ආයෙමත්_ඇවිදින් - පළමු දිගහැරුම

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    අනේ මචන්ස්ලා ගොඩාක් සමාවෙන්න. පට්ට බිසී මේ දවස්වල. ජොබ් එක අස්සෙ ස්ටඩීස් පටන් ගත්ත නිසා ලියන්න කාලයක් නැති තරම්. ඒ නිසයි කතාව මෙච්චර පරක්කු. ආයෙමත් ඇවිදින් ර්ලඟ කොටස හරිම ඉක්මනට දෙන්න max_xx පොරොන්දුවෙනවා. මාත් එක්ක ඉන්න මචන්ස්ලට ගොඩක් තෑන්ක්ස්.
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ආයෙමත් ඇවිදින් - තුන්වන දිගහැරුම

    කොහොමද මචන්ස්ලා .. කාලෙකින් EK පැත්තෙ ආවෙ. පහුගිය දවස්වල පට්ට busy උනා. ඒකයි කතාව දැම්මෙ නැත්තෙ. ඔන්න අද මම ටිකක් ලිව්වා. අද ඉඳන් කතාව දාන්නම් කොහොම හරි. මෙන්න පරන කොටස් දෙක එක්කම තියනවා මෙතන.

    :love::love::love: ආයෙමත් ඇවිදින් :love::love::love:

    ආයෙමත්_ඇවිදින් - පළමු දිගහැරුම

    http://www.elakiri.com/forum/showthread.php?t=1693593

    ආයෙමත් ඇවිදින් - දෙවනි දිගහැරුම

    http://www.elakiri.com/forum/showthread.php?t=1693593&page=4





    :love::love::love:
    ආයෙමත් ඇවිදින් - තුන්වන දිගහැරුම

    "මොකද තිනුර, බය වෙලා වගේ.. ඔයාගෙ පසුගිය ජීවිතේ ගැන අපිට කියන්න අකමැතිද, නැතිනම් කියන්න බැරි දේවල්ද තියෙන්නෙ"
    "එහෙම දෙයක් නැහැ මැඩම්. මම ටිකක් නිහඬව කල්පනා කලේ කොතනින් පටන් ගන්නද කියලා"


    මා මද වේලාවකට නිහඬ වූ නිසාදෝ නිෂාන්ත මහතා මගෙන් එලෙස විමසුවද ඔවුන්ගේ හිත සමබර වී යාමට පිළිතුරක් ලබාදීමට මට හැකිවිය. ඔවුන් මා දුන් පිලිතුරින් සෑහීමකට පත් නොවූවද මා හට ඔවුනට එයිට වඩා දෙයක් පැවසීමට මට අයිතියක් නොතිබුනේ මගේ පසුගිය අවුරුදු කීපයට මටද අයිතිවාසිකමක් නොතිබූ නිසාය. ජීවිතය නැවත ඇරඹීමට අද දින මා පැමිනි මෙමෙ සම්මුඛ පරීක්ෂනය මා අසාර්ථක වුවද මා මගේ අතීත කතාව ඔවුනට නොපැවසීමට අදිටන් කල ගත්තද ඔවුන් මගෙන් නැවතත් ඇසූ ප්රස්නයක් නිසා නැවතත් මට විනාඩි කීපයකට ගොළු වීමට සිදුවූයේද ඔවුනට ලබා දීමට මා හට නිවරැදි පිලිතුරක් නොතිබූ නිසාය.

    "දිනුක කාට හරි ආදරේ කරනවද? නැතිනම් මැරි කරලද? එහෙමත් නැතිනම් ලඟදිම මැරි කරන්න හිතාගෙන ඉන්නවද:"

    ඔවුන් ඇසූ ප්රස්නයට ගොළුව හිඳිනවා ඇරෙන්න මා හට කිරීමට දෙයක් නොතිබුනද මාගේ වාසනාවටදෝ අසල සිටි සමීර සර්ගේ දුරකථනය නාද වූ නිසා ඔවුන්ගේ මුහුණුවලින් මදකට ගැලවීමට මට හැකිවුනි. මා ආදරයක කල මගේ තිලානි ගේ මතකයන් කවදානම් මහේ මතකයෙන් මැකී යාවිදැයි මම නිහඬව කල්පනා කෙරුවෙමි. මක්නිසාද යත් ආදරයක් නිසා මගේ ජීවිතේ මා ලැබූ දේට වඩා මට අහිමුවූ දේ බොහොමකි. නමුත් මම තවමත් ඇගේ මතකයන්ට සිතින් පෙම් බැන්දෙමි.

    "මචන්.. මම කවදාවත් හිතුවෙ නැහැ බන් උඹ හීනෙන් දැකපු කෙල්ලෙකුට මෙච්චර පෙම් කරයි කියලා. අනික බන් හීන කියන්නෙ මාර සබ්ජෙට් එකක් බන්. ඔන්න බලපන් මේ පොතේ මේ ටික කියවල..."
    "ගයාන් මේ. මගෙ කුණුහරුප අහගන් නැතිව ඔය කෙහෙල් මල් පොත පැත්තකින් දානවද. දැන් හිතෙනවා මම මොන කරුමෙකට ඒකිව හීනෙන් දැක්කද කියලා"
    "එහෙම කියන්න එපා බන්. දැන් බලපන් .... "


    මගේ කාමරයේ සිහින ගැන ලිවුනු පොත් රාෂියක්ම ගොඩගසා තිබුනේ මගේ මිතුරා වූ ගයාන්ගේ හීන පිළිබඳව පරීක්ෂන නිසා හා මගේ ඩේට පැකේජයද මාසෙ මැද අවසන් වූයේ මගේ මිතුරාගේ මේ සිහින අදය්යනයන් නිසාය. කෙසේ නමුත් මගේ හිතේ ඇතිවූ මගේ හිතට දැනුනු ආදරය සාර්ථක කර ගැනීමට මගේ මිතුරා වූ ගයාන්ගෙන් හා ඔහුගේ ෂෙහානිගෙන් මා ලබන්නා වූ සහයෝගයනම් කියා නිම කිරීමට බැරි තරම්ය. මේ මොහොත වනතුරුම මා ඇය හා එකම වචනයක්වත් කතා කර නොතුබුනද ඇය පිළිබඳ සියලුම විස්තර දැනසිටියේය.

    නොදැනසිටියානාම් ඒ ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව පමනි. මගේ මිතුරා වූ ගයාන් සමග ඇයට ලන්වීමට නොයෙකුත් සැලසුම් යෙදුවද ඒ සියල්ල අසාර්තක වූයේ අප ප්රදේෂයේ ප්රසිද්ද දේෂපාලකයෙකුගේ දියනියක් වූ නිසාවෙනි. එක්වරම අප දෙදෙනාම අපේ ලෝකවලින් මිදී පියවි ලොවට පැමිනියේ අප අම්මා පුදුමයෙන් මෙන් මගේ කාමරයට පැමිනි නිසාය. සිදුවී ඇත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව අපි දෙදෙනාද මොහොතකට නිහඬවූයෙමු.


    "පුතාල ඔයාල මොනවට හරි පැටලුනාද ??"
    "පිස්සුද ඇන්ටි. අපි දෙන්නා කොච්චරනම් අහින්සකද. මොකෝ ඇන්ටි සීන් එක"
    "මොකද අම්මෙ මේ. බයවෙලා වගේ මොකද උනේ"
    "අන්න සන්ජය මහත්තය ඇවිත්. ඔයාව හම්බෙන්න ඕනලු."
    "මොනවා.. ඒ මොකෝ "
    "අනේ මට බයයි පුතේ. දන්නවනෙ ඔය මිනිහ හෙන තිරිසනා"
    "අම්ම බය වෙන්න එපා. අපි බලන්නම්කො මොකද විස්තරේ කියලා. අම්ම බොන්න මොනවහරි හදන්නකො මිනිහට. ගයිය ඔය ටී එක දාගෙන වරෙන් යන්න."


    සන්ජය මහතාගේ පැමිනීම අප දෙදෙනාටම අදහා ගැනීම්ට නොහැකි වූ දෙයක් නමුත් මදකට හෝ අප දෙදෙනාගේ හිතේ චකිතයක් ඇති වූයේ ඇගේ දියනිය වූ තිලානි නිසාය. මක් නිසාදයත් ඔහුගේ දියනිය පිලිබඳව මම මගේ මිතුරා වූ ගයාන්ද සමග ගෙවුනු දින කීපය තුල තොරතුරු සෙවූ නිසාය.

    ඔහුගේ මුහුනෙහි නපුරු ස්වභාවයක් තිබුනත ඔහු සිනා වූ විට පොඩි ළමයෙකු වැනිය. මුහුනේ පිරුණු සිනාහව එක්කම සන්ජය මහතා අප දෙදෙනාගේම පෞද්ගලික තොරතුරු විමසා සිටි අතරම ගිය මාසයේ අප කල බෝධි පූජා පින්කම් මාලාව පිළිබඳවද ඔහුගෙන් ලැබූ ප්රසන්සා අනන්ත අප්රමාන විය. ඔහු හා කතාවේ යෙදී සිටි අතර වාරයේදීම මා මගේ ඇහැක කොනකින් ඔහු පැමිනි සුදු පැහැති මොන්ටෙරෝ රථය දෙස කීපවරක්ම බැලුවේ ඇගේ දියනය වූ තිලානි එහි සිටිනවාද යන්න විපරම් කිරීමටවිය. නමුත් ඇය එහි නොසිටියේය.

    "පුතා මොකද ආසයිද මගෙ වෙහිකල් එකට. මම දැක්කා කීපවරක්ම ඒ පැත්ත බලනවා. බය වෙන්න එපා ආසනම් රවුමක් ගිහින් එන්න මෙන්න යතුර."
    "නෑ නෑ එහෙම දෙයක් නෙමේ.. මම මේ බැලුවෙ.. මේ .. වීල් සෙට් එක දිහා. ඒක මාර ගති වාහනේට"
    "නැතුව නැතුව පුතා. ඕව මෙහෙ බඩු නෙමේ."
    "ඒම නෙමේ සන්ජය, හදිසියේම මාව හම්බවෙන්න ආවෙ ඇයි"


    මා ඔහුගේ නමින් ඇමතූ නිසාදෝ ඔහු පුදුමයෙන් මෙන් මා දෙස තප්පර කීපයක් නිහඬව බලා සිටියේය. මා දෙස තරහවකින් නැතිනම් පුදුමයෙන් බැලුවද යන්න මා හට තේරුමක් නොතිබූ තරම්ය. කෙසේ වෙතත් අප අතර තිබූ තප්පර කීපයක නිහඬතාව බිඳිමින් සන්ජය මහතා අප සමග කාතාවට වැටුනේය. නමුත් ඔහු හදිසියේ මෙලෙස පැමිනියේ ඇයිද යන්න මට මෙන්ම මගේ මිතුරා වූ ගයන්ටද ප්රස්නයක් වූ නිසා අප එය විමසා සිටි අවස්තාවේ ඔහු පවසා සිටියේ ඔහු පැමිනි රාජකාරී කටයුත්තක් අවලන්ගු වීම නිසා අප පන්සලට නායක හාමුදුරුවන් හමුවූමට ගිය අවස්තාවේ පසුගුය මාසයේ අපකල පින්කම් මාලාවට ප්රසන්සා කර යාමට බවත්ය. නමුත් ඔහුගේ ඒ සොඳුරු කතාව විස්වාස කිරීමට තරම් අපි දෙදෙනාම මෝඩයන් නොවූයෙමු.

    "ඔය මිනිහ කිව්වෙ බොරු පුතේ. ඔයාල කරපු ඔය වැඩේට ඔහොම ඇවිත් ප්රසන්සා කරන්න තරම්.."
    "ඒක තමා ඇන්ටි. අපිත් කල්පනා කලේ"
    "අනේ මන්දා මටනම් බයේ බැහැ. මගෙ මහත්තය එක්කත් ඔය මිනිහ එච්චර හොන්දක් නැහැ"


    අම්මාගේ කෙටි දහම් දේසනාවකින් පසුව නැවත අප දෙදෙනාම කාමරයට පැමිනියේ අනතුරක ඉව අප දෙදෙනාටම දැනුන නිසාය. අප අම්මා පැවසුවා සේම අප තාත්තා සමගද සන්ජය මහතා එතරම්ම සමීප සබඳතාවයක් නොපැවැත්වූයේ අප තාත්තා හා ඔහු දේෂපාලනයේදී පිල් දෙකක වූ නිසාවෙනි. අප තාත්තා නිවසට පැමිනි විගසම අද සිදුවීම පිළිබඳව අම්මා පවසා තිබූ අතර අප තාත්තා අපෙන් ඒ පිළිබඳව ප්රස්න කලේ අප මහා අපරාදකරුවන් ලෙසය. එමෙන්ම කවදාවත්ම නැතිව අප තාත්තාගේ දේශනාවකටද අප දෙදෙනාට සවන් දීමට සිදු විය.

    "තිනුර, මචෝ, මගෙ යාළුවේ.. උඹලගෙ ඩැඩා කිව්ව කතාවත් ඇත්ත තමා බන්. මම දන්නවා උඹ කවදාවත්ම ඔය කෙල්ල පස්සෙ යන එක අතාරින්නෙ නැහැ කියලා"
    "ඒ මොකෝ උඹ එහෙම කියන්නෙ"
    "මොකද මම උඹේ යාළුවා නිසා. අවුලක් නෑ වැඩේ කරගෙන යමු සීරුවට කල්පනාවෙන්. මමත් ඉන්නවනෙ උඹේ තනියට"
    "ඒත් මට තියන ප්‍රස්නෙ ගයියා, මම ඒ කෙල්ල එක්ක කතා කරලවත් නැතිව කොහොමද සන්ජය කාරයට සැකයක් ඇතිවෙන්නෙ කියලා"
    "ඇයි යකෝ උඹ ඒකි එක්ක කතා නොකලට, උන්ගෙ ගෙදර උන්ට වඩා උඹ දන්නවනෙ ඒ කෙල්ලගෙ සතියේ ටයි ටේබල් එක. අපි මේ ටිකේම ඒ කෙල්ල ගැන හෙව්වනෙ බන්. අනික මතකද උඹට අපි දෙතුන් දෙනෙකුගෙන්ම ඇහුවා. සමහර විට ඕව කටින් කට ගිහින් සන්ජය කාරයගෙ කනට වැටුනද දන්නෑ බන්"
    "ඒකත්නම් ඇත්ත තමා. මම වගේ පුංචි කොල්ලෙකුට ඒ වගේ කෙල්ලෙක්ට අයිතිය කියන්න බැරිද බන්. හම්ම්ම්ම් හීනයක් ගිය දුරක්"
    "හීන අපි නොමිලේ බැලුවට, ඒව ගාවට යන්න අපිට ගොඩක් දේවල් කැප කරන්න වෙනවා මචෝ. ගොඩක් සල්ලිත් ඕන වෙනවා."
    "හම්ම්ම්.."

    අප දෙදෙනාතුලම දැඩි නිහඬතාවයක් පැවතුනේ සිදුවූ සියලුම දේ අපහට ගලපාගැනීමට නොහැකි වූ නිසාවෙනි. කෙසේ වෙතත් ඉදිරියේදී අප මීට වඩා පරිස්සම් විය යුතු බව අප් දෙදෙනාගේම මතය වූ අතර අප දෙදෙනාම අපගේ මිතුරෙකු වූ ලහිරුගේ නිවස බලා යාමට පිටත් වූයේ ගයාන්නට ඔහුගෙන් ලැබුන දුරකතන ඇමතුමක් නිසාවෙනි.


    ආයෙමත් ඇවිදින් - ඊළඟ මොහොතට.
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    කාලෙකින් :D
    .
    ඔව් මචෝ.. ඔෆිස් එකේ වැඩ වලටයි මගේ පොඩි පොඩි වැඩ වගයකට හිරවෙලා හිටියෙ. ඒ නිසා ලියන වැඩ ඇණහිටල තිබ්බෙ. මාව තවමත් මතකේ තියගෙන ඉන්නවට ගොඩක් තැන්ක්ස් මචන්ස්..