ආයුධ වෙළඳාම සහ අතරමැදියෝ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආයුධ වෙළඳාම සහ අතරමැදියෝ

    ලෝකයේ අන්තර් ජාතික ආයුධ වෙළදාමේ අල්ලස් සහ දුෂණ නිසා වන නාස්තිය වසරකට ඩොලර් බිලියන 20 ක් යැයි ගණන් බලා තිබේ :eek::eek::eek::eek: - මෙම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදනයේ වටිනාකමෙන් දල වශයෙන් 1/4 පමණ වෙයි එහෙමත් නැත්නම් ලෝකයේ දියුණුම රටවල් කණ්ඩායම වන G 8 කණ්ඩායම අනෙක් දුප්පත් රටවලට දෙන ආධාර ප්‍රමාණයේ මුලු වටිනාකමට සමානය. මෙම ඇස්තමේන්තු කිරීම කර ඇත්තේ ලෝක බැංකුවේ සහ ස්ටොක් හෝම් අන්තර් ජාතික සාමය පිළිබද ආයතනය විසිනි.

    මෙම ආයුද මිලට ගැනීමේ අල්ලස් සහ දුෂණ වැඩිම රටවල් කණ්ඩායමට ඇතුල් කර ඇත්තේ ඇල්ජිරියාව, ඇන්ගෝලාව, ඊජිප්තුව, ලිබියාව, සිරියාව, සහ යේමනයය. මෙම කණ්ඩායම F කණ්ඩායම ලෙස හැදින්වෙයි. ඊ ලගට අවි ආයුද මිලට ගැනීමේදී ,අල්ලස් සහ දුෂණ වලින් ගහන රටවල් කණ්ඩායමට ඇතුළු වීමට අපේ කුඩා ශ්‍රී ලංකාවටද ගෞරවය ලැබී ඇත්තේය.

    අප කණ්ඩායමේ සිටින රටවල් නම් සෞදි අරාබිය, ඉන්දුනීසියාව, ඕමානය, ශ්‍රී ලංකාව, වෙනින්සියුලාව, ඉරානය, ඉරාකය, නයිජීරියාව, මොරොක්කෝව, කටාර්, උස්බෙකිස්තානය, සහ සිම්බාබ්වේ යන රටවල්ය. එකට සිටින අයගෙන් කෙනෙකුගේ තත්වය දැන ගත හැකි යයි කියනු ලැබේ.:sorry::sorry::sorry::sorry:

    වර්තමානයේ දකුණු අප්‍රිකාවේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ ඇති වී තිබෙන ප්‍රධාන බෙදීමට හේතුව වුයේද බිලියන ගණනක ආයුධ මිලදී ගැනීමකදී ඇතිවූ අල්ලස් හා දුෂණ ප්‍රශ්නයන්ය.

    සෞදි අරාබියට නමසිය අසුගණන් වල බිලියන 43 ක ආයුධ විකිනිමකදී එක්සත් රාජධානියේ BAE සමාගමටද මෙවැනි අල්ලස් හා දුෂණ චෝදනාවකට චෝදනාවකට මුහුණ දීමට සිදුවිය. අවුරුදු විසි ගණනක පරීක්ෂණ වලින් පසු BAE සමාගම ඇමෙරිකානු නීතිඥයන් ඉදිරියේ මෙම ආයුධ විකිණීම ස්ථිර කර ගැනීම සඳහා නම් සඳහන් නොකල උපදේශක වරුන් දෙදෙනෙකුට $ මිලියන 10කට සහ 9කට වැඩි ගණන් වලින් ස්විස් බැංකු ගිණුම් වලට ගෙවන ලද බව පිළිගන්නා ලද්දේය. මෙම මුදල් එකල සෞදි ආරක්ෂක ඇමතිවරයා වූ සුල්තාන් කුමරුගේ පුතා වූ බන්දාර් කුමරුට ගෙවන ලද බව ට බොහෝ දෙන සැක පහල කළහ.

    මෙවැනි අල්ලස් හා දුෂණ වීමට ඉඩ ඇතැයි අපට සිතෙන රට වල තිබෙන තත්වය කෙසේ වුවද එවැනි ආයුද මිලදී ගැනීමේ අල්ලස් ඇතිවේ යයි අප කොහොමටවත් සිතන්නේවත් නොමැති රටවලද එවැනි සිදුවීම් සිදුවී ඇත්තේය. එයට හොඳම උදාහරණයක් වනුයේ ග්‍රීසිය පසුගිය කාලයේ ජර්මනියෙන් මිලදී ගත් U 214 සබ්මැරින් 4යි. මෙම $ බිලියන 17 ක මිලදී ගැනීමට ග්‍රිසි රජයේ ආරක්ෂක ඇමති ඇතුළු දේශපාලකයන් සහ අමාත්‍යංශ නිලධාරීන්ට ජර්මානු සමාගම ඉයුරෝ මිලියන 1000 කට වඩා අල්ලස් වශයෙන් ගෙවන ලද බවට ඔප්පු වීමය.

    මෙම පරීක්ෂණයෙන් පසු එම අල්ලස් වලට සම්බන්ධවූ එකල ග්‍රීක ආරක්ෂක ඇමති වරයා අවුරුදු විස්සක් සිරගෙට නියම වූ අතර
    ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජ්‍ය මිලදී ගැනීම් ප්‍රධානි - අවුරුදු 25 සිරගෙදරටද තවත් සත් දෙනෙකුට නොයෙකුත් දඬුවම් ලැබිණ.


    මෙවැනි ආයුධ මිලදී ගැනීමේදී වන අල්ලස් සහ දුෂණ බොහෝ රටවල බොහෝ විට සිදුවෙයි. මෙම ක්ෂේත්‍රයේ මෙලෙස අධික ලෙස අල්ලස් සහ දුෂණ ඇතිවීමට විශේෂිත හේතු මොනවාද?



    • ආයුද සහ හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ දැනීම මඳ වීම.
    • ආරක්ෂක හමුදාවල කටයුතු වලට ඇඟිලි ගැසීමට බොහෝ අය මැලි වීම.
    • ආරක්ෂක හමුදා සඳහා කරන මිලදී ගැනීම්වලට විරුද්ද වන්නන් දේශ ද්‍රෝහීන් ලෙසට හංවඩු ගසා ඔවුන් ගේ විරුද්ද වීම් පිළිකුලට ලක් කිරීම.
    • වෙනත් රාජ්‍ය ආයතන වල මෙන් නොව හමුදා වල සාමාජිකයන් ට වුර්තිය සමිති ආදිය නොමැති නිසා එක්ව විරෝධය පෑමට ඇති නොහැකියාව.
    • හමුදා නිලධාරින් යම් විරුද්ද වීමක් නිසා දෝෂ දර්ශනයට ලක් වුව හොත් ඔවුන්ගේ සම්පුර්ණ අනාගතයම පාහේ විනාශ වීම.
    • බොහෝ ජනතාව අවසාන යුද්දයේ ජීවත්වීම .
    මෙවැනි අල්ලස් හා දුෂණ සිදුවීමෙන් ජාතියට වන පාඩු මොනවාද? පහත ඇත්තේ ඒවායින් කිහිපයකි.

    • ජාතික ආරක්ෂාවට ඒ අවස්ථාවේ අවශ්‍යම හමුදා උපකරණ නොලැබීම ( උදා - ඉතාම අත්‍යවශ්‍ය දේශ සිමා මුර කරන මුර ගුවන් යානා වෙනුවට යුධ ටැංකි මිලට ගැනීම)
    • රටේ සංවර්ධනයට සහ සමාජ ශුභ සාදනයට අවශ්‍යම සම්පත් අත්‍යවශ්‍ය නොවන කටයුත්තකට යෙදවීම
    • මිලදී ගත අනවශ්‍ය උපකරණ බොහෝ ප්‍රයෝජනවත් යයි පෙන්වීමට ඒවා නිතරම සේවයේ යෙදවීමට හා නඩත්තු කිරීමට තවත් අමතර විශාල වියදම් කිරීමට සිදුවීම
    • වසර ගණනාවක් නය ගෙවීමට සිදුවීම නිසා අත්‍යවශ්‍ය ආරක්ෂක වියදම් කපාහැරීමට සිදුවීම.
    • අනවශ්‍ය ලෙස ආරක්ෂක වියදම අහස උසට යාම නිසා රටට සාමකාමී රටක් ලෙස තිබෙන පිළිගනිම අඩුවීම.
    • ජාත්‍යන්තර මුල්‍ය ආයතන වුවද මෙතරම් ආරක්ෂාවට වියදම් කරන රටකට උපකාර කිරීමට මැලි වීම.
    • සටනේදී අවිවල පිටුපසින් සිටින්නන්ට පහසුකම් ඇති කිරීමට මුදල් හිඟ වීම.


    හොදනම් රෙපක් ගහමු
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ මේ දිග ත්‍රෙඩ් දාගෙන නම නොකිය බනින්නෙ ගෝඨටනෙ :angry: