ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීම..
මම මේ දක්‌වා හෙළිදරව් නොකරපු කාරණයකුත් මේ අවස්‌ථාවේදී හෙළිදරව් කරන්නම්. පසුගිය ජනාධිපතිවරණයට පෙර දෙවියන්, භූතයන් වැනි කොට්‌ඨාස සමඟ සන්නිවේදනය කරන කණ්‌ඩායම් තුනක් ඇවිත් මාව මුණ ගැසුණා. එම කණ්‌ඩායම් තුනම මාත් සමඟ ප්‍රකාශ කළා මහින්ද රාජපක්‌ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වන බව. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කළා එම පරාජය වැළැක්‌වීමට නම් සිංහල ජනතාව බණ භාවනාවලට යොමුවිය යුතු බව. එම අවස්‌ථාවේදී මහින්ද රාජපක්‌ෂ මහතා පරාජයෙන් ගලවා ගැනීමට සිංහල ජනතාව බණ භාවනාවලට යොමුවිය යුතු බව ප්‍රකාශ කළා නම් විශාල අවුලක් වනවා.
ඒ වගේම එය දවසින් කළ හැකි දෙයක් නෙවෙයි. අනෙක් අතට ඒ බව ප්‍රකාශ කළා නම් ජනතාව අධෛර්යයට පත්වී ඡන්දය දිනයේ දී වෙනත් කටයුතුවලට යොමුවීමට පවා ඉඩ තිබුණා. එම නිසා ඒ බව මගේ සමීපතමයන් කීපදෙනකුට හැර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නෑ. ඒ අනුව අපි මහින්ද රාජපක්‌ෂ මහතා පරාජයට පත්වන බව දැනගෙන සිටිය බව සඳහන් කළ යුතුයි. අපි ඒ බවදැන ගත්තේ ආසනික් පිළිබඳව දැන ගත්ත ආකාරයටම දෙවියන්ගෙන්.වෙනත් පාර්ශ්වයන් දෙවියන්ගෙන් සන්නිවේදනය කරගත් දැනුම තමයි මම ඔවුන්ගෙන් ලබා ගන්නේ.
දැනුම පිළිබඳ කතන්දරය කියන්න 'මගේ ලෝකය' ලිව්වා
- ආචාර්ය නලින් ද සිල්වා
"මගේ ලෝකය" කෘතිය ප්‍රකාශයට පත් වී වසර 30 ක් සම්පූර්ණ වී ඇත. ලෝකය තනි යායක්‌ය යන මතවාදයට අභියෝග කරමින් දර්ශනය, දේශපාලනය, සාහිත්‍ය වැනි ක්‍ෂේත්‍ර දෙස අපේ ඇසින් බැලීමට ජනතාව යොමු කළ එම කෘතිය පිළිබඳව කෘතියේ කර්තෘවරයා වන ආචාර්ය නලින්ද සිල්වා මහතා දැක්‌වූ අදහස් පහත පරිදි වේ.
ප්‍රශ්නය- මගේ ලෝකය කෘතිය ප්‍රකාශයට පත් කරල තිබෙන්නේ මීට වසර 30 කට පෙර. එම කෘතිය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ වූයේ කුමක්‌ද?
පිළිතුර- මගේ ලෝකය කෘතිය රචනා කළේ මේ රටෙත්, ලෝකයෙත් තිබෙන දැනුම අධිපත්‍යය පිළිබඳ කතාව පටන් ගන්න. අපි සිතන්නේ නැති වුණාට මේ රටෙත් ලෝකයෙත් තිබෙන්නේ බටහිර ක්‍රිස්‌තියානි දැනුමක්. මෙය ක්‍රිස්‌තියානි ආධිපත්‍යයත් සමඟ 15 වැනි සියවසේ සිට ආරම්භ වූ දෙයක්. 15 වැනි සියවසේදී නිව්ටන් සිටියේ නෑ. ඔහුගේ කියුම් කෙරුම් එළියට ආවේ 17 වැනි සියවසේදී.
නමුත් ඊට පෙර 15 වැනි සියවසේදී ලෝකයේ චිත්තන පෙරළියක් සිද්ධ වූවා. ඒ පිළිබඳව කවුරුවත් කතා කරන්නේ නෑ. නමුත් නූතනත්වයක් ගැන කතා කරනවා. මට නම් තේරෙන විදියට ඒක වැරදි සංකල්පයක්.සෑමදාම නූතනත්වය තිබෙනවා. 12 වැනි සියවසට ගියොත් එදා තමයි ඒ කාලයේ නූතනත්වය.
15 වැනි සියවසේ චින්තන විප්ලවය සිදුවන තුරු යුරෝපයේ පැවතියේ කතෝලික චින්තනයක්. විශේෂයෙන්ම බටහිර යුරෝපයේ ඇතිවූ මෙම චින්තනයට අපි කියනවා ගී්‍රක, යුදෙව්, ක්‍රිස්‌තියානි චින්තනය කියල. මෙය ආරම්භ වූයේ චිත්‍ර ශිල්පයෙන්. ඊට පසුව ප්‍රතිමා නිර්මාණය එම අවධියෙන් පසුව මෙය පාප් වහන්සේට එරෙහි ප්‍රාථමික අරගලයක් බවටත් පත් වූවා. එම චින්තනයේ කොටසක් විධියට මාටින් ලූතර් බිහිවන්නේ එම කාලයේදී. ජර්මනියේ බිහිවූ මාර්ටින් ලූතර් ඉතාලියට ගිය පසුව ප්‍රශ්න ඇති වූවා. පාප් වහන්සේගේ බල ප්‍රදේශය තමයි ඉතාලිය. ඊට පසුව තමයි ඉතාලියේ ගැලිලියෝ බිහි වන්නේ. මෙම කරුණු එක්‌තරා විදියක චින්තන විප්ලවයකට හේතු වනවා.
මෙම චින්තන විප්ලවයේ ප්‍රධාන ලක්‍ෂණ තමයි, සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්‌මතු වීම, කෑලිවලට කැඩීම හෙවත් විශ්ලේෂණය, වියුක්‌තව සිතීම, අධ්‍යාත්මික ක්‍රමවලින් දැනුම ලබා ගැනීම වෙනුවට විශ්ලේෂණාත්මක ක්‍රමවලින් දැනුම ලබා ගැනීමට යොමුවීම වැනි කාරණා. මෙම හේතු නිසා පසුකාලීනව එංගලන්තය පාප් වහන්සේගෙන් වෙන්වීම නිසා ඇංග්ලිකානු ක්‍රිස්‌තියානි ආගම බිහිවනවා. එම ආගමේ නායකයා බවට අටවැනි හෙන්ඩි්‍ර්‍ර රජු පත් වනවා. ඊට පසුව ප්‍රංශ විප්ලවය, ඇමරිකානු විප්ලවය සිද්ධ වී තිබෙනවා. ඊට අනතුරුව මානව හිමිකම් බුද්ධිවාදය වැනි සංකල්ප ඇති වී තිබෙනවා.
අද වන විට ලෝකය පුරාම ඇංග්ලිකන් ක්‍රිස්‌තියානි ආදිපාත්‍යයත් සහ ගී්‍රක, යුදෙව්, ක්‍රිස්‌තියානි ආදිපත්‍යයත් ලෝකය පුරා පැතිරී තිබෙනවා. නමුත් ඒක අපට තේරෙන්නේ නෑ. එම ආධිපත්‍යය යටතේ සිටින විට එය නොදැනීම ලොකුම ප්‍රශ්නය වී තිබෙනවා. එන්ජීඕ කාරයන් ඇතුළු සියලු දෙනාම කටයුතු කරන්නේ එම ආධිපත්‍යය යටතේ තමයි.
මෙම ආධිපත්‍යය තුළ ප්‍රධාන වශයෙන්ම දැනුමේ ආධිපත්‍යයක් තිබෙනවා. එම දැනුම යථාර්ථයක් බව අපට උගන්වා තිබෙනවා. ඒ වගේම එම දැනුම එකම දැනුම බවත් අපට උගන්වා තිබෙනවා.
"මගේ ලෝකය" බිහිවන්නේ ඊට විරුද්ධව. දැනුම වාස්‌තවික නොවන බවත් යථාර්ථය කියල එකක් නොමැති බවත් දැනුම මිනිසුන්ගේ ඉන්ද්‍රිය පද්ධතියට, සංස්‌කෘතියට සහ මනසට සාපේක්‍ෂ බවත් පෙන්වාදීම සඳහා තමයි මගේ ලෝකය රචනා කළේ.
එහිදී සාපේක්‍ෂ යනුවෙන් අදහස් කළේ යම්කිසි තිබෙන දෙයක් එක් එක් කෙනාට සාපේක්‍ෂව පෙනෙන බව නොවෙයි. එයින් අදහස් කළේ අපේ දෙයක් අපි නිර්මාණය කර ගන්නවා කියන එක. එමනිසා එය නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයත් යනුවෙනුත් හඳුන්වනවා. අයින්ස් ටයිම්ත්ගේ සාපේක්‍ෂතාවායන් අදහස් කළේ එක් එක් නිරීක්‍ෂකයාට, නිරපේක්‍ෂතව තිබෙන දෙයක් සාපේක්‍ෂව පෙනීම. නමුත් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය යනුවෙන් අදහස් කළේ අපි අපගේ දෙමවුපියන්ගේ, ගුරුවරුන්ගේ ද ආභාෂයෙන් අපේ දෙයක් අපි නිර්මාණය කර ගන්නවා කියන එක.
ඒ මගින් අපි බටහිර ගී්‍රක, යුදෙව්, ක්‍රිස්‌තියානි, දැනුමම අභියෝගයට ලක් කළා. ඒ වගේම අපි කියන්නේ එක එක ජාතීන්ට එක එක සංස්‌කෘතීන්ට, විශේෂිත වූ දැනුම් තිබෙන බවත් එම දැනුමට බටහිර මිනිසුන් ඉඩ නොදෙන බවයි. ඒක දේශපාලන කටයුත්තක් මිස දැනුම පිළිබඳව සත්‍යයක් නෙවෙයි. එම දේශපාලන බලය නිසා බටහිර දැනුම ලෝක ව්‍යාප්ත දැනුම බවට පත් කරල තිබෙනවා.
අද පෙර පාසලේ ඉඳලා පශ්චාත් උපාධිය දක්‌වාත්, ඉන් අනතුරුව කරන ඊනියා පර්යේෂණත් යන සියල්ල සිද්ධ වෙන්නේ එම ක්‍රිස්‌තියානි ආධිපත්‍යය යටතේ තමයි. මෙම ආධිපත්‍යය දර්ශනය තුළ තිබෙන එකක් පමණක් නෙවෙයි. එම ආධිපත්‍යය විද්‍යාව, සාහිත්‍ය, දේශපාලනය යන සියලු අංශ තුළ පැතිරී තිබෙනවා.
මෙහිදී වැදගත් වන කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි විද්‍යාව පිළිබඳ ප්‍රශ්නය. අනික දේශපාලනය. පසුගිය වසර 30 තුළ සිදුවූ දේ තමයි මේ සඳහන් කළේ. එම කාලය තුළ දී අපි බටහිර දැනුමට විරුද්ධවීම වගේම, අපේ දැනුමත් සඳහන් සටන් කර තිබෙනවා.
එහිදී අපිත් අපගේ සංස්‌කෘතිය තුළ ඉඳල සංකල්ප නිර්මාණය කරනවා. අලුත් දැනුම, ප්‍රවාද නිර්මාණය කරනවා. එහිදී අපි නිර්මාණය කරන්නේ අපේ දැනුමක්‌ම නෙවෙයි. අපේ දැනුමත් නිර්මාණය කරන්න නම් අපි වෙනත් මාර්ගයක යා යුතුයි. වෙනත් මාර්ගයක් කියන්නේ අපගේ මනස දියුණු කරල ආධ්‍යාත්මිකව දැනුමක් ලබාගත යුතුයි. නමුත් අපි දැන් ආධ්‍යාත්මිකව දැනුමක් ලබා ගන්නේ නෑ. බටහිර මිනිසුන් ඔය ක්‍රමයට යන්න එක් ප්‍රධාන හේතුවක් තමයි ඇතැම් පුද්ගලයන්ට ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීමට නොහැකිවීම. ආධ්‍යාත්මික දැනුම කියන්නේ ආධ්‍යාත්මිකව ලබා ගන්නා දැනුමකට. එසේ දැනුම ලබා ගැනීමට බැරි නිසා ගැලීලියෝ, නිවුටන් වැනි අය විශ්ලේෂණාත්මකව දැනුම ලබා ගැනීමේ මාර්ගයකට යොමු වී තිබෙනවා.
අපි එය බටහිර විද්‍යාව යනුවෙන් හඳුන්වනවා. මොකද එය බටහිර ඇතිවූ බටහිර වර්ධනය වූ තවමත් බටහිර පමණක් තිබෙන බටහිරින් එන නිසා.
ප්‍රශ්නය- බටහිර රටවල පවා පිළිගැනීමට ලක්‌වූ අපගේ රටින් බිහිවූ විද්‍යාඥයන් සිටින බව සඳහන් වනවා. ඒ අනුව ඔබගේ මතය අභියෝගයකට ලක්‌වනවා නේද?
පිළිතුර- අපේ ලංකාවෙන් බිහිවූ එක් විද්‍යාඥයෙක්‌වත් නෑ. නාසා ආයතනයේ වැඩ කරනවා කිව්වට, අහවල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කියල කිව්වට, ඔය එක් අයකුවත් ගොඩනඟපු ප්‍රවාදයක් නෑ. මම වැදගත් කියල සිතන නිසා කියනවා නෙවෙයි. එක සිංහල බෞද්ධයකුටවත් ලන්ඩනයේ රාජකීය සංගමයේ අධි සාමාජිකත්වය නෑ. නමුත් මේ රටේ සම්භාවයක් තිබෙන හොංකොං විශ්වවිද්‍යාලයේ වැඩ කරන එංගලන්තයේ රටවැසියකු වන අයකුට මාධ්‍ය ආයතනයක් සම්මානයක් ලබා දුන්නා. නමුත් එම මාධ්‍ය ආයතනය දැනගෙන සිටියේ නෑ ඔහු ලාංකිකයකු නොවන බව. ඔහුත් ප්‍රවාදයක්, සංකල්පයක් ඉදිරිපත් කරල නෑ. ඔහු වෛරසයක් හඳුනාගෙන තිබෙනවා පමණයි.
ප්‍රශ්නය- ප්‍රවාදයක්, සංකල්පයක් ඉදිරිපත් කළ හැකි විද්‍යාඥයන් සිංහල බෞද්ධයන් අතරින් බිහි නොවීමට හේතුව කුමක්‌ද?
පිළිතුර- බටහිර විද්‍යාව හොඳින් අධ්‍යයනය කළ විට පෙනී යනවා අපිට බටහිර විද්‍යාඥයකු විය නොහැකි බව. මම මේ පැත්තට තල්ලුවීමට එක හේතුවක් තමයි මට බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි වීම. ආචාර්ය උපාධියක් කිරීම පිළිබඳව නෙවෙයි මම සඳහන් කරන්නේ. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ආචාර්ය උපාධියක් කළාට බටහිර විද්‍යාඥයකු වන්න බෑ. මේ දක්‌වා මේ රටේ කවුරුවත් බටහිර විද්‍යාඥයකු බවට පත්වී නෑ.
ඇයි එහෙම වෙන්නේ, මට පෙනෙන විදියට එහෙම වෙන්න හේතුව තමයි, බටහිර විද්‍යාවට පසුබිම් වන ගී්‍රක, යුදෙව්, ක්‍රිස්‌තියානි චින්තනය අපට නොමැති වීම. බටහිර අනුකරණය කළාට, බටහිර විදියට සිතන්න බෑ. ඒක තමයි තිබෙන ප්‍රශ්නය.
ඒ පිළිබඳව තවදුරටත් සලකා බැලුවහම අපට පෙනී ගියා බටහිර විද්‍යාවෙන් කරන්නේ කුමක්‌ද කියන එක. සමහරුන් ප්‍රකාශ කරනවා බටහිර විද්‍යාව පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන මත කටයුතු කරන බව. ඒවා බොරු කතා, බටහිර විද්‍යාව මගින්, නිරීක්‍ෂණය කරනු ලබන දේවල් අතරින් සමහර දේවල් උද්ගමනය කරගනු ලබනවා. කපුටන් කිහිපදෙනකු නිරීක්‍ෂණය කරල සියලු කපුටන් කළු පාට බව නිගමනය කිරීම උද්ගමනයක් වනවා. සියලු කපුටන් නිරීක්‍ෂණය කර නොතිබියදී අනාගතයේදී ඇති වන කපුටන් නොදැක සියලු කපුටන් කළු පාට බව ප්‍රකාශ කිරීම බොරුවක්. සියලු කපුටන් කළු පාටයි කියල කියන උද්ගමනයෙන් ලබා ගන්නා ප්‍රකාශනවලට හේතු සොයනවා. ඇයි එහෙම වෙන්නේ කියල සොයන එක අනවපෝහනය (aඉdමජඑසදබ) යනුවෙන් හඳුන්වනවා. සියලු කපුටන් කළුපාටයි කියල කියන එක සිතින් මවාගන්න බැරි වියුක්‌ත දෙයක්. මේ ලෝකයේ සිටින සියලු කපුටන් කළුපාටයි කියල සිතින් මවාගන්න පුළුවන් මිනිහෙක් සිටිනවද? එහෙම බෑ. ඒක වියුක්‌ත සංකල්පයක්.
නිව්ටන් මොකද කළේ... ඔහු උද්ගමනයෙන් සියලු වස්‌තු පොළවට වැටෙනවා කියල කතන්දරයක් හැදුවා. ඒ කතන්දරයට තමයි ගුරුත්වාකර්ෂණය කියල කියන්නේ. එය අනවපෝහනයක්. ගුරුත්වාකර්ෂණය කවුරුත් දැකල නෑ. එය පංෙච්න්ද්‍රිය ගෝචර නැති වියුක්‌ත දෙයක්. සියලු වස්‌තූන් පොළවට වැටෙනවද කියල කවුරුවත් නිරීක්‍ෂණය කරල නැහැනේ.
මම කියනවා මේ සියල්ල පට්‌ටපල් බොරු කියල. මොකද බෞද්ධයෙක් හැටියට මම දන්නවා මේ සියල්ල බොරු බව. එහිදී මම කියල කෙනකු නැතිව මම කියන සංකල්පය යොදා ගන්නවානෙ. එය බොරුවක්. පුටුව කියන දෙය නම් අපට අතගාල බලන්න පුළුවන්. එය පංෙච්න්ද්‍රිය ගෝචරයි. නමුත් ගුරුත්වාකර්ෂණය කාටවත් අතගාල බලන්න පුළුවන්ද? ඉඹල බලන්න පුළුවන්ද? එය පංෙච්න්ද්‍රිය ගෝචර නෑ. පංෙච්න්ද්‍රිය ගෝචර දේවල්වලට මම කියනවා බොරු කියල. පංෙච්න්ද්‍රිය ගෝචර නොවන දේවල්වලට මම කියනවා පට්‌ටපල් බොරු කියල. මම ඉදිරියේ දී "මගේ ලෝකය" දෙවැනි පියවර විදියට පොතක් ලියනවා "බොරු සහ පට්‌ටපල් බොරු" නමින්.
ප්‍රශ්නය - සිංහල බෞද්ධයකුට බටහිර විද්‍යාඥයෙක් වෙන්න බැරි බව ඔබ සඳහන් කළා. එසේ නම් අපේ දැනුමක් ගොඩ නඟන්නේ කෙසේද?
පිළිතුර - දැනුම ලබාගැනීම සඳහා අපේ ක්‍රමයක් තිබෙනවා. අපේ ක්‍රමය තමයි මනස දියුණු කරල දැනුම ලබා ගැනීම. ඒ සඳහා ක්‍රම 3 ක් තිබෙනවා. එක් ක්‍රමයක් තමයි මම ම මනස දියුණු කරල ලෝකය දෙස බලන එක. ඒ සඳහා යෝග ව්‍යායාම වැනි ක්‍රම යොදා ගත යුතුයි. තවත් ක්‍රමයක් තමයි අපගේ මනස දියුණු කරල දෙවියන් භූතයන් වැනි කොට්‌ඨාස සමඟ සන්නිවේදනය කිරීම. ඒ සඳහා තිබෙන තුන්වැනි ක්‍රමය තමයි මනස දියුණු අයකු මාර්ගයෙන් අවශ්‍ය සන්නිවේදනය ලබා ගැනීම. මට අනුගමනය කිරීමට පුළුවන්කම තිබෙන්නේ එම ක්‍රමය තමයි. මම දැනටමත් එම ක්‍රමය අනුගමනය කරනවා. ඒ ක්‍රමයට තමයි වෙනත් අයකු මාර්ගයෙන් මීට වසර කිහිපයකට පෙර ආසනික් පිළිබඳව දැන ගත්තේ. එම ක්‍රමය තවදුරටත් වර්ධනය කරන්නේ කෙසේද කියන එක පිළිබඳව තමයි මම කල්පනා කරන්නේ. ඒ වගේම අපි ඔවුන්ට ධෛර්යය ලබාදීමක් කරනවා.

වැදී බණ 