ආර්ථික වර්ධනය

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේ වසරේ ආර්ථික වර්ධනය 6.9ට අඩු වේ

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    මේ වසරේ (2015) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 6.9 ක්‌ දක්‌වා අඩු වනු ඇතැයි ලෝක බැංකුවේ දකුණු ආසියාතික ආර්ථික පුරෝකථන වාර්තාව සඳහන් කරයි.

    ගිය වසරේ 2014 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 7.4 ක්‌ විය.

    ඉදිකිරීම් කටයුතුවල සිදුව ඇති මන්දගාමීත්වය මෙසේ ආර්ථික වර්ධනය පසුබෑමට ලක්‌ වීමට හේතුව බවද එම වාර්තාවේ සඳහන්ය.

    ලබන වසරේ 2016 ආර්ථික වර්ධනය සියයට 6.6 ක්‌ දක්‌වා තවදුරටත් අඩවනු ඇතැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ.

    නව රජය බලයට පත්වීමෙන් පසු බොහෝ සංවර්ධන කටයුතු නතර වී හෝ මන්දගාමී වී තිබේ.

     
    • Like
    Reactions: kinkon

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    7.4 ho 8 wela thibbath wadak na athi eka athi wenawa nathi eka nathatama nathi wenawa nam! short term plan hariyanne na! arthika wege wadi naya poli anupatheth sahenna wadi nam wadak wenne na!
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    onna YAHAPALANE
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ape රටේ ආර්ථික වර්දනය තිබුනේ ඔය ගාන තමා ,5 % 6 % වගේ
    අස්ච්රෙයෙන් එක වැඩි කරලා පෙන්නුවා ,
    එක නිසයි දැන් මහා බැංකු දත්ත කවුරුත් පිලි නොගන්නේ ,

    8 % තිබුනේ නැ කියලා ඕන විෂය දන්නා කෙනෙක් දන්නවා ,එක දැන් හිමිහිට නිවැරදි අගයට එනවා ,
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ape රටේ ආර්ථික වර්දනය තිබුනේ ඔය ගාන තමා ,5 % 6 % වගේ
    අස්ච්රෙයෙන් එක වැඩි කරලා පෙන්නුවා ,
    එක නිසයි දැන් මහා බැංකු දත්ත කවුරුත් පිලි නොගන්නේ ,

    8 % තිබුනේ නැ කියලා ඕන විෂය දන්නා කෙනෙක් දන්නවා ,එක දැන් හිමිහිට නිවැරදි අගයට එනවා ,


    නිවැරදි අගයට එනවා.:lol::lol::lol::lol:

    නිවැරදි අගය -:shocked::shocked:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ape රටේ ආර්ථික වර්දනය තිබුනේ ඔය ගාන තමා ,5 % 6 % වගේ
    අස්ච්රෙයෙන් එක වැඩි කරලා පෙන්නුවා ,
    එක නිසයි දැන් මහා බැංකු දත්ත කවුරුත් පිලි නොගන්නේ ,

    8 % තිබුනේ නැ කියලා ඕන විෂය දන්නා කෙනෙක් දන්නවා ,එක දැන් හිමිහිට නිවැරදි අගයට එනවා ,

    මොක්කුද මේ :rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නිවැරදි අගයට එනවා.:lol::lol::lol::lol:

    නිවැරදි අගය -:shocked::shocked:
    ඔ බෝල ඕකේ 8 % තියෙනවනම් සැහෙන වෙනස් කම වෙන්න ඕනා ,එහෙම කිසිදෙයක් තිබ්බේ නැ ,ආර්ථික වර්දනය කියලා පෙන්නුවේ ඉදිකිරීම් අංශය විතරයි ,එකෙත් ගොඩක් ඒවා කිසි තේරුමක් නැති ඒවා ,ඒවගෙන් අර්තිකෙට එන එකතු කල අගය අඩුයි
    මේවා නොදන්නා මිනිසුන්ව රවටන එක තමා අපේ දෙෂ්පලුවොන්ගේ හැටි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මොක්කුද මේ :rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
    ඔබගේ නොදැනුවත් බාවය පිළිබද මගේ අනුකම්පාව ,




    http://www.elakiri.com/forum/showthread.php?t=1668425

    ආර්ථික වර්ධනයආර්ථික වර්ධනය කියන්නේ සරලව කිව්වොත් ගිය වසරේ රටක නිෂ්පාදනයට වඩා මේ වසරේ නිෂ්පාදනය වැඩි වීමටයි ,..
    සරලව දැක්වීමයි



    2 ආර්ථික සංවර්දනය
    ආර්ථික නිෂ්පදනේ වැඩිවීම වෙන්නේ ප්‍රමාණාත්මකව ,එත් එක වගේම ගුණාත්මක යන අංශයේත් සිදුවන වෙනස් වීමේ ක්‍රියා වලිය ට තාමා ආර්ථික සංවර්දනය කියන්නේ


    සංවර්දනය

    මේ ක ගැන ලෝකයටට ගොඩක් කරුනු ඉදිරිපත් කලේ අමර්ත්‍ය සෙන් කියන නොබෙල් සම්මාන ලාබී ආර්ථික විද්‍යයා ,

    එතුමාට අනුව

    සන්වර්ධනය කියන්නේ

    මිනිසාගේ ජිවන තත්වය ඉහල නැංවීමේ ක්‍රියා වලිය කියල නැත්නම් ජිවන තත්වය උසස් කිරීමේ ක්‍රියාවලිය කියලා

    ඒවගේම හිර්මත්ෂු කියන ජපාන ආර්ථික විද්‍යායා කියනවා ,මිනිසුන්න්ගේ සිනහව තුලින් සංවර්දනය පෙන්නුම් කරනවලු ,එකියන්නේ සතුටින් ඉන්නවා කියන්නේ සංවර්ධනය තාමා කියලා

    මානව සන්වර්ධනය

    මානවයා සතු හැකියාවන් හා ක්‍රියාවන් ප්‍රසාරණය වන ලෙස රටක ජනතාවගේ තොරා ගැනීමේ පරාසය ,පුළුල් කිරීමේ ක්‍රියා වලියයි

    ඒ කියන්නේ අපේ හැකියාව න් වැඩි දියුණු වෙන්න ඕනා කරන දේවල් ඒ නිසාම වැඩි දියුණු වෙන්න ඕනා එක සමස්ත විදිහට හැමෝම තුලින් වෙන කොට අපේ තෝරා ගැනීමේ පරාසය වැඩි වෙනවා

    මේක තමා දැන් සංවර්දනය කියලා හදුන්වන්නේ

    තිරසාර සංවර්ධනය

    අනාගත පරාම්පරා වලට තම අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව ට හානියක් නොකොට වර්තමාන පරම්පරාව තම අවශ්‍ය තා සපුරා ගන්නා ක්‍රියා වලියයි

    මේකෙදි ආර්ථිකය ,සමාජය පරිසරය කියන සාදක තුන ගැනම එක ම බර තැබීමක් යටතේ ගනන් ගැනෙනවා


    පොට් සිටි ,උමා ඔය ,හම්බන්තොට ගුවන්තොටුපල ,වාරය මේ සංකල්පය යටතේ අබියෝගයට ලක් වෙනවා

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික වුර්දිය

    දිගු කාලයක් තිස්සේ ආර්ථිකයක නිෂ්පාදන දාරිතාවය වෙනත් විදිහකට කිවොත් විබව නිමැවුම (ආර්ථිකේ තියෙන සම්පත් ඔක්කොම උපරිම විදිහට පාවිචි කලොත් ගන්න පුළුවන් නිමැවුම )අකණ්ඩව සිදුවන ප්‍රසාරණය යයි

    මේකෙන් පෙන්නන්නේ ප්‍රමාණාත්මක, ඒ කියන්නේ ඔය ගන්න් වලට අනුව වෙන වැඩිවීම තමයි

    මේක අපිට ප්‍රස් තාරිකව
    1 නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මගිනුත්
    2 දිගු කාලින සමාහාර සැපයුම් වක්‍රය මගිනුත් පෙනුම් කරන්න පුළුවන්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික වුර්දියේ තීරක

    මේකෙන් අදහස් කරන්නේ ආර්ථික වර්දනය ඇති වෙන්න ,එක වේග වත් කරන්න බලපාන සාදක මොනවද කියලා

    1 සම්පත් සම්බාරය ඉහල යාම
    ප්‍රග්ධන ය ඉහල යාම
    2 පලදයිතාවය ඉහල යාම
    3 සාර්ව ආර්ථික ස්ථායි තාවය
    4 හිතකර සානුබල පද්දතියක් පැවතීම
    5 ව්‍යවසයක්තව වර්දනය
    6 යහ පාලනය
    7 දේශපාලන ස්ථාවරත්වය
    8 ආර්ථික නිදහස
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ඔ බෝල ඕකේ 8 % තියෙනවනම් සැහෙන වෙනස් කම වෙන්න ඕනා ,එහෙම කිසිදෙයක් තිබ්බේ නැ ,ආර්ථික වර්දනය කියලා පෙන්නුවේ ඉදිකිරීම් අංශය විතරයි ,එකෙත් ගොඩක් ඒවා කිසි තේරුමක් නැති ඒවා ,ඒවගෙන් අර්තිකෙට එන එකතු කල අගය අඩුයි
    මේවා නොදන්නා මිනිසුන්ව රවටන එක තමා අපේ දෙෂ්පලුවොන්ගේ හැටි

    දේශපාලන ඇහැකින් බැලුවොත් කටත් ඔහොම තාම .
    unp එකා වැරිදි කියනවා .
    සන්දනේ උන් හරි කියනවා .

    font size 4 hodama athi
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දේශපාලන ඇහැකින් බැලුවොත් කටත් ඔහොම තාම .
    unp එකා වැරිදි කියනවා .
    සන්දනේ උන් හරි කියනවා .

    font size 4 hodama athi
    පාඩම් කරන එවුන්න්ට ලේසි වෙන්න බන් දාන්නේ ,විෂය තුලින් බලපන් පාට කන්නාඩි ගලවලා ,එතකොට පෙනෙයි ඇත්ත ,,
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යහ පාලනය

    යහපාලනය කියලා අදහස් කරන්නේ කිසියම් රටක බලදාරීන් පාලනය සදහා යොදා ගනු ලබන ආයතන සහ සම්ප්‍රදායන් යහපත් ඒවා වීමයි

    එහෙනම් මොනවද මේ දේවල්

    1 ආණ්ඩුවක් තෝරා පත් කරගනු ලබන අකාරය
    2 ආණ්ඩුවක් කටයුතු කරනු ලබන අකාරය
    3 ආණ්ඩුවක් වෙනස් කරනු ලබන අකාරය
    4 ප්‍රතිපත්ති කාර්යක්ෂමව සකසා ගැනීමට හා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට ඇති හැකියාව

    යහපාලනයේ පවතින ගුණත්වය රදා පවතින්නේ සුදුසු ප්‍රතිපත්ති සම්පාදනය සහ ඒවා කාර්යක්ෂම ව ක්‍රියාවේ යෙදවීම මගින්

    ප්‍රධාන ක්‍රම වේද තුනක් යටතේ යහ පාලනය හදුනා ගන්න පුළුවන්

    1 දේශපාලන ආධිපත්‍යය යේ සවරුපය
    2 සංවර්දනය සදහා රටේ ආර්ථික හා සමාජ සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය
    3 ප්‍රතිපත්ති සැලසුම් කිරීම ,සම්පාදනය කිරීම ,සහ ක්‍රියාවේ යෙදවීම ට රජයට ඇති හැකියාව

    යහපාලනය කදී අවදානය යොමු කල යුතු අත්‍යාවශ්‍ය සාදක

    1 ආර්ථික ප්‍රතිපත්ති ජනතා අබිමුක වීම සහ විනිවිද බාවයක් ගැනීම
    2 අල්ලස් හා දුෂණයෙන් තොර බව
    3 සංවර්දන ක්‍රියා වලිය තුල සිදුකෙරෙන වියදම් පොදු යහපත සදහා යෙදවීම
    4 ජනතා සහබාගිත්වය
    5 ජාති ,ආගම්, කුලය යන පදනම් වල සිට ජන කොටස් විශේෂීකරණය නොකිරීම
    6 රාජ්‍ය අංශයේ ප්‍රධාන අංශ (පොලිසිය ,උසාවිය ,ජනමාද්‍යය ,)අපක්ෂ පාති හා සාදාරන වීම
    7 ජනතාවගේ අභිවුර්දිය උදෙසා වන සාමාජ ආර්ථික යටිතල පහසුකම් සුලබ කිරීම

    යහපාලනය පිළිබද දර්ශකය
    යහපාලනය පිළිබද අදාළ නිර්ණායක හයක් පදනම් කරගනිමින් ලෝක බැංකු ව විසින් 1996 වසරේ සිට විවිද ආර්ථික සැසදීමට පිලියල කරයි මෙයට රටවල් 212 සම්බන්ද වී ඇති අතර දත්ත මුලයන් 35 ක් ඔස්සේ විචල්‍ය 100 ක් සම්බන්දයෙන් ලොව වටා සිටින 10000 කින් යුත් නියැදියක් පදනම් කරගෙන සකස් කරයි

    hada නැගීම හා උත්තරදායිත්වය

    මේ යටතේ ආණ්ඩුව තෝරා ගැනීම හා පුරවැසි සහබාගිත්වය
    අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස
    මාද්‍ය නිදහස සලකා බැලේ
    2 දේශපාලන ස්ථාවරත්වය
    ත්‍රස්තවාදයෙන් නිදහස් වීම
    ආණ්ඩුවේ කාර්යක්ෂම තාවය

    මේ යටතේ

    1 සිවිල් සේවාවේ ගුණත්වය
    2 රාජ්‍ය සේවක හැකියාව
    3 දෙශපාලනිකරණය නොවීම
    4 නියාමන ක්‍රියා වලියේ ගුණාත්මක භාවය

    නිවැරදි ප්‍රතිපත්ති සකසා ගැනීම
    පවුද්ගලික අංශයේ වර්දනයට අහිතකර නොවීම

    5 නීතියේ ආධිපත්ය

    දේපල හිමිකම් සුරක්ෂිත කිරීම
    පොලිසිය හා අදිකරණය ස්වාදීන වීම
    අපරාද සිදුනොවීම
    ෂණය පාලනය කිරීම

    දුෂණය ලෙස අදහස් කරන්නේ පවුද්ගලික ප්‍රයෝජනය සදහා නිල බලය උපයෝගී කරගැනීම යි
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    පාඩම් කරන එවුන්න්ට ලේසි වෙන්න බන් දාන්නේ ,විෂය තුලින් බලපන් පාට කන්නාඩි ගලවලා ,එතකොට පෙනෙයි ඇත්ත ,,

    මහා බැංකු ලොක්කට ඔය ටික කියලා දුන්නොත් .:lol::lol::lol::lol:
    post එක කන් නැතුව හිටහන් බන් .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    යකෝ ලංකාවේ ඔය තරම් ආර්ථික වර්දන වේගයක් තියෙනවද බං චිනෙත් 7.1 ද කොහෙද
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යකෝ ලංකාවේ ඔය තරම් ආර්ථික වර්දන වේගයක් තියෙනවද බං චිනෙත් 7.1 ද කොහෙද
    චිනේ 8 ත් 10 ත් අතර වේගයක් තියෙනවා බන් ,මේක බොරු බන් එකයි කිව්වේ