මෛත්‍රී සමග හෙට එක්වීමට සිටි ප්‍රාදේශීය සභා උප සභාපති සහ මන්ත්‍රී 4 ක් පැහැර ගනිති: පැහැර ගැනීමට පෙර මරා දුරකථනයෙන් තර්ජනය කරලා
(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.12, ප.ව.8.30) කෝටි ගණන් මුදල් අල්ලස් දී රාජපක්ෂ රෙජීමය හැර යන දේශපාලනඥයන් වළකා ගැනීම නොහැකි වූ තැන පාතාල කල්ලියක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති රාජපක්ෂ රෙජීමය තමන්ගේම දේශපාලනඥයන් පැහැර ගෙන යෑම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ මහජනතාවට දැනුම් දෙමු.
හෙට(13) මැදවච්චියේ පැවැත්වෙන විපක්ෂ රැලියේදී මෛත්‍රී සමග එක්වීමට සූදානමින් සිටි මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති නලින් විජේරත්න සමග තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් මේ වන විට පැහැරගෙන මහනුවර බලා රැගෙන යමින් සිටිති.
මෙම පැහැර ගැනීම සිදුකර ඇත්තේ රාජපක්ෂ මිනීමරුවන්ගේ සට්ටැඹියෙක් වන හම්බන්තොට පිස්තෝල නගරාධිපති එරාජ් ප්‍රනාන්දු විසින් මෙහෙයවන මැර කණ්ඩායමක් විසිනි.
පැහැර ගැනීමට පෙර නලින් විජේරත්නට දුරකථනයෙන් අමතා ඇති මැදමූලන මරා ‘මෛත්‍රී සමග එක් වුවහොත් සිදුකරන දේ බලා ගනිං‘ කියා තර්ජනය කර තිබේ.
පැහැර ගැනීමට ලක්ව ඇති නලින් විජේරත්න උප සභාපතිවරයා සහ ප්‍රා.සභා මන්ත්‍රී සිව් දෙනා සමත තවත් 20 කගේ ක්‍රියාකාරීන් කන්ඩායමක් හෙට රැලියේදී මෛත්‍රී සමග එක්වීමට සූදානමින් සිටියහ. ඒ පිලිබඳ සියළු කටයුතු දුමින්ද දිසානායක හිටපු ඇමැති වරයා සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණ සිටියහ.
පැහැර ගෙන යන අතර තුරදී මීට ස්වල්ප වේලාවකට පෙර මහත් වෑයමකින් කතා කර ඇති නලින් විජේරත්න තමා ඇතුළු ප්‍රා.සභා මන්ත්‍රී 4 ක් පැහැර ගෙන යන බව විපක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයෙකුට දැනුම් දී ඇත.
මේ අතර විපක්ෂයට එක්වූ කොටිකාවත්ත ප්‍රාදේශීය සභ සභාපති සෝලංගආරච්චිට මරණ තර්ජන එල්ල වී ඇතැයි ඊයේ මාධ්‍ය හමුවක් තබමින් ඔහු හෙළි කර සිටියේ ය.

