ආරුක්කු නවයේ පාලම

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ආරුක්කු නවයේ පාලම

    උඩරට මැණිකේ කොළඹ සිට බදුලූ ආවාය. පොඩි මැණිකේ බදුලූ සිට කොළඹ ගියාය. ඔවුනට යාල් දේවියත් රුහුණු කුමාරියත් අතර මගදී හමුවන්නට ඇත. කන්ද උඩරටට ළඟා වන බදුලූ දුම්රිය ගමනේදී ලැබෙන චමත්කාරය වෙනත් දුම්රිය ගමනකදී ලැබෙතැයි කිව හොත් එය පිළිගැනීමට මඳක් අසීරු කරුණකි. බදුලූ කෝච්චියේ ඔබ කොතෙකුත් ගමන්කර ඇතුවාට සැකයක් නොමැත. එසේම ගමනේදී හමුවන සොඳුරු දසුන් සේයාවකට නගා මෙම වන විටත් ඔබ සන්තකයේ ඇතැයි මම සිතමි.

    කොළඹ සිට පැමිණෙන මෙම දුම්රිය ගමන කොතරම් සුන්දර වුවත් මෙම දුම්රිය මාර්ගය ඉදිකරන සමයේ පොළොව සිපගත් ලේ දහඩිය හා කඳුළු කොතෙක් වේදැයි අපි නොදන්නෙමු. කන්දක් සිදුරු කරගෙන යන දැවැන්ත බිංගෙය මෙන්ම කන්දක් තවත් කන්දකට යාකරන විශාල පාලම් ආදිය මෙම මාර්ගයේ දුෂ්කරතාව දනවන සාක්ෂි කිහිපයකි. ඇල්ල දුම්රිය ස්ථානය හා දෙමෝදර දුම්රිය ස්ථානය අතර ඇති 169 සැතපුමේ ආරුක්කු නවයේ කවාකාර දුම්රිය පාලම උඩරට දුම්රිය මාර්ගයේ සංචාරකයන්ගේ ඇස රඳවා තබාගත් තවත් ස්ථානයකි. අප පරිහරණය කරන ඇතැම් මුදල් නෝට්ටුවකද මෙම පාලම මුද්‍රණය කර තිබීම මගින් මෙම පාලමේ ඇති ඓතිහාසික වැදගත්කම පිළිබිඹු වෙයි.

    එදා සුදු ජාතිකයන්ගේ තාක්‍ෂණය පවා පරදවමින් පාලම ඉදිකළා යයි සැලකෙන වැලිමඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි පී.කේ. අප්පුහාමි නමැති සිංහල පෙදරේරුවෙකු මෙම පාලමේ වැඩ නිමකළ බවට ජනප‍්‍රවාදයක් පවතී. එමෙන්ම එදා පාලම ඉදිකළ මෙම පුද්ගලයාට ශක්තියක් වෙමින් අත් වැඩ සැපයූ පුංචි කොලූ ගැටයා අදත් ජීවතුන් අතර සිටිනවා යැයි පැවසුව හොත් ඔබ මවිතයට පත්වනු ඇත.

    එකල පාලමේ අප්පුහාමි බාස්ට අත්වැඩ සැපයූ මෙම කොලූ ගැටයා අදත් පාලම අසල ඇති හුදකලාවූ නිවසේ හුදකලාවෙන්ම කාලය ගත කරයි. ඔහු අවුරුදු 99 වයසැති රාජමුනි දේවයලාගේ බබානිස් මහතාය.

    පසුගිය දිනක මෙම අපූරු පුද්ගලයා සොයා ඔහු වෙසෙන දනවුවට අපි පිය නැගුවෙමු. දිගැටි මුහුණේ වල ගැසුණු කම්මුල් වලින් ඔහුගේ වයෝවෘද්ධ භාවය මොනවට කැපී පෙනෙයි. අවුරුදු 99කින් වියපත් වූ එහෙත් කිසි විටක වියපත්භාවයක් නොපෙන්නන මෙම පුද්ගලයා සමග අපි කතාවට වැටුනෙමු. මෙම පාලම ගොඩ නගනා සමයේ වැලිමඩ ප‍්‍රදේශයේ සිට දෙමෝදරට පැමිණි රාජමුණි දේවයලාගේ බබානිස් සිය කටහඬ අවදි කළේය.

    �ඔය පාලම සැදු කාලය මට යන්තමින් මතකයි. 1913 වර්ෂය වෙන්න ඕනි මං ගොඩක් පුංචියි. මට මතකයි ඇල්ල පැත්තේ ඉඳන් පාර කපාගෙන පීලි දමමින් ආවා. ඒත් මෙම ස්ථානයේ වැඩ නැවතුනා. මොකද වතුර පාරක් යනවා ගොඩක් පහළින් කඳු දෙක සම්බන්ධ කරන්න ඕනෑ. කෙළින් සම්බන්ධ කළොත් ආපු පාර යන්නේ කන්ද ඇතුළට. ඒ නිසා වංගුවක් දාන්න ඕනෑ. පාර බාරව වැඩ කළ සුද්දාට පිස්සු වැටිලා වගෙයි හිටියේ. ලොකු බස්තමකුත් අතේ තිබුණා. හැබැයි මෙම මාර්ගයේ යකඩ වැට යකඩ පාලම් එංගලන්තයේ ඉඳන් හදාගෙනයි ආවේ. ලංකාවේදී හයි කරන්න විතරයි තිබුණේ. කළුගල් පාලම් වල වැඩ කළේ සිංහල බාස්ලා. මෙම පාලමේ වැඩකළ අප්පුහාමි බාස්ගෙන් සුද්දා ඇහුවා උඹට මේ පාලම හදන්න පුළුවන්ද කියලා.

    බාස් කීවා, පුළුවන් මං ඉල්ලන දේවල් ලබෙන්න ඕනෑ කියා.

    උඹට මොනාද ඕනෑ කියා සුද්දා අහනවා,

    මට පිරිසිදු වැලියි, කළුගල් කුට්ටියි, සිමෙන්තියි, මිනිස්සු 300ක් විතර ඕනෑ කියා බාස් කීවා.

    සුද්දා බාස් ගැන විශ්වාස කරලා සියලූ දේ දුන්නා.

    මේවා ලැබුණාම වැඬේ පටන් ගත්තා. අපට වැඩක් නැති හින්දා උදේ ඉඳන් මේවා බලාගෙන ඉන්නවා.

    මේ සුද්දා හරි කරුණාවන්තයි. හැබැයි වැඩ පිළිවෙළට තියෙන්න ඕන. වැලි ගෙන ආවාම සාක්කුවේ තියෙන සුදුම සුදු ලේන්සුව ඇදලා වැලිගොඩෙන් අහුරක් අරගෙන ලේන්සුවට දාලා පොඩි කරනවා. පසුව ලේන්සුව ගසා දානවා. ලේන්සුවේ මඩ තැවරිලා තිබුණොත් එම වැලි විසි කරලා දානවා. නැවත ගන්නේ නෑ. හැමදාම මම මෙම ස්ථානයට එන නිසා බාස්ට බුලත් පුවක් ගේන්න කියනවා. වැලි මනින්න, ආයුධ පිසදාන්න වගේ පොඩි පොඩි වැඩ මට පැවරුවා. ඒවා කළාම සත දෙකක් විතර දෙනවා.

    මෙහෙම අවුරුද්දක් විතර යනවිට පාලම හැදුවා. සුද්දා කූඩාරමක් ගසාගෙන තමයි හිටියේ.

    �පාර දෙමෝදර දක්වා ගෙන ගියාම තවත් ප‍්‍රශ්නයක්. පාර ලකුණු කළාම එහා පැත්තෙන් පාර හදලා තියෙන්නේ, පහතින් මෙහා කන්දේ රේල් පාර උසයි. මේකට පාලම් හදන්න ගොඩක් අය ආවා. කාටත් බැරිවුණා. අවුරුදු තුනක් විතර පාරේ මේ හරියේ වැඩ නතර වෙලායි තිබුණේ.

    සුද්දා කල්පනාකර කර ඉන්නකොට හරක් බලන මනුස්සයෙක් කෙවිට කරකවනවා දැකලා කෙවිට කර කවන ආකාරයෙන් කන්ද වටේ පාර ගිහිල්ලා පහතින් පාරට සම්බන්ධ කළා. පලවැනියට ආවේ ගල් අගුරු කෝච්චිය, මං රේල්ලූවේ වැඩට ගියා 1930දී. කම්කරුවෙක් විදියට මට තිබුණේ රේල් පාරේ ග‍්‍රීස් ගාන්න, පීලි සවි කරන්න, සිල්පර මාරු කරන්න වගේ වැඩ. පඩිය රුපියල් හතරයි. ඇඳුමක් සත විසි පහකට ගන්න පුළුවං. සම්බා බුසලක් සත විස්සයි. සරමක් සත විසි පහයි. අද ජීවත් වෙන්න සල්ලි ගොඩක් ඕන.

    ආරුක්කු නවයේ පාලමේ ඉහළ සිට බලන්න බයයි. අඩි 300ක් විතර පහළින් තමයි වතුර පෙනෙන්නේ.

    ඔය කාලයේ පාලමේ මැද නුග පැළයක් පැළවුණා. මේක කපා දාන්න කියලා සේවකයින් 35 දෙනකු කැඳවා සම්මුඛ පරීක්‍ෂණක් තිබුණත් කිසිවෙකු කැමැති වුණේ නෑ. මම 35 වැනියා. මම කැමැතිවුණා. ලියුමකට අස්සන් කරලා කඹ දාගෙන පාලම පහළට එල්ලී නුග ගස කැපුවා. පැය හතරක් විතර එල්ලිලා සිටියා මට යන්තමින් මතකයි. කවුරු හරි රටේ රාජ්‍ය නායකයෙක් හිටියා නම මතක නෑ. මං පාලමින් බහිනකොට අත් ඔසවා මට ආචාර කළා. උන්නැහේ ඉන්දියාවට ගිහින් මැරුණා කියා රාවයක් එවකට තිබුණා. 1958 දී මං විවාහ වුණා. දරුවන් හැදුවා. 1970දී මං පැන්ෂන් ගත්තා. අදත් මට පැන්ෂන් පඩියක් ලැබෙනවා.

    මට දරු මුණුපුරන් 126ක් ඉන්නවා. මම බැඳලා හිටිය කෙනා නැතිවුණා. එදා ඉඳන් අද දක්වාම මම තනියෙන්ම ජීවත් වෙනවා. බදුලූ කෝච්චියේ ශබ්දය දිනපතාම ඇහෙනවා. කෝච්චිය යන්නේ නැතිවුණොත් හිතට මහා පාළුවක් දැනෙනවා.

    ඒත් අද දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳ කළකිරීමක් තියෙන්නේ. ඉස්සර පාරවල් කොච්චර ලස්සනද පිරිසිදුද ඉදිකට්ටක් වැටුණත් සොයන්න පුලූවං. අද මෝල් ගහක් වැටුණත් හොයන්න බෑ. මං ජනාධිපතිතුමා දකින්න ආසයි. යුද්ධය නවත්තපු ඒ උත්තමයාට කතා කරන්නත් ආසයි. ඒත් එච්චර දවසක් ජීවත්වෙයිද කියන්න බෑ. මට තනියම යන්න හිතෙනවා උන්නැහේ බලන්න. මට අතර මගදී ලෙඩක් වුණොත් දරුවන්ටයි කරදරේ යයි බබානිස් මහතා පැවසීය.

    සමුදීමට මත්තෙන් බබානිස් පැවසූදේ ආපසු එන ගමනේදී බොහෝ දුරක් මා සිත රැව් දුන්නේය.

    මහත්තයා අපි ආයේ හමුවෙයිද කියන්න දන්නේ නෑ. ඒත් රේල් පාරේ යකඩ නමපු බබානිස් පාලම ළඟ සිටියා කියා විතරක් මතකයේ තියාගන්න. මම හැමදාම පාලම ආරක්ෂා කළා ඉදිරියටත් එහෙමයි. ඔහු කීය.


    Lankadeepa

    Post eka hodainam Salakala yanna.:love::love:
     

    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    අපූරු යටගියාවක් සිහිපත් කළ ඔබට ස්තුතියි.
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara


    අපූරු යටගියාවක් සිහිපත් කළ ඔබට ස්තුතියි.

    patta bn..
    tfs
    rep +





    Thanks For Share REP+++

    Thankyou all :love::love: