ආරුක්කු නවය පාලමේ සැබෑව සහ මිත්‍යාව

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    සුප්‍රකට දෙමෝදර ආරුක්කු නවයේ පාලම පිළිබදව කලින් කලට ලිපි ලංකාවේ පුවත්පත් වල පලවෙයි. ඒවා බහුතරයක ඇත්තේ සත්‍ය ඉහවහාගිය අතිශෝක්තිය දනවන එකම කතාවකි. 21/05/2017 ඉරිදා මව්බිම පුවත්පතේ ‘තුරු’ අතිරේකයේ “යකැදුරෙක් හදපු දෙමෝදර පාලම” යනුවෙන් ලිපියක් පලවී තිබිණී. ලංකාවේ පාඨකයන් ගොනාට අන්දවා විමසා බැලීමකින් තොරව රට කෙප්ප අතහරින්නට අපේ ඇතැම් මාධ්‍ය සමත්ය.

    දෙමෝදර ගොටුවල ආරුක්කු නමයේ පාලම දුම්රිය ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් විශ්මිත නිමැවුමකි. එය කෙතරම් වැදගත් ද යතහොත් 2010 වර්ෂයේ නිකුත් කරන ලද මුදල් නෝට්ටු කාණ්ඩයේ රු.50 නෝට්ටුවට මෙම පාලම ඇතුළත්ව ඇති අතර 2014 පෙබරවාරි 28 දින ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවෙන් ද ආරුක්කු නමය පාලම සහිත මුද්දරයක් නිකුත් කිරීමටද කටයුතු කරන ලදී. මේ විශ්වකර්ම නිර්මාණයේ නිමැවුම්කරු පිළිබඳ විවිධ කට කතා ඇති අතර ජාතික පුවත්පත් වල පිටු ගණන් ඒවා ලියැවින. එහෙත් යථාර්තය තරමක් ඉන් බැහැර වුවකි.

    බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය තැනීම 1913 දී ආරම්භ කර ඇති අතර, එහිදී හමු වන ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා සෑම පාලමක්ම පාහේ බෝක්කු පාලම් (VIADUCT) ආකාරයට තනා ඇත. එකල එංගලන්තයෙන් යකඩ සපයා ගැනීම අපහසු වීම නිසා සහ ලාභදායී අන්දමින් විශාල වශයෙන් සිමෙන්ති ලබාගැනීමේ හැකියාව නිසාත් මෙලෙස බෝක්කු පාලම් තැනීමට තීරණය කර ඇත. (1914-1918 දක්වා වූ පළමු ලෝක සංග්‍රාමය හේතුවෙන් යකඩ සපයාගැනීම අපහසු වූවා විය හැක) . මෙලෙස තැනූ පාලම් අතරින් බණ්ඩාරවෙල සිට සැතපුම් 9ක් සහ දංවැල් 23ක් (මරදානේ සිට සැතපුම් 169 3/4) දුරින් ගොටුවල ප්‍රදේශයේ ඇති ආරුක්කු නවයකින් සමන්විත පාලම ඒ ආකාරයේ ලංකාවේ ඇති දිගම පාලම පමණක් නොව එවකට පෙරදිග වූ දිගම බෝක්කු පාලමද විය. විදේශිකයන්ට යකඩ සපයාගැනීම අපහසු වීම හේතුවෙන් පාලම් සැදීම ගැටලුවක්ව තිබියදී මෙරට විසූ ගල් වඩුවෙකු ඉදිරිපත් වී තනිකරම කළුගලින් මෙම පාලම සදා නිමාකළ බවත්, ඒ මතින් දුම්රියක් රැගෙන යාමට විදේශිකයන් පැකිලෙද්දී තම දරු පවුල සමග පාලම යටට පැමිණි ඔහු, තමන් එලෙස සිටිද්දී පාලම මතින් දුම්රියක් ධාවනය කරවන මෙන් පැවසූ බවත් ඉහත කට කතා අතර වේ. පළමුව පැවසිය යුතු කරුණ වන්නේ අදටත් දුම්රිය මාර්ගයේ යම් ස්ථානයක් පිලිබඳ කුඩා හෝ සැකයක් ඇත්නම් නිසි ආරක්‍ෂිත පියවර යොදන තෙක් එම ස්ථානයෙන් කිසිසේත්ම දුම්රියක් ධාවනය නොකරන බවය. එසේ තිබියදී අඩි 100 ක් උස පාලමක් මතින් අවධානමක් දරා දුම්රියක් ධාවනය කල බව කිසිසේත් පිළිගත හැක්කක් නොවේ.

    ඊට අමතරව මෙම ආරුක්කු 9 පාලම පිළිබඳව ලංකා ඉංජිනේරු සංගමය ( Engineering Association of Ceylon ) විසින් 1923 දී පළකරන ලද වර්තාවේ Construction of a Concrete Railway Viaduct in Ceylon ලිපියේ මනාව විස්තර කොට ඇත. එවකට ලංකාණ්ඩුවේ දුම්රියේ, දුම්රිය වැඩ දෙපාර්තමේන්තුවේ(Railway Construction Department C G R) කාර්යභාර ඉංජිනේරු වශයෙන් සේවය කල හැරල්ඩ් මාර්වුඩ් ( Harold Cuthbert Marwood ) මෙම ලිපිය සපයා ඇති අතර සැබවින්ම ආරුක්කු 9 පාලමේ (9 Arches Viaduct ) නිර්මාපකයා වන්නේද ඔහුය. ආරුක්කු 9 පාලම තැනීමට වසර කිහිපයකට පෙර ලන්ඩනයේදී තවත් ආරුක්කු පාලමක් තැනීමට ද දායක වී ඇති මොහු ආරුක්කු 9 පාලම නිර්මාණය සඳහා අමුද්‍රව්‍ය සපයා ගත් ආකාරය, කම්කරුවන් සපයා ගත් ආකාරය, යොදාගත් කොන්ක්‍රීට් මිශ්‍රණයේ සිමෙන්ති,ගල්,වැලි අනුපාතයන්, ආරුක්කු නිර්මාණය කල ආකාරය මැනවින් විස්තර කොට ඇති අතර සැලැස්ම සහ ඊට අදාළ චිත්‍ර කර්මද (Drawings) ඒ සමග ඉදිරිපත් කර ඇත.

    මෙම ඉදිකිරීම දුම්රිය වැඩ දෙපාර්තමේන්තුව යටතේ සිදු කර ඇති අතර දේශීය කොන්ත්‍රාත් කරුවෙකු මාර්ගයෙන් කම්කරුවන් සපයා ගත් බව මාර්වුඩ් සඳහන් කරයි. ඔහුට අනුව මෙම පාලම ඉදිකිරීම බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවන්ගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ සම්පුර්ණයෙන්ම දේශීය කම්කරුවන් විසින් සිදු කර ඇත. අඩි 400ක් දිග මෙම පාලමේ වඩාත් ගැඹුරු ස්ථානයේ සිට උස අඩි 100 අඟල් 6කි. මෙහි ඇති අංශක නමය(9º)ක වක්‍රතාවය සහ පැවතිය හැකි උපරිම ආනතිය (1:44) පවත්වා ගනිමින් පාලම තැනීමේදී කණු (Piers) මද්‍ය අතර පරතරය අඩි 30 බැගින් වූ සහ අරය අඩි 15ක් වූ වක්‍රාකාර ( Semi Circular ) කොටස් සහිත ආරුක්කු 9ක් තැනීමට සිදුවී ඇත.

    මෙහිදී පාලම සම්පුර්ණයෙන්ම පාහේ වැලි,ගල් හා සිමෙන්ති මිශ්‍ර කර තැනූ කොන්ක්‍රීට් කුට්ටි (Blocks) යොදා ගනිමින් ඉදිකර ඇති අතර, කණු (Piers) සහ බැමි සඳහා වැලි,ගල් හා සිමෙන්ති 6:3:1 අනුපාතයෙන් යොදා තැනූ කුට්ටි (Blocks) ද, වක්‍රාකාර කොටස් සඳහා ඉහත අමුද්‍රව්‍යයන් 3:2:1 අනුපාතයෙන් යොදා තැනූ කුට්ටි (Blocks)ද යොදා ගෙන ඇත. ඒ සඳහා අවශ්‍ය ගල් සහ වැලි අවටින් ලබා ගෙන ඇති අතර ආධාරක සඳහා ආනයනික බුරුම තේක්ක යොදා ගෙන ඇත. පළමුව වක්‍රාකාර කොටස් සඳහා අඩි 2 අඟල් 6ක් දිග කොන්ක්‍රීට් කුට්ටි යොදා ගැනීමට නියමිත වුවද, ඒවා වඩාත් ඉහළට එසවීම සහ හැසිරවීම අපහසු බැවින් වඩා කුඩා කොන්ක්‍රීට් කුට්ටි යොදා ගනිමින් අර්ධ වක්‍ර 2ක් ආකාරයට එම කොටස සාදා ඇත. 1919 ජනවාරි වන විට පාලමේ වැඩ සම්පුර්ණයෙන්ම අවසන්ව තිබූ අතර ඒ සඳහා ඒ වනවිට ගතව තිබුයේ වසර 2ක් වැනි කාලයකි.

    මාර්ග පද්ධතිය දියුණුව ඇති අද පවා ආරුක්කු 9 පාලම අසළට ලඟා වීමට දුෂ්කර මගක් පසුකොට යා යුතු වේ. එහෙත් මීට වසර 98කට පෙර නොදියුණු මාර්ග මතින් හරක් බාන් යොදා ගනිමින් අවශ්‍ය සියළු භාණ්ඩ ප්‍රවාහනය කොට කළ මේ නිර්මාණය සැබවින්ම විශ්මිතය. ආරුක්කු 9 පාලම අසළට ගොස් හැබැහින් නොදුටුවේ නම් මෙවැනි ස්ථානයක මෙවැනි නිර්මාණයක් අද කාලයේවත් ඉදිකරනු ඇතැයි ඔබ කිසිදා නොසිතනු ඇත. මේ මහා නිර්මාණයේ නිර්මාණකරු වූ හැරල්ඩ් මාර්වුඩ් මහතා පාලමේ කටයුතු නිමා කොට වසර 30කට පසු, එනම් 1949 ජනවාරි 25 දින මෙලොවින් සමු ගෙන ඇත.

    සටහන සහ චායාරූප

    නවින් චින්තන විමල්සිරි - දුම්රිය ස්ථානාධිපති (සහන) බදුල්ල

    චායාරූප
    1. ආරුක්කු නාමය පාලම පහළ සිට හා ඉහල සිට
    2. වක්‍රාකාර කොටසේ කොන්ක්‍රීට් කුට්ටි අතුරා ඇති අයුරු සහ එහි සැළැස්ම
    3.අර්ධ වක්‍රාකාර කොටසේ ආධාරක සැලැස්ම සහ කණුවක (Pier) මුදුණ කොටස
    4. 1923 දී පළකරන ලද වර්තාව සහ ආරුක්කු නාමය පාලම පිලිබඳ හැරල්ඩ් මාර්වුඩ්ගේ ලිපිය
    5. 2010. 01.01 නිකුත් කළ රු.50 නෝට්ටුව සහ 2014.02.28 නිකුත් කළ මුද්දරය


    10624763-747948721940199-6608547458377420610-n.jpg


    PS-

    මෙවැනි ආරුක්කු සහිත පාලම් යුරෝපයේ බහුලව දකින්න පුළුවන් පාලම් විශේෂයක් වන අතර උඩරටට මාර්ගය එළීමේදී අලගල්ල කන්ද පාමුල තිබූ මෙවැනිම පාලමක් (Alagalla viaduct) පිළිබඳවද ඉතිහාසයේ සඳහන් වනවා. ඒ නිසා මෙය අප්පුහාමි බාස්ගේ නිර්මාණයක් නොවන බව නම් පැහැදිලියි. එහෙනම් කවුද මේ අප්පුහාමි බාස්? පහත සඳහන් ප්‍රකාශනයේ සඳහන් වෙනවා මෙය බ්‍රිතාන්‍යයන්ගේ අධීක්ෂණය යටතේ සම්පූර්ණයෙන්ම දේශීය ශ්‍රමයෙන් ගොඩනැංවූවක් බව. එසේ නම් මේ අප්පුහාමි බාසුන්නැහේ ඒ වැඩ කණ්ඩායමේ ප්‍රධාන බාස් වෙන්න පුළුවන් බව සමහරුගේ මතයක් තිබෙනවා. එය නම් පිළිගත හැකි මතයක්.

    Allegalla-Viaduct-Colombo-Kandy-Line1810.jpg


    Alagalla viaduct

    Glacier-Landwasser.jpg


    ස්විට්සර්ලන්තයේ පිහිටි මෙවැනිම පාලමක් වන Landwasser_Viaduct මතින් Glacier express දුම්රිය ගමන් කරන අවස්ථාවක් -Wikipedia
    තවත් මෙවැනි උදාහරණ සඳහා

    අනිත් කාරණය මෙය තනිකර ගල් පමණක් යොදාගෙන කළ නිර්මාණයක් බව පැවසෙතත් මෙම ප්‍රකාශනයේ හැටියට එයට කොන්ක්‍රීට් යොදා වැරගන්වා තිබෙනවා.

    ඊළඟට අපේ කෝච්චිය එනව සුප්‍රසිද්ධ දෙමෝදරට. දැන් මෙතැනින් පහළ තියෙන කන්දට කෝච්චිය ගන්න බැරුව සුදු ජාතිකයින් ළතැවෙන විට එළුවන් දක්කාගෙන ආ එඬේරෙක් විසින් ඔහුගෙ ජටාව බැඳ තිබෙනාක් මෙන් සර්පිලයක් (spiral) ආකාරයට රේල් පාර වම් පැත්තේ ඇති කන්ද වට යවා එමගින් දකුණු පැත්තේ පහළින් ඇති කන්දට කෝච්චිය ගත හැකි බව පෙන්වූවා කියලයි ජනප්‍රවාදයෙ තියෙන්නෙ.

    පහත වීඩියෝ එක බැලුවොත් රේල් ගැටේ සංසිද්ධිය හොඳින් වටහා ගන්න පුළුවන් වේවි.



    මේ කතාවත් නිවැරදි නොවෙන්නෙ මේ ආකාරයේ ගැට, සර්පිල (spiral) එහෙමත් නැත්නම් තොණ්ඩු (loop) සහිත මාර්ග බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්ම මීට කලින් ගොඩනඟා තිබෙන නිසයි. හොඳම උදාහරණය ඉන්දියාවේ ඩාර්ජිලීන් හිමාලයානු දුම්රිය මාර්ගය. 1881දි විවෘත කළ එහි මෙවැනි රේල් ගැට 3ක් දැනට තිබෙනවා. (කලින් 5ක් තිබිල තියෙනව).

    Agony_point_1921.jpg


    ඩාර්ජිලින් මාර්ගයේ ‘Agony point’ යනුවෙන් හැඳින්වෙන loop එක 1921 දී -Wikipedia

    The_Choonbatty_Loop_1895.jpg

    The Choonbatty Loop 1895


    එයින් හොඳින්ම පැහැදිලි වෙනවා බ්‍රිතාන්‍ය ජාතිකයන්ට මේ පිළිබඳව පළපුරුද්දක්, අත්දැකීමක් තිබුණු බවත් ලාංකික ගැමියෙකුගේ අදහසක් බව කීම අප විසින් අපවම රවටාගැනීමක් බවත්.

    මට තිබෙන පුදුමය, අපට ආඩම්බර විය හැකි අපේම නිර්මාණ කොතෙකුත් තිබියදී ඇයි මේ සුද්දන්ගෙ දේවල්ම පුරාජේරු කීමට යොදා ගත්තේ කියන එක. අපට අපේ ම දැනුම් සම්භාරයක් තිබුණු නමුත් රජරට රාජධානි වල පිරිහීමත් විදේශීය ආක්‍රමණත් නිසා එම දැනුම අභාවයට ගිහින් තියෙනව. නමුත් මම මෙයින් කියන්න උත්සාහ කරන්නෙ නෑ අද අපේ රටේ නිර්මාණශීලී මිනිස්සු නෑ කියල. මම අහන්නෙ ඇත්තටම ආඩම්බර වෙන්න අපේ දේවල් තිබියදී ඇයි අපේ නොවන දෙයක් අපේ කරගන්න උත්සාහ ගන්නෙ කියල.

    image.png

    image.png

    1601306874610.png

    1601306944281.png

    1601306992693.png

    1601307020589.png

    image.png


    1601307268613.png

    1601307447437.png

    1601307502856.png

    1601307556150.png

    1601307580882.png
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක හැදුවෙත් සුද්දො ලංකාවෙන් අරන්ගිය රාවනගෙ පුස්කොල පොත්වල තාක්ෂණයෙන් කියයි සිංහලු
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    සුද්ද අපිට තියෙන අාදරේ.තැන්ක්යූ සුද්දා..😊
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සුද්ද අපිට තියෙන අාදරේ.තැන්ක්යූ සුද්දා..😊
    කටුගස්තොට පාලමත් සුද්දො හදපු එකක් තනියකඩ. ඕවා සුද්දො හදපුවා තමයි. උන්ගෙ වැඩකරගන්න
     
    • Like
    Reactions: Mr.Lokka

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    "
    ලංකාවේ පාඨකයන් ගොනාට අන්දවා විමසා බැලීමකින් තොරව රට කෙප්ප අතහරින්නට අපේ ඇතැම් මාධ්‍ය සමත්ය. "
    ගොඩක් එවුන් ඕක තමා බං කරන්නේ 😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,892
    113
    සුද්දා ගියේ නිකන්ම නෙවේ.... උට ණයට කහින්න පුලුවන් එවුනුත් බෝකරලයි. කොහෙවත් කියලා නෑ..... සුද්දෝ ලියයි මේන් කියලා ලංකාවේ එකෙක් සැලසුම් කලා කියලා. මම අහලා තියෙනව සුද්දා ගේ සැලසුම් හරි ගියේ නැති හින්දා දේශීය බාස් කෙනෙක් ගේ අදහසට ප්‍රතිනිර්මාණය කළා කියලා. සමහර විට සුළු තාක්ශණික වෙනස් කමක් කළා වෙන්න ඇති.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    සුද්දා ගියේ නිකන්ම නෙවේ.... උට ණයට කහින්න පුලුවන් එවුනුත් බෝකරලයි. කොහෙවත් කියලා නෑ..... සුද්දෝ ලියයි මේන් කියලා ලංකාවේ එකෙක් සැලසුම් කලා කියලා. මම අහලා තියෙනව සුද්දා ගේ සැලසුම් හරි ගියේ නැති හින්දා දේශීය බාස් කෙනෙක් ගේ අදහසට ප්‍රතිනිර්මාණය කළා කියලා. සමහර විට සුළු තාක්ශණික වෙනස් කමක් කළා වෙන්න ඇති.

    සුද්දගෙ ජාන අපේ සිංහලුන්ගෙ අැඟවල් වල තියෙනව..සුද්දෙක් දැක්කහම සිංහලු නැවෙන නැවිල්ලෙෙන් ඒක කියන්න පුළුවන්.
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    සුද්දා ගියේ නිකන්ම නෙවේ.... උට ණයට කහින්න පුලුවන් එවුනුත් බෝකරලයි. කොහෙවත් කියලා නෑ..... සුද්දෝ ලියයි මේන් කියලා ලංකාවේ එකෙක් සැලසුම් කලා කියලා. මම අහලා තියෙනව සුද්දා ගේ සැලසුම් හරි ගියේ නැති හින්දා දේශීය බාස් කෙනෙක් ගේ අදහසට ප්‍රතිනිර්මාණය කළා කියලා. සමහර විට සුළු තාක්ශණික වෙනස් කමක් කළා වෙන්න ඇති.
    දෙමෝදර පාලම සම්බන්ධ ජනප්‍රවාදයන්හි අතිශෝක්තියෙන් වර්ණනා කරන පාලමේ නිර්මාතෘ වරයා යැයි කියනු ලබන “අප්පුහාමි බාස්” දෙමෝදර පාලමේ කොන්ත්‍රාත් කටයුතු භාරගත් පුද්ගලයා හෝ එහි ඉදිකිරීම් කටයුතු භාරව සිටි ප්‍රධානියා (හෙඩ් බාස්) විය නොහැකිද?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    සුද්දගෙ ජාන අපේ සිංහලුන්ගෙ අැඟවල් වල තියෙනව..සුද්දෙක් දැක්කහම සිංහලු නැවෙන නැවිල්ලෙෙන් ඒක කියන්න පුළුවන්.
    ඒ සුද්දගේ ජාන නෙවෙයි බං
    මෙහෙ උන්ගේ ජාන

    උන් කාටද නැමෙන්නේ නැත්තේ බලපන්

    ඌ ප්‍රාදේශීය සබාවක සභාපතිගේ යාලුවෙක් උනත් ඇති 8 pass වෙච්ච එකෙක්ක්ට උනත් නැවෙනවා ,
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    සුද්දගෙ ජාන අපේ සිංහලුන්ගෙ අැඟවල් වල තියෙනව..සුද්දෙක් දැක්කහම සිංහලු නැවෙන නැවිල්ලෙෙන් ඒක කියන්න පුළුවන්.
    මමනං අහලා තියෙන්නේ සිංහලුන්ගෙ ජාන 70% විතර බන්ගලියෝන්ට සමානයි කියලා
     
    • Like
    Reactions: weer 11

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සුද්දා ගියේ නිකන්ම නෙවේ.... උට ණයට කහින්න පුලුවන් එවුනුත් බෝකරලයි. කොහෙවත් කියලා නෑ..... සුද්දෝ ලියයි මේන් කියලා ලංකාවේ එකෙක් සැලසුම් කලා කියලා. මම අහලා තියෙනව සුද්දා ගේ සැලසුම් හරි ගියේ නැති හින්දා දේශීය බාස් කෙනෙක් ගේ අදහසට ප්‍රතිනිර්මාණය කළා කියලා. සමහර විට සුළු තාක්ශණික වෙනස් කමක් කළා වෙන්න ඇති.
    සුද්දගෙ ජාන අපේ සිංහලුන්ගෙ අැඟවල් වල තියෙනව..සුද්දෙක් දැක්කහම සිංහලු නැවෙන නැවිල්ලෙෙන් ඒක කියන්න පුළුවන්.
    දෙමෝදර පාලම සම්බන්ධ ජනප්‍රවාදයන්හි අතිශෝක්තියෙන් වර්ණනා කරන පාලමේ නිර්මාතෘ වරයා යැයි කියනු ලබන “අප්පුහාමි බාස්” දෙමෝදර පාලමේ කොන්ත්‍රාත් කටයුතු භාරගත් පුද්ගලයා හෝ එහි ඉදිකිරීම් කටයුතු භාරව සිටි ප්‍රධානියා (හෙඩ් බාස්) විය නොහැකිද?
    ඒ සුද්දගේ ජාන නෙවෙයි බං
    මෙහෙ උන්ගේ ජාන

    උන් කාටද නැමෙන්නේ නැත්තේ බලපන්

    ඌ ප්‍රාදේශීය සබාවක සභාපතිගේ යාලුවෙක් උනත් ඇති 8 pass වෙච්ච එකෙක්ක්ට උනත් නැවෙනවා ,
    https://elakiri.com/threads/එංගලන්තෙ-ඉංජිනේරුවන්-මවිත-කළ-දෙමෝදර-ආරුක්කු-පාලම-හැදු-අපේ-අප්පුහාමි.1954731/#post-25710398

    අනෙ යකො ඌ තොවිල් නටපු එකෙක්. එහෙව් එකෙකුට හෙඩ්බාස් දෙන්න සුද්දට මොල්ද,
    එහෙ ඉදන් අමුඩෙ ඇදලා කොන්ක්‍රීට් අනලා , ගමෙ ඇවිත් පොයියක් අතෑරලා ඉංජිනෙරුවටත් වැඩ ඉගැන්නුවා කියලා 😂😂😂
    අපෙ සමහර උනුත් ඉන්නවා ටොක් දෙන්නෙ උන් නැත්තන් උන්වැඩකරන කම්පැනියථ් වහන ගානට 😂
    @EssJeeEm එහෙව් එකෙ උබ කියනවා සිංහලුන්ට පොන්නයො කියන්න එපා කියලා 🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර පොයිය අත ඇරපු අප්පුහාමි සීය සහ මේ thread එක අතර සම්බන්දයක් තියනවද ?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒ සුද්දගේ ජාන නෙවෙයි බං
    මෙහෙ උන්ගේ ජාන

    උන් කාටද නැමෙන්නේ නැත්තේ බලපන්

    ඌ ප්‍රාදේශීය සබාවක සභාපතිගේ යාලුවෙක් උනත් ඇති 8 pass වෙච්ච එකෙක්ක්ට උනත් නැවෙනවා ,

    wediya oni ne, me thiyenne hondama example eka,

    118807963_10157938995213740_6440905405142553440_n.jpg
     

    Similar threads