ආනන්ද~මෛත්‍රීය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආනන්ද~මෛත්‍රීය

    බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමිපාණන් වහන්සේ නමින් ඉතා අලංකාර චෛත්‍යයයක් මහා බ්‍රිතාන්‍යයේ චිත්හර්ස්ට් බෞද්ධ විහාරස්ත භුමියේ ඉදිකර ඇත. ලන්ඩන් නුවරින් සැතපුම් 70ක් පමණ ඈතින් පිහිටි මනහර භුමියක පිහිටුවා ඇති චිත්හර්ස්ට් බෞද්ධ විහාරය චිත්තවිවෙකී බොදු සෙනසුන" නමින් ද හඳුන්වයි. බලන්ගොඩ මහනාහිමියෝ 1981 ජුලි මාසයේදී මෙම විහාරස්ථානයේ සීමා මාළකය සලකුණු කිරීම සඳහා අවශ්‍ය උපදේශයන් ලබාදී ඇති අතර නිරන්තරයෙන් එම විහාරස්ථානයේ ධර්ම ප්‍රචාරක වැඩකටයුතු සඳහා වැඩම කළහ.

    363.jpg


    362.jpg


    359.jpg


    358.jpg


    372.jpg


    368.jpg


    369.jpg


    370.jpg


    371.jpg


    360.jpg


    361.jpg


    373.jpg


    367.jpg


    366.jpg


    357.jpg


    364.jpg


    බුදුරජානන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි පැහැදී ඒ පිළිබඳව ගැඹුරින් හදාරා සසුන්ගතවී ඉන්නා බහුශ්‍රත යුරෝපා ජාතික භික්ෂු භික්ෂුනීහු පිරිසක් චිත්තවිවෙකී ආශ්‍රමය පවත්වාගෙන යනු ලබති

    මෙම විහාරස්ථානයට සම්බන්ධ දායක දායිකාවන්ද වැඩි වශයෙන් බුදුදහම පිළිබඳව පැහැදීමක් ඇතිව ඒ සම්බන්ධ තම දැනුම වර්ධනය කරගැනීම උදෙසාත් ඒ මඟින් තම ජීවිතයට ආධ්‍යාත්මක අභිවෘර්ධියක් ලඟා කරගැනීමට බලාපොරොත්තු වන යුරෝපීය ජාතීන් වීම ද විශේෂත්වයකි.

    අභිනව චෛත්‍යයයේ ධාතු නිධන් කිරීම සහ කොත පැළඳවී ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි. එම පිංකම සඳහා ලන්ඩන් නුවර සහ ඒ අවට ශ්‍රී ලාංකික විහාරස්ථාන කිහිපයක් නියෝජනය කරමින් මහා සංඝ රත්නය වැඩමකර සිටියහ. එමෙන්ම චිත්හර්ස්ට් සහ අමරාවතී බෞද්ධ විහාරස්ථානයන්හි භික්ෂු භික්ෂුනීන් වහන්සේලාද එම පිංකමට වැඩම කර සිටියහ.

    මෙම විහාරයේ දියුණුව වෙනුවෙන් බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන් විසින් නොමසුරුව සපයනලද අනුපමේය උපකාරය ඇගයීම සඳහා චෛත්‍යය උන්වහන්සේගේ නමින් ඉදිකිරීමට අදහස් කල බව එහිදී විහාරාධිපති අජාන් සුචිතෝ හිමියන් පැවසීය. ආනන්ද මෛත්‍රීය මහනාහිමියන්ගේ ශාසනික සේවාවේ වැදගත්කම සහ එමඟින් ලොව වටා බුදුදහම පිලිබඳ උනන්දුවක් දැක්වුවන්හට ලැබුන උදව් සහ උපකාර වල වටිනාකම විස්තර කරමින් බෝගොඩ සීලවිමල නාහිමියෝ අනුසාශනාවක් කළහ. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරද්දී පුජ්‍ය අජාන් සුචිතෝ හිමියන් විසින් තඹ පත්වල ලියවුන සුත්‍ර ධර්ම ඇතුලත් ධාතුන් වහන්සේ චෛත්‍ය ගර්භයෙහි තැන්පත් කල අතර කොත්වහන්සේද පළඳවනු ලැබීය. පැමිණ සිටි සියලුම දෙනාට සෙත් පතා ධම්මචක්ක පවත්තන සුත්‍රය දේශනා කෙරුණි. ඉතාලියේ සිට ගෙන්වාගත් විශේෂ කිරිගරුඬ ගල් අඹරා සකස්කළ බදාමක් යොදා ගනිමින් චෛත්‍ය නිර්මාණය කර ඇත්තේ දොන් සිරිනිමල් රාජපක්ෂ විසිනි. ස්වෙතවර්ණ කිරිගරුඬ ගල්කුඩු පමණක් භාවිතා කිරීම නිසා එම චෛත්‍යය වර්ණ ගැන්වීමට අවශ්‍ය නොවන බව රාජපක්ෂ මහතා පැවසීය. ආනන්ද මෛත්‍රී මාහිමිපාණන් වහන්සේගේ ගුණ සමරා අද බලංගොඩ ද පින්කම් පැවැත්විණි.

    http://www.lankadeepa.lk/index.php/top_story/153478
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මට අකුරු කියවන්න හිටියේ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ,එත් අකුරු කරන දවසට කලින් දවසේ උන්වහන්සේට හදිස්සියෙන් විදේශගත වෙන්න වෙලා,එක මග ඇරුනා...අපේ පවුලේ උදවිය කිට්‍ටුවෙන් අශ්‍රය කල ස්වාමින්වහන්සේ කෙනෙක්,ලංකාවේ හිටිය මහ අනර්ඝ පඬිරුවනක්... REP 6+
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    මට අකුරු කියවන්න හිටියේ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ,එත් අකුරු කරන දවසට කලින් දවසේ උන්වහන්සේට හදිස්සියෙන් විදේශගත වෙන්න වෙලා,එක මග ඇරුනා...අපේ පවුලේ උදවිය කිට්‍ටුවෙන් අශ්‍රය කල ස්වාමින්වහන්සේ කෙනෙක්,ලංකාවේ හිටිය මහ අනර්ඝ පඬිරුවනක්... REP 6+

    oya balangoda da? mage yaluwekuth hitiya Kalawane.. eyath e hamuduruwanwa langinma ashraya karapu kenek TFS