ආර්ථිකය කොයිබටද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කළ පෙබරවාරි මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රටේ ආර්ථිකය මේ වසරේ සිට වර්ධනය විය හැකි බව ඔවුන් පවසනවා.

    විශේෂයෙන් එක දිගට කාර්තු 6 ක් තිස්සේ සංකෝචනය වූ ආර්ථිකය 2023 තුන් වන කාර්තුවේදී වර්ධනය වීමට පටන් ගත්තා. එසේ වූවත් සමස්ථ 2023 ප්‍රතිඵලය බලාපොරොත්තු වූ පරිදිම සෘණ අගයක්.

    කෙසේ වෙතත් ගිය වසරේ තුන් වන කාර්තුවෙන් ඇරඹි වර්ධනය 2024 දීත් පවත්වා ගැනීමට ශ්‍රීලංකාවට හැකි බවයි ඔවුන්ගේ පුරෝකථනයෙන් කියැවෙන්නේ.

    අයවැය වැය පාලනය කිරීමට උත්සහ කරන කාලයක IMF රෙගුලාසි ඔස්සේ austerity තත්ත්වයක් පැවතියත්, මේ වසරේ යම් වර්ධනයක් ඇති වෙන ලක්ෂණ දැනට පෙන්නුම් කරනවා. ඒ වර්ධනය තමයි අවසානයේ සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ. ආර්ථිකයක් වර්ධනය වන විට තමයි ජනතාවගේ ආදායම් ඉහල යන්නේ වගේම ඒ ඔස්සේ තමයි ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යන්නේ. එම නිසා මේ වසරේ ජනතාවට යම් ප්‍රමාණයක් අත් කර ගත්ත වර්ධනයේ ප්‍රගතියක් ජීවිත වලට දැනෙනු ඇති.

    කෙසේ වෙතත් මෙය ආර්ථිකය කඩා වැටීම ආරම්භ කළ 2019 සීමාවට යෑමට තවත් වසර 3-4ක් යනවා. ඒ නිසා එය 2019 ට පැවති කාලයට සාපේක්ෂව තවමත් දුකේ.

    මේ ඇති වන ආර්ථික වර්ධනයෙන් ජනතාවගේ ආදායම් ඉහළ යෑම මත ජනතාව යළි තමා විශ්වාස කරනු ඇති බව රනිල් වික්‍රමසිංහ විශ්වාස කරනවා විය හැකියි. ඒ නිසා මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තව අවුරුද්දකින් හෝ දෙකකික් එහාට තල්ලු කර ගැනීමට ඔහු අනිවාර්යයෙන් උත්සහ කරනවා. මේ දවස් වල විවිධ මැතිවරණය කල් තැබීම ගැන කට කතා ඇති වෙන්නේ ඒ නිසා. ඔහුට මේ වර්ධනයේ ප්‍රථිපල පෙන්වන්න තව කාලයක් අවශ්‍ය බැවින්, එය ලබා ගැනීමට ඔහු උත්සාහ කරාවි.

    අවසාන වශයෙන් යම් බල පෙරළියකටපෙර විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කර ගැනීමට හැකියාව ලැබේ නම් ඒක ජනතාවගේ වාසනාවක් වේවි. මේ වන විට වසරකට වැඩිය ගත වී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම යලිත් පමාවී ඇති බව ආරංචි වෙනවා. මෙය කර ගෙන ආපු ආණ්ඩුව නොවන වෙනත් පිරිසකගේ අතට පත් වූ විට යළිත් ණය මේස සාකච්ඡා මුල සිට ආරම්භ කරන්නට සිදු වීම මත ඒ කටයුතු අනිවාර්යයෙන් තවත් කාලයකට පමා වෙනවා.

    මේ අතර සංචාරක කර්මාන්තයේ උපදිම ධාරිතාවයට ලඟා වීම වගේම විදෙස් ගත ශ්‍රමිකයන්ගේ ඩොලර් සම්ප්‍රේෂණ ඉහල යෑම මත දේශීය විදෙස් සංචිත ශක්තිමත් වී තිබෙනවා. මේ එකතු වන ඩොලර් තොගය, ප්‍රතිව්‍යුහගත කිරීම් පමා වන්නේ නම් වෙන ක්‍රමයකින් හෝ එලියට යවා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ නිසා වැඩි කල් නොගොස් වාහන ආනයනය සඳහා අවසර ලැබෙනු ඇතැයි සිතන්නට පුළුවන්.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර
     
    • Love
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    26,260
    18,880
    113
    Captuddre.jpg
     
    • Haha
    Reactions: shenat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    11,725
    21,290
    113
    රෙප් ✂ උන්ටයි මේ කියන්නේ.
    රෙප් කපපන් .
    ඕන කුනුහරුපයක් කියල බැනපන්.
    එත් පොන්නයා කියල කියන්න.
    අපි හැමෝම පොන්නයො.
    පොන්නයො චන්දෙ දෙන්නේ මොන පැත්තටද කියලා ඔයාල කොහොමද දන්නේ?
    උබට රචනා ලියනවට කියක් ගෙවනවා ද පොන්ස් UNP එකෙන්🤣🤣🤣


    වහලෙක් උනාට උපරිමයට යන්න එපා http 🤮
    @riduna pm පොන්නයා අදත් පුක්ෂනය වෙලා අඩනවා 🤣🤣🤣
    සදුන් බුවා කියල ඉන්නේ තඩි බයියෙක් කියල හිතෙන්නේ මට විතරද
    ඕක දැම්මොත් දාන්නේ මහ ගොන් ත්‍රෙඩ් එකක් unp අපිට පට්ට අවාසි



    😹 😹 😹 😹 😹 😹 😹 😹 😹 😹 😹 😹
     
    • Haha
    Reactions: gamerlk