ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන් දිය තිප්පිලි යුෂ දාලා ගුලි හදලා කන එකෙයි කුඩු මේස හැඳි දෙකක් ගන්න දෙකේ වෙනසක් තියනවද?
    නැත්නම් දෙකම එකයිද?

    වහරක හමුදුරුවොන්ගේ දේශනාවේ හැටියට නම්,
    දිය තිප්පිලි වලින් ඔය බැදිලා තියන අපද්‍රව්‍ය පොගවන්න පුළුවන්ලු.
    ඒ කියන්නේ විරෙකේ පටන් ගන්න එක ඉක්මන් කර ගන්න පුළුවන්. :)
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Raale raale kiyana vidiyta gas eka honda karaganna puluvanda
    mama ehenam heta indala mee vadeta atha gahanna patngannva

    me behetha ganna gamn inna sahanayak danunu aya innvanam poddak meke comment karahallako.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹල පම්පෝරි ගහන තරම් සිංහල වෙදකම දියුණු එකක් නෙමේ. ඉස්සර ළමයි හම්බවෙනකොට ලේ ගිහින් කීදෙනෙක් මැරිල තියනවද? පපුවෙ අමාරුව හැදිල මැරුනොත් කිව්වෙ යකා ගහල මැරුන කියල. ඊට වඩා හොදට මිනිස් ශරීරය අධ්‍යනය කරල ක්‍රමවේදයකට කරන හින්ද තමා මිනිස්සු බටහිර වෛද්‍ය විද්‍යාව පිහිටෙව්වෙ. හෙළ වෙදකම කියන්නෙ නිකං මොන්ටිසෝරි ගනේ එකක්.
     
    ඇදුම රෝගයට මුලින්ම තියෙන බෙහෙත හොද ද
    ඇදුම වගේ ලෙඩකට නම් අත්හදා බලලා නෑ - අත්දැකීම් නෑ :sorry: - විරේක පාන් කුඩු එක අඩු මාත්‍රාවකින් අරගෙන ටික ටික වැඩි කරගෙන බලන්න :nerd:. අම්ල පිත්ත රෝගයේ අතුරු ආබාධයක් හැටියටත් ඇදුම එන්න පුළුවනි :yes:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිංහරත්න වෙද මහත්තයා පාරම්පරික වෙදෙකි. ගුලි, කල්ක පිළිබඳ මනා දැනුමක් තිබෙන සිංහරත්න වෙද මහත්තයා නිතරම සිංහල වෙදකම පාරට්ටු කළේ ගෞරවයෙනි.


    "අපේ මේ වෙදකම එන්නේ රාවණාගේ කාලේ හිටං. ඕනෑම ලෙඩකට බෙහෙත් අපේ පුස්කොළ පොත්වල ලියලා තියෙනවා. ඉස්සර කාලේ අපේ වෙද්දු මොලේ ශල්‍යකර්ම පවා කරලා තියෙනවා"


    තැපැල් මහත්තයා සිංහරත්න වෙද මහත්තයා සමග ඉඳ​හිට වාද කළේය. ඉංග්‍රීසි බෙහෙත් වලට පුරුදුව සිටි තැපැල් මහත්තයගේ දියවැඩියා බෙහෙත් වල අගුණ කියාපෑමට සිංහරත්න වෙදමහතා පැකිලූණේ නැත.


    " බලන්න තැපැල් මහත්තයෝ, ඔහේ දියවැඩියාවට ඔය කොච්චර කරල් ගන්නවද? දැන් අවුරුදු දෙකයි. කෝ, ලෙඩේ සනීපද?


    පරාදවීමට අකමැතිවූ තැපැල් මහත්තයා සිංහරත්න වෙදමහත්තයාගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ තවත් ප්‍රශ්නයකිනි.


    " ඉතිං සිංහල වෙදකමේ දියවැඩියාව නිට්ටාවට සුවකිරීමට බෙහෙත් තියෙනවද?


    "නැතුව තැපැල් මහත්තයෝ, අපේ පුරාණ පොත් වල දියවැඩියාව නිට්ටාවට සුවකිරීමට හැකි බෙහෙත් වට්ටෝරු තියෙනවා."


    " ඉතිං තියෙනවා නම් ඒවා එළියට දාලා මේ රටේ ඉන්න දියවැඩියා රෝගීන් ටික සනීපකරලා දානවකෝ" තැපැල් මහත්තයා දුමක් අදින ගමන් කීවේය.


    "ඒවා එහෙම එළියට දාන්න පුළුවන් වට්ටෝරු නෙවෙයි. ඒවා පරම්පරාගත රහස්. ඒවා ඔය එක එකාට ඕනෑ විධියට එළියට දාන්න බැහැ. එක එකා අතට පත්කරන්න බැහැ."


    " ඒක මොන කුහක කමක්ද වෙදමහත්තයෝ. දැන් බලමු. සුද්දා වසූරිය රෝගය වලක්වන්න එන්නත හොයා ගත්තා. ​ ඒක පරම්පරා රහස් වට්ටෝරුවක් කියලා හංගාගෙන හිටියේ නැහැනේ. මුළු ලෝකේම යහපතට ඒක ඉදිරිපත් කළා. දැන් බලන්න, වසූරිය මේ ලෝකෙන් තුරන්වෙලා. බැරිවෙලා හරි වසූරිය එන්නත ඔහේලගේ වෙද මහත්තයෙක් සොයාගත්තනම් ඒක වට්ටෝරුගත කරලා මඩිගහ ගනියි. ඒක උන්දැගේ මරණෙත් එක්කම යට යාවි."


    තැපැල් මහත්තයාගේ කථාවට සිංහරත්න වෙදමහතාට ඇතිවූයේ කෝපයකි. "කථාකරන්න එපා තැපැල් මහත්තයෝ සුද්දෝ ගැන. පස්ස හොදාගන්නේ නැති මිනිස්සු නෙවැ. උන් කොච්චර උත්සාහ කරනවද අපේ රහස් වට්ටෝරු අරගන ඒවා පිටරට ගෙනියලා ඛෙහෙත් හදන්න."


    "ඉතින් ඒකේ වැරැද්දක් තියෙනවද? තැපැල් මහත්තයා ශාන්තව ඇසුවේය. "සුද්දා ඒක අරගන යයි. ඒක පේටන්ට් ගතකරලා වෙළදපෙළට දායි. ඊට පස්සේ ලෝකේ ඕනෑම කෙනෙකුට ඒක මිළදී ගන්න පුළුවන්. වට්ටෝරු ගතකරලා කාටවත් නොදී යටි මඩි ගහගෙන ඒක එක්ක මැරිලා යනවාට වඩා ඒක හොඳ නැද්ද?˜


    තැපැල් මහත්තයාගේ කථාවට වෙදමහත්තයාට හොඳටම තරහ නැග්ගේය.


    "මොන දේශද්‍රෝහී කථාවක්ද තැපැල් මහත්තයා ඔහේ කියන්නේ. එතකොට අපේ පාරම්පරික දැණුම සුද්දට විකුණා ගෙන කන්න දෙන්න ඕනෑ"


    " වෙදමහත්තයා දැන් බලමු, ගිය අවුරුද්දේ ඔහේගේ ලොකු අයියා වකුගඩු අමාරුවක් හැදිලා ඉන්දියාවට ගිහිල්ලා වකුගඩුවක් බද්ධ කරගන ආවා. ඒක කළේ සුද්දා හොයාගත්ත දැණුමෙන් නේද? බැරිවෙලා සුද්දා වකුගඩු බද්ධ කිරීම පිළිබඳ දැණුම තුන් වෙනි ලෝකේ රටවලට දෙන්න බැහැ කියලා තහනමක් දාලා තිබුනා නම් ඔහේගේ ලොකු අයියා අද මේ ලෝකේ හුස්ම ගන්නවාද? මේ බලන්න වෙද මහත්තයෝ, ඔහේලාගේ කට්ටිය කුහකකමට දැණුම හංගාගෙන හිටපු එකයි කරේ. ඒක හරියට දිමියන් වසා ගන්නා දිමි ගොට්ට වගේ. කාටවත් පළප්‍රයෝජනයක් ගන්න දුන්නේ නැහැ. ඒ දැණුම එක්ක උන්දලාද මිය ඇදුණා. පරම්පරාවල මිනිස්සු පුස්කොල වට්ටෝරු හැංගුවා. අන්තිමට වංශේ කබල්ගානවා වගේ සිංහල වෙදකමේ ප්‍රාතිහාර්ය ගැන කථාකරනවා."


    "එහෙම කථාකරන්න එපා තැපැල් මහත්තයා˜" වෙදමහත්තයා ආවේගයෙන් කථාකළේය. "ඔහේ ළිඳෙන් වතුර බීලා මුහුදට ආවඩනවා."


    තැපැල් මහත්තයත් අත ඇරියේ නැත. "ළිඳෙන් වතුර බොන්න ළිඳේ වතුර තියෙන්න එපැයි වෙද මහත්තයෝ, ඔය පෙනිසිලින් කියන ප්‍රති ජීවකය හොයා ගැනීම නිසා මිලියන ගණනක ජීවිත බේරුණා කියලා මම ළඟදී පත්තරේක කියෙව්වා. දැන් ඔය පෙනිසිලින් බෙහෙත වෙද මහත්තයෙක් සොයා ගත්තා නම් ඒක ලෝකේ ජනතාව අතරට පත්කරයිද, නැත්නම් වට්ටෝරු ගත කරලා හංගා ගනියිද, කියලා ඔහේම කල්පනා කරල බලන්න. වෙදකමට රහස් තියෙන්න බැහැ. සුද්දා කරත් වෙද මහත්තුරු කරත් කරන්නේ ජීවිත බේරගන්න එක. ඒ නිසා මිනිස්සු ජීවත් කරවන මිනිස්සු සුවපත් කරවන දැණුම සමාජ ගත කරන්න ඕනෑ. ඒවා හංගාගෙන ඉන්නේ අන්තිම කුහකයෝ. ඒ මිනිස්සු අන්තිමට කසාය වලට ඉංග්‍රීසි බෙහෙත් දියකරල දෙනවා කිසිම ලැජ්ජවක් නැතුව. ඔන්න වෙදකමට ගිය කල"


    "ඔහේ එක්ක වාද කරන්න අපි ඉගෙන ගත්තා මදි තැපැල් මහත්තයෝ. ඔහේලා ඉතිං සුද්දට කත් ඇද ඇද ඉන්නවකෝ. මම යනවා."


    වෙද මහත්තයා තම බස්තම අතට ගත්තේ තැපැල් කාර්යාලයෙන් පිටවීමටය. වෙද මහත්තයාට තරහා ගියබව දැනගත් තැපැල් මහත්තයා සන්සුන්ව කතා කළේය.


    " වෙද මහත්තයෝ, මම සුද්දන්ට කත් අදින්න කතා කළේ නැහැ. මම කතා කළේ ඇත්ත යුක්ත. සුද්දා උනත් හොඳක් කළොත් ඒක කියන්න ඕන. දැන් බලන්න වෙද මහත්තයා පොඩි කාලේ ක්ෂය රෝගයට එන්නත් ලබා ගත්තනේ. මටත් පොඩි කාලේ එන්නත් කරලා තියෙනවා. අපිට කාසෙ නොහැදුණේ ඒ එන්නත් නිසා. ඒක හොයාගත්තේ සුද්දෙක්. සුද්දගේ දැනුමෙන් අපි ජීවත් වෙනවා. අපේ දැණුමෙන් සුද්දත් ජීවත් කරවනවා. අන්න ඒකයි අපි කරන්න ඕනේ. ඔය රහස් වට්ටෝරු තවදුරටත් රහස් වශයෙන් තියාගෙන ඉන්න එපා. මිනිසුන්ගේ යහපතට මානව වරගයාට ඒක දෙන්න."


    සිංහරත්න වෙද මහත්තයාගේ මුහුණට සමච්චල් සිනහවක් අවේය.


    "මහත්තයෝ, ඔය එක එකා කියන විදියට අපේ රහස් වට්ටෝරු එළියට දාන්නේ නැහැ. ඒවා අපි පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගෙන ආවේ පණ වගේ. මං යනවා යන්න"


    මෙසේ කියූ වෙද මහත්තයා තැපැල් කාර්යාලයෙන් ඉවතට පැමි‚යේ තැපැල් මහත්තයාට හොඳ හැටි හිතෙන් බනිමින්ය.


    වෛද්‍ය රුවන් එම් ජයතුංග

    http://transyl2014.blogspot.com/2015/08/blog-post_10.html

     
    • Like
    Reactions: LazyLizard

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉදිරියේ රාළ;21302815 said:
    ඇදුම වගේ ලෙඩකට නම් අත්හදා බලලා නෑ - අත්දැකීම් නෑ :sorry: - විරේක පාන් කුඩු එක අඩු මාත්‍රාවකින් අරගෙන ටික ටික වැඩි කරගෙන බලන්න :nerd:. අම්ල පිත්ත රෝගයේ අතුරු ආබාධයක් හැටියටත් ඇදුම එන්න පුළුවනි :yes:

    මම දවස් 3k විතර බීලා බැලුවා..හරියන්නේ නැ .පාන් කුඩු gas ඒකෙන් හැදුවාට කමක් නැද්ද
     
    මම දවස් 3k විතර බීලා බැලුවා..හරියන්නේ නැ
    සෙම බේත දවස් 3ට හරියන්නෙ නෑ - දින 21ක්ම යන්න ඔනෑ
    .පාන් කුඩු gas ඒකෙන් හැදුවාට කමක් නැද්ද
    අවුලක් නෑ - ඒ වැඩේ හෙන කට්ටක් හැබැයි - පුළුවන් නම් අවන් එකක දාල කර කරගන්න.
     
    ඉදිරියේ රාළ;21307172 said:
    සෙම බේත දවස් 3ට හරියන්නෙ නෑ - දින 21ක්ම යන්න ඔනෑ
    අමාරු වැඩි..හුස්ම ගන්නම බෑ
    ඒ කියන්නෙ ඔයාට ඇදුම එන්නෙ ගැස්ට්‍රික් වලින් - මොකද අර බේතෙ ලුණුයි දෙහියි දෙකම ගැස්ට්‍රික් වැඩි කරනවා - පාන් කුඩු එක හදලා කාල බලන්න.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉදිරියේ රාළ;21307483 said:
    ඒ කියන්නෙ ඔයාට ඇදුම එන්නෙ ගැස්ට්‍රික් වලින් - මොකද අර බේතෙ ලුණුයි දෙහියි දෙකම ගැස්ට්‍රික් වැඩි කරනවා - පාන් කුඩු එක හදලා කාල බලන්න.

    හොදයි..මට gas නම් නැහැ.. මම හැමදාම උදේට දෙහි බොනවා..eth මම පාන් කුඩු එකත් කරලා බලන්නම්
     
    ඉදිරියේ රාළ;21307483 said:
    හොදයි..මට gas නම් නැහැ.. මම හැමදාම උදේට දෙහි බොනවා..eth මම පාන් කුඩු එකත් කරලා බලන්නම්
    ගැස්ට්‍රික් වලට ගෑස් එන්න ඔනම නෑ - දියවැඩියාව - කොලෙස්ටරෝල් - ප්‍රෙෂර් කියන්නෙත් ගැස්ට්‍රික් වල අතුරුපල තමා - ඒවා තියෙන අයටත් ගෑස් නෑනේ - නමුත් ගැස්ට්‍රික් තියෙනවා :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉදිරියේ රාළ;21307733 said:
    ගැස්ට්‍රික් වලට ගෑස් එන්න ඔනම නෑ - දියවැඩියාව - කොලෙස්ටරෝල් - ප්‍රෙෂර් කියන්නෙත් ගැස්ට්‍රික් වල අතුරුපල තමා - ඒවා තියෙන අයටත් ගෑස් නෑනේ - නමුත් ගැස්ට්‍රික් තියෙනවා :D

    Apoyi mata oya kisima ekak na..mata 2 years wladi eka sarayak asthma hadila thiyelu...pahu giya auwrudu 5 athulatha mata godak prashna apu nisa mentally godak watuna..ekath ekka thama me lede awe..
     
    ඉදිරියේ රාළ;21307733 said:
    Apoyi mata oya kisima ekak na..mata 2 years wladi eka sarayak asthma hadila thiyelu...pahu giya auwrudu 5 athulatha mata godak prashna apu nisa mentally godak watuna..ekath ekka thama me lede awe..
    ගැස්ට්‍රික් තමා - ඔළුව ලෙඩ වෙන්නෙත් බඩ නිසා - පාන් කුඩු වලට බොහෝ දුරට අඩු වෙයි. නමුත් නිට්ටාවටම සුව කරගන්න නම් ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක් මුණගැහෙන්න. මොකද වැඩි වෙන වැඩි වෙන සැරේට පාන් කුඩු කන්න බෑනේ