ආරක්ෂාව ..

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    පෞද්ගලික ආරක්‍ෂක අංශයේ රැකියාවක් ලැබුණු තරුණයෙකුට රාත‍්‍රි රාජකාරිය සඳහා ලැබුණේ කොළඹ නගරයේ පිහිටි කිසිවකුත් නොමැති නිවෙසක් මුර කිරීමටය. නිවැසියන් විදේශගතවී සිටි මෙම නිවසේ ආරක්‍ෂාව පෞද්ගලික ආරක්‍ෂක ආයතතනයකට පවරා තිබිණි. තාප්පයෙන් වටවුණු නිවසේ විශාල ගේට්ටුවකි. ආරක්‍ෂක නිලධාරියා එය ඇතුළතින් අගුල්ලා, තම ජංගම දුරකතනයෙන් රේඩියෝවට සවන් දෙන්නට විය.
    ඒ වෙලාවේ විකාශය වූයේ භූතාත්ම සම්බන්ධ කතාවකි. නිවස අසල ගසේ කෑගසන බස්සකුගේ හඬින් කලබලයට පත් ඔහු ගලක් රැගෙන එම ගසට ගැසීය. ඒත් බස්සාගේ හඬ නැවතුණේ නැත. ඒ අතරවහලට ගල් කැබලි වැටෙන්නාක් වැනි ශබ්ද ද යමෙක් ගේට්ටුවට තට්ටු කරන හඬක්ද ඔහුට ඇසුණි. බියට පත් තරුණ ආරක්‍ෂක නිලධාරියා තම ජංගම දුරකතනයෙන් ආරක්‍ෂක ආයතනයේ සංචාර නිලධාරි තැන අමතා, ”අනේ සර් මට මෙතන නම් ඉන්න බැහැ. මෙතැන හොල්මන්. මාව එක්කගෙන යන්න එන්න” යැයි කීය. සංචාරක නිලධාරියා ඔහු අස්වැසීමට බොහෝ දේ කීවත් ඔහු කීවේ තනියම සිටිය නොහැකි බවය. පැය බාගයකින් සංචාරක නිලධාරියා පැමිණි අතර ගේට්ටුව ඇර ඔහුව ඇතුළට ගත් ආරක්‍ෂක නිලධාරියා සිදුවූ විස්තරය ඔහුට පැවසීය. ”ගේට්ටුවට තට්ටු කළේ නම් බල්ලෙක්” සංචාරක නිලධාරියා කීය. ”ඒ කිව්වේ සර්” ආරක්‍ෂක නිලධාරියා ඇසීය.
    ”මම මෝටර් සයිකලෙන් එද්දී ගෙට්ටුව ළඟ නිදාගෙන හිටපු බල්ලෙක් යන්න ගියා. ඌ ඇඟ කහද්දී නැට්ට ගේට්ටුවේ වදින්න ඇති. වහල ළඟ තියෙන ගහේ පොඩි ගෙඩි වගයක් මම දක්කා බිම තියනවා. ඒවා තමයි වහලට වැටුණේ.” ඔහු කීය. ”ඒත් සර් මට බයයි මට මෙතන ඉන්න බැහැ” ආරක්‍ෂක නිලධාරියා පිළිතුරු දුන්නේය. ආරක්‍ෂාවට යෙදවීමට වෙනත් නිලධාරීන් නොසිටි නිසා සංචාරක නිලධාරියාට සිදුවූයේ එළිවෙනතුරු එතැන මේසය මත දිගාවී ආරක්‍ෂක නිලධාරියාට තනි රැකීමටය.

    උපුටා ගැනීම ලංකාදීප 2011/12/2