ආනන්ද බෝධිය

noble

Member
Mar 16, 2011
96
21
0
z_p10-budu7.jpg


ආනන්ද බෝධිය ගැන අට්ඨ කථා වල සඳහන්ව ඇත්තේ මෙලෙසය


බුදුරජාණන් වහන්සේ ගේ ජීවිත කාලය තුළම මහජනයාට වන්දනාමාන කිරීම පිණිස බෝධි වෘක්‍ෂයක් පිහිටුවීම පිළිබඳ කතා පුවතක් සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ජනපද චාරිකාවේ හැසිරෙන විට දෙව්රමට පැමිණෙන ජනකාය රැගෙන එන මල්, සුවඳ දුම් ආදි පූජා ද්‍රව්‍ය ගඳකිලිය ඉදිරිපිට දමායති ඒවා පූජා කිරිමට ස්ථානක් නියමකර නොතිබුණෙන් ආනන්ද තෙරුන් වහන්සේ ඒ බව බුදුරදුන්ට දන්වා සිටි සේක. ඒ අවසථාවේ පාරිභෝගික චේතියක් ඉඳිකළ හැකි බව බුදුරාජණන් වහන්සේ පැවසු සේක. බෝධි ද්‍රැමය බුදුරදුන් විසින් පරිභෝග කළ වස්තුවක් නිසා බෝමැඩ පිහිටි බෝධියෙන් ගිලිහුණු බීජයක් බිමට වැටීමට පෙර ගෙනවුත් දෙව්රම් වෙහෙරට ඇතුළුවන තැන දොරටුව අසල උත්සවාකාරයෙන් රෝපණය කරන ලදී.


සුවඳ කලලින් යුත් ස්වර්ණමය කටාරයක අනේපිඬු සිටුතුමාගේ අතින් රෝපිත මොහොතෙහිම එය පනස් රියන් උස සර්වප්‍රකාරයෙන් පරිපුර්ණ වූ වෘක්‍ෂයක් බවට පරිවර්තනය ව ප්‍රාතිහාර්ය පෑවේය. එම බෝධි මූලයෙහි සමාපත්තියට සම වැදීමෙන් එම බෝරුක පරිභෝග කරන මෙන් බුදුරාජාණන් වහන්සේගෙන් ආනන්ද හිමියන් ඉල්ලුවිට උන්වහන්සේ සමාපත්තියට සමවැද එක් රැයක් එම බෝධිය පරිභෝග කළ සේක. ආනන්ද හිමියන් උත්සුක වීමෙන් රෝපණය කරන ලද බෝධිය බැවින් එය ‘ආනන්ද බෝධිය’ යැයි ප්‍රකට විය.

මෙහි ලස්සනම කථාව මෙන්න මෙතනයි

ආනන්ද බෝධිය වටා ඇති ස්වර්ණමය වැට නිසා බෝධියට යා නොහැකි වූ ආනන්දය බුදුන් හමුවේ මැසිවිලි නගන්නට විය. එවිට බුදුන් අනුදැන වදාලේ බෝධිය වටා ඇති ස්වර්ණමය වැටේ කණු එකින් එක ගලවා දමන්නටය
මොහොතකට සිතුවාද ආනන්ද බෝධිය වටේ ඇති රන් කණු එකින් එක ඉවත් කරන්න කියල බුදුන් අනුදැන වදාලේ ඇයි කියල?

පරමාර්ථයෙන් ගලපමු (ණුවනින් හිතමු)

බෝධිය යනු බුදු, පසේ බුදු, මහරහත් යන තුන්තරා බෝධියයි. මේ බෝධිය කරා කෙලින්ම යා නොහැක්කේ අපි රන් හා සමානකොට ඇති කෙලෙසුන්ගෙන් පිරි කුණුකන්දල් නිසයි. එනිසා බුදුන් අනුදැන වදාලේ මේ රන් හා සමානකොටගෙන ඉන්න පෘථක්ජනයන්ගේ කුණු කන්දල් එකවරම ඉවත්කළ නොහැකි නිසා එකින් එක නිරෝධ කිරීමට ආර්ය මාර්ගය කියා දීමය.

මේ බෝධිය දැක වැඳුම් පිදුම් කරන්නා ධර්මය තුලින් බුදුන් වැන්දා හා සමානයි.

එබැවින් බුදුන්ව දකින්නටනම්, වඳින්න පුදන්නටනම් ආර්ය අෂ්ඨාංගිග මගෙහි ගොස් තුන්තරා බෝධියේ අරහත් බව කරා යාමයි.

දැන් හිතට එකඟව ඔබ මෙතෙක් මුලාවූ අට්ඨ කථාවේ යථාර්ථය දැක්කෙහිද?

"ආනන්දය සර්පයා දුටුවෙහිද?" කියා බුදුන් ආනන්දයගෙන් ඇසූ විට ආනන්දට "සර්පයා" යන්නෙන් අදහස් කලේ කුමක්දැයි ආනන්දය බුදුන්ගෙන් නොවිමසුයේ "සර්පයා" යන්නේහි පරමාර්ථය එවෙලෙහිම දැකීමට තරම් ආනන්දයට තීක්ෂණ බුද්ධියක් තුබූ හෙයිනි. එය අවබෝධකරගත් ආනන්දය කීවේ "එසේය ස්වාමිණි, සර්පයා දුටිමි" යන්නයි.

ඉතින් අද ආනන්ද බෝධිය කියා වඳින්නේ බුදුන් කියා දුන් බෝධියටද? හිතට එකඟව නුවණින් සිතන්න. ණුවනැත්තන් බුදුදහමට ඉමහත් ලාභයකි.

සැමට සම්මා සම්බුදු සරණයි.
 
Last edited:
  • Like
Reactions: Pit bull

noble

Member
Mar 16, 2011
96
21
0

එළකිරියේ පිහිනා ගිය මා මෙවන් පෝස්ට් එකක් දැක එයට තවත් ජලය එක් කර අර්ථවත් කිරීමට සිතුනි.

DrZAkir මචං, සමහර දේවල් තියෙනවා උඩින් තියෙන තේරුම නෙමෙයි ඒ කියමනෙ හරි තේරුම, අන්න ඒවගේ වැරදි වැටහීමක් තමයි තමයි ඔයා ඔයාගේ ඔය පැත්ලි ඔළුගෙඩියට දාගෙන තියෙන්නේ, කූරානයේ තියෙන දේ සිරාජ් සහෝදරයා විස්තර කරලා තියෙනවා නේ, ඒක හරියට කියෙව්වොත් නියම තේරුම ගන්න පුළුවන් වෙයි.

හරියට බුදුහාමුදුරුවො ආනන්ද තෙරුන් එක්ක කොහෙද මන්දා වඩිද්දී වැටිලා තියෙන කහවනු මල්ලක් දැකලා බුදුහාමුදුරුවෝ කිව්වනේ 'ආනන්දය සර්පයා දුටුවෙහිද කියලා'. උඹ එතන හිටියනම් කෝ සර්පයා කියලා පොල්ලකුත් ගනියි කියපු පරක්කුවෙන්

මොලේ තියෙන්නේ පාවිච්චි කරන්න, අපරාදේ උඹේ මොලේ :බැපල්ඩ්: :දිව:

මොහු කුමන ආගමක වුවත් කියා ඇතිදේ මසුරන්ය.

අට්ඨ කථාව

වරක් මුදල් මල්ලක් ආනන්ද හිමියන්ට පෙන් වූ බුදුරජාණන් වහන්සේ "ආනන්දය, සර්පයා දුටුවෙහිද?" යනුවෙන් වදාලේය. එවිට ආනන්දය "එසේය ස්වාමිණි" යැයි අනුමත කළේය.
මෙවිට ආනන්දට සර්පයා කොහෙදැයි බුදුන්ගෙන් ඇසුයේ නැත. ඔබ එතැන සිටියේනම් ඇතිවන තත්වය අර අපේ මිතුරාගේ පෝස්ට් එකෙන් හොඳ හැටි තේරෙනවා විය හැක.

ධර්මය පිටින් නොබලන්න, අභ්‍යන්තරයෙන් බලන්න. අන්න එවිටයි පරමාර්ථයෙන් දකින්න පුළුවන්. අද ඇසෙන බණෙහි වටිනාකමක් නැත්තේ ඒවා පරමාර්ථයෙන් දකින්න ණුවනැත්තන් නොසිටීමයි.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
 

amalrukmal

Member
Sep 24, 2010
190
48
0
උඹව අදහන්න වටිනවා බං, උඹ වගේ මෙච්චර ලස්සනට පෝස්ට් දාන එකෙක් එළකිරියෙම නැතුව ඇති. REP +100