ආර්චනා ප්‍රනාන්දු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශරීරයේ යම් ස්ථානයක් සිදුරු කරමින් සිදු කරන ලද සැත්කමක් (a minimally-invasive surgery) මගින් අත්ලාන්තික් සාගර කලාපයේ දිවි ගෙවන පිළිකාවෙන් බැටකන තරුණයෙකුට හොඳ සෞඛ්‍යයක් ලැබී තිබේ!
    මෝ ටේජර් නම් පිළිකා රෝගියා වෙනුවෙන් ලන්ඩනයේ ගයි සහ ශාන්ත තෝමස්හි NHS පදනම් භාරයේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ආර්චනා ප්‍රනාන්දු විසින් සිදු කරන ලද
    ‘පුරෝගාමී’ සහ ‘පෙරළිකාර’ රොබෝ සැත්කම පිළිබඳව මෑතකදී එක්සත් රාජධානියේ පුවත්පත්වල සඳහන් විය.
    “මගේ කතාව බෙදාගන්න මම කැමති වන්නේ මිනිසුන් එය දැනගැනීමට උනන්දුවක් දක්වන නිසා සහ එමගින් ඖෂධ හෝ සැත්කම් පිළිබඳව හැදෑරීමට ඔවුන්ට ආශාවක් ඇති විය හැකි නිසා පමණය. නමුත් මාවම උසස් කොට සැලකීමේ අරමුණක් මෙහි නැත්නම් මා බොහෝ සෙයින් සතුටු වෙනවා” ඇය නිහතමානීව ප්‍රකාශ කරයි.

    අර්චනා ප්‍රනාන්දු උපත ලබා හැදී වැඩී තිබෙන්නේ ශ්‍රී ලංකාවේය. වකුගඩු පිළිකා, ආන්ත්‍රික තන්තුමය ගැටලු සහ විවෘත හා කුඩා සිදුරක් හරහා සිදු කරන මෞත්‍ර පද්ධතිය ආශ්‍රිත සැත්කම් කිරීමෙහිලා ඇය දස්කම් දක්වයි. ඇත්තවශයෙන්ම පුරෝගාමීව සහ පෙරළිකාරව කටයුතු කරන තවත් බොහෝ පුද්ගලයන් සිටින බවද “කනගාටුදායක ලෙස මම ඔවුන්ගෙන් කෙනෙකු නොවන” බවද ඇය කියා සිටියාය.
    නමුත් ටේජර්ගේ වෘෂණ කෝෂයක දක්නට ලැබුණ විශාල ප්‍රමාණයේ පිළිකාව කුඩා සිදුරක් ඇසුරින් සැත්කමක් කර ඉවත් කර තිබීම ඇත්තවශයෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ ලැබූ ජයග්‍රහණයක්ය. මන්දයත් එක්සත් රාජධානියේ එවැනි සැත්කමක් සිදු කර ඇත්තේ පළමු වතාවටය.
    තවත් කරුණක් නම් එක්සත් රාජධානියේ ශල්‍ය වෛද්‍යවරිය මෙම සැත්කම සිදු කර තිබෙන්නේ ඊට සැතපුම් 4700ක් දුරින් පිහිටි සීට්ල්වල සිටින ශල්‍ය වෛද්‍යවරයෙක් හා එක්වය. එය වැදගත් පියවරක් වශයෙන් ගණන් ගැනේ.
    මෙම සැත්කමේදී මෘදුකාංග භාවිත කර ඇති නිසා වෛද්‍ය ප්‍රනාන්දුට සැත්කම සිදු කිරීමේදී දැකිය හැකි වූ දේම සීට්ල්වල සිටි ශල්‍ය වෛද්‍යවරයාටද දැකගත හැකි විය. ශල්‍යාගාරය තුළ සිටියදී ඔවුන් දෙදෙනාටම හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගැනීමට හැකි වූ අතර එය “නියම” අද්දැකීමක් බව ප්‍රනාන්දු පවසන්නීය.
    මෙම ශල්‍යකර්මය කිරීමේ අවශ්‍යතාවය පැනනැඟුණේ 31 හැවිරිදි ටේජර්ට මැයි 21 වෙනිදා සිට උද‍රයේ වේදනාවක් ඇති වීමට පටන්ගැනීමත් සමඟය. පසුව ඔහුට වෘෂණ කෝෂ පිළිකාවක් වැළඳී ඇති බවට අනාවරණය විය.
    සිරුරේ තිබෙන මහා ධමනිය සහ අධර මහා ශිරාව ආශ්‍රිත මෙම සැත්කම සංකීර්ණ එකක්ය. මේ සඳහා ඇය ඩාවින්චි ලෙස හඳුන්වන රොබෝ යන්ත්‍රය යොදාගෙන තිබේ. කීමෝතෙරපි ලබා දීමෙන් පසුව ඉතිරි වී තිබූ සෙන්ටි මීටර 5ක් වන පිළිකාකාරක ගෙඩිය සහ ඒ අසල තිබූ වසා ගැටිති සියල්ලද ඉවත් කිරීමට සිදු වූ බව වෛද්‍ය ප්‍රනාන්දු පැවසුවාය.

    “ගෙඩිය පිහිටා තිබුණේ උදරයේ මහා ධමනිය සහ අධර මහා ශිරාව අතරය. එමෙන්ම එය මේවාට ඇලී තිබුණි. මේවා ප්‍රධාන රුධිර නාළ වන බැවින් සැත්කමකදී මේවාට තුවාල සිදු වුවහොත් බරපතළ අභ්‍යන්තර රුධිර වහනයක් ඇති විය හැකිය. එම අනතුර වළක්වාගත යුතු නිසා සාමාන්‍යයෙන් මෙවැනි සැත්කම් සිදු කරන්නේ විවෘත සැත්කම් ලෙසින්ය. නමුත් මේ වන තෙක් රොබෝ තාක්ෂණයේ උපකාරය ඇතිව අප සෙන්ටි මීටර 15ක් දක්වා වූ පිළිකාකාරක ගෙඩි වකුගඩුවලින් ඉවත් කර තිබෙන අතර, මුත්‍රා නාළ අවහිරතාවලට ප්‍රතිකාර කිරීම සහ මුත්‍ර නාළ ප්‍රතිනිර්මාණය කිරීමද සිදු කර තිබේ” ඇය පවසයි.
    ටේජර්ගේ රෝගී තත්වයට අදාළ සැත්කම කිරීමේදීද රොබෝ තාක්ෂණයේ සහය ආරක්ෂාකාරීව යොදාගත හැකි බව ප්‍රනාන්දු සහ කණ්ඩායම විශ්වාස කළහ. මන්දයත් ඔවුන්ට ඒ සඳහා අත්දැකීම් තිබෙන අතර ඔවුහූ එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝය. සැලැස්ම වී තිබුණේ එම ක්‍රමය අසාර්ථක වන බව පෙනෙන්නට තිබුණොත් ඒ වෙනුවට විවෘත සැත්කමක් සිදු කිරීමය. නමුත් මුලින්ම කුඩා ප්‍රමාණයේ සිදුරක් මගින් සැත්කම කිරීමේ ක්‍රමයට ටේජර් එකඟ විය. මන්දයත් එම ක්‍රමය මගින් දැනෙන්නේ විවෘත සැත්කමකට වඩා අඩු වේදනාවක් වන අතර රෝහල තුළ රැඳී සිටිය යුතු කාලය අඩු වීම සහ ඉක්මන් සුවය ලැබීම එම ක්‍රමය යොදාගැනීමෙන් ලැබෙන වාසි බව “සන්ඩේ ටයිම්ස්” සඳහන් කරයි.

    නමුත් මෙම ක්‍රමය භාවිතා කිරීමේදී ඇතැම් විට විවෘත සැත්කමකින් පසු සුවය ලැබීමට වඩා වැඩි කාලයක් ගත වීමටද ඉඩ තිබේ. එමෙන්ම රුධිර වහනයක් සිදු වී කැමරාව රුධිරයෙන් වැසී ගියොත් සිරුර තුළ අවශ්‍ය කොටස දැකබලාගත නොහැකිය. මෙම කරුණු කුඩා සිදුරක් මගින් සැත්කම් කිරීමේ ක්‍රමයේ තිබෙන අවාසි බව වෛද්‍ය ප්‍රනාන්දු පැහැදිලි කරයි. එම නිසා මෙවැනි ගැටලුවක් මතු වුවහොත් වහාම එය විවෘත සැත්කමක් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාව සැත්කම සිදු කරන ශල්‍යවෛද්‍යවරුන්ට තිබීම ඉතා වැදගත්ය.
    ටේජර්ගේ සැත්කම ආරම්භ වූයේ එක්සත් රාජධානියේ වේලාවෙන් උදෑසන 9:30ටය. සීට්ල්වල එය උදෑසන 1:30 වූ අතර ස්වීඩන වෛද්‍ය මධ්‍යස්ථානයේ රොබෝ තාක්ෂණය ඇසුරින් සිදු කරන සැත්කම් පිළිබඳ සභාපති වෛද්‍ය ජිම් ‍පෝටර් ඊට එක් විය.

    “මෙවැනි සංකීර්ණ සැත්කම් සිදු කරන වෛද්‍යවරු අතරට ජිම්ද ඇතුළත්ය. මීට පෙර වෘෂණ කෝෂයක මෙතරම් විශාල පිළිකාකාරක ගෙඩියක් ඉවත් කිරීමට මා රොබෝ තාක්ෂණය යොදාගෙන නැහැ. මම ‍මේ තරම් විශාල ගෙඩි ඉවත් කිරීමේ සැත්කම් කර තිබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්ය. (සැත්කම් 5-8 අතර ප්‍රමාණයක්.) එම නිසා සැත්කමට අදාළ පියවර අතරින් මුල්ම පියවර අනුගමනය කිරීමේදී එය සාර්ථකව සිදු කිරීමට මට උපකාර කරන ලෙස ඉල්ලමින් මම ඔහුට ඊමේල් පණිවිඩයක් යොමු කළෙමි. පැය 5ක් ගත වන මෙම සැත්කම සඳහා ඔහු එක් පැයකට පමණ මා සමඟ සම්බන්ධ වූ අතර ශරීරයේ ව්‍යූහයට අදාළව ඉතා වැදගත් අදහස් දැක්වීය” වෛද්‍ය ප්‍රනාන්දු පවසයි.

    මුලින්ම මිලිමීටර 8 බැගින් වූ කුඩා කැපුම් 4ක් රෝගියාගේ යටි උදරයෙහි යොදා තිබේ. කුඩා කැපුමක් ඇසුරින් සිදු කරන සැත්කම් සඳහාම නිමැවුණු ශල්‍ය රොබෝවරයාට කැමරා සහ ශල්‍ය උපකරණ සවි කරන ලද අත් හතරක් තිබේ.
    නමුත් කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් මෙසේ සැත්කම් සිදු කිරීම පහසු කාර්යයක් නොවූ බවට ප්‍රනාන්දු සඳහන් කළාය.

    “කල් නොදමා ඉක්මනින්ම සිදු කළ යුතු බව අපට හැ‍ඟෙන සෑම සැත්කමක්ම ඉක්මනින්ම කළ යුතු බව අප ඔප්පු කළ යුතුයි. Covid-19 සම්බන්ධ අනෙකුත් ක්‍රියාකාරකම් සිදු කරන අතරවාරයේදීම සැත්කම සඳහාද කාලය වෙන් කරගත යුතුයි. ශල්‍යකර්මයෙන් පසුව ඔහු කොරෝනා වෛරසයට ගොදුරු වූවොත් ඔහුට ඉහළ අවදානමක් තිබිය හැකි නිසා රෝගියා සමඟ ඉතා ප්‍රවේසමෙන් කටයුතු කළ යුතුය. නමුත් සැත්කම කල් දැමුවොත් ඔහුගේ පිළිකාව හේතුවෙන් ඔහු අයහපත් ප්‍රතිඵලවලට මුහුණ දීමට ඉඩ තිබේ. රෝගියා සමඟ හොඳ සබඳතාවයක් ගොඩනඟාගැනීම වැදගත්ය. එවිට මෙවැනි ප්‍රතිඵල ගැන දැනුවත් වීමට ඔහුට හැකියාව ලැබේ. විශේෂයෙන්ම ඔහු තරුණයෙකු වීම සහ ඔහුගේ සැත්කමට පෙර/අතරතුර/පසුව ඔහුව බැලීමට ඔහුගේ පවුලේ කිසිම සාමාජිකයෙකුට අවසර නොමැති බැවින් ඔහු ඉහත සඳහන් කළ කරුණු පිළිබඳව දැනුවත්ව සිටීම වැදගත්ය” ආර්චනා ප්‍රනාන්දු පැවසීය.
    “මෙම සැත්කම පුරාවට ඒ සඳහා හවුල් වූ කාර්යමණ්ඩලයට සම්පූර්ණ සෞඛ්‍යාරක්ෂිත කට්ටලයම පැළඳ සිටීමට සිදු විය. සැත්කම සඳහා පැය 6ක් ගත වූ අතර කාර්යමණ්ඩලයට එම කාලය පුරාවට සෞඛ්‍යාරක්ෂිත කට්ටලය පැළඳ සිටීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.”

    සැත්කම සඳහා හවුල් වූ කණ්ඩායමේ උත්සාහය සාර්ථක විය. සැත්කමින් පසුව ටේජර් හොඳ තත්ත්වයේ පසු විය.
    ටේජර් තුළ මුල්ම රෝග ලක්ෂණ පහළ වූ විට ඔහු පිළිකාකාරක ගෙඩියේ 5වන අදියරෙහි පසු විය. කීමෝතෙරපි මගින් ඔහුට සුවයක් දැනුණද ඔහුගේ රෝගයේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් නොවීය. නමුත් දැන් ඔහුගේ රෝගය ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බව වෛද්‍ය අර්චනා ප්‍රනාන්දු පවසයි. නමුත් නිතරම ඔහුගේ තත්ත්වය පරීක්ෂා කළ යුතු බවද ඔහු ඊට කැමති බවද ඇය තවදුරටත් පැවසීය.
    සැත්කමෙන් පසුව ටේජර් දින දෙකක් රෝහල තුළ රැඳී සිටියේය. එක් දිනක් ඇතුළත රෝහලෙන් පිට වීමට ඔහුට හැකියාව තිබිණ. නමුත් ඔහු හොඳින් සිටින බව සම්පූර්ණයෙන්ම තහවුරු කරගැනීමට වෛද්‍ය ප්‍රනාන්දුට අවශ්‍ය වූ නිසා ඔහුව අමතර දිනක් රෝහලේ රඳවාගත් බව ඇය පැවසීය. සති දෙකකින් පසුව ඔහුගේ සෞඛ්‍ය බොහෝ දුරට සාමාන්‍ය අතට පත් විය. නමුත් විවෘත සැත්කමක් සිදු කළේ නම් දින 5-7 දක්වා කාලයක් රෝහල තුළ රැඳී සිටීමට සිදු වන බවත් සුවය ලැබීමට සති 6ක් ගත වන බවත් සඳහන්ය.
    වෛද්‍ය අර්චනා ප්‍රනාන්දු තම ඉදිරි දැක්ම පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය. “හැමදාමත් මගේ ඉලක්කය වන්නේ දක්ෂතාවයන් තව තවත් දියුණු කරගැනීමය. එමෙන්ම රෝගීන්ට වඩා හොඳ ප්‍රතිඵල ලැබීම සඳහා සැත්කම් සිදු කරන සෑම වතාවකම ඒවා වඩා හොඳින් සිදු කිරීමය.”

    (“සන්ඩේ ටයිම්ස්” වෙත කුමදුනී හෙට්ටිආරච්චි පළ කළ ලිපියක් ඇසුරිනි)
    එස්. දහනායක
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,526
    113
    Colombo
    lankawe ipadunata wadak na.dan england PR aran ati.un aya kawadawath lankawata enne na.nikan anith unta pora talk ekak denna hodayi , lankawe api waddo kiyala. swayn vindanayak ganna hondayi.
     
    • Like
    Reactions: hichchiputha

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,454
    1,402
    113
    lankawe ipadunata wadak na.dan england PR aran ati.un aya kawadawath lankawata enne na.nikan anith unta pora talk ekak denna hodayi , lankawe api waddo kiyala. swayn vindanayak ganna hondayi.
    Real people won't think like that. She came to Sri Lanka and did many surgeries and did some demonstration too. She studied in a Private school went to the medical college in the UK paying fees and she has every right to decide on her life. But she has a soft corner for her land of birth.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,526
    113
    Colombo
    Real people won't think like that. She came to Sri Lanka and did many surgeries and did some demonstration too. She studied in a Private school went to the medical college in the UK paying fees and she has every right to decide on her life. But she has a soft corner for her land of birth.
    Aa ehenam awlak na
     
    • Like
    Reactions: hichchiputha