ආයෙ යන්න හිතන්න එපා...
වීදුරුවෙන් එහා ලෝකෙ කාලෙකට පස්සෙ හිස් වෙලා..
එක දිගටම මහන්සි උන මැෂින් සැනසීමෙන් නිදි..
ඒත් මේ ඇදන් මත ජීවිතේ වෙනුවෙන් යැදපු හුස්ම පොද වෙනුවෙන් සටන් කරපු අය මහ ගොඩයි...
සමහර අය මරණය පෙනි පෙනී වේදනාව හැංගුවා..
තවත් කෙනෙක් නොදැනීම මරණය වැලදගත්තා..
තව කෙනෙක් වේදනාවෙන් අවසන් ගමන් ගියා..
හුස්ම රැකුනු අය මාස ගණන් ගිහින් උනත් ගෙදර ගියා..
හැමදාමත් අපි ඔවුන් සමග දුක සතුට බෙදාගත්තා..
ඒත් අදටත් ඒ අවසන් සුසුම්..වේදනාවෙ කෙදිරිලි..
සිනාවෙ සතුට මේ බිත්ති අතර හිර වෙලා.
ඉතින් ආයෙමත් වීදුරුවෙන් එහා ලෝකෙට යන්න හිතන්නවත් එපා...
මුව ආවරණ පලදිමු,දෑත් සෝදමු, පරිස්සමින් ජීවත් වෙමු