"ආර්ය උපවාදය"

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo


    ආර්ය උපවාද යනු අනන්තරිය පාප කර්මයට පමණක් දෙවැනි වන මහා අකුසල කර්මයක්. ක්‍ෂණිකව ඇතිවන අකුසල් සහගත චේතනාවක් නිසා මහා අකුසල කර්මයක් වන හැටි මෙයින් පැහැදිලි වනවා. මේ නිසා කෙනකුට නිර්වාණ මාර්ගය මුළුමනින්ම අවහිර වනවා. සැබවින්ම ආර්ය උපවාදය වර්තමාන සමාජයේ සිදුවීමට ඇති අවස්ථා පිළිබඳ අප මෙහිදී සලකා බැලිය යුතුයි. වර්තමානයේ ඕනෑ තරම් ආර්ය උපවාද බරපතල අකුසල කර්මය සිදුකර ගන්නවා.



    උඩඟුකමින් ඔද වැඩී මානයෙන් මත්වෙලා කටයුතු කිරීමෙන් දෙලොව දියුණුව වනසා ගන්නා පුද්ගලයන් එදා අද මේ සෑම සමාජයකම ජීවත් වූ බව පෙනෙනවා.

    වර්තමාන සමාජයේ වැරැදි හැසිරීම් නිසා කොපමණ අකුසල කර්ම සිදුකර ගන්නවාද?. ඒ අනුව සිතුවිලි නිසා කරගන්නා අකුසල මොන තරම් බරපතල ලෙස පුද්ගලයන් පිරිහීමට පත් කරනවා ඇත්ද?

    ආර්ය උපවාද යනු අනන්තරිය පාප කර්මයට පමණක් දෙවැනි වෙන මහා අකුසල කර්මයක්. ක්‍ෂණිකව ඇතිවන අකුසල් සහගත චේතනාවක් නිසා මහා අකුසල කර්මයක් වන හැටි මෙයින් පැහැදිලි වනවා. මේ නිසා කෙනෙකුට නිර්වාණ මාර්ගය මුළුමනින්ම අවහිර වෙනවා.
    z_p09-nivana.jpg


    සැබවින්ම ආර්ය උපවාදය වර්තමාන සමාජයේ සිදුවීමට ඇති අවස්ථා පිළිබඳ අප මෙහිදී සලකා බැලිය යුතුයි. වර්තමානයේ ඕනෑතරම් ආර්ය උපවාද බරපතල අකුසල කර්මය සිදුකර ගන්නවා.

    බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම තමයි ආරිය උපාවාදයේ ඉහළින්ම තිබෙන කාරණය. දෙවැනි කාරණය ධර්මයට අපහාස කිරීම, තුන්වැන්න මහා සංඝ රත්නයට අපහාස කිරීම. කෙනෙකුට බොහොම පහසුවෙන් හිතෙන්නට පුළුවන් තමන් කවරදාකවත් බුදුරජාණන් වහන්සේට අපහාස නොකළ බවට. බුදු පිළිමයක් අභියසට ගොස් නැතහොත් වෙහෙර විහාරයකට ගොස් බුදුරජාණන් වහන්සේට අවමන් කිරීම වැනි කාරණා පවා අද සමාජයේ සිදුවෙනවා. බුද්ධියෙන් හීන පුද්ගලයන් ඇතැම්විට මත්පැන් පානයකොට මේ ආකාරයට හැසිරෙන අවස්ථා නැතිවා නොවේ. සමස්තයක් ලෙස සමාජයේ එබඳු පැවතුම් විරලයි සිතන්නටත් පුළුවන්. එමෙන්ම එය බොහෝම ගැඹුරුයි. අප කවුරුත් නොසිතා බුද්ධ ගෞරවය නොසලකා කථා කිරීමෙන් මේ අකුසලය සිදුවෙනවා.

    බොහෝ විට සමාජයේ ගැවසෙන තරුණ පිරිස් අන්‍යන්ගේ අවධානය තමන් දෙසට යොමු කරවා ගැනීමෙන් කිසියම් උද්දාමයක්, සතුටක් ලැබීමට නන් දෙඩවීම කරනවා. ඒ අතර වාරයේ ත්‍රිවිධ රත්නයට අවමන් වන අයුරුද ප්‍රකාශ කොට අනිවාර්යයෙන් අපාගත වන අකුසල කර්ම ද සිදු කැර ගන්නා බව කිව යුතුයි.

    ලොව්තුරු බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්ත්වයාට දුකින් නිදහස් වීමට ඉතා පැහැදිලි පිරිසුදු මාර්ගය පෙන්වා දී තිබෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය.

    ඒ මඟ අනුගමනය කොට ඒ ධර්ම මාර්ගයේ ගමන් කොට ඒ ධර්මය පවතින්නා වූ ඕනෑම කාලයක රහතන්වහන්සේලා පහළ වන්නට පුළුවන් බව අමතක කරන්නට හොඳ නෑ. ඒ වගේම කවුරුන් වුවත් සිහි තබාගත යුතු කරුණක් තමයි මෙකී නිවන් මඟ අනුගමනය කොට මාර්ගඵල ලැබීමට නොහැකි වීමට අබමල් රේණුවක තරම්වත් සිදුරක් මේ මාර්ගයේ තමන් වහන්සේ නොදකින බව, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන බව. ඒ අනුව මෙකී පරිපූර්ණ නිවන් මඟ අනුගමනය කළහොත් මාර්ගඵල ලබන්නට හැකියි. වර්තමානයේ ද එය සාර්ථක වූ අවස්ථා හමු වී තිබෙනවා.

    බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන ලද අවස්ථා එදා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේද සිදුවුණා. අරිට්ට නමැති භික්ෂුව කිව්වා විඤ්ඤාණය භවයෙන් භවයට ගමන් කරනවා කියා. ඒක මහා මිත්‍යා දෘෂ්ටියක්. සාති නමැති භික්ෂුව කිව්වා කාමයන් සේවනය කළාට අන්තරායක් නෑ කියලා. බුදුරජාණන්වහන්සේ ඉතා පැහැදිලව කාමයන් සේවනය කිරීම නිවන් මඟට අන්තරායකාරී බව දේශනා කොට තිබෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ යන පංචකාමය සේවනය කිරීම අන්තරායක් නොවන බව පැවසීම බරපතල මිථ්‍යා දෘෂ්ටියක්. කෙතරම් අවවාද කළත් මේ භික්ෂූන් දෙදෙනාම නිවැරැදි මඟට අවතීර්ණ වූයේ නෑ. තව තමන්ගේම මතවල ජීවත් වුණා.

    අද වර්තමානයේ ධර්මය අවබෝධ කරන්න බැරිබව පවසන බොහෝ දෙනකු දරන අදහසක් තමයි ආමිස පූජාවන්. මල් පහන් පින්කම් වැනි කටයුතු සිදු කිරීම ප්‍රමාණවත්ය කියන එක. මොවුන් මේ මතය දරමින් එය අන්‍යයන්ටද පතුරවමින් පව් රැස් කර ගන්නවා.

    බුදු හිමියන්ට අපහාස කිරීම, ග්‍රන්ථ කර්තෘවරුන් වැනි අය විසින්, මෙරට බොහෝ පිරිසක් අතරට පැමිණීමට කථා කිරීමට අවස්ථාව ඇති උගතුන් විසින්, ශිෂ්‍යයන් සමූහයකට අමතන ගුරුවරුන් විසින් බොහෝම සරල කාරණයක් ලෙස සලකා කරන අවස්ථා තිබෙනවා. මෙලෙස අපහාස කිරීම ව්‍යාපාරයක් ලෙසට කැරගෙන යනවා. මෙබඳු එක් කතුවරයෙක් කලකට පෙර මෙරට ජීවත් වුණා. ඔහුගේ මරණය අවසිහියෙන් යුතු ඉතා කටුක ශෝචනීය සිදුවීමක් වූයේ බුදුරජාණන් වහන්සේට කළ උපහාසයට මෙලොවදීම පල විපාක දීමක් වශයෙනුයි.

    ඊළඟ කාරණේ තමයි ධර්මයට අපහාස කිරීම

    මෑත ඉතිහාසයෙන් උදාහරණයක් ගෙනහැර දක්වතොත් කලකට ඉහත මෙරට පැතිර ගිය අන්තරාභව වාදය පෙන්වා දෙන්නට පුළුවන්. මෙරට සිටි එක්තරා උගත්, ව්‍යක්ත රට පිළිගත් භික්ෂුවක් අන්තරා භවයක් ඇති බව කතා කරන්නට පටන් ගත්තා. මෙහිදී කියැවුණේ කෙනෙක් මැරුණම නැවත ඉපදීම අතර තවත් භවයක් තිබෙන බවයි. ඒ අන්තරාභව කාලයේදී මළවුන් හමු වී කතාබස් කිරීම් ආදිය කරන බවට මෙහිදී මත පළ කළා. මෙය බුදුදහමට පටහැනි අමූලික මිථ්‍යා දෘෂ්ඨියක්.

    මේ වාදය නිසා බෙහෝ දෙනෙකු මෙකී මිථ්‍යා දෘෂ්ටිය වැළඳ ගත්තා.

    අප මතක තබා ගත යුතුයි අන්තරා භවයක් කියා දෙයක් මේ ලෝකයේ නෑ. මොකද මැරුණ ගමන් මේ විඤ්ඤාණය ශරීරයෙන් ඉවත්වනවා. එසේ ඉවත් වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධය එක්කයි. ඒ විඤ්ඤාණය ඉවත් වෙලා කර්මානුරූපව අදාළ ප්‍රතිසංදියක බැස ගන්නවා.



    අණ්ඩජ - බිත්තරයක් ඇතුළේ
    ජලාබුජ - මව්කුසක
    සංසේදක - තෙත් පරිසරයක
    ඕපපාතික - ඉබේ හට ගන්නවා



    මේ තමයි ඉපදෙන ක්‍රම හතර බව අවබෝධ කැරගත යුතුයි. අන්තරා භවයක් ගැන දේශනා කරලා නෑ. එහෙම දෙයක් තිබුණා නම් එය දැන සිටින අයට වඩා බුදුරජාණන් වහන්සේට අවබෝධ වන බව කවුරුත් දැනගත යුතුයි. බුදුරජාණන් වහන්සේ සර්වඥයන් වහන්සේයි.

    මේ කියන කථාව මෙලෙස පැහැදිලි කරගත හැකියි. මිනිස් ලොවින් ඉවත් වෙලා විඤ්ඤාණය ගොස් පේ‍්‍රත ලෝකයේ බැස ගන්නවා. වසර පහක් හෝ හයක් පමණ එහි සිටිනවා. ඒකත් භවයක්.

    අන්තරා භවයක් නොවෙයි. අනතුරුව ගොස් දුගතියේ උපදිනවා. මිනිස් ලොව හා දුගතියේ සිටි කාලය අතර කාලය පේ‍්‍රත ලෝකයේ ගතකළා මිස එය අන්තරා භවයක් නොවෙයි. එයත් එක්තරා භවයක් ම තමයි.

    මොවුන් මේ කියන කතාව ඇත්ත නම් ඉන් පැවසෙන්නේ භවයකින් තොරව ජීවිතය ලබනවා කියන එකයි. ඒක මහ බොරුවක්. භවය කියන්නේ විපාක විඳින්න කර්ම සකස්වීම. ඒ සඳහා පෙර කී පරිදි අණ්ඩජ, ජලාබුජ, වශයෙන් ස්ථාන හතරක් තිබෙනවා. තව රූප ලෝක, අරූප ලෝක තිබෙනවා. ඒ ඒ ලෝකවලත් කර්ම සකස්වෙලා සත්ත්වයා ගිහින් උපදිනවා. ගතකරන සෑම තත්පයරකදීම මේ භවය සකස් කරනවා. අන්තරාභව කතාව එක පැත්තකින් මිත්‍යා දෘෂ්ටියක් අනෙක් පැත්තෙන් ධර්මයට කරන අපහාසයක්. මේකත් මහා බරපතල ආර්ය උපවාද කර්මයක් බව කවුරුත් අවබෝධ කැරගත යුතුයි.

    ඇතැමුන් මෙබඳු කාරණා තම තමන්ගේ දැන උගත්කම මැනදීමේ සංකේත ලෙස භාවිතා කරනවා. සමාජයේ දී තමාගේ පාණ්ඩිත්‍යය ප්‍රකාශ කිරීමට අවබෝධයෙන් තොරව කොතැනින් හෝ කෙළවරක් අල්ලා ගෙන බොරු වාදවල පැටළෙනවා. මෙහිදී නොදැනුවත්කම නිසා තම තමන්ට වන අකුසල කර්මයන්ගේ බරපතල බව නොවැටහෙනවා. මහා අවාසනාවන්තකමක්.

    ඇතැම් විට බුද්ධ වචනයම පවා තම තමන්ට අවශ්‍ය පරිදි තම තමන්ගේ කැමැත්ත පරිදි යොදා ගනිමින් භාවිත කරන අවස්ථා සමාජයේ ඕනෑතරම් දැක ගන්නට පුළුවන්. උදාහරණ ලෙස ‘ආරෝග්‍යා පරමාලාභා’ ‘’සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ වැනි බුදු වදන් ඇතැම් අය තමන්ට වුවමනා ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ කරන අවස්ථා සුලබයි. මෙහිදී සිදුවන අකුසලය ද සුළුපටු නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    නෑ ලිපියේ තියෙන දේවල් තෙරුන් ගන්න පටන් ගන්න.
    ඕක තමයි බන් ලෝකේ තියන ඔක්කොම ආගම් වල ස්වභාවය.. අපිට මොනව හරි කිව්වොත්, අපිට විරුද්ධ උනොත් තොපිට කෙලවෙනවා........ හරිම කරුණාවෙන් , හරිම ආදරයෙන් 🤭


    ------ Post added on May 4, 2023 at 4:36 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    ඕක තමයි බන් ලෝකේ තියන ඔක්කොම ආගම් වල ස්වභාවය.. අපිට මොනව හරි කිව්වොත්, අපිට විරුද්ධ උනොත් තොපිට කෙලවෙනවා........ හරිම කරුණාවෙන් , හරිම ආදරයෙන් 🤭
    තව ටිකක් ඇයි එහෙම වෙන්නේ කියන ඒක බ්‍රේක් ඩවුන් කරගෙන ඕක ආගම් වලින් එහාට සියලුම ඉගැන්වීම්වලට ගන්නත් පුළුවන් නැත්තං තව ඩීප් ගිහිං ලිපියේ අන්තර්ගතය හරියට තෙරුන් ගන්නත් පුළුවන්. ඒ නිසා උඩම තෙරුන් ගැනීම හොද ආරම්භයක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    තව ටිකක් ඇයි එහෙම වෙන්නේ කියන ඒක බ්‍රේක් ඩවුන් කරගෙන ඕක ආගම් වලින් එහාට සියලුම ඉගැන්වීම්වලට ගන්නත් පුළුවන් නැත්තං තව ඩීප් ගිහිං ලිපියේ අන්තර්ගතය හරියට තෙරුන් ගන්නත් පුළුවන්. ඒ නිසා උඩම තෙරුන් ගැනීම හොද ආරම්භයක්.
    එහෙම වෙන්නේ තම තමන්ගේ ආගම තමයි ලෝකෙ පැවැත්ම තීරණය කරන්නේ කියල හිතන් ඉන්න එක..
    ඔය ලියල තියන එක අාගම් පැත්තක තියල කියවන්න පුලුවන් එකෙක්ට ඕක තේරෙනවා.. එහෙම නැතුව අපේ එක මාරයි කියල ඔලුවේ තියන් ඉන්න අය කොච්චර බැලුවත් ඒක තේරෙන්නේ නෑ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    එහෙම වෙන්නේ තම තමන්ගේ ආගම තමයි ලෝකෙ පැවැත්ම තීරණය කරන්නේ කියල හිතන් ඉන්න එක..
    ඔය ලියල තියන එක අාගම් පැත්තක තියල කියවන්න පුලුවන් එකෙක්ට ඕක තේරෙනවා.. එහෙම නැතුව අපේ එක මාරයි කියල ඔලුවේ තියන් ඉන්න අය කොච්චර බැලුවත් ඒක තේරෙන්නේ නෑ..
    ඒකෙ ලියල තියෙන එක ආගම් වලට පටු කරගන්න එකත් තමන්ගෙ එක හරි කියල හිතන තව විදියක්ද? නැත්තන් ලිපියෙන් දාල තියෙන ලිමිට්වලට හිර වෙලා ඉන්න එක තමන්ගෙ හැකි පමණද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    ඒකෙ ලියල තියෙන එක ආගම් වලට පටු කරගන්න එකත් තමන්ගෙ එක හරි කියල හිතන තව විදියක්ද? නැත්තන් ලිපියෙන් දාල තියෙන ලිමිට්වලට හිර වෙලා ඉන්න එක තමන්ගෙ හැකි පමණද?
    ඔය ලියල තියෙන්නේ ආගමකට පටු කරපු දෙයක් තමයි බන්

    මෙබඳු එක් කතුවරයෙක් කලකට පෙර මෙරට ජීවත් වුණා. ඔහුගේ මරණය අවසිහියෙන් යුතු ඉතා කටුක ශෝචනීය සිදුවීමක් වූයේ බුදුරජාණන් වහන්සේට කළ උපහාසයට මෙලොවදීම පල විපාක දීමක් වශයෙනුයි.
    ------ Post added on May 4, 2023 at 5:23 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    ඔය ලියල තියෙන්නේ ආගමකට පටු කරපු දෙයක් තමයි බන්
    ඒ කියන්නෙ දෙවනි එක. ලිපියෙන් දාන ලිමිට් වලින් එහාට හිතන්නෙ නෑ කියන එක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ දෙවනි එක. ලිපියෙන් දාන ලිමිට් වලින් එහාට හිතන්නෙ නෑ කියන එක.
    උබ කොච්චර බයිලා සාධාරණිකරන්න ගියත් බන් ඔය දාල තියෙන්නේ තමන්ගේ ආගමේ දේවල් වලට විරුද්ධවෙන උන්ට කෙලවෙනව කියන ආගම්වල තියන පොදු ලක්ෂනය… :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    උබ කොච්චර බයිලා සාධාරණිකරන්න ගියත් බන් ඔය දාල තියෙන්නේ තමන්ගේ ආගමේ දේවල් වලට විරුද්ධවෙන උන්ට කෙලවෙනව කියන ආගම්වල තියන පොදු ලක්ෂනය… :rofl:
    මොකද්ද දැන් මම සාධාරණය කරපු එක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ දෙවනි එක. ලිපියෙන් දාන ලිමිට් වලින් එහාට හිතන්නෙ නෑ කියන එක.
    උබට ලියල තියන එක කියවල තේරුම්ගන්න බැරි කමද තමන් අදහන දේ නිසා හැම එකම බැලන්ස් කරන්න හදන එකද කියල හිතපන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    උබට ලියල තියන එක කියවල තේරුම්ගන්න බැරි කමද තමන් අදහන දේ නිසා හැම එකම බැලන්ස් කරන්න හදන එකද කියල හිතපන්
    ඔය දෙකෙන් එකක්වත් නොවී තියෙන්න බෑද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    ඔය දෙකෙන් එකක්වත් නොවී තියෙන්න බෑද?
    තව හිතල බලපං ඇයි එහෙම තේරෙන්නේ නැත්තේ කියලා. ත්‍රෙඩ් එක තියෙන්නේ ආර්ය උපවාදය ගැන.. ආගමකට පටු වෙච්ච මාතෘකාවක් තමයි උබ කොච්චර කිව්වත්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    තව හිතල බලපං ඇයි එහෙම තේරෙන්නේ නැත්තේ කියලා. ත්‍රෙඩ් එක තියෙන්නේ ආර්ය උපවාදය ගැන.. ආගමකට පටු වෙච්ච මාතෘකාවක් තමයි උබ කොච්චර කිව්වත්.
    මට තේරුනාද නැද්ද කියල තීරණය කරේ කොහොමද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    මට තේරුනාද නැද්ද කියල තීරණය කරේ කොහොමද?
    උබනේ එහෙම එකක් තීරණය කරල quote කරේ බන්.
    ඔකේ ආයි ඩීප් ගිහින් බලන්න දෙයක් නෑ . ඔය පැහැදිලිව ලියලා තියෙන්නේ ආර්ය උපවාදය කියලා එකක් ගැන.