ආන්ඩුවේ ගද ගැසීම = -- = ආරම්බ වේ !!

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආන්ඩුවේ ගද ගැසීම = -- = ආරම්බ වේ !!

    නාය යාමෙන් අවතැන්වූ අරනායක ජනයා විරෝධතාවයේ යෙදෙති


    aran-23j-img.gif



    පසුගිය මස ලංකාවට ඇදහැලුනු මහා වර්ෂාවත් සමග, කෑගල්ල දිස්ති‍්‍රක්කයේ අරනායක පිහිටි, සාමසර කන්ද නාය යෑමෙන් විපතට පත් ව සිටින දහසකට අධික ජනයා අවතැන් කඳවුරුවලට යොමු කොට මේ වන විට මසක් ගත වී තිබේ. ස්ථිර නිවාස සහ ඉඩකඩම් ලබා දීමේ කටයුතු වේගවත් කරන ලෙස ද, තාවකාලික නවාතැන් ලබා ගැනීමට මුදල් හා මාසික ජීවන ආධාර ලබා දෙන ලෙස ද, ඉල්ලමින් පසුගිය 16 දා එම ජනයා අරනායක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂනයක යෙදී ගත්හ.

    එදින ආපදා කලමනාකරන ආමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපාගේ මූලිකත්වයෙන් අරනායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැති සාකච්ඡාවක් සඳහා විරෝධතාවයේ යෙදුනු ජනතාවට සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දෙන්නැයි කල ඉල්ලීම ප‍්‍රතික්ෂේප කල ආන්ඩුවේ ඇමතිවරුන් හට සාකච්ඡාවට පෙරත් පසුත් ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

    ‘වෙනත් දේශපාලන න්‍යාය පත‍්‍ර වලට වැඩ කරන’ කිහිප දෙනෙකු එම විරෝධතාවලට සම්බන්ධ යයි ද, ඔවුන්ට පිලිතුරු දීමට තමන් බැඳී නැතැයි ද, මාධ්‍ය වෙත ප‍්‍රකාශ කරමින් පීඩාවට පත් ජනයා සම්බන්ධ ආන්ඩුවේ නො තැකීම හා නො හැකියාව වසන් කිරීමට යාපා උත්සාහ කලේය. නමුදු බාල මහලු හා කාන්තාවන් ඇතුලුව දෙසියයක පමන පිරිසක් ආන්ඩුවට සිය විවෘත විරෝධය පල කර සිටියේ ය.

    යාපා සමග පැමිනි තවත් ඇමතියෙකු වු ලලිත් දිසානායක, “එක පාරට ගෙවල් මවන්න බෑ” යයි පවසමින් විරෝධතාකරුවන්ට තර්ජනය කලේය. ජනතා විරෝධය හමුවේ ඇමතිවරු වාහනවලට පැන පලා ගියහ. විරෝධතාකරුවන් කෑගල්ල නගරාධිපති ඇතුලු ආන්ඩුවේ ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්ට හූ කියමින් බැන වැදුනි.

    ජලගැලීමෙන්, නායයෑම් මගින් රට පුරා සිය දහස් ගනනක් ජනයා විපතට පත් වූ අතර දෙසියයකට අධික ජනයා මරනයට පත්ව තවත් 200 පමන අතුරුදහන් විය. අරනායක සාමසර කන්ද නාය යෑමෙන් 150 ට අධික පිරිසක් මරනයට පත්වු අතර මෙම නාය යෑම ලංකාවේ මෑත ඉතිහාසයේ සිදුවූ දරුනුතම නායයෑමකි.
    බොහෝකොට නාය යෑම් මගින් විපතට පත්වන්නේ වතු කම්කරු ජනයා හෝ කුඩා ගෙවතු වගාවන් මගින් ජීවන මාර්ග සරි කර ගන්නා ගොවි ජනයා වන අතර, දැඩි අවදානම සහිත ස්ථානවල පදිංචි කිරීම හේතුවෙන් මෙම ජනයා හෙලා ඇත්තේ දරුනු අනාරක්ෂිත තත්වයකටයි.

    1970-77 අතර සමගි පෙරමුනු ආන්ඩු සමයේ සාමසර කන්දේ මෙම ජනයා පදිංචි කොට ඇත්තේ නාය යෑමේ අවදානම පිලිබඳ නොතකා ය. ගියවසරේ සිදු වූ මීරියබැද්ද නායයෑමෙන් නිවාස අහිමි වූ වතු කම්කරු ජනයා ද එවන් ගොදුරක් වූ අතර එම ජනයාට ද මේ වන තෙක් නිවාස හිමිව නැත.

    අරනායක විපතින් පසු එම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති ස්ථානවල පවුල් 687 ක් සිටින අතර ඉන් පවුල් 428 ක් තවදුරටත් වියන් එලිය පන්සල, උස්සා පිටිය සුමංගල විදුහල ඇතුලු රැඳවුම් මධ්‍යස්ථාන කීපයක අවතැන් වී සිටිති.

    aran-23j-img3.gif



    වියන්එලිය පන්සලේ රැඳී සිටින අවතැන් වූ පවුල් වල සාමාජිකයෝ

    වියන්එලිය පන්සලේ අවතැන් වූ පවුල් 18 ක් මෙතෙකුදු නවාතැන් ගෙන සිටිති.
    වයස අවුරුදු තිහක් වන නිලන්ති ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ ප‍්‍රකාශ කලා ය: “අපි ගොවිතැන් කටයුතු කරගෙන අපේ මහන්සියෙන් හොඳට ජීවත් වුන අය, දේශපාලනඥයන් හිතන්නෙ අපි හිඟන්නො කියල. මෙවැනි විපත්තියක් වෙයි කියල කවුද දන්නෙ, අපේ දරුවන්ට ඉස්කෝලෙ යන්නත් නෑ, ඇඳුනුත් නෑ.

    “තම ප‍්‍රදේශවාසීන්ගෙන් සමහරක් විදේශ ගතව ඉතා මහන්සියෙන් උපයාගත් ධනයෙන් ගොඩනගාගත් නිවාස ද ඇතුලු සිය ගනනක් නිවාස ද, තම ආදායම් මාර්ගයන් වූ වී, කරාබු, කෝපි, ගම්මිරිස් වැනි වගාවන් තිබූ භූමි භාගයන් ද තිබූ ස්ථානයන් පවා සොයාගත නොහැකි සේ විනාශ වූ” බව ඇය පැවසුවාය.
    “අපට දැන් අවශ්‍ය ඉන්න නිවසක්, ඉඩමක්, ජීවත් වෙන්න මාර්ගයක්. අනතුරු වුන අවස්ථාවේ ඒවා දෙනව කියල එදා නම් ඇවිල්ල කීව, නමුත් දැන් කවුරුවත් නෑ. ඔක්කොමල අපිව රවට්ටනවා , අදත් යට වෙච්ච තුන් දෙනෙක් හම්බවුනා, අඳුම් වලින් අඳුර ගත්තා, බාගෙට ඇටසැකිලි තිබුනෙ, මේක හිතා ගන්න බැරි විනාසයක්.”

    ආන්ඩුව හා විපක්ෂය ඇතුලු සංස්ථාපිත පක්ෂ සම්බන්ධයෙන් ඇය මෙසේ විවේචනය කලා ය: “දේශපාලනය කරන අය එන්නෙ ඡන්දෙ ඉල්ලන්ට විතරයි, එතකොට අහස උසට දෙන ජාති කියනවා දැන් වෙච්චි තැනට කවුරුවත් නෑ ඔක්කොම බොරු කාරයො, අපිට කියනව ඉන්ට තැනක් හදල දෙනකන් කුලියට තැන් හොයා ගන්න කියල, කොහොමද අපි ඒව කරන්නෙ, ඒව ඉතින් ආන්ඩුවෙන් කරන්න ඕනෑ.”

    උස්සාපිටිය සුමංගල විදුහලේ රැඳී සිටින අවතැන් වූ පවුල් වල සාමාජිකයෝ
    මේ අතර, උස්සාපිටිය සුමංගල විදුහලේ අවතැන් කඳවුර පවත්වා ගෙන යාම හේතුවෙන් පාසැල වසා දැමීමට සිදුව ඇති බැවින්, අවතැන්වූවන් ඉවත් කොට පාසැල විවෘත කරන ලෙස ඉල්ලමින් එහි දෙමාපියන් පසුගිය 13 වන දා උද්ඝෝෂනයක යෙදී ඇත. මෙලෙස, අවතැන්වූවන් සඳහා විකල්ප නිවාස කඩිනමින් සපයා නොදීම හේතුවෙන්, පාසැලේ දෙමාපියන් සහ අවතැන්වූවන් අතර ගැටුමක් නිර්මානය කෙරී ඇත.

    aran-23j-img1.gif


    aran-23j-img2.gif


    ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරු වෙත කරුනු දක්වන උස්සාපිටිය සුමංගල විදුහලේ රැඳවියන්

    ලෝසවෙඅ අදහස් දැක්වූ එහි රැඳවියෙකු වන කමලා කබ්රාල්: “දෙමාපියන් අපිව මෙතනින් ඉවත් කරන්න කියනවා. අපිට හරි වේදනයි, අපි හිඟන්නො නෙවෙයි, හොඳට ජීවත් වෙච්ච අය, දැන් නම් අපි අසරනයි, අපි කැමැති නෑ මේ ඉස්කෝලෙ වහල ඒ දරුවන්ගෙ අධ්‍යාපනයට බාධා කරනවට. ඒත් අපි මොනවා කරන්නද? වග කිවයුතු ඉහල අය මේව විසඳන්න ඕනෑ.

    “කඳවුරෙන් ආහාරපාන ලැබුන ද තමාට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් එම කඳවුරෙන් පිටව තමාගේම ජීවිතයක් යලි පටන් ගැනීම” බව ඇය පැවසුවාය. “ඒ සඳහා අපට නිවසක් ඉඩමක් හා ජීවන මාර්ගයක් පාදා දෙන එක ඒක කවුරුවත් කරන්නෙ නෑ.”

    තමා පිලිබඳ ආන්ඩුවේ නොතැකීම සම්බන්ධයෙන් දිවයින පුරා විපතටපත් ජනයා අතර වැඩෙමින් පවතිනුයේ බලගතු විරෝධයකි. ජල ගැලීමෙන් මසක් ගත වන තැන කොලඹ අංගොඩ, වැලිවේරිය හා කොටිකාවත්ත යන ප‍්‍රදේශවල ජනයා යලි විරෝධතාවයේ යෙදුනේ තමන් අවතැන්ව සිටි මාසයේ දී පවා ජල බිල හා විදුලි බිල කිසිදු සහනයකින් තොරව අය කිරීමට එරෙහිවයි.

    අබලන් වූ කානු පද්ධති හා වැව් බැමි පිලිසකර කර දී ජලය බැස යෑම සලස්වන්නැයි ඉල්ලා හලාවත මෛක්කුලම ග‍්‍රාමසේවා වසමේ දුගී ජනයා හලාවත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට තවත් උද්ඝෝෂනයක නිරත විය. මේ පසුගිය සතියේ වාර්තා වූ විරෝධතා අතරින් දෙකක් පමනි.

    ආන්ඩුවේ එල්ලය විපතට පත්වූවන්ට සහන සැලසීම නොව එය ගසා කමින් කම්කරු පීඩිත ජනයාට එරෙහි තම න්‍යාය පත‍්‍රය පෙරට ගැනීමයි. ගංවතුර බැස යමින් තිබියදීම, පසුගිය මැයි 23 දා, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින් නායයෑමට හා ජලගැලීම්වලට ලක් වූ ප‍්‍රදේශ අධිආරක්ෂිත කලාප ලෙස නම් කලේය. එය භාවිතා කරමින්, කොලඹ නගරය තුල එකී “අධි ආරක්ෂිත කලාප” තුල ජීවත්වන දුගී ජනයා ඔවුනගේ නිවෙස්වලින් වහා ඉවත් කොට නිදහස් කර ගන්නා ඉඩම් දෙස් විදෙස් මහා ව්‍යාපාරිකයන් සඳහා ලබා දීම ආන්ඩුවේ අභිප‍්‍රායයි. “ක්ෂනික ජලගැලීම් නවතා දැමීම සඳහා අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම” යන කඩතුරාව මේ සඳහා උපයෝගී කරගෙන තිබේ.

    ජලගැලීම් සහ නායයාම් වලට ගොදුරු වූ දිවයින පුරා ජනයාට අමතරව, අවිස්සාවේල්ලේ සාලාව යුද අවි ගබාඩාව පිපිරීමෙන් අවතැන් වූ සිය ගනනක් පිරිස් තුල ද තමා එම විපතට ගොදුරු කොට නොතකා සිටීම සම්බන්ධයෙන් ආන්ඩුව කෙරෙහි වැඩෙමින් පවත්නේ බලගතු විරෝධයකි. ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව මත ආන්ඩුව ගෙනයන කප්පාදු හේතුවෙන් රටපුරා කම්කරු පීඩිත මහජනයා අතර ආන්ඩුවටත් සමස්ත ධනපති සංස්ථාපිතයටත් එරෙහිව වැඩෙන පොදු විරෝධය සමග විපතට පත්වූවන්ගේ විරෝධය ඒකාග‍්‍ර වෙමින් පවතී.

    http://www.wsws.org/sinhala/2016/2016jun/aran-23j.html

    title.png