ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

waula555

Member
Oct 1, 2020
8
4
3
අහල නැද්ද ලොකුස්වාමීන් වහන්සේ බයිලා කියනවා
වහල තිබ්බ පාලු ගෙවල් ඉබේ ඇරෙනවා...

 

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සතර සතිපට්ඨානයේ ලෝකෝත්තර අර්ථය විස්තර කෙරෙන නවතම ධර්ම දේශනාව

     
    • Like
    Reactions: mr90486

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    හුස්ම හරි වෙන මොකක් හරි අරමුණක් අරන් හරි ඒක වඩල සමාදියක් හදා ගත්ත කියමුකො. ඒක කරන්න පුළුවන්. බැරි නෑ. මට දන්න එකෙක් කියපල්ල එහෙම සමාදියක් හදා ගත්තට පස්සෙ මොකද්ද වෙන්නෙ? කොහොමද සෝවාන් වෙන්නෙ කියල. අත්දැකීම් තියෙනවනන් විස්තර කරල කියන්න බැරි කමක් නෑනෙ. එහෙමත් බැරිනං අඩු ගානෙ voice record එකක් හරි upload කරපන් විස්තරේ පැහැදිලි කරල

    සමාධිය වඩන්න ඕන සෝතාපන්න මාර්ගස්ථයා විසින් පලය ලබන්න. ඒ කියන්නේ කලින් අහල දැනගෙන ඉන්න ඕන මොකද්ද මාර්ගය කියල. ඒ කියන්නේ සතර අංග දැනගෙන ඉන්න ඕන. කල්යානමිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපධාව.
    නිවන් දකින්න අවශ්‍ය ප්‍රතිපධාව අහගත්තාට පස්සේ, ඒක නුවනින් දකින්න යනකොට සිත විසිරිලා තියෙන හින්දා,යම් කමටහනක සිත තියාගෙන, සිත පොඩ්ඩක් සන්සුන් කරගෙන අර අහගත්ත ධර්ම කරුණු නුවනින් විමසන්න පටන්ගන්න ඕන. ඒ කියන්නේ සිත තුලින්ම දකින්න ඕන. එත් පෙන්නේ නැත්තම් සිත තවත් සන්සුන් කරගන්න ඕන. එතකොට මෙතන වැදගත් කරුණ නම්, සමාධිය වඩන්නේ දැකිය යුත්ත දැකීමට මිසක් ධ්‍යාන ලබන්න නොවේ. දැකිය යුත්ත දකිනම් ඒ සමාධිය හොඳටම ප්‍රමාණවත්.
    එහෙනම් ඔක්කොමටම කලින් හොයන්න ඕන දැකිය යුතු ධර්මය මොකද්ද කියලා.
    ප.ලි : සෝතාපන්න වෙනවා කියන්නේ ලෝක ධර්මතාවයක්. ඒක කාගෙවත් පුද්ගලික මානසික අත්දැකීමක් නෙවේ.
    මම කිව්වොත්, අරය ගාව මෙයා ගාව හරි මාර්ගය තියෙනවා කියල, ඒක තවත් එක article එකක් විතරක් වෙනවා. එතනින් එහාට වැඩක් නැති වෙනවා. මමනම් කියන්නේ විව්ර්ත මනසකින් හැම කෙනෙක් ම කියන දෙයක් අහල බලන්න ඕන. ටික කාලයක් යනකොට හරි වැරැද්ද තේරෙනවා . සමහර විට අවරුදු 10ක් වෙන්නත් පුළුවන්.
    ඕනවට වඩා සංකීර්න කරගන්න ඕන නැහැ. මෙතැන දැන ගන්න තියෙන්නේ අතේ ඇඟිලි ගානවට වඩා අඩු කොටසක්. හරිම සරලයි. හැබැයි සියුම් .