ආරක්ෂක ලේකම් එක්ක අමනාපයක් තිබුණේ නෑ-ජෑන&#3530

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආරක්ෂක ලේකම් එක්ක අමනාපයක් තිබුණේ නෑ-ජෑන&#3530

    පසුගිය ජනාධිපතිවරණයේදී"සන්ඩේ ලීඩර්"පුවත්පත සරත් ෆොන්සේකා මහතාට සහය දීමට තීරණය කර තිබුණද ඒ පිළිබඳ තමන්ට යම් පැකිලීමක් තිබුණු බව ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මිය අද අධිකරණයේදී ප්‍රකාශ කර සිටියේය.

    සරත් ෆොන්සේකා මහතාගේ සුප්‍රසිද්ධ සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩු විභාගයේදී විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය,කීත් නොයාර් සහ නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට පහරදීම නිසා ලීඩර් පුවත්පත් සමාගම ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් යම් පැකිළීමක් ඇතිවුණු බව ජෑන්ස් කියා සිටියාය.

    සරත් ෆොන්සේකා මහතා විසින් පැවසූ සුදු කොඩි කතාව තමන් ඒ ආකාරයෙන්ම ලියා ගත් බව සඳහන් කළ ඇය එකී සටහන් පොතේ අදාළ පිටු විවෘත අධිකරණයට පෙන්වා සිටියාය.

    ආරක්ෂක ලේකම්වරයා සමග පැවති පුද්ගලික වෛරයක් පිරිමසා ගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයක් විකෘති කොට අයුතු ප්‍රයෝජනයක් ගැනීමට උත්සාහ කළා නොවේදැයි විත්තියේ නීතිඥවරයා සන්ඩේ ලීඩර් කතුවරියගෙන් අසා සිටියේය.

    එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ෆෙඩ්රිකා ජෑන්ස් කියා සිටියේ ආරක්ෂක ලේකම්වරයා සමග හෝ වෙනත් අයෙකු සමග තමන්ට පුද්ගලික අමනාපයක් නොමැති බවයි. තමන් ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ලිපි පළ කර නොමැති බව ද ඇය සඳහන් කළාය.

    තමා සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම්වරයා විසින් සරත් ෆොන්සේකා මහතාව තද බල ලෙස විවේචනය කළ බව සිහිපත් කළ කතුවරිය එකී කරුණු පමණක් පුවත්පතේ පළ කළ බවද කියා සිටියාය.

    විත්තියේ පාර්ශවයෙන් හරස් ප්‍රශ්න විමසීම අදින් අවසන් කෙරුණු අතර සන්ඩේ ලීඩර් කතුවරිය යළි හෙට දිනයේ රජයේ පාර්ශවයේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙනු ඇත.


    http://www.adaderana.lk/sinhala/news.php?nid=12057

    කලින් කොහොමද මෙයා කිව්වේ? මෙයාලා මේ අද ඉපදුනා වගේ. :D:D:D
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අපි මෙච්චරකල් අහලතිබ්බෙ සල්ලිවලට ඈග විකුණන අය ගැන විතරයි දැන් ආත්මෙ විකුණන අයත් ඉන්නව :no:මුංට තමයි කියන්නෙ පට්ට_____කියල:yes:
     
    • Like
    Reactions: maheshmat

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අපි මෙච්චරකල් අහලතිබ්බෙ සල්ලිවලට ඈග විකුණන අය ගැන විතරයි දැන් ආත්මෙ විකුණන අයත් ඉන්නව :no:මුංට තමයි කියන්නෙ පට්ට_____කියල:yes:


    sira machang..............
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    "දිවෙන් දිව ගෑවත්.. ස්ත්‍රී ජාතී නැත විශ්වසේ...."

    කියල ඉස්සර කියල තියෙන්නෙ නිකන් නෙවේ නෙ බන්ස්