ආයෙත් තුරුළුවුණු අපේ අම්මා

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ආයෙත් තුරුළුවුණු අපේ අම්මා

ආයෙත් තුරුළුවුණු අපේ අම්මා

කඹ අල්ලා
දම්වැල් දා
අල්ලා සිටි මගේ ජීවිතය...

නිදහස් කර ගතිමි දිනක්
සවාරියකට මග පාදමින


එල්ලාගෙන සිටි තාත්තාගේ මුහුණ
කේන්තියෙන් සිටිනු දුටුවෙමි එවිට
කරකියා ගත නොහැකිව නිතින
මුහුණවත් නොබලන අයුරින


ඒත් මා යා යුතුම වේ
යළි දිනක් නොම වන බැවින
වැටහුණද නොවැටහුණ මෙන් සිටියද
තාත්තාගේ හිතුවක්කාරයා මම බැවින


යන්නට තවත් මොහොතයි
අම්මාගේ නෙතග කඳුළු බිඳුවයි
හඬන්නට කඳුළු උල්පතයි
ඇය මගේ තුරුළට වාරුවක් ඉල්ලයි


කාලයක් ඈත් වී
හිටි දෙදෙන තුරුල් වී
සෙනෙහසින් බැඳි බැඳී
හැඬුම් දුන්නෙමි එදා විරහවට සමු දී


ඒත් නුඹ මග බලා
හිටි අයුරු හඬාලා
නැත කිසිත් දවසක
අමතක වනු වියෝ වෙලා


කාව්‍ය සංකල්පය - මාලන් විදානපතිරණ