෝදනා එල්ල වේ. ඇතැම් අවස්ථාවල ලංකාවට පැමිණීමට තානාපති කාර්යාලයේ ලියාපදිංචිව සිටින අංක 250 ලැබූ පුද්ගලයා එරට සිටියදී පොරොත්තු ලේඛණයේ දෙදාස් පන්සීය යටතේ ලියාපදිංචිව සිටින තැනැත්තා ලංකාවට ගොස් තිබෙන බවද එසේ ගොස් තිබෙන්නේ තානාපති කාර්යාලවල හෝ මහකොමසාරිස් කාර්යාලවල සේවය කරන ඇතැම් නිලධාරීන්ගේ අත යට ගනුදෙනු අනුව බවටද චෝදනා නැගේ.
ලංකාවට විදෙස්ගත ලාංකිකයන්ව ගෙන්වා ගැනීමේදී ගුවන් යානා පහසුකම් ලැබෙන ක්‍රම දෙකක් තිබේ. එකක් චාටර් යානාය. එනම් වාණිජ ගුවන් සේවා මගින් සැපයෙන ගමන් පහසුකම්ය. අනෙක රජයේ වගකීමෙන් ලබාදෙන ගුවන් සේවා පහසුකමය. ලංකා රජය ලබාදෙන්නේ ශ්‍රී ලංකන් ආයතනයේ ගුවන් සේවා පහසුකමය. එම ගුවන් සේවය යම් රටක සිරවී සිටින ලාංකිකයන් මෙරටට රැගෙන ඒමට ගුවන්සේවා පහසුකම් ලබාදෙන්නේ මසකට දෙවරකි. එසේ කරන්නේ ඇයිද යන්නට තානාපති කාර්යාල මගින් ලැබී තිබෙන පිළිතුර වී තිබෙන්නේ මේ රටවල ඉන්න එක කණ්ඩායමක් ලංකාවට ගෙන ගිය පසු ඔවුන් නිරෝධායනය වීමට ගත වෙන කාලය සති දෙකක් බැවින් එම කාලය අවසන් වූ පසුව අනෙක් කණ්ඩායම රැගෙන යන බැවින් එසේ කරන්නට සිදුව ඇති බවය. වාණිජ ගුවන් සේවා ක්‍රියාත්මක වුවද ඒ සේවය භාවිතා කිරීම සඳහා ලංකා රජයේ අවසරය ලද්දෙක් විය යුතුය. එසේම එවැනි වාණිජ ගුවන් සේවාවක් මගින් ලංකාවට පැමිණෙන්නේ නම් රජයෙන් දැනුම් දෙනු ලබන තැනක නිරෝධායනට හා පීසීආර් පරීක්ෂණ ආදිය සඳහා වූ පැකේජයට එකඟ විය යුතු බවද විදෙස්ගත ලාංකිකයෝ පවසති.
ඩුබායිවල සිට ලංකාවට පැමිණීමට කොවිඩ් වසංගතයට පෙර ගුවන්ගමන් ටිකට් පතක ගාස්තුව රුපියල් පනස් දහසක් පමණ විය. දැනටත් වාණිජ ගුවන්සේවාවල ගාස්තුව ඊට සමානය. එහෙත් ලාංකිකයන් ගෙන්වීමට භාවිතා කරනු ලබන්නේ ශ්‍රී ලංකන් සමාගමේ ගුවන්යානාය. ඩුබායිවල සිට ලංකාවට පැමිණීමට ඔවුන් එක් අයෙකුගෙන් රුපියල් 180,000ක මුදලක් ටිකට් පත් සඳහා අයකරති. ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා අයර්ලන්තයට ගිය එක්තරා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් සිය මුහුණු පොතේ දක්වා ඇති පරිදි ඔහුට එරට සිට ලංකාවට පැමිණීමට ගුවන් ටිකට් පතට රුපියල් 295,000ක් පමණ එනම් ආසන්න වශයෙන් ලක්ෂ තුනක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබේ. මෙසේ සෑම රටකදීම ශ්‍රී ලංකන් සමාගම ටිකට් පතකට සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් අය කරනු ලැබේ. එයට හේතු ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ මෙරට සිට ඒ රටට මගීන් රහිත යානයක් ගෙන යාමට සිදුවීම නිසා සිදුවන පාඩුව පියවා ගැනීමට එසේ සිදුකරන බවය.
තානාපති කාර්යාල මගින් පැකේජ් ක්‍රමයට ගාස්තු අය කර ලංකාවට යාමට සූදානම් කරන්නෙකුගෙන් නිරෝධායනය සඳහා හෝටල් ගාස්තු ලෙස තනියෙන් තනි කාමරයක සිටින්නේ නම් එක් අයෙකුට රුපියල් 12,500ක්ද දෙන්නෙකු තනිකාමරයක වෙසෙන්නේ නම් එක් අයෙකුගෙන් රුපියල් 7500 බැගින්වන පරිදි පහළොස් දහසක්ද අයකරනු ලැබේ. රුපියල් 12,500 බැගින් සති දෙකකට එක් අයෙක් රුපියල් 175,000ක් ගෙවිය යුතුය. එසේම මේ පැකේජයට පීසීආර් පරීක්ෂණ ගාස්තුද ඇතුළත්ය. එය එක් පරීක්ෂණයක් සඳහා අටදහස දස දහස ආදී ලෙස සංවිධානය කරනු ලබන්නා අනුව වෙනස්කම්වලට ලක්ව අය කරනු ලැබේ. ඒ අනුව එයටද එක් අයෙක් රුපියල් විසිදහසකට ආසන්න මුදලක් වැය කළ යුතුය. ඊට අමතරව ගුවන්තොටුපොළේ සිට නිරෝධායන මධ්‍යස්ථානය දක්වා ගෙන යාමට කුලී රථ ගාස්තුද ගෙවිය යුතුය. ඇතැම් විට මත්තල ගුවන්තොටුපොළෙන් ලංකාවට ගොඩබසින පුද්ගලයාට නිරෝධායනය වීම සඳහා ත්‍රිකුණාමලයේ හෝටලයකට යාමට සිදුවේ. ඒ සඳහාද අධික වාහන කුලියක් ගෙවීමට සිදුවේ.
මෙසේ සලකන විට ඩුබායි හෝ මැද පෙරදිගරටක සිට ලංකාවට පැමිණෙන්නෙකුට ලක්ෂ හතරකට ආසන්න මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවේ. මා පෙර කී කථිකාචාර්යවරයාට අයර්ලන්තයේ සිට ලංකාවට පැමිණීමට ලක්ෂ පහකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව ඇත.
ලංකාවේ හෝටල් සංස්ථාවේ ලියාපදිංචි මධ්‍යම හා ඉහළ පෙළේ හෝටල් 240ක් පවතින අතර එයින් හෝටල් 32ක් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීමට රජයේ අවසරය ලැබී තිබේ. එසේ අවසරය ලද හෝටල් අතර වස්කඩුවේ ඉහළ පෙළේ හෝටලයක්ද, ත්‍රිකුණාමලයේ හෝටලයක්ද, උණවටුන, පාසිකුඩා, අනුරාධපුරය, කටුනායක, හංවැල්ල ආදී ප්‍රදේශවල පවතින මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කීපදෙනෙකුට අයත් හෝටල් ගණනාවක්ද පවතී.