උබට බුද්ධාගම ගැන තියෙන්නේ භෞතිකවාදී මතයක්.. ඒ මතය ආවේ උබේ අධ්‍යාපනය නිසා වෙන්න ඇති කියල හිතනවා...ඉතින් බන් අපෙත් මිනිස්සු මොකක්හරි කරදරයක් උනාම කියනනෙ ඔය සෙනසුරු අපලෙ එකයි මේ කරදර කියල, අපලෙ කියන්නේ මොකද්ද අපලෙ හැඩේ පාට මොකද්ද කියල මවාගන්න බෑනේ අපිටඒක නිකන් සංකල්පයක් විතරයි හැබැයි එකේ දිග පළල පාට හැදෙ මොකද්ද නොදැන මිනිස්සු ඒක විස්වාස කරනවනෙ. බෞද්ධාගමේ කියන කර්මය කියන සංකල්පය උඹට මවාගන්න පුලුවන්ද ? පිනක් කරාම පින එන්නේ කොහොමද මොකද්ද මේ පින, ප්‍රමාණයක් තියෙනවද පිනට, දිගක් පළලක්, පාටක් තියෙනවද කොහොමද කියල අපිට රූප මවාගන්න පුළුවන්ද මෙහෙමයි කියල ? හැබැයි අපි එක පිළිඅරන් ඒ අනුව ජීවත්වෙනවනේ ලස්සනට, හරියට විද්‍යාවෙන් නොපෙනෙන ගුරුත්වාකර්ශනේ පිළිඅරන් ගණන් හදනව වගේ. බුදුහාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂයෙන් හොයාගන්න ඇති, හැබැයි බෞද්ධයෝ කොහොමද ඒක ඉගෙනගෙන ඒක විස්වාසකරල අදහන්නෙ අපි එහෙම සංකල්ප මවාගන්න බැරි, සංයුක්ත විදිහට හිතන මිනිස්සු ජාතියක් නං ?
![]()
මං හිතනවා එක්කෝ උබ තව ගොඩාක් දේවල් කියවල ඉගෙන ගන්න ඕනේ බුද්ධාගම ගැන. එහෙම නැත්නම් අර මේකේ ඉන්න බෞතිකවාදී බෞද්ධයෙක් වගේ ඉන්න ඕනේ..
අහපු එකටත් උත්තරයක් දෙන්නම්.. ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ අහවල් ඉන්ද්රියට ප්‍රත්‍යක්ෂ උන දෙයක් නෙමෙයි. ඒකයි ඒකට වියුක්ත ප්‍රවාදයක් කියල හදුන්වන්නේ.
නමුත් නිවන කියන දේ බුදුන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත්තු දෙයක්.. ඒ ප්‍රත්‍යක්ෂ දේ අනුගමනය කරන්න අපි ඒ දේ අත්දකින්න ඕනේ නෑ.
උබ ඉන්නේ ලොකුම ලොකු මුලාවක, මේ දේවල් සම්බන්දයෙන්.. කොටින්ම කිව්වොත් උබ ලග සම්‍යක් දෘෂ්ටියක් නෑ.. උබ හිතන්නේ නිවන අත්දැකලා නැති අපි, ඒ ගැන විශ්වාස නොකළ යුතුය කියන මතයේ.. ඒ ගැන විශ්වාස කරනවා නම් අපි ගුරුත්වාකර්ශනයද විශ්වාස කල යුතුය කියන මතයේ.. ඒ දෙකේ අහසට පොලව වගේ වෙනස තේරුම් ගන්න මං උඩ ලියපු දේ හොදටම ප්‍රමාණවත්.. ඒ නිසා තවත් අනිත් අයගේ ඔලුව අවුල් කරලා, අනවශ්‍ය පැත්තකට මේ නූල ඇදගෙන නොයයි කියල මං හිතනවා.
ඒක නිකන් සංකල්පයක් විතරයි හැබැයි එකේ දිග පළල පාට හැදෙ මොකද්ද නොදැන මිනිස්සු ඒක විස්වාස කරනවනෙ. බෞද්ධාගමේ කියන කර්මය කියන සංකල්පය උඹට මවාගන්න පුලුවන්ද ? පිනක් කරාම පින එන්නේ කොහොමද මොකද්ද මේ පින, ප්‍රමාණයක් තියෙනවද පිනට, දිගක් පළලක්, පාටක් තියෙනවද කොහොමද කියල අපිට රූප මවාගන්න පුළුවන්ද මෙහෙමයි කියල ? හැබැයි අපි එක පිළිඅරන් ඒ අනුව ජීවත්වෙනවනේ ලස්සනට, හරියට විද්‍යාවෙන් නොපෙනෙන ගුරුත්වාකර්ශනේ පිළිඅරන් ගණන් හදනව වගේ. බුදුහාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂයෙන් හොයාගන්න ඇති, හැබැයි බෞද්ධයෝ කොහොමද ඒක ඉගෙනගෙන ඒක විස්වාසකරල අදහන්නෙ අපි එහෙම සංකල්ප මවාගන්න බැරි, සංයුක්ත විදිහට හිතන මිනිස්සු ජාතියක් නං ?




උඹ හොඳට පැහැදිලි කරනව.
මොකද විද්‍යාත්මක වෙලා තියෙන්නෙ මෙච්චර කල් මහා පරිමාණයෙන් විකිණිච්ච ඒවා විතරයි. 