මගේ විශ්වවිද්‍යාලේ යාළුවෙක් හිටියා හරිම හැන්ඩි,ලස්සන එකෙක්.කෙල්ලෝ එහෙම ඌ දැක්කම මුලින් මුලින් ඇඹරෙන සයිස්.කාලයක් යද්දී කැම්පස් එකේ හිටපු ලස්සන කෙල්ලෙක් ඌත් එක්ක යාළු වෙනවා.ඒ සම්බන්ධෙ ගැන මාත් ගොඩක් දේවල් දැනගෙන හිටියා.සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහන්නෙ කොල්ලෙක් උනත් මේකෙදි මගෙ යාළුවාගෙන් මුලින්ම ඇහුවේ කෙල්ල.කොහොමහරි වැඩි කාලයක් නොයා මේ සම්බන්දෙ නැවතෙනව.ඒ විශාල නොගැලපීම් වගයක් මතුවෙලා.මට තාමත් මතකයි ඒ කෙල්ල මේ සම්බන්දෙ පටන් ගන්නෙ එයාගෙ අවුරැදු හතක් විතර තිබුණු එෆේයාර් එකක් නවත්තල.ඊයෙ පෙරේදා මට ආරංචියක් එනව ඒ කෙල්ල අපෙ බැඡ් එකේම හිටපු එකෙක් එක්ක ආයෙත් සම්බන්ධයක් පටන් අරන් කියලා.මට ඒක අහපු වෙලේ හරිම පිළිකුල් බවක් එක්ක මිශ්‍ර වුනු කෙන්තියක් ආව.මේ වගේ ගෑනු මොන මොන නාඩඟම් නටනව ඇත්ද මිනිස්සුන්ගෙ ජිවිතත් එක්ක කියල හිතුනා.
හරියටම ඒ සිද්දිය අළුත් උනා විතරයි,
ඊයේ ඉස්කෝල දෙකක කොල්ලො වගයක් කෙල්ලෙක් හින්ද වලියක් ඇදගෙන කියල නිවුස් එකකින් දැක්ක.මට එකපාරටම යාළුවගෙ කතාව මතක් උනා.ඔය උඹල බෙදාගන්න බැරැව මරාගන්න හදන කෙල්ලො උඹල එකෙකුටවත් අයිති වෙන්නෙ නෑ.උන් හොයාගෙන යන්නෙ වෙනම ලෝකයක්.ඒ හින්ද උන් වෙනුවෙන් මරාගන්නෙ නැතුව සමාදානයෙන් ඉන්න බලපල්ලා.මොකද උඹලට වුනු ඔය තුවාලයක් වත් බලන්න උන්ට එන්න විදිහක් නෑ.ආවත් තමන්ගෙ ජිවිතේට අවශ්‍ය සැප උඹලගෙන් ලැබෙන්නෙ නෑ කියල දැනුන දවසක ඔයටත් වඩා ලොකු තුවාලයක් උඹලට දිලා යන්න යයි.
බුදුසරණයි _Thusith_