කණ්නාඩියෙන් පෙනෙනවා වගේ දිළිසෙන්න වැලි කඩදාසියෙන් උලන්න ඕන නැහැ, තාච්චුවේ පොඩි සිදුරු තියෙන්න ඕන, ඒවා වල තෙල් රැඳුනම තමා ආප්පය ඇලෙන්නේ නැතිව ගලවන්න පුළුවන් වෙන්නේ, රස්නේ වැඩි වුනහමත් අඩු වුනහමත් බැහැ. ආප්පය හදන්න කලින් තාච්චුව රත් කරන්න, බැට්වයිස් කිව්වා වගේ තෙල් පොට්ටේනිය උළන්න, ආපහු ළිපේ තියන්න. දැන් දුම් දාන්න ගත්තහම ආප්ප මිශ්‍රනේ ටිකක් දාල කරකවන්න, වාටිය හය්ය වෙන්න ඕන නම් වාටිය කොටසේ එක පාරක් විතරක් පිටි තැවරුනාම ඇති. දැන් පියනකින් වහල ටිකක් තැම්බෙන්න අරින්න. වාටිය යන්තමට කර වේගෙන එනකොට ලී හැන්දකින් ආප්පය ගලවල ගන්න, ටිකක් ඇලුනා ට කමක් නෑ, හූරන්න එපා, තෙල් පොට්ටේනියෙන් උරච්චි කරලා ඇලුණු ටික අයින් කරන්න.