ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඉදිරියේ රාළ;20887060 said:
    මේදය තැන්පත් වෙන්නෙ බඩේ ගීණියමෙන් මේද මේද අම්ල වලට බෙදීමේ ක්‍රියාවලිය අවුල් වුණාම. ඒ ගිණියම බස්සගත්තාම මේද ඇට මිදුළුවල තැන්පත් වෙන්න ගන්නවා. එතකොට ජොල් නොවී පුෂ්ඨිමත්භාවය ඇති වෙනවා.

    බලමුකෝ මචන්.ස්තුතියි
    ;)
     

    බලමුකෝ මචන්.ස්තුතියි
    ;)
    ඉක්මනින් නම් වැඩේ වෙන්නෙ නෑ - මාස 3ක් 4 1/2 ක් වගේ යනවා. මේ නූලෙම තියෙන විරේක පාන් කුඩු බේතට ගොඩක් අයගෙ ඇඟ බැහැලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. එක්කෙනෙක්ගෙ නම් මගෙ ඇස් දෙනෙක්ම දැක්කා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මච්න් මටත් දැන් 23ක් ඒත් කට වටේ විතරයි රැවුල වැවෙන්නෙ..මූන දෙපත්තෙ වවෙන්නෙ නෑ මොකක්ද බන් මෙකට කරන්නෙ... මොකද්ද බන් බඩේ ගින්දර සීන් එක..?

    ඉදිරියේ රාළ;20490130 said:
    ඔය දෙන්නගෙම කටේ දත් ඇන්දේ ඇතුලට වෙන්න නරක් වුණ/පනුවො කාපු දත් තියෙනවද?

    :shocked:

    අඩෝ මේක දැන්නෙ දැක්කෙ.

    ඔව් බන් මගේ හක්කේ දත් 3ක් විතර නරක් වෙන්න ලන්වෙලා පුරවල තියෙන්නෙ. මොකද්ද ඒකයි රැවුලයි අතර තියන සම්බන්දෙ.?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මටත් සෙම තියෙනව බන් කුප්පමේනිය ඇර රතුලුනුයි ඉඟුරුයි විතරක් මදිද :oo:

    ලෙඩ හොදකරගන කියලා තියෙන විදියට හදලා බීපං ..
    උබට ඕන විදියට බෙහෙත් හදලා බිවොත් නැති ලෙඩත් හැදෙනවා..
     
    :shocked:

    අඩෝ මේක දැන්නෙ දැක්කෙ.

    ඔව් බන් මගේ හක්කේ දත් 3ක් විතර නරක් වෙන්න ලන්වෙලා පුරවල තියෙන්නෙ. මොකද්ද ඒකයි රැවුලයි අතර තියන සම්බන්දෙ.?
    හෙළවෙදකම අනූව දත් නරක් වෙන්නෙ දත් මුල් නරක් වුණාම. ඒක වෙන්නෙ බඩේ ගිණියම බෙල්ලෙන් උඩට ආවාම. ඒ විතරක් නෙවෙයි හනුව ආශ්‍රිතව හෝමෝන වල ක්‍රියාකාරිත්වයත් ඒක බලපානවා. ඒ නිසයි රැවුල අඩුවෙන් වැවෙන්නෙත්. ඉස්සර බඩේ ගිණියම නගින්නෙ නැතිවෙන්න කෑම කාපු නිසා මිනිස්සුන්ගෙ දත් නරක් වුණේ නෑ. ඒකයි හෙළවෙදකමේ වෙනමම දන්ත වෛද්‍ය ක්‍රමයක් නැත්තේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20888099 said:
    හෙළවෙදකම අනූව දත් නරක් වෙන්නෙ දත් මුල් නරක් වුණාම. ඒක වෙන්නෙ බඩේ ගිණියම බෙල්ලෙන් උඩට ආවාම. ඒ විතරක් නෙවෙයි හනුව ආශ්‍රිතව හෝමෝන වල ක්‍රියාකාරිත්වයත් ඒක බලපානවා. ඒ නිසයි රැවුල අඩුවෙන් වැවෙන්නෙත්. ඉස්සර බඩේ ගිණියම නගින්නෙ නැතිවෙන්න කෑම කාපු නිසා මිනිස්සුන්ගෙ දත් නරක් වුණේ නෑ. ඒකයි හෙළවෙදකමේ වෙනමම දන්ත වෛද්‍ය ක්‍රමයක් නැත්තේ.

    ඒ කියන්නෙ මටත් තියෙනෙ අවුල බඩේ ගිනියමද.? උබ කියන දේවල් වල ඇත්තක් ඇති කියලත් මට හිතෙනාව බන් දැන්. :yes::baffled:
     

    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    machn mage kakul valai ,pitei korala ban..mama godak manasikava pasu thavenava me nisa..ath vala naha..
    mekata behethak kiyahanko
     
    machn mage kakul valai ,pitei korala ban..mama godak manasikava pasu thavenava me nisa..ath vala naha..
    mekata behethak kiyahanko
    බඩේ ගිණියම නැගලා බඩවැල් වල සිවි හීන් වෙලා බඩවැල් වල තියෙන රසායනික හමෙන් පිට දානවා. ඒකයි ඔහොම වෙලා තියෙන්නේ. ඔයාටත් විරේක පාන් කුඩු බේත ගැලපෙනවා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    ඔයාගේ මොන ට්‍රේඩ් එකද බලන්න ඕනා බඩේ ගිනියම කියන එක හොද කරගන්න. :D උබේ ට්‍රේඩ් වැඩිය කියවල නැහැ. වෙලාවක සෙට් එකම බලන්න ඕනා.
     
    ඔයාගේ මොන ට්‍රේඩ් එකද බලන්න ඕනා බඩේ ගිනියම කියන එක හොද කරගන්න. :D උබේ ට්‍රේඩ් වැඩිය කියවල නැහැ. වෙලාවක සෙට් එකම බලන්න ඕනා.
    මේකෙ මුල් පෝස්ට් එක බලන්න :D
     
    උඹල ම්හ ලොකුවට ඔලුව උඩ තියන් ඉන්න හෙළ වෙදකමේ තරම මේක කියවල බලාගනින්.
    http://www.slguardian.org/si/archives/2043
    ඔන්න හැමෝටම පේන්න මම ඕක පහලින් දානවා.

    අමිල ගුණරත්න ආයුර්වේදයේ සහ සිංහල පාරම්පරික වෙදකමේ ගැන සමහරු පාරට්ටු කරති. මෑතකදී කැඩුම් බිඳුම් වෙදකමේ රහස් සොයා විදේශ සිසුහු පැමිණ හොරිවිල හේරත් හාමි පාරම්පරික වෛද්‍යවරයාගේ පුත් ආයුර්වේද වෛද්‍ය එස්.එන්. එච්. සෙනෙවිරත්න මහතා හමුවී දේශීය ශාඛවලින් ඇට බද්ධ කිරීම, පත්තු බැඳීම, පෙට්ටනි තැවීම ආදිය ගැන අධ්‍යයනයක යෙදී සිටින බව මාධ්‍ය වාර්තා කරයි.:cool::cool: මේ ගැන සමහරු විස්සෝප වෙති . මෙවැනි පාරම්පරික රහස් බටහිරට නොදිය යුතු බව පවසති.:eek:
    ඇත්තටම වෙදකමක රහස් තිබිය හැකිද ? ආයුර්වේදයේ සහ සිංහල පාරම්පරික වෙදකම තුල ඉතා පරම්පරාගත තදබල කුහකකමක් සහ ඉර්ශියාවක් තිබේ. :rolleyes: ඒ නිසා ඔවුන් දැනුම ගුරු මුෂ්ටි ලෙස සඟවාගෙන පිටතට නොදී සිටියහ.:yes: මේ නිසා ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ දැනුම කාලයත් සමගම අභාවයට පත් විය. :lol: අද බොහෝ ආයුර්වේද වෙදුන් බටහිර බෙහෙත් අධි මාත්‍රා කසාය සමග කලවම් කොට රෝගීන්ට දෙති. :rolleyes: ඇදුම දියවැඩියාව ඇති රෝගීන් මෙම කසාය නිසා මුලදී රෝග ලක්ෂණයේ අඩුවක් පෙන්නුවද ප්රෙඩ්නිසලොන් වැනි ස්ටෙරොයිඩ් වර්ග කසාය හෝ කල්ක චුර්ණ වශයෙන් ලෙඩුන්ට දීම නිසා ඔවුන්ගේ අක්මා විනාශවී යති. :D

    නමුත් බටහිර වෙදුන් අපේ වෙදුන් මෙන් දැනුම යටිමඩි ගසාගෙන ඒවා වළපල්ලට ඇත ඇරියේ නැත. ඔවුන් ඒවා වැඩි දියුණු කළහ ඒ පිලිබඳ කථිකා , සම්මන්ත්‍රණ පවත්වා පොත්පත් ලියා දැනුම බෙදා ගත්හ. ඒ නිසා ඔවුන්ගේ විද්‍යාව කාලයත් සමග දියුණු විය. බුලත් අතක් පමණක් ගෙන රෝගීන්ට වෙදකම් කරනවා කිව්වාට අපගේ වෙදුන් තරම් කුහක ලිං මැඩි මානසිකත්වයකින් ක්‍රියා කරන කොටසක් කොහෙවත් නැත. ඔවුන් කලේ පාරම්පරික දැනුම සඟවාගෙන ඒවා කාලයත් සමග වළපල්ලට ඇරීමයි. යන්තමට හෝ ප්‍රගතියක් තිබෙන ප්‍රතිකාර ක්‍රමයක් අද ඉතිරිව ඇත්නම් එයද සැඟවීමට තැත් කරති. බෙහෙත් වර්ග වල රහස් අරගෙන සුද්දා පේටන්ට් සදා ගනීවි යයි බියෙන් ඒවා කාටවත් නොදෙති.
    පේටන්ට් ක්‍රමය නිසා බෙහෙත් වට්ටෝරු වලට මුල්‍යම වටිනාකමක්, වෙළඳපොළක් ලැබීමත් බෙහෙත් නිෂ්පාදනය මහා පරිමානයෙන් සිදු කිරීමත් ඇති විය. අද රජයේ රෝහල් වල බෙහෙත් වර්ග බොහෝ ගණනක් ඇත්තේ මේ පේටන්ට් ක්‍රමය නිසාය. නමුත් බුලත් අතක් පමණක් ගෙන රෝගීන්ට වෙදකම් කරනවා යන බොරු මානසිකත්වයේ සිටින කුහක ලිං මැඩියන්ට මෙම පේටන්ට් ක්‍රමයේ හරය නොතේරේ. නමුත් එහි ප්‍රතිලාභ දැනුවත්ව හෝ නොදැනුවත්වම ලබා ගැනීමට ඔවුන් නොපැකිළෙති.
    අද වකුගඩු බද්ධ කිරීම , බයි පාස් කිරීම වැනි ශල්‍යකර්ම කරන්නේ බටහිර වෙදුන් විසින් දියුණු කරගත් වෛද්‍ය තාක්ෂණයට පින්සිදුවන්නටය. ඔවුන් අපේ ආයුර්වේද සහ සිංහල පාරම්පරික වෙදුන් මෙන් කුහක කමින් දැනුම සැඟවීමට ක්‍රියා කලේ නම් අද අපගේ වියපත්වූ රෝගී ඥාතීහු වළපල්ලට ගොස් බොහෝ කල්ය. අපගේ ආයුර්වේද සහ සිංහල පාරම්පරික වෙදුන් මෙන් නොව ඔවුන් තුල මානව දයාව තිබුණු නිසා අද අපද බටහිර වෛද්‍ය දැනුමේ එල නෙලාගනිමු. බැරිවෙලා හෝ ක්ෂය රෝගය වලකන බී සී ජී එන්නත සුද්දෙක් නොව අපේ වෙදෙක් සොයගත්තේ නම් එය යටිමඩි ගසා කාටවත් නොදී දැනුම වළපල්ලට යන්නට තිබුණි. නමුත් එය සුද්දෙකු සොයාගත් නිසාත් එහි රහසිග බවක් තබාගත යුතු බවත් යම් ජන කොට්ටාශයකට මෙම දැනුම නොදිය යුතු බවත් ඔහු නොකී හෙයින් අද අපටද මෙම දැනුමේ ප්‍රතිලාභ ලබා ගත හැකිය. යම් ලෙසකින් අපගේ මිනිසුන්ට විද්‍යාව , තාක්ෂණය පාලනය කිරීමේ හැකියාවක් ලෝකයේ වෙනත් ජාතින් අභිබවා තිබුනේ නම් අපගේ මිනිසුන් ක්‍රියා කරනුයේ හිට්ලර්ටත් වඩා අන්ත ලෙස බව ආයුර්වේදයේ සහ සිංහල පාරම්පරික වෙදකමේ තිබෙන කුහක මානසිකත්වය තුලින් පෙනී යයි.
    බටහිර දැනුමට නිතර බැන වදින මහදැනමුත්තෙකු මහාචාර්ය නලින් ද සිල්වා තමන්ගේ ශරීරයේ සීනි පාලනයට ආයුර්වේදයේ එන කරවිල ඉස්ම බොන්නේ නැත , ඔහු බටහිර බෙහෙත් ක්‍රමානුකුලව ගනී. තව ටික කාලයකින් ඔහු බයි පාස් එකක් ද කර ගනු ඇත. එදාට මහාචාර්ය නලින් ද සිල්වා තමන්ට ආයුර්වේද බයි පාස් එකක් කරන්න යැයි ඉල්ලන්නේ නැත. ඔහු එදාට ඉල්ලන්නේ බටහිර සුද්දා විසින් සොයාගෙන වැඩි දියුණු කරගත් සහ ලෝකයේ සැමටම බෙදා දුන් වෛද්‍ය විද්‍යාත්මක තාක්ෂණයයි.

    මේක ශුවර් එකටම පාර්ම්පරික බේත් වට්ටෝරුවක් උස්සන්න ගිහින් හොද රැගක් කාල මට්ටු වුණ එකෙක් ලියපු ලිපියක්. :D:D:D :lol::lol::lol:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;20915278 said:
    ඔන්න හැමෝටම පේන්න මම ඕක පහලින් දානවා.



    මේක ශුවර් එකටම පාර්ම්පරික බේත් වට්ටෝරුවක් උස්සන්න ගිහින් හොද රැගක් කාල මට්ටු වුණ එකෙක් ලියපු ලිපියක්. :D:D:D :lol::lol::lol:
    තර්කයක් බිදින්න බැරි උනාම නිකන් වචන ටික පාට කරල දාල මොකක් හරි බයිලයක් ගහනව. අනේ පලයන් බන් යන්න.
     
    තර්කයක් බිදින්න බැරි උනාම නිකන් වචන ටික පාට කරල දාල මොකක් හරි බයිලයක් ගහනව. අනේ පලයන් බන් යන්න.
    ඒකෙ බිදින්න තර්කයක් නෑ බං. තනිකරම හිතේ අමාරුවට ලියල තියෙන රචනාවක් විතරයි. පාට වෙනස් කරල දැම්මෙ මම ඒ රචනාව කියෙව්වයි කියලා උඹට අඟවන්නයි.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;20915576 said:
    ඒකෙ බිදින්න තර්කයක් නෑ බං. තනිකරම හිතේ අමාරුවට ලියල තියෙන රචනාවක් විතරයි. පාට වෙනස් කරල දැම්මෙ මම ඒ රචනාව කියෙව්වයි කියලා උඹට අඟවන්නයි.
    හිතේ අමාරුවට කතා කරන්නෙ උඹයි.