ආනන්ද මහ රහතන් වහන්සේ..෴

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
ආනන්ද මහ රහතන් වහන්සේ..෴

attachment.php


ආනන්ද හිමියන් බුදුන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයා මෙන්ම භක්තිමත් උපස්ථායකයාද විය. බුදුන්වහන්සේගේ ෙගාලයින් අතරින් ආනන්ද තෙරුන්ට මනා ධාරණ ශක්තියක් තිබුනේය. පළමු සංගායනාව කාලයේ බුදුන්ගේ ධර්මය, සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර, ඔහුගේ මතකයේ තබාගෙන සිටීමේ ගෞරවය ඔහුට ලැබුනේය. මෙම කාරණය නිසාම ආනන්ද තෙරුන් ධර්මය ආරක්ෂා කරන්නා යනුවෙන්ද හැඳින්වුනේය.
බුදු සිරිතට අනුව හැම බුදු වර යෙකුටම අග්‍ර ශ්‍රාවකයින් දෙනමක් සහ අග්‍ර උපස්ථායකයෙකු සිටියේය. ගෞතම බුදුන් සම්බන්ධයෙන් සාරිපුත්ත මුගලන් දෙනම අගසව් වූ අතර ආනන්ද හිමියන් අග්‍ර උපස්ථායක විය.
ආනන්ද යනු සංස්කෘත පාලී මෙන්ම අනිකුත් භාෂා වලද "ප්‍රමෝදය - අතිශය ප්‍රීතිය" යන තේරුම ගෙන දෙන වචනයකි. එය බෞද්ධයන් හා හින්දුන් අතර ජනප්‍රිය නාමයකි.
කන්නකත්ථල සූත්‍රයේ ආනන්ද හිමියන් ගේ නමෙහි තේරුම විග්‍රහ කර ඇත්තේමෙසේය.
" පසේ නදි කොසොල් රජ තුමා බුදුන්ගෙන් මෙසේ විමසීය" " බුදු හිමියනි මෙම තෙරුන්ගේ නම කුමක්ද?" " ඔහුගේ නම ආනන්ද (සතුට) නම් වේ මහ රජ" " මොන තරම් ආනන්දයක්ද ඔහු මොන තරම් සැබෑ ආනන්දයක්ද !..."
ආනන්ද හිමි බුදුන්ගේ පළමු ඤාති සහෝදරයා වෙයි. එසේම ආනන්ද හිමි, බුදුන් කෙරේ අතිශය ලැදියාවක් දැක්වූයේය. බුද්ධත්වයට පත් වී විසිවෙනි අවරුද්දේදි ආනන්ද හිමියන් බුදුන්ගේ අග්‍ර උපස්ථායකයා පදවිය ලැබු අතර බුදුන්වහන්සේගේ චාරිකා වලදි එක්ව වැඩියයහ. එම සංචාරවලදී ඇතිවූ සංවාදයන්හිදී සම්භාෂණයෙහි යෙදෙන්නා තනතුරු ද දැරීය. බුදුන්වහන්සේගේ පරිනිර්වාණයට සුලු වේලාවකට පෙර බුදුන් වහන්සේ කළ ප්‍රශංසාත්මක දේශනාවෙහි වස්තු බීජය වූයේ ආනන්ද තෙරුන්ය. (මහාපරිනිබ්බාන සුත්ත - දීඝ නිකාය) එය කරුණාවන්ත දූරදර්ශි, ජනප්‍රිය, ආත්මාර්ථයෙන් තොර පුද්ගලයෙකු වෙනුවෙන් කරන ලද එක්තරා ගුණ කථනයකි.
අංගුත්තර නිකායෙහි (i.xiv) ශිෂ්‍ය පරම්පරාවේ නාමාවලියක් තිබෙන අතර එහි සඳහන් එක් එක් අය කුමක් හෝ විෂයක් සම්බන්ධයෙන් අග්‍ර තනතුර දැරුවෝ වූහ. ඒ අයට වඩා පස් වතාවක් ආනන්ද හිමියන්ගේ නම ඒ සම්බන්ධයෙන් සඳහන් කර තිබේ. ඔහු යහපත් හැසිරිමේ ප්‍රධානියායි. අනුනට සේවය කිරී‍ෙම්දීද, ධාරණ ශක්තියෙන්ද අගතැන් පත් විය. බුදුන් වහන්සේ ආනන්ද හිමියන් අමතා තමන් වෙනුවට කටයුතු කිරිමද පවරා තිබුනි. පසුව බුදුන් වහන්සේ පැවසුවේ ආනන්ද තෙරුන් එම ක්‍රියාව ඉතා සාර්ථකව ඉටු කල බවයි.
ප්‍රථම සංගායනාව. බුදුන් වහන්සේ ළඟින්ම ඇසුරු කළ, බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයාද වූ, බුදුන් වහන්සේ සමග නොයෙක් ප්‍රදේශ වල ධර්ම සංචාරයන්හි නිරත වූ පුද්ගලයා වශයෙන්ද ආනන්ද හිමියන්ට බුදුන්ගේ ධර්ම දේශනාවන්ට විවිධ අවස්ථාවල දී ශ්‍රවණය කිරිමේ අවස්ථාව ලැබුනේය. මේ නිසාම ඔහු බුදුන් වහන්සේගේ ශ්‍රාවකයින් අතර 'බොහෝ ඇසු' තැනැත්තා විය. බුදුන් වහන්සේ පිරිනිවීමෙන් සුලු කාලයකට පසුව පැවැත් වූ ප්‍රථම සංගායනාවේදි බුදුන් වහන්සේ විසින් කළ ධර්ම දේශනා නැවත මතකයෙන් කීම පිණිස ආනන්ද තෙරණුවන් කැඳවනු ලැබීය. මෙම දේශනාවන් පසුව පාලි සූත්‍ර පිඨකය ලෙස සැකසුනේය.
ආනන්ද හිමියන්ගේ හදවත ඉතා සුපිරිසුදු බැව් බුදුන් වහන්සේ පැවසූහ. මෙම භවයේ ආනන්දයන් විමුක්තිය නොලැබ මිය යන්නේ නම් හදවතේ තිබෙන පිරිසිදු භාවය නිසාම ඔහු හත් වරක් දෙවියන්ගේ රජු වන බවත් එසේ නොවන්නේ නම් ඉන්දියානු අර්ධද්වීපයේ හත්වරක් රජු බවට පත් වන බවත් බුදුහු ප්‍රකාශ කළහ. එහෙත් ආනන්ද හිමියන් ඒ අත්භවයේදිම නිවන් ලබා ගැනීමේ වරම ලැබුවේය.
ආනන්දට පළමු සංගායනාව පැවැත්වෙන භූමියට ඇතුලත් වීමට ප්‍රථමයෙන් අවසර නොලැබුනේ ඒ වන විට අරහත් භාවය ලබා නොතිබීම හේතුවෙනි. පුරාවෘත්තයන්ට අනුව මෙම සිද්ධියෙන් පසු ආනන්ද හිමියන් තමන්ගේ උපරිම ශක්තිය ඒ වෙනුවෙන් ඉතා ඉක්මණින් යොදවා සංඝායනාවට පළමුව නිවන් මාර්ගයට එළඹීමේ සුදුසුකම ලබා ගත්තේය.
පාලී ධර්ම ග්‍රන්ථ වල දැක්වෙන බොහෝ තොරතුරු වලට ප්‍රතිවිරුද්ධව ආනන්ද තෙරුන් දුර්වල ළාමක තැනැත්තෙකු ලෙසද පෙන්වා ඇත. ඔහු බුදුන්ගේ පරිනිර්වානයේදීත්, ඉතා ළඟින්ම ඇසුරු කළ ශාරිපුත්ත රහතන් වහන්සේගේ පරිනිර්වානයේදීත් වැලපුනේය. බුදුන්ගේ පිරිනිවිමෙන් පසු ඔහු හුදෙකලාව වෙන්ව සිටි අයුරු ථෙරගාථා වල විස්තර කර තිබේ. සෙන් බුදු දහමේ ආනන්ද තෙරුන් දෙවැනි නිකාය ප්‍රධානියා වශයෙන් විස්තර කර ඇත. පළමු නිකාය ප්‍රධානියා වූ මහා කාශ්‍යප ද සමග ආනන්ද බොහෝ අවස්ථාවල බුදුන් වහන්සේ හා සිටි බව විස්තර වල සඳහන්වේ
 

Attachments

  • 603px-Ananda_at_First_Council.jpg
    603px-Ananda_at_First_Council.jpg
    92.5 KB · Views: 325

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

සංඝ රත්නයෙන් මන් වඩාත්ම ප්‍රිය කරන්නා ආනන්ද හාමුදුරුවො. ඉතින් මේ වගේ ත්‍රීඩ් එකක් තියෙන එක ගැන සතුටුයි.

වරක බමුණෙක් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමිණී අපි රූපී වූ බුද්ධ රත්නයට හා සංඝ රත්නයට නමස්කාර කරනවා. නමුත් ධර්ම රත්නය අරූපීයි. කාටද අපි නමස්කාර කරන්නේ කියලා. ඒ වෙලාවෙදි බුදුහාමුදුරුවො බමුණාට වදාරණවා භික්ෂූන්ගෙන් අහන්න කියලා. ඉතින් භික්ෂුන්ගෙන් ඇහුවම කියනවා ධර්මය දරාන ඉන්න ආනන්ද හාමදුරුවන්ට වැන්ද නම් ධර්ම රත්තනයට වැන්දා හා සමානයි කියලා. මේ බව බමුණා බුදුහාමුදුරුවන්ට කිව්වා ඒ බව අනුදැන වදාරණ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බමුණාට ආනන්ද හාමුදුරුවන්ට වැඳීම ධර්ම රත්‍රනයට වැන්දා හා සමානයි කියලා. මේ තමයි ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ. නමුත් අපි අද මේවා ගැන කථා කරන්නේ නෑ. ඒක කණගාටුවට කාරණයක්. අපි අද ධර්මය ගැන කථා කරන්නේ ආනන්ද හාමුදුරුවො නිසා. නමුත් ධර්මය ගැන කථා කලාට අඩු තරමේ ආනන්ද හාමුදුරුවො ගැන සිහිකරන්නවත් අපි කෘතගුණ දන්නේ නෑ.

ඒ අතින්නම් සිංහල බෞද්‍ධයො කියන්නේ මහ වැඩකට නැති වුන් පිරිසක්