ආයෙමත්_ඇවිදින් - පළමු දිගහැරුම
හලෝ යාළුවනේ කොහොමද ඉතින් ?? හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් max_xx පොරොන්දු වෙච්ච විදිහටම මම මගේ ඊළඟ කතාවත් අරගෙන ආවා.
හිතුවක්කාර ආදරය කතාව එක්ක හිටිය ඔයාලට ගොඩක් තෑන්ක්ස්. බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න ඔය පහලින් තියන link එක click කරන්නකෝ.
http://www.elakiri.com/forum/showthread.php?p=17680847#post17680847
ඉතින් එහෙනම් මගේ මේ කතාවත් කියවලම බලන්නකො. කොමෙන්ටුවක් දාල යන්නත් අමතක කරන්න එපා හරි.

ආයෙමත් ඇවිදින් ...

ටයි පොල්ලක් පැළඳ සීටීම එතරම්ම නුපුරුදු වුවද සම්මුක පරීක්ෂනයට පෙනී සිටීමට එය උවමනා වූ නිසා මම දැනුනා වූ අපහසුව ඉවසාගෙන සිටියෙමි. ටයි පොල්ල කෙසේ වෙතත් මා ඉදිරියෙන් එහා මෙහා ඇවිදින සුන්දර යුවතියන් මාගේ සිතිවිලි සන්කීර්ණ කලද මා ඒ සියල්ල ඉවසාගෙන සිටියේ තවත් මිනිත්තු කීපයකින් මට සහබාගී වීමට තිබූ සම්මුක පරීක්ෂනය නිසා වූ අතර අඩි උස පාවහන් පැළඳ ටොකොස් ටොකොස් හඬ නගමින් කලවා ප්‍රදේෂයෙන් හතරෙන් එකක් පමන යාන්තමට වැසෙන ආකාරයෙ කොට සායකින් සැරසී පිටුපස තාලයකට නලවමින් ඇවිද යන මේ යුවතියන් පාන්දරා මගේ හැඟීම් මටම අකීකරු කෙරුවද කෙසේ හෝ මා එම හැඟීම්ද පාලනය කර ගත්තේ අද දින මගේ ජීවිතයේ ඉතා වැදගත් දවසක් නැතහොත් ජීවිතයේ කඩඉමක් වූ නිසාවෙනි.
මක්නිසාදයත් මගේ හිතුවක්කාරකම් නිසා පසුගිය අවුරුදු දෙකක පමණ කාලයක් මම මගේ ජීවිතයෙන් වන්දි ගෙව්වෙමි. ගැහැණු ළමයෙකුගේ ආදරයෙන් වල්මත් වී අන්ද වී සිටි මා හට ජීවිතයේ නැතිවූ දේ බොහෝය. නොලැබූ දේ බොහෝය. දෙයක් ලැබුනානම් ඒ මේ හිත වේදනාවෙන් පුරවන ආදර මතකයන් කීපක් පමනක්මය. එමෙන්ම තවමත් ඇගේ මතකයන් මාගේ හිතේ කොනක තනියට තනි රැකීම මටද පැහැදිලි කල නොහැකි දෙයක් වූ නිසා ඒ මතකයන්ට මගේ හිතේ කොනකට වී තනී රැකීමට මම අවසර දුන්නෙමි.
කරුනු කාරනා කෙසේ උවද අද මා සිටිනා තත්වය පිළිබඳව මම ආඩම්බර වූයෙමි. මක්නිසාදයත් මා ඇය නොමැතිව වෙනදාටත් වඩා හොන්දින් කාලය ගත කල නිසාය. යම්කිසි දෙයක අවසානය තවත් හොඳ දෙයක ඇරඹුමක් කියන්නා සේ ඇගෙන් පසුව මම මගේ ජීවිතය අලුතින්ම ඇරඹුවෙමි. ඇගෙන් ලැබුනු අවලාද හා ආදරයක් දුන් වේදනා මා දුර්වලයෙකු නොව මා තව තවත් ශක්තිවන්තයෙකු ලෙස මම මාගේ දෙපයින් නැගිටුයේ ඇය ජීවත්ම සිටිද්දීම නිසා හා ඇය දැනුවත්ව නිසා මට දැනුනු ඒ විරහව පාලනය කර ගැනීමට මට හැකි විය. මාගේ නව ආරම්භයත් සමගම මා පරිඝනක ලෝකයේ මගේම අනන්ය්යතාවයක් ගොඩනගමින් හැකර් වරයෙකු ලෙස නම් දැරුවෙමි.
අද දිනයේ මගේ හැකියාවන් මුලු ලොවටම ඉදිරිපත් කිරීමට අවස්තාවක් ලැබීතිබුනද සම්මුක පරීක්ෂනයට මා ඇතුලුව තවත් කීපදෙනෙකු පැමින සිටීම නිසා මට අද දිනයද ජය ගැනීමට ඉතිරි වී තිබුනේය. ඉතා අසීරු වූ සම්මුක පරීක්ෂනයන් කීපයකින් පසුව අවසාන සම්මුක පරීක්ෂනයට අප හතර දෙනා තේරීපත් වී තිබුනේ අනෙක් සියලුම දෙනා අබිබවමින් වූ අතර අප තරින් එක අයකුට 'නෙට්වර්ක් සිකියුරිටි ඉන්ජිනියර්' පට්ටම සහිතව ජීවිතය ඇරබීමට සිදුවන අතර අනෙක් තිදෙනාටම තම බලාපොරොත්තූන් මදකට පරිස්සම් කර ආපසු හැරීයාමට සිදුවනවා නොඅනුමානය. තත්වය කෙසේ පැවතුනත් අවසාන සම්මුක පරීක්ෂනයටත් සාර්තකව මුහුනදෙමි යැයි සිතමින් මාගේ වාරය පැමිනෙන තුරු මම වටපිටාවෙහි ඇති සුන්දර බව නිහඬව වින්දෙමි. එහි ඇති සරාගී බව වින්දෙමි.
මාගේ වාරය පැමින පරික්ෂයක් වෙත මා පියනැගුවද ඔවුන් තුල තිබූ නිහඬබව මාසිත මදකට සසල කලද මීට පෙර පරීක්ෂන වලදී මා දැක තිබු දෙදෙනෙක් සිටීම නිසා මා ගේ සිතට දැනුනු ඒ අමුතුම හැඟීම ඉතා ඉක්මනින්ම නැතිවී ගියේය. මා අසලින් සිටි ඒ දැවැන්ත චරිත පහ එකිනෙකා හඳුන්වා දෙමින් සම්මුක පරීක්ෂනය ආරම්භ කලේය. යකා සිතන තරම්ම කලු නැහැයි කියනවා සේ ඔවුනට මුහුන දීමට මා හට අපහසුවක් නොතිබූ තරම්ය.
"තිනුර ඩි සිල්වා.. ම්ම්ම් තිනුර .. ලස්සන නමක්"
"නැතුව නැතුව ඩිල්ෂානි. කොල්ලගෙ නම වගේම කොල්ලත් හැඩයි. හැබැයි ඉතින් මෙයාගෙ වැට ඊටත් වඩා හැඩැයි"
පරීක්ෂකයන් අතර වූ එකම ගැහැණු චරිතය මා හට එසේ පවස විට මා හට තරමක ලැජ්ජාවක් ඇති උවද මීට කලින් පරීක්ෂන වලදී හමු වූ පරීක්ෂකයෙකු වූ නිෂාන්ත මහතා මා පිළිබඳව පැවසූ වචන කීපයෙන් මගේ සිත සතුටින් හා ආඩම්භරයෙන් පිරුණු අතරම අලුත් බලාපොරොත්තුවක් මසිත තුල ඇතිවිය.
"වයස කීයද, තිනුර"
"විසි හයයි සර්"
"ම්ම්ම්.. අපි මේ තනතුරට ඒජ් ලිමිට් එක දාල තිබ්බෙ විසි හතර. ඒත් අපි හොයපු පුද්ගලයා ඔයා කියලා අපිට හිතෙනවා. එහෙම නේද සමීර"
"ඒකනම් ඇත්ත රන්දෙනි. තිනුර.. ඔයා මේ වගේ තැනකට ඇප්ලයි කරන්න මොකද මේච්චර පරක්කු උනේ. මොකද ඔයාගෙ සීවී එක බැළුවහම හැම පැත්තම හොඳට බැලන්ස්ව තියනවා. ඒත් ඔයාගෙ පහුගිය අවුරුදු දෙකක වගේ කාලයක් ගැන කිසිම සඳහනක් නැහැ."
"ඒක ඇත්ත සමීර. මමත් ඔයාගෙන් අහන්න හිටියෙ ඔය ගැන. මොකද මේ වගේ ආයතනයක වැඩබාර ගනිද්දි අපිට සිද්ද වෙනවා අපි ගාවට එන අය ගැන පැහැදිලි වාර්තාවක් හදන්න. ඒ නිසයි අපි ඇහුවෙ ඔයාගෙ ඒ කාල සීමාව ගැන. අහිතක් හිතන්න එපා, ඔයාට මේ ගැන පැහැදිලි කිර්‍රීමක් කරන්න පුලුවන්ද තිනුර"
ඔවුන් එසේ පවසන විට මීට ඉහතදී දැනුන ආඩම්බර හැඳීම් සුනු විසුනු වී ගිය අතර ඔවුන් සියලු දෙනාටම මා සිනහවකින් සන්ග්‍රහ කලේ මා ඔවුනට කුමක් පවසන්නද යන්න මගේ මනසට එකවර නොපැමිනි නිසාය. මා මේ පැමිනි ගමන මෙතනින් මෙලෙස නිම කිරීමට මම අකමැති වූ නිසා මා ඔවුනට පැවසිය යුතු දේ පිළිබඳව මදකට කල්පනා කලේ ඔවුන්ගෙන් නැගුනු තවත් අතුරු ප්‍රස්න කීපයකට පිළිතුරු දෙන ගමන්මය.
"ආන්ටි තිනුර ඉන්නවද, අද ක්ලාස් ආවෙත් නෑ නේද. අසනීපයක්වත්ද?"
"මොන අසනීපද පුතා, අන්න නිදි හොඳටම. ඊයෙ එළිවෙනක්ම්ම කොම්පියුටරය ඉස්සරහට වෙලා මොන මොනවදෝ කලා. නිදිමතයි කියල තමා අද ක්ලාස් ගියෙත් නැත්තෙ"
"ඒකත් එහෙමද.. මම බලන්නම්කො ආන්ටි එහෙනම්"
ලස්සන සිනහ හඬක් ඇසුනද එය පැමිනෙන්නේ කොහෙන්ද යන්න මාහට නිවරැදි අවබොදයක් නොතිබුනි.මට හැකි අයුරින් එම සිත වසඟ කරන්නා වූ සිනහවෙහි අයිතිකාරිය සෙවීමට උත්සහ දැරූවද එය තරමක් මට අපහසු වූයේ මා කිසියම් වූ පිරිසක් මැද තනි වී සිටි නිසාවෙනි. නමුත් මගේ වමතට දැනුනු සිනිදු ස්පර්ෂයක් නිසා තිගැස්සී හැරී බැලුවේ මා වමති දැවටී ගිය ඒ යුවතිය නිසාය. මා මෙතුවක් වෙලා සොයමි සිටි රුව ඇය වූ නමුත් ඇගේ මුහුණ හරි ආකාරව මට දැක ගැනීමට අපහසුවූ හෙයින් මම ඇගේ පසු පස ඇදෙන්නට විය. පිරිමියෙකුගේ සිත වසඟ කරන තරමටම ඇගේ සිරුර හැඩය. ඇගේ ඉන දක්වා විහිදුනු දඟකාර වරලස නැලවූයේ අගේ හැඩකාර සිරුරේ රිද්මයටම වූ අතර තාලයලට ට්බන පාද ද ඇයට එක්කලේ ඇයටම ආවේනික වූ සුන්දරත්වක්ය. ලහිල්හියේ ඇදෙන ඈ යන තැන නොදැන සිටියද මම මගේ පියවරවල් ඉක්මන් කලේ ඇගේ මුහුණ දැක ගැනීමට මසිත තුල වූ දැඩි ආසාව නිසාය. මා වටා සිටි සෙනඟ අතරින් මා ඈ අසලට ලන්වත්ම මාගේ මුළු ශරීරයම සීතල වී ගිය අතර ඊළඟ මොහොතේ ඇය මාගේ දර්ෂන තලයේ නොසිටියේය.
"තිනුර.. නැගිටිනව ඕයි.. පන්සල් යන්නෙ නැද්ද. අද ඉඳන් පටන් ගන්න බෝධි පූජාවට සප් එක දෙනව කියල හාමුදුරුවන්ට ටෝක්ස් දුන්න නේද"
මගේ මිතුරා වූ ගයාන් මා අසල සිටිනවා මම දුටුවෙමි. මා සිහිනයක ගිලී ඇතිබව මට තේරුම්ගැනීමට එතරම්ම කාලයක් ගත නොවුනද මට දැනුනා වූ ඒ ස්පර්ෂය මට තවමත් දැනෙන්නට විය. මාගේ වමත දිහා මද වේලාවක් නිහඬව බලා සිටියේ මගේ මිතුරා වූ ගයාන්වද මොහොතකට නිහඩකරවමින්ය. මා දුටුවේ සිහිනයක්මදැයි මට තවමත් සිතාගත නොහැකි වූ නොසාදෝ මගේ මිතුරාගේ වතුර පහරින් තෙත්වුන ඇඳ මතම වාඩි වී තප්පර කීපයක නිහඬබවක් රැක්කෙමි.
"මොකද බන් මාව දැකපු පළවෙනි පාර වගේ.. යකෝ මේ ඉන්නෙ උඹේ යාළුවා.. ගයාන්. නැගිටපන් දැන්"
"අනේ ගයාන්.. මගේ මිතුරා ගයාන්.. උඹ කෑව බන්. තව විනාඩි දෙකක් උඹට පරක්කුවෙලා එන්න බැරි උනාද බොල. මම මාරම හීනෙක හිටියෙ. තෝ කෑව ඒක"
"අනේ උඹේ හීන. මොකද පූජා උමා ශන්කර්ගෙ ඔඩොක්කුවෙ නිදාගෙන හිටියද උඹ. ඒකි අනේ මගේ තිනුර කියල ඔළුව අතගාබ්බ ඇති"
"එහෙම එකක් නේමේ බන්"
"හරි හරි.. මම නොදන්නව නෙමේනෙ උඹ දකින හීන ගැන. අනේ මගෙන් කුණුහරුප අහගන් නැතිව ගිහින් ලෑස්තිවෙයන් පන්සල් යන්න. දැනටමත් පරක්කුයි අපි"
අප පන්සලේ අද දින සිට ඇරඹෙන විෂේස බෝදි පූජා මාලාවෙහි සියළුම වැඩ කටයුතු බාරව තිබුනේ අප දෙදෙනාට හා අප පන්සලේ පොඩි හාමුදුරුවන් දෙනමටය. ඊයේ දිනයේ නිදිවරපු නිසාදෝ පන්සලේ බෝදි පූජා පිංකම පිළෛබඳව මගේ මතකයෙන් මදකට ඈත් වී තිබුනේය.
ගයාන්ගේ කෑගැසීම නිසා මා ඉතා ඉක්මනින්ම ලෑස්ති වී පැමිණි අතර ඒ වනවිටද අප අම්මා හා ගයාන් එකතුව මල් කඩා උර කීපයකටම දමා තිබුනි. අප ගේනවායැයි පොරොන්දු වූ සියළුම දේ රැගෙන පන්සල වෙත පයින්ම පිටත් වූයේ අප නිවසේ සිට පන්සලට එතරම්ම දුරක් නොතිබූ නිසාත් ගයාන්ගේ ආදර වන්තිය වූ ෂෙහානිගේ නිවස ඉදිරියෙන් පයින් යාමට ගයාන්ට අවෂයය වූ නිසාය. අප දෙදෙනා ඇගේ නිවස ඉදිරියෙන් ඇවිද යන පළමු අවස්තාව මෙය නොවූ අතර සුපුරුදු ලෙස ඈ උඩුමහලේ සිට අප හට අතවැනුවේය. තව පැය කීපයක් කඩිසරව වැඩකටයුතු කිරීමට ගයාන්ට එය ප්‍රමානවත් විය.
"මොකද තිනුර උඹ නිහඩ. මොකද්ද අවුල"
"අවුලක් නෑ බන්. යමන් ඉක්මනට පන්සලට. පොඩිහාමුදුරුවො බලාගෙන ඇති"
"අවුලක් නැති වෙන්න බැහැ. මම දන්නවා උඹ ගැන පොඩි කාලෙ ඉඳන්ම. අවුලක්නම් කියපන්. දන්නවනෙ උඹේ යාළුවා ගැන. මේ ගයිය උඹට පනත් දෙනව කියල දන්නවනෙ"
අවන්කවම මගේ මිතුරාට පවසන තරම්ම ප්රෂ්නයක් නොතිබුනත් මා දුටු සිහිනය නිසා මගේ සිත මදකට කලබලකාරී සිතුවිලිවලින් පිරී තිබුනි. මක් නිසාදයත් මට හීනෙන් දැනුනා වූ ඒ ස්පර්ෂය සැබෑවටම මට දැනෙන්නට වූ නිසාය. ඒ ස්පර්ෂය දැනෙනා සෑම විටම මගේ ඇඟේ හිරිගඬු පවා පිපුනි. මම මේ සියළුම දේ පිළිබඳව නැවතත් මගේ මිතුරා වූ ගයාන්ට පැවසූ අතර ඔහුද පුදුම වී මාදෙස බලා සිටියේ මගේ මේ හැසිරීම ඔහුටද ආගන්තුක බවක් ගෙනදුන් නිසාය.
"මට හිතා ගන්න බෑ ගයියා ..."
"පයන්න තමා. තිනුර මේ මගේ යකා අවුස්සන් නැතිව ඉන්නවද. හීනයක් ගැන දොඩවන්නෙ උඹට පිස්සු හැදීගෙන එනවද"
"උඹට තේරෙන්නෙ නෑ බන්. මම හීනයක් දැකපුබව ඇත්ත. ඒත් කොහොමද බන් මට ඒ ෆීලින්ස් තාම තේරෙන්නෙ. බලන්න පැහැදිලි කරපන්. කොහෙද ඒ කෙල්ලගෙ මූණ බලාගන්න හදනකොටමනෙ උඹ ඇවිත් වතුර බාල්දියක් වක්කරේ. අනේ මන්දා උඹට බැරිඋනානෙ තව විනාඩියක්, නැතිනම් තප්පර දහයක් පරක්කුවෙලා එන්න"
"ම්ම්ම්.. ඔය කෙල්ලගෙ මූණ බලාගන්න විදිහක් තියනවා.. මොකද කියන්නෙ"
"අහ් .. ඒ කොහොමද"
"රෑ වෙලා වරෙන් අපේ ගෙදර. ලහිරුවගෙන් මලක් ඉල්ලන් දෙන්නම ගහමු. මොකද කියන්නෙ"
"අම්මප.. යකෝ අපි ඉන්නෙ පන්සලේ"

ආයෙමත් ඇවිදින් - ඊළඟ මොහොතට