තුන්තරා බෝධිය දුටු ඇය..
----------------------------
තුන්තරා බෝධිය ගැන ලියන්න කියලා හිතුනේ ඊයෙ පෙරේදා දවසක දමිතා අබේරත්න මහත්මිය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් වැලිකඩ සිරගෙදර පිහිටි තුන්තරා බෝධියක් ගැන කිව්වා. මම හිතන්නෙ ඇය තුන්තරා බෝධිය යනුවෙන් අදහස් කරන්නට ඇත්තේ ඇය දුටු වැලිකඩ සිරගෙදර පිහිටි බෝධි වෘක්ෂයක් ගැන වියයුතුය.
වඳුරන්ගෙන් බන අහලා ජේතවනාරාමයට ගල් ගැසීම ගැන කතාවක් අපේ ජනප්‍රවාදයේ කියැවෙනවා. ඒ කතාවත් මේකට වැදගත් ඒ නිසා මේ දමිතා මහත්මියගේ බන අසා තුන්තරා බෝධිය වැඳපුදාගෙන යහපත් දේශයක් නිර්මාණය කරන්න යන්න ඉන්න ඇයගේ ශ්‍රාවකයන්ටත් අනුගාමිකයින්ටත් මේ ගැන දැනගන්න උනන්දු ඔබට මට හැමෝටමත් බෝධි වෘක්ෂයයි තුන්තරා බෝධියයි යන කරුනු දෙක එකිනෙකට වෙනස් කරුනු දෙකක් බව දැන සිටීම වැදගත් වනු ඇත.
බෝධි’ යනු අවබෝධය යි. නොඑසේනම් මහා ඥාණය ලබා ගැනීමයි. තවත් අර්ථයකින් නිවන අවබෝධ කිරීම බෝධිය නම් වේ. අවබෝධය යනු දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය සහ මාර්ග සත්‍යය යන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි.
හීනයාන සම්ප්‍රදාය තුල අපිට එවැනි බෝධි තුනක් ගැන කියවෙනවා. තුන්තරා බෝධිය යනු එයයි. හීනයාන නැතිනම් තේරවාද සම්ප්‍රදායට අනුව නිවන් පසක් කර ගැනීම සඳහා තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්විය යුතු ය යනුවෙන් කියැවෙනවා. මහා බෝධිය, පච්චේක බෝධිය, ශ්‍රාවක බෝධිය යනු එම තුන්තරා බෝධිය යි. ලොවුතුරා බුදුබව, පසේ බුදුබව හා රහත්බව ලැබීම යනුවෙන් ද මෙය ව්‍යවහාර කැරේ.
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මය ශ්‍රවණය කර, රහත් මඟට එළඹීමෙන් ලබන අවබෝධය ‘ශ්‍රාවක බෝධිය’යි. මේ උතුමන් වහන්සේට චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කර ගත හැකි අතර, අනුන්ට ද එය අවබෝධ කර දීමට හැකියාව ඇත. එබැවින් ශ්‍රාවක බෝධිය ලබා ගත හැකි වන්නේ බුදු සසුනක් පවතින කාලයකදී පමණ ය.
එහෙත් පසේ බුදුවරුන් පහල වනුයේ බුදු සසුනක් නොමැති ධර්මයක් අසන්නට නොමැති කාල වලදීය. උන් වහන්සේලා තමන්ගේම ඥානයෙන් නිවන් අවබෝධ කරගත්තෙ වුවද ධර්මය තවත් කෙනෙකු හට අවබෝධ කරලීමේ හැකියාවක් නොමැති බව පැවසේ.
එසේම සිද්ධාර්ථ බෝසතුන් සම්මා සම්බුද්ධත්වයට පත්වූයේ ඇසතු නම් වෘක්ෂ රාජයෙක් සෙවෙණේ දීය. ඊට පසු ඒ වෘක්ෂය බෝධින් වහන්සේ ලෙස හැඳින්වුණා. බෝධීන් වහන්සේ දෙස සතියක් මුළුල්ලේ අනිමිසලෝචන පූජාව සිදු කරමින් තථාගතයන් වහන්සේ ලොව ප්‍රථම බෝධි පූජාව සිදුකර වදාළා. එදා පටන් බෝධීන් වහන්සේ පාරිභෝගික චෛත්‍යක් ලෙස සම්මත වුණා. ඒ නිසා ව්‍යවහාරයේ බෝ ගස, බෝධීන් වහන්සේ වශයෙන් නම් භාවිතා කරමින් බෞද්ධයන් විසින් බෝධි වෘක්ෂයට පූජා සත්කාරයන් සිදුකරනු ලබනවා. තුන්තරා බෝධියේ සහ බෝධි වෘක්ෂයේ කතාව ඕකයි.
ඊලගට ඒ කතාව දේශපාලනිකව වැදගත් ඇයි?
හේතුව අපේ රටේ මිනිස්සු දේශපාලනය ගැන හෝ තමන් අදහන ආගම දහම ගැන හෝ ආර්ථිකය සමාජ සංස්කෘතික භාවිතාව ගැන නිසි අධ්‍යනයක්, අධ්‍යාපනයක්, කියවීමක් හෝ දැනුමක් නොමැති මිනිසුන් පාර්ලිමේන්තුව වගේ රටේ නීති හදන තීන්දු තීරන ගන්න ඉහලම තැනට තමන්ගෙ චන්දෙන් යවලා ඊටපස්සෙ ඒ නූගත් මිනිස්සු ඔබට අපිට රටට කරන හානිය ගැන බනිනවා දෙස් දෙවොල් තියෙනවා. පහුගිය වසර 20-30 කාලයේ පාර්ලිමේන්තු සංයුතිය බැලුවම, නම් වශයෙන් නොකිව්වට පක්ශ බේදයක් නැතුව ඔය රතු නිල් කොල හැම පක්ශෙකින්ම ඒක වෙලා තියෙනවා. ඉතිං වැරැද්ද කරන්නෙ, මයික් එකක් ඉස්සරහට ඇවිත් ආවේගයෙන් හොරකම ගැන මැරකම ගැන දූෂණය ගැන, සිස්ටම් චේන්ජ් කරන්න කියලා ඇඟේ මවිල් කෙලින්වෙන්න කතාකරන ඒ මිනිස්සුද නැතිනම් ඔබ අපිද කියලා ඒ මිනිස්සුන්ට හුරේ දාන්න කලින් සිය දහස්වාරයක් හිතන්න.
ඔබ නිල්, රතු, කොල, ආදීවශයෙන් කැමති දේශපාලන මතයක් දැරුවත් මොකද ඔබ අප ප්‍රාර්ථනා කරන ක්‍රම වෙනස ඇතිවෙන්නෙ සහ ඇතිකරන්න පුලුවන් ඔබට අපට පමනයි.