ආබාධිත රණවිරුවන්ගේ

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ආබාධිත රණවිරුවන්ගේ

    ජය විරෝධතා ඉදිරිපත් කිරීම හේතුවෙන් ආබාධිත යුද හමුදා සෙබළුන්ට හිඟ වැටුප් නොගෙවීමට එරෙහිව පවරා ඇති නඩුව සමතයට පත්කර ගැනීමට තිබූ අවකාශය බිඳ වැටී ඇතැයි ආබාධිත රණවිරුවන්ගේ සංගමය කියා සිටියි.
    අදාළ නඩුව සමතයකට පත්කළ හැකි බව මිට පෙර රජයේ පාර්ශවයෙන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.
    එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේ දී රජයේ නීතිවේදියා කියා සිටියේ අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරන මෙන් ඉල්ලා යුද හමුදාව විරෝධතා ගොනු කරන බවයි.
    මේ හේතුවෙන් තමන් දිගටම නඩුව පවත්වාගෙන යාමට තීන්දු කල බවයි ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ සභාපති පි.වී.එස්. ශාන්ත පවසන්නේ.
    “ මේක විශාල අසාධාරණයක්. ඇත්තටම අපි තමා සැබෑ රණවිරුවෝ. යුද්ධය නිසා ආබාධයට පත් විශාල පිරිසක් ඇප සමග සිටිනවා. ඔවුන්ට විශ්‍රාම වැටුප හිමිවන තුරු හිඟ වැටුප් ලැබීමට හිමිකම් තිබෙනවා. ඒවා ලබා දිය හැකියි. එහෙත් එය ලබා දීමට බලධාරීන් කටයුතු කරන්නේ නැහැ. මේක කණගාටුදායක තත්වයක්.” ඔහු කියා සිටියේය.
    කෙසේ වෙතත් පෙත්සම ජනවාරි මස 29 කැඳවීමට නියම කළ අධිකරණය එදිනට නඩුව විභාග කරන බවයි ප්‍රකාශ කලේ.
    යුද්ධයෙන් ආබාධිත වූ යුද හමුදා සෙබළුන් 293 විසින් මෙම පෙත්සම ගොනු කර ඇත


    Source: http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141202_disable_soldiers

    140120114644_lanka_disabled_640x360_bbc.jpg