ආයෙමත්_ඇවිදින් - පළමු දිගහැරුම

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Thanks මචන් PM එකට..
    සෑහෙන කාලෙකින් දාලා තියෙන්නේ..
    කොහොම හරි ඉවරයක් වෙන්න ලියන්න..
    Gud Luck මචෝ...:cool::cool:
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ආයෙමත් ඇවිදින් - හතරවැනි දිගහැරුම

    ආයෙමත් ඇවිදින් - හතරවැනි දිගහැරුම

    අප දෙදෙනා ලහිරුගේ නිවසට ලඟා වන විටත් ඔහු ජේ ඩී විස්කි බෝතලයක්ද සමග අප එනතුරු බලා සිටියේ නොඉවසිල්ලෙන් වූ අතර ඔහුගේ නිවසේ සියලුම දෙනා ඔවුන්ගේ පුන්චිලාගේ නිවසට ගොස් තිබූ අතර නොයෙකුත් බේගල් ඇද බාමින් ලහිරු නිවසේ නැවතී තිබුනේ ඔහු ලඟ තුබූ විස්කි බෝතලය නිසාමය. වීදුරු දෙකක් පමන හිස් වෙන තුරුම අප අතර පැවතියේ සැලකිය යුතු නිහඬතාවයකි. අපගේ මේ නිහැඬි බව පිලිබඳව අප මිතුරා වූ ලහිරු කීපවතාවක්ම අපෙන් විමසුවද අපගෙන් ඔහුගේ හිත සැනසෙන පිලිතුරක් නොලැබූ නිසා ඔහු නැවතත් තම වීදුරුව තොල ගන්නට වූයේ අප දෙදෙනා දෙස හොරැහින් බලමින්ය. තම වීදුරුව උගුරට දෙකට හිස් කල මගෙ අනෙක් මිතුරා වූ ගයාන් සිදුවූ සියල්ල ලහිරුට පැහැදිලි කලේ ඔහුවද පුදුම කරවමනි. මා දුටු සිහිනය, පන්සලේ සිදුවූ සිද්දිය මෙන්ම අද සන්ජය මහතා අප නිවසට පැමිනීම තෙක්ම ගයාන් විසින් ලහිරුට පැහැදිලි කල අතර මම නිහඬව මා අතැති වීදුරුව තොල ගෑවෙමි. ගයාන්ගේ පැහැදිලි කිරීම අවසන් උවද අප තිදෙනා අතර විනාඩි පහක පමන නිහඬතාවයක් පැවතුනේ කිසිවෙකුට කිසිවක් කියාගත නොහැකි වූ නිසාවෙනි.

    "දැන් එතකොට උඹල කියන්නෙ, තිනුර හීනෙන් කෙල්ලෙක් දැක්කා. ඒ කෙල්ල්ව මිනිහට හැබැහින් හම්බුනා, දැක් මිනිහ ඒ කෙල්ලට පිස්සු වැටිලා.. ආ අනික තමා ඒ අර සන්ජය කාරයගෙ දුව කියලා .. වෙරි හිඳෙනව ඕයි .."
    "අනේ මන්ද ලහිරු ...."
    "මූට මගෙ කෙල්ල්ව හීනෙන් දකින්න තිබුනන. අරූගෙ දුවම දැක්කෙ. කොහොමත් දැන් උඹල කියන විදිහට ලඟදිම කෑමක් සෙට් වෙයි වගේ"
    "මම් හිතන් නෑ ලහිරුවා.. මොකද තාම මූ මොකුත් කලේ නැහැනෙ. කලානම් ඒ මිනිහගෙ ගේ වටේ කැරකුන එක විතරයි"
    "බලහන්කො මීය වගේ ඉන්න හැටි.. හරි හරි උඹල දෙන්න බය වෙන්න එපා. මම මිනිහ ගැන බලාගන්නම්. දන්නවනෙ මේ ලහිරුව උඹල දෙන්න වෙනුවෙන් ඕනම දෙයක්. අනික මචෝ සන්ජය එක්ක්ක උඹලගෙ තාත්තත් ඒ හැටි හිත හොඳ නැහැනෙ. ඒ නිසා ටිකක් පරිස්සමෙන්. උඹට ආදරේ හිතුනෙ ඒ කෙල්ලටනෙ. ඉතින් ට්රයි කරල බලමු. මොකද උගෙ දුව කියල අලි පුකෙන් ආව එකියක් නෙමේනෙ. උඹට කැමතිනම් එයාව බලා ගනින් හැමදාටම අකමැතිනම් එච්චරයි"
    "ඒක ඇත්ත මචන්.. උඹලට හිතෙන් නැද්ද සන්ජය කාරය ඔය ගැන මොකුත් නොදැන ආව කියල"
    "ඒ කිව්වෙ. පැහැදිලි කරපන්"
    "හිතපන් ටිකක් මිනිහ කිව්ව විදිහට අපි ගැන පැහැදිලා අපේ ගෙවල් පැත්තෙ ආවනම්, මිනිහ හදන්නෙ මගේ මාර්ගයෙන් අපේ තාත්ත එක්ක සෙට් වෙලා ඊළඟ චන්දෙ උඩින්ම දිනන්න කියලා. මොකද මිනිහ ටිකක් බැහැගෙන යන කාලෙ මේක."
    "හරි ඒක උඹ හිතන විදිහට උනා කියමුකො. මිනිහට වාසි තියනවද?"
    "ඇයි බන් ගයාන්.. උඹයි මායි වටේ තමා අපේ යෞවන සමාජෙ තියෙන්නෙ, පන්සල. පොඩ්ඩක් හිතපන් මිනිහ අපිට සෙට් උනොත් මිනිහට සේරම කොල්ලන්ගෙ චන්ද ටිකයි පන්සලේ දායකයන්ගෙ චන්ද ටිකයි සේරම නිකම්ම එනවනෙ"
    "ම්ම්ම් .. ඒක නම් හොඳ තර්කයක් .."


    දින කීපයක් නිහඬවම ගත වූයේ මා මෙන්ම මගේ මිතුරා වූ ගයාන්ද අප උපාධියේ පැවරුම් කීපයකට හිර වූ නිසාය. අපේ අනෙක් මිතුරා වූ ලහිරුගේද කිසිම ආරන්චියක් නොවූයේ ඔහුගේ පියාගේ වය්යාපාර කටයුතු වල සහයට නුවර ගොස් සිටි බැවිනි. අපටත් හොරා ගෙවුනු දින කීපයකින් පසුව සෙනසුරාදා දිනයක ගයාන් අප නිවසට පැමිනියේ අප අම්මා හදන කෑම කෑමටය. ගයාන් පුන්චි කාලයේදීම ඔහුගේ දෙමාපියන් මියගොස් තිබූ අතර ඔහු කාලය ගත කලේ තම අත්තම්මා සමගය. ගයාන්ට හා ඔහුගේ අත්තම්මාට අප නිවසේ නවතින සේ අප අම්මා කොතරම් ඇරයුම් කලත් ගයාන්ගේ අත්තම්මා තම පරම්පරාවෙන් උරුම දේ දමා යාමට අකමැති වූ නිසා ගයාන් ඔහු සමග ඔහුගේ නිවසේ රැඳුනේය. එනමුත් කිසිම දිනයක මා මිතුරා වූ ගයාන්ට තම දෙමාපියන් නැති අඩුව නොදැනුනේ අප අම්මා හා තාත්තා ඔහුට ඔවුන්ගේ දෙවන පුතා ලෙස සැලකූ නිසාවෙනි.

    පැවරුම් තුලම සිරවී මදක් හෙම්බත් වී සිටි අප දෙදෙනාටම විවේකයක් උවමනා උවද අපේ අනෙක් මිතුරා වූ ලහිරු මේ දිනවල ගමේ නොසිටිය නිසා අප දෙදෙනා අද හවස් වරුව ගතකරන්නේ කෙලෙසදැයි සිතන්නට විය. මගේ සිහින කුමාරිය වූ තිලානිගේ මතකයන් මදකට අපගෙන් ඈත්ව තිබුනේද ගතකල දින කීපයම ඉතා කාර්ය බහුල වූ නිසාය. නමුත් මගේ මිතුරා වූ ගයාහ්ගේ අදහස වූයේ අද හවස සන්ජය මහතාගේ නිවසට යාමටය. දිනෙක ඔහු මා බැලීමට පැමිනියා සේ අපද වෙන වැඩකට ටවුමට පැමිනි සේ සන්ජය මහතාගේ නිවසට ගොඩවී ඒමටය. එවිට ඔහුගේ දුව බැලීමටත් සන්ජයට තව ලන්වීමට හැකිවනු ඇතිබව ගයන්ගේ අදහස විය. සන්ජයගේ දුව, නැතහොත් මා සිහිනෙන් දුටු රුව නැවත දැක ගැනීමට එක කදිම අදසක් උවද මා මගේ මිතුරා වූ ගයාන්ට මාගේ විරුද්දත්වය පලකලේ ගින්දර හා සෙල්ලම කිරීමට මා තුල තිබූ අකමැත්ත නිසාය. අනෙක්කරුනාම් අප දෙදෙනා සන්ජයගේ නිවසට ගිය බව අප තාත්තාට ඉව වැටුනොතින් අප දෙදෙනාව දඬුකඳේ ගසනවා නොඅනුමානය. මගේ මිතුරාද මගේ අදහසට එකඟ විය. එවැනි දෙයක් කිරීමට අප තවම ඉක්මන් වැඩියැයි ඔහුටද කල්පනා වූ අතර අද හවස පන්සලට ගොස් පොඩි හාමුදුරුවන්ගේ කවි බණ අසමුයැයි අපි දෙදෙනාම අවසානයේ තීරනය කෙරුවෙමු.

    "අයියේ .. අයියේ .. "
    "අනේ අනේ .. ඔහොම එක පාර කඩා පනිනවද කොල්ලො දෙන්නෙක් ඉන්න කාමරයකට.. බලන්න තිනුර. ඊය හලෝ .. නංගි ඔයානම් ..."
    "ආ මේ ඉන්නෙ මෙ සක්කරවට්ටමත් .. අන්න ඔයාලව හම්බෙන්න පන්සලේ ලොකු හාමුදුරුවොයි, අර එහා ගමේ සන්ජය කාරයයි ඇවිල්ලා."


    මගේ නැගනිය එසේ පවසනවාත් සමග උන්තැන්වලින් අප දෙදෙනාම නැගිටුයේ අපටද හිතාගත නොහැකි වේගයකිනි. පුටුවේ ඇන්ඳ මත දමා තිබූ මා ඊයේ පන්ති ඇදි කමිසය දමාගත් මා ගයාන් සමග අප සාලයට ගියේ සන්ජයට මගෙන් උවමනා දේ කුමක්දැයි දැන ගනීමටය. පන්සලේ ලොකු හාමුදුරුවන්ද ඔහු සමග වැඩ ඇති නිසා කුමක් හෝ වැදගත් රාජකාරියක් බව අප දෙදෙනාටම තේරුම් දියෙමු. නමුත් සිදුවූයේ අදහාගත නොහැකි සිදුවීමකි. අප නැගණිය පැවසුවා සේ පන්සලේ ලොකු හාමුදුරුවන් සමග ඔහුත් සිටි අතර සන්ජයගේ දුවද පැමින තිබුනි. ඇයව දුටු විගසම අල දෙදෙනාම තප්පර කීපයකටට හිටිපිලිම විය. ඇගේ ඇස් එක එල්ලේම මා දේල යොමු වී තිබූ අතර අප දුටු විගස ඇය බිම බලා යන්තම් සිනාසුනේ අපදෙදෙනාගේ හැසිරීම නිසා විය යුතුය.

    චාරිත්රානුකූලව අප පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ දෙපා නැමැද අසල තිබූ පුටුවෙන් වාඩි වූයේ සන්ජයට හා ඔහුගේ දුවට මුහුනලාය. මා පුටුවෙහි ඉඳගත් විගසම මා ඇඳ සිටි කලිසම ඉසා මගේ කලවා භාගයක් පමන නිරාවරනය විය. මා ඉදිරියේ වාඩිවී සිටි ඇයට මට සිදුවූ අපහසුව නොතේරූ නිසාදෝ ඇය බිම බලා කට කොනකින් සිනාසෙන්නට විය. එම සිනහව ඇයට එක්කලේ අතිරේක ලස්සනකි. ඇය නම් අපූරුය. සිදුවීමට යන දේ පිලිබඳව ඇබිත්තක්වත් නොදැන සිටි අප දෙදෙනා තවත් නිහඬව සිටියේ පැමිනසිටි අයගෙන් සභාව අමතතුරු උවද ඔවුන්ගේත් පැවති නිහඬ බව නිසා මා මිතුරා වූ ගයාන් නිහඬතාවය බිඳි අතර මගේ නැගනිය අසල පුටුවක තිබූ පුටු කොට්ටය මාදෙසට විසි කලේ මා සිටි තත්වය ඇයටද වැටහී තිබු නිසාය.


    "අයියෝ ඔය කකුල ටිකක් පෙනුනට කමක් නැහැ තිනුර. ගෑණු ළමයි වගේනෙ. කොට්ටෙන් වහගෙන."

    සන්ජය මහතා එසේ පවසන් විට මට මගේ නැගනිය පිළිබඳව පුදුමාකාර සෙනෙහසක් ඇතිවුනි. ඇය නිකමට හෝ කීවානම් සන්ජයගේ දුව පැමින ඇතිබව මම මාගේ අලුත් ඩෙනිම ඇඳ සෙන්ට් බෝතලෙනුත් බාගයක් පනම ඇඟට හලාගෙන පැමිනීමට තිබුනි. නමුත් දැන් සියල්ල සිදුවී හමාරය. සන්ජයට මා හිනාවකින් සන්ග්රහ කල අතර මා නැවතත් ඇය දෙස බැලුවේ ඇයගේ ප්රතිචාරය දැන ගැනීමටය. ඔහුගේ තාත්තා පැවසූ දේ නිසා ඇය සිනහ පිරි මුසින් සිටි අතර මෙතුවක් කාලයටක එය මා දුටු සුන්දරම දසුනක් විය.

    ***** ***** *****​

    "තිනුර .. ආදරේ ගැන අහුව විතරයි කොල්ල ආයෙමත් සයිලන්ට්. මොකද හොඳ බූට් එකක්වත් කෑවද"

    ඩිල්ෂානි මහත්මිය එසේ අසනවාත් සමගම නැවතත් මම පිවවි සිහියට පැමිනියෙමි. සුපුරුදු ලෙස ඇයටද මගේ සිනහවෙන් සන්ග්රහ කල අතර නිශාන්ත මහතා සමග කතාවට වැටුනෙමි. මා සිතුවාට වඩා සම්මුඛපරීෂනය අසීරු එකක් නොවීය. මගේ අතීය පිළිබඳ ඔවුන් ඇසූ ප්රස්න කීපය ඇරුනාම අනෙක් දේවල් මා හට එතරන්ම අභියෝගයක් නොකෙරු තරම්ය. සම්මුඛපරීක්ෂනය අවසානයේ නිශාන්ත මහතා සමග කාර්යාලයේ ඔබමොබ ඇවිදිමට මටද අවස්තාවක් ලැබූ අතර එහි සිටි කීප දෙනෙක්ට මා අදුන්වා දුන්නේ අපේ අලුත් කොලුවා ලෙසටය. ඔහු එසේ පවසන විට මා දැනටමත් තේරී ඇති බව හිතට ආඩම්බරකාර සිතිවිල්ලක් පැමිනියද තවමත් සම්මුකපරීක්ෂනයේ අවසාන ප්රතිපල ඔවුන් නිල වෂයෙන් ලබා නොදුන් නිසා ඒ ආඩම්බරකාර සිතිවිල්ල මදකට සඟවා මම නිශාන්ත මහතා පිටුපසින් පය තැබුවෙමි.

    මෙම ආයතනය මා හිතුවාටත් වඩා විශාල එකක් වූ අතර එය දැනට අප රටේ තාක්ෂනික සේවා සපයන ආයතනයන්ගෙන් ඉහලින්ම තිබූ එකක් විය. මොවුන් සමග මට එකතුවීමට හැකිඋනොතින් ඔවුන්ගේ සයිබර් සිකියුරිටි අන්ෂයට මගේ දායකත්වය යෙදවීමට සිදුවනවා ඇත. එමෙන්ම දැනට පවතින ඉහලම තාක්ෂනය සමග ඩේට රිකවරි හා ඩේට පොර්ටෙක්ෂන් අන්ෂයකුත් මෙමෙ ආයතනය සතුවිය. ඔවුන්ගේ ඇති සමහර සවර්ස් සමහර තාක්ෂනික ක්රමවේදයන් මා පොත්පත්වලින් පමනක් කියවා තිබූ ඒවා විය. මා යූ ටියුබ් වීඩියෝ වලින් පමනක් දැක තිබූ ඒවා විය. එමෙන්ම මේ සියලුම තාක්ෂනික මෙවලම් අස්සේ මගේ ඇස නැවතුනේ සරාගී යුවතියක් මතය. කලවා ප්රදේශයෙන් හතරෙන් තුනක් පමන නිරාවරනය වන් සේ කොට සයකින් සැරසී සිටි ඇය තම පපුව ඉදිරියට නෙරා සරාගීව පෙනෙන සේ විස්තරකිරීමට අපහසු ඇඳුමකින් සැරසී සිටි අතර සාරාගි සිනහවකින් මා දෙස බැලුවේ ඇයට මා ආගන්තුකයෙකු වූ නිසාවෙනු. මාද මගේ සුපුරුදු සිහවෙන් ඇයට ප්රතිචාර නොදක්වා නිෂාන්ත මහතා සමගම ඉදිරියට ගිය අතර නැවත හැරී බැලීමට සිතුනද මම එසේ නොකලෙමි. ඇය නමින් මධූ බවත් ඇය මෙමෙ ආයතනයේ ඉහල පුටුවල් සිටින කීපදෙනෙකුගේම සුරතලිය බව මට නිශාන්ත මහතා පැහැදිලිකර දුන්නේය.

    කරුනු කාරනා මෙසේ සිදුවෙද්දී නිශාන්ත මහතාට හා අනෙකුත් පිරිසට සමුදුන් මම එම ආයතනයෙන් ඉවතට පැමිනියේ ජයග්රාහී මනසකින් යුතුඒ අතරමුත් වැඩි බලාපොරොත්තු සිතේ රඳවා නොගැනීමට මම සිතාගත්තෙමි. නිවසබලා යාමට තවත් එතරම්ම හවස් වී නොමැති නිසා මම මගේ මිතුරා වූ ගයාන්ව බැලීමට වැලිකඩ බන්දනාගාරයට යාමට සිතුවද එම සිතුවිල්ල මම මදකට සඟවා ගත්තේ මා හට රැකියාව ලැබෙනවාමයි මසිත තුල තුබූ දැඩි විස්වාසය හා රැකියාව මා හට ලැබුනු පසු එම පුවත පළමුවෙන්ම ඔහුට දැනුම් දෙනවායැයි මා සිතූ නිසාය.

    ආයෙමත් ඇවිදින් - ඊළඟ මොහොතට
     
    Last edited:
    • Like
    Reactions: jhoncenamama

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    අයියෝ කතාව මතක නෑ දැන් නම්....:baffled::baffled:
    මුල ඉඳන් කියවන්න වෙනවා...
    Thanks PM එකට..
    අනෙක් ටිකත් පුලුවන් විදියට දාන්න මචෝ..
     
    ela

    එළ මචන්. දිගටම දාපන් බන්. කතාව අමතක වෙලා ආයෙ මුල ඉදලා කියෙවුවා. :rofl:
    ලියන විදිහ හොදයි. සතියකට පාරක්වත් දාපන්:yes:. එලz
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ආයෙමත් ඇවිදින් - 5 වැනි දිගහැරුම

    කුරුනෑගල ප්රදේෂයේ තිබූ අප තාත්තාට හිමි ඉඩමක් අප විකිණීමට දමා තුබුනේ අපගේ ආර්ථික මට්ටම තරමක් අබලන් වූ නිසාත් මලයාසියාවේ ඉගෙනීමේ කටයුතු කරන මගේ නැගනියත් නිසාය. අපව රැකබලාගත් අපි ආදරය කරපු අපේ තාත්තාව අපෙන් උදුරා ගත් දින පටන් අපගේ ජීවිත වල එතරම්ම සතුටක් නොලැබුනි. දේෂපාලන ආරවුල් නිසා නිකරුනේ අප තාත්තාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට විය. එදා තාත්තාට මගේ දෑස් ඉදිරිපිටම නාදුනන පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කල අයුරු මට හැම මොහොතම මැවී පෙනුනේ මගේ දෑස මටත් හොරාවට කඳුලින් තෙක් කරමින්ය. තාත්තා පමනක් නොව මා පන සේ ආදරය කල සමීරා අද මා අසල නැත. ජිවිතයේ හය හතර තේරුන දා පටන් මගේ දුක සැප බෙදා ගත් මගේ මිතුරාද අද නැත. මෙලෙස ජීවිතයේ එක පිට එක කරදර පැමිනෙද්දී නොවැටී සිටීමට තරම් ෂක්තියක් මා තුල තිබීම පිලිබඳව මම සෑම විටම සතුටු වූ අතර මගේ එකම නැගනියව මේ සියලු කරදරවලින් ඈත් කර තැබීමට හැකිවීම අම්මා හා මා ලද ලොකුම ජයග්රහනයක් විය. නමුත් ඇයට තාත්තාගේ අඩුව දැනෙනවා ඇත. අම්මා ලඟ නැති අඩුව ඇය පන මෙන් ආදරේ කල මා හා මගේ මිතුරා වූ ගයාන් ඇය අසල නැති අඩුව ඇයට දැනෙනවා නොඅනුමාය. පසුගිය කාලයේ සිදුවීම් එකිනෙක ගලපන විට ජීවිතය සැහැල්ලුවට ගත්තා වැඩි දැයි මම සිතූ වාර ගනන අනන්ත අප්රමාන උවත් ඒ සෑම විටම වේදනාකාරී සිතිවිලි හැරෙන්නට හිත සනසන යමක් නොමැතිතරම් විය.

    අම්මා හා මා සැලසුම් කල මුදලටත් වඩා අප ඉඩමට මිලක් නියම කර ගැනීමට හැකිවීම අප ලද ලොකු ජයග්රහනයක් විය. මක්නිසාදයත් අපහට නිම කිරීමට ඇති කාර්යයන් වලට හා තවත් මාස කීපයකට කාටත් බරක් නොවී ජීවිතය ගෙන යාමට එම මුදල ඕනවටත් වඩා ප්රමානවත් වූ නිසාය. එමෙන්ම මා සිතුවාටත් වඩා ඉක්මනින්ම මට මගේ රැකියාව ලැබුනි. ලබන සඳුදා සිට රාජකාරී බාරගන්න පැමිනෙනේ ලෙස නිශාන්ත මහතා මා හට දුරකථන ඇමතුකක් ලබාදුන් අතර එම සතුට මට වඩා වින්දේ මගේ ආදරණීය අම්මාය.

    "දෙවියො උඹව බලාගන්නවා පුතේ .. ඉස්සරහටම යමන් නවතින්න එපා.. උඹ තමා අපේ එකම ගැලවුම් කාරයා. උඹේ තාත්තගෙ ආත්මයට සැනසීමක් දෙන්න ඉන්නෙ උඹ විතරයි පුතේ"

    අම්මා එසේ පවසන විට ඇගේ දෙනෙත් කඳුලින් පිරුනේ ඇයටද හිතා ගත නොහැකිවය. අම්මාගේ මුවින් පිටවෙන සමහර වචන පිළිබඳව මා හට එතරම්ම නොතේරුනේ සමහර වෙලාවට එම වචන තුල ආදරය කරුණාව මෙන්ම පලිගැනීමද අඩන්ඟු වී ඇතැයි මා සිතූ නිසාය. ඒත් මා අම්මාට කිසිවක් නොකීවේ ඇයද තාත්තාගේ මරනය හා පසුගිය දවස්වල සිදුවූ සිදුම් නිසා දැඩි කම්පනයට හා පීඩනයට අසුවී තිබූ නිසාවෙනි.

    "කොහෙද පුතේ ඔය හදිසියෙම යන්න හදන්නෙ.. කෑවෙත් නැහැ නේද"
    "මට ජොබ් එක ලැබුන එක ගැන මම ගයාන්ට කියල එන්නම්. ගයාන්ට බත් එකක් ඔතන්නකො. මම මිනිහ එක්කම කන්නම්"
    "හම්ම්ම්.. පව් ඒ කොල්ලා. අපි හැම එකාගෙම පව් කර ගැහුවා. ඉපදෙන ආත්මයක් ආත්මයක් පාස මගේම පුතෙක් වෙලා ඉපදෙක්ක ඕන"
    "බය වෙන්න එපා අම්මෙ. මම ගයාන්ව එලියට ගන්නවා කොහොම හරි. මගෙ අර නිල් පාට ටී ෂර්ට් එක ටිකක් මැදල තියන්නකො. මම නාගෙන එන්නම්"


    මා කොතරම් බලාපොරොත්තුවකින් එසේ පැවසුවද මගේ මිතුරා වූ ගයාන්ව බන්දනා ගාරයෙන් එලියට ගැනීම පිළිබඳව මගේ සිතේ පැහදිලි අදහසක් නොතිබූ තරම්ය. ඉකමනට නාගෙන ලෑස්ති වූ මා අම්මා දුන් බත් පාර්සලයද රැගෙන මගේ මිතුරාව බැලීමට යාමට පිටත් වූ අතර යන අතර මග පන්සලටද යාමට අමතක නොකලේ අම්මාගේ දැඩි ඉල්ලීම නිසාය.

    "මට ගොඩක් සතුටුයි බන්.. ඒකියන්නෙ උඹ ලබන සඳුද ඉඳන් ටයි පොල්ලක් එහෙම දාල වැඩ"
    "හම්ම්ම්ම්"
    "මොකෝ බන් බස්සෙක් වගේ හම්ම් .. හම්ම් ගාන්නෙ.. ටිකක් හිනාවෙල ඉඳපන්කො"
    "මට උඹ නැතිව පාළුයි ගයියා.. මන් උඹව කොහොම හරි .."
    "හරි හරි මචන්.. වෙච්ච දේ උනා. මේ විදිහට වෙන්න ඇති බන් අපේ ඉරනම ලියවෙලා තියෙන්නෙ. අනික මට කියල හිටියෙත් උඹ විතරනෙ බන්. උඹ වෙනුවෙන් ඕන වෙලාවක පන දෙන්න හිටිය කොල්ලෙක්නෙ බන් මන්.. ඉතින් මේක මොකද්ද බන් මට..අහ් අන්න ලහිරුවත් එනවා.. කලෙකින් තුන් දෙනා සෙට් උනෙත් නැහැනෙ"
    "තිනුර .. උඹත් ආවද.. කොහොමද උඹට ගයියා "


    වෙනදා මෙන් නොව, අප තිදෙනා ඉදිරියේ හිස් වූ විස්කි බෝතල් අද නැත. තනමල්විල මල්වල සුවඳ අද නැත. තොර තෝන්චියක් නැතිව කියවූ ගයාන්ගේ හඬ නැත. ලහිරුගේ රස කතා නැත. තිබුනානම් ඒ අප එකිනෙකා රැවටීමට අප තිදෙනා මවාගත් හිනාවක් පමනි. කාලය කොතරන්නම් අපව දුරස් කර ඇත්ද. එකෙනකාගේ ජීවිත ව්ලලින් එකිනෙකාව කොතරන්නම් දුරස් කර ඇද්දයයි මා නිහඬව සිතුවේ අප තිදෙනා අතර තිබූ දැඩි නිහඬතාවය නිසාය. ගයාන්ට සමු දුන් අප දෙදෙනාම බන්දනාගරයෙන් ඉවතට පැමිනියේ අපට ලබා දී තිබූ කාලය ඉවර වූ නිසා වූ අතර ලහිරු මා නිවසට ඇරලවීමට උත්සහ දැරුවද මා එයට එකඟ නොවූයේ මා තනිවම යාමට ප්රිය කල නිසාවෙනි. නමුත්මගේ හිතට දැනුනු විඩාව නිසා මම පොඩි හාමුදුරුවන් බැහැ දැකීම සඳහා පන්සලට ගියෙමි. පොඩි හාමුදුරුවන් පන්සලේ දායක පිරිසක් සමග කතාබහක සිටි නිසාවෙන් මම පන්සලේ බෝ ගස අසලට ගියේ එම ස්තානයේදී මගේ හිතට දැනුන සහනය නිසාත්, මතකයන් රැසක් රැඳි ස්තානයක් වු නිසාත් ගෙදර මගේ ඇඳ ඇරුනහම මා වඩාත්ම ප්රිය කල ස්තානයත් එය වූ නිසාය. අදටත් මම පන්සලේ බෝ ගස සෙවනේ රැඳි මතකයන්ට මම සිතින් පෙම් බැන්දෙමි. ඇලුම්කෙරුවෙමි. **********

    "ඔන්න එනවා මචන් උඹේ සිහිනය. වැඩේ නා ගන්න එපා හරි.. ගානට වැඩටික බැලන්ස් කරන අස්සෙ උඹේ ආදරයත් බැලන්ස් කරමු"
    "දැන් උඹ කොහෙද යන්න හදන්නෙ. හිටපන් මෙතන. ඉස්සෙල්ල ආව වැඩේ ගොඩ දාමු"
    "මේවට තමා දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනව කියන්නෙ. ගානට කෙල්ලට ලන් වෙයන් හරි. හිමිහිට විස්ටර ටික ගනින්"
    "උඹ ෂෙහානිගෙ ගත්ත වගේද"
    "ඔන්න ඉතින් ඕකනෙ.. උඹලගෙ හැමවෙලේම කින්ඩිය "
    "හරි හරි ගයියා..ආදරේටනෙ කිව්වෙ"
    "ආ .. දෙන්න කලින්ම ඇවිල්ල වගේ. කෝ ලොකු හාමුදුරුවො වැඩියෙ නැද්ද"
    "අපි ඉතින් වෙලාවට වැඩනෙ තිලානි.. ලොකු හාමුදුරුවො දැන් එයි"
    "තිලානි ... හම්ම්ම්ම් මගෙ නමත් දන්නව එහෙනම්"
    "ඌප්ස් ..."
    "හම්ම් .. එනිවේ මට සමීරා කියල කියන්න. තිලානි කියන නමට වඩා මම ආසයි ඒකට"


    මගේ මිතුරා වූ ගයාන් හා මා සිතූ දේ සියට සියයක්ම නිවැරැදි විය. මක් නිසාද යත් සමීරාගේ තාත්තාට එනම් සන්ජය මහතාට උවමනා වී තිබුනේ අප ගමේද චන්ද සියල්ල ඔහුට ලබාගැනීමටය. එයට හේතූවූ තවත් කරුනක්වූයේ චන්ද ප්රතිපලයකට අභියෝගයක් එල්ල කල හැකිතරම් මනාප ප්රමානයක් අප චන්ද කොට්ඨාශයේ තිබූ නිසාය. එහි පලමු අදියර ලෙස ඔහු විසින් තෝරාගෙන තිබුනේ අප ප්රදේෂයේ රැකියා නොමැති පිරිස හට සුදුසුකම් අනුව රැකියා ලබාදීමටය. එම වැඩ පිලිවෙල සැකසීමට පන්සලේ ලොකු හාමුදුරුවන්වද කැටුව සන්ජය මහතා අප නිවසට් පැමිනියේ මේ වැඩසටහනට මාගේ හා මගේ මිතුරාගේ සහය උවමනායැයි ඔහු සිතූ නිසාවෙනි. එම වැඩපිළිවලට අනුව අපගේ ලොකු හාමුදුරුවන්ගේ යෝජනාවකට අනුව පිරිස තෝරාබේරා ගැනීමට අප අද පන්සලට රැස්වූ අතර සන්ජය මහතාගේ චන්ද වය්යාපාරය කෙසේ වෙතත් ඔහුගේ දුව වන සමීරාට සමීපවීමට මෙය මා ලද හොඳම අවස්තාවක් විය. සන්ජය මහතාට වැඩ රාජකාරීන් බහුල වූ නිසා ඔහුගේ දියණිය වන සමීරාට මෙහි වැඩකටයුතු කරගෙන යාමට ඔහු අවසර ලබා දී තිබුනි.

    "ඒක නෙමේ මොකද එදා මම ඔයාලගෙ ගෙදර ආව වෙලේ ඔයයි ඔයාගෙ යාලුවයි ගල්පිලිම වගේ උනේ මාව දැක්ක ගමන්"
    "නැහැ එහෙම එකක් නැහැ"
    "මොකද නැත්තෙ, මම දැක්කනෙ.. අනික මම දැක්කනෙ අර කොට කලිසමත් ඇඳගෙන ඇඹුරන හැටි."
    "අහ්. කවුද දන්නෙ ඉතින් ඔයත් එයි කියල. කලින් දන්නවනම් ෆුල් කිට් එක ඇඳල ඉන්නවනෙ"
    "අනේ මේ.. ඒක නෙමේ මගෙ නම දන්නෙ කොහොමද.. මට මතක විදිහටනම් කොතනකවත් මගෙ නම කියවුනේ නැහැ. අනික තිලානි කියන කැල්ල"
    "ඔයාට මතකද මම ඔයාව දැකපු පලවෙනි දවස. අර ඔයා පන්සලේ බෝධි පූජාවට ඇවිල්ල හිටියෙ. දඟකාර පොඩි ළමයෙකුත් හිටියෙ"
    "පන්සලට ආවනම් මතකයි.. ඒත් ඔයාව .. හරි කියන්න්කො ඔයාගෙ කතාව"
    "ඔයාව දැකපු වෙලේ මට ගොඩක් ආස හිතුන ඔයාට. ඔයාගෙ හිනහවට, තොල්පෙත් තාලෙට නැලවෙන ඇස් වලට මට ගොඩක් ආස හිතුන. ඉතින් මම එදා ඉඳන් ඔයා ගැන විස්තර හෙව්ව"
    "ඔහ් මයි ගෝඩ්.. සීරියස්ලී.... ඉතින් මන් ගැන මොනවද දැන ගත්තෙ"
    "සඳුද ඔයාට නැටුම් ක්ලාස්.. උදේ දහයෙ ඉඳන් දොළහ වෙනකම්. ඊට පස්සෙ ඔයා හවස පහේ ඉඳන් දුවන්න යනවා. බදාදා ඔයා සුම්බ ක්ලාස් යනවා. තව අර අඊල්ටිස් ක්ලාස් යනවා හවස. සිකුරාද ඔයාට ආයෙත් නැටුම් ක්ලාස්.. අඟහරුවාද මම හිතන්නෙ ඔයා රෙස්ට් එකේ ඉන්න දවස.. බ්රහස් .."
    "ඇති ඇති.. ඇත්තමයි ඔච්චර දෙයක් අපේ තාත්තවත් දන්නෙ නැතුව ඇති"


    මා සමග කල කෙටි සන්වාදයෙන් පසුව ගෙවූ පැය කීපය ඇය මගේ දෙනෙත් දෙස එක එල්ලේ නොබැලූ තරම්ය. මා හදිසි වී කියෙව්වා වැදිදැයි මම නිහඬව කල්පනා කෙරූ අතර එම ගෙවූ පැය කීපය මා ඇය දෙස බලා සිටියේ ඇගේ තිබූ අපූරු සුන්දරත්වය නිසාවෙනි. හමුදුරුවන් මගේ මිතුරා පැවසූ දේ මට නෑසෙන්නට ඇත. අපගේ ඉදිරි වැඩපිලිවෙල පිලිබන්දව මට වැටහීමක් නොතිබුනු තරමටම මම ඇයට සම වැදී සිටියෙමි. සියලු වැඩ කටයුතු අවසානයේ ඇගේ පියා, සන්ජය මහතාගේ පැමිනීම නිසා අපට ඇය සමග වචනයක්වත් කතා කිරීමටව අවස්තාව ගිලිහී ගියේය. එමනිසා ඔවුනට සමුදුන් අප දෙදෙනා පයින්ම අප නිවසට පැමිනීයේ මා ඇය සමග කතා කලදේ අකුරක් නෑර මගේ මිතුරා වූ ගයාන්ට පැහැදිලිකරන අතරතුරේදීය.

    "දැන් උඹ මට කියන්නෙ.. උඹ ඔය මට කිව්ව විදිහටම සමීරට කිව්ව කියලද"
    "ඔව් බන්. අවුලක් නෑනෙ"
    "අවුලක්නම් නෑ .. කෝ අල්ලපන්කො උඹේ වම් පැත්තෙ කම්බුල"
    "ආව් යකෝ. උඹට පිස්සු හැදිලද බොල. ගහපු එක රිදුනා"
    "අන්න ඒ වගේ තමා උඹ ඔය ටික කියන වෙලේ ඒ කෙල්ලට දැනෙන්න ඇත්තෙ. ඇයි ගොනෝ හම්බෙච්ච පළවෙනි දවසෙම.. අනික කතා කරපු පළවෙනි වචන සීයෙම .. ඒ මදිවට කතා කරපු පළවෙනි විනාඩියෙම පුදනකොටම කාපි යකා වගේ උඹ ඒ කෙල්ලගෙ නම කියල කතා කලා"
    "හරි හරි බන්.. මට ඉතින් කියවුනා. අනික බොරු කිව්වෙ නෑනෙ බන්.."
    "හම්ම්ම්.. මට තේරෙන්නෙ නැහැ. බලමුකො දැන් ඊළඟ දවසෙ හම්බුනාම ප්රතිචාර කොහොමද කියලා එයාගෙ"


    ආයෙමත් ඇවිදින් ඊළඟ මොහොතට ...​
     
    Last edited: