ආලෝකයේ_වේගයට

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
Quantum Physics ගැන උනන්දු අයට වැදගත් වෙයි



ආලෝකයේ වේගයට වැඩි වේග වලින් කෙරෙන සන්නිවේදනය




අයින්ස්‌ටයින් විශේෂ සාපේක්‍ෂතාවාදය නිර්මාණය කළේ ය. ඔහු එහි දී කාලය හා අවකාශය යන සංකල්ප එකතු කළේ ය. ඉන්පසු කාලය හා අවකාශය වෙන වෙන ම ගැනීම ඔහුට අනුව වරදක්‌ විය. එපමණක්‌ නො ව විශේෂ සාපේක්‍ෂතාවාදයේ කියෑවෙන කරුණු අනුව අංශුවකට ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය විය නොහැකි ය. එහෙත් ෆෝටෝනයක්‌, අවශ්‍ය නම් ආලෝක තරංග පොදියක්‌, ආලෝකයේ වේගයෙන් චලනය වෙයි. අයින්ස්‌ටයින්ට අනුව අපට සන්නිවේදනය කළ හැක්‌කේ උපරිම ව ගත හොත් ආලෝකයේ වේගයෙනි. ඒ ෆෝටෝන යොදාගෙන ය. වෙනත් අංශු යොදාගෙන සන්නිවේදනයෙහි යෙදෙන්නේ නම් ඒ අංශුවලට චලනය විය හැක්‌කේ ආලෝකයට අඩු ප්‍රවේගයකින් බැවින් සන්නිවේදනයෙහි වේගය ද එයට අඩු වෙයි.


ශබ්දයේ වේගය ද ආලෝකයේ වේගයට අඩු වන්නේ ශබ්ද තරංග යෑවීමේ දී ද අප යොදාගන්නේ සාමාන්‍ය අංශු බැවිනි. එහෙත් ප්‍රශ්නය වනුයේ ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සන්නිවේදනය කිරීමට අපට නො හැකි ද යන්න ය. පැටළුණු ක්‌වොන්ටම් අංශු (entangled quantum particles) එකිනෙක සමඟ අනන්ත වේගයකින් සන්නිවේදනය කරන බව බෝර් කීවේ ය. ඔහුට එසේ කීමට සිදු වූයේ එසේ පැටළුණු අංශුවක යම් ගුණයක්‌ මැන්න විට අනෙක්‌ අංශුවට ද ඒ ක්‍ෂණයෙහි ම ඒ ගුණයට අගයක්‌ ලැබෙන බව ඔහුට උපකල්පනය කිරීමට සිදු වූ බැවිනි.

අප මෙය කලින් යම් ප්‍රමාණයකට විස්‌තර කර තිබුණ ද බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය (සංස්‌කරණය) කෙරෙන ආකාරය තේරුම් ගැනීමට ඒ උපකාරී වන බැවින් තරමක විස්‌තරයක්‌ කළ යුතු යෑයි සිතමි. ක්‌වොන්ටම් භෞතිකයෙහි කෝපන්හේගන් විවරණයට අනුව අංශුවක යම් ගුණයක අගය එය මැනීමට පෙර කිව නො හැකි ය. නිව්ටෝනීය අංශූවක්‌ සම්බන්ධයෙන් වුව ද ඒ එසේ නො වන්නේ දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. බසයක වේගය මැනීමට පෙර බසයෙහි වේගය කුමක්‌ දැයි කිව නො හැකි බව මෙහි දී පෙන්වා දෙනු ඇත.
එහෙත් බසයෙහි වේගය මැනීමට පෙර ද බසයට වේගයක්‌ ඇත. බසය යම්කිසි වේගයකින් ගමන් කරන බව අපි දනිමු. අප මැනීමෙන් කරන්නේ ඒ වේගය කුමක්‌ දැයි දැනගැනීම පමණකි. බසය එක්‌වර වේග කිහිපයකින් ගමන් කරන බවත් මැනීමෙන් පසුව බසය ඉන් එක්‌ අගයක්‌ පමණක්‌ ගන්නා බවත් යම් කිසිවකු කීවොත් අපි එය විශ්වාස නො කරමු. එක්‌වර වේග රාශියකින් ධාවනය වන බසයක්‌ ගැන අපි නො දනිමු. එහෙත් බෝර්ට හා කෝපන්හේගන් විවරණයට අනුව ක්‌වොන්ටම් අංශුවක පිහිටීම දන්නේ නම් එහි වේගය කුමක්‌ දැයි අපි නො දනිමු.අපට කිව හැක්‌කේ අංශුවේ වේගය මැන්නොත් එයට අහවල් අගය ලැබීමට අහවල් සම්භාවිතාවක්‌ ඇති බව ය.

උදාහරණයක්‌ ලෙස විසි කරන ලද දාදු කැටයක්‌ අවසානයේ දී කිනම් පැත්තක්‌ උඩට සිටින ලෙස පෙරළේ දැයි අපට කිව නො හැකි ය. එවැනි අවස්‌ථාවක දී අපට කිව හැක්‌කේ දාදුව ඕනෑ ම පැත්තකට පෙරැළීමට හයෙන් එකක සම්භාවිතාවක්‌ තිබෙන බව පමණ ය. එහෙත් දාදුව අවසානයේ දී බිමට වැටීමෙන් පසු (එහි අගය මැනීමෙන් පසු) එයට නිශ්චිත අගයක්‌ ලැබෙයි. දාදුව බිමට වැටීමට පෙර ඒ කුමන පැත්තකට හැරී තිබුණේ ද යන ප්‍රශ්නයට කෝපන්හේගන් විවරණයෙන් ලැබෙන පිළිතුර නම් එයට අගයක්‌ ඇති බවක්‌ කිව නො හැකි ය යන්න යෑයි සිතමු. අප එසේ සිතන්නේ ක්‌වොන්ටම් අංශුවක යම් ගුණයක්‌ මැනීමට පෙර ඒ අංශුවට ඒ ගුණය සම්බන්ධයෙන් අගයක්‌ ඇතැයි කීමට නොහැකි යෑයි කෝපන්හේගන් විවරණයෙන් කියෑවෙන නිසා ය.

කෝපන්හේගන් විවරණයෙන් එවැනි පිළිතුරු ලැබෙන්නේ බෝර් ආදීන් ඉන්ද්‍රියානුභූතවාදීන් (positivists) වූ බැවිනි. ඉන්ද්‍රිය ගෝචර නො වන දෑ ඇතැයි කීමට ඉන්ද්‍රියානුභූතවාදියෝ මැළි වූ හ. එහෙත් දැන් දැන් බටහිර භෞතික විද්‍යාඥයෝ එවැනි අංශුවලට එක්‌ විට ඒ ගුණයට අදාළ සියලු ම අගය ගත හැකි බව විශ්වාස කරති. එසේ කීමේ දී ඔවුන්ට ඇරිස්‌ටෝටලීය න්‍යායට (logic) විරුද්ධ ව යැමට සිදු වන බව ඔවුහු දනිති. එහෙත් ඔවුන්ට වෙනත් විකල්පයක්‌ නොමැති බැවින් ඔවුන්ට අද එසේ කිරීමට සිදු වී ඇත. ඇරිස්‌ටෝටලීය න්‍යායට අනුව අංශුවකට එක්‌ ගුණයක්‌ සම්බන්ධයෙන් එක්‌ විට එක්‌ අගයකට වඩා තිබිය නො හැකි ය. එහෙත් චතුස්‌කෝටික න්‍යායෙහි එවැනි බාධාවක්‌ නොමැති බව අවධාරණය කළ යුතු ය.

පැටළුණු අංශු සම්බන්ධයෙන් කෝපන්හේගන් විවරණයට ප්‍රශ්නයක්‌ මතු කළේ අයින්ස්‌ටයින් ය. යථාර්ථවාදය දැඩි ව විශ්වාස කළ අයින්ස්‌ටයින් කෝපන්හේගන් විවරණය ප්‍රතික්‌ෂේප කළේ ආධානග්‍රාහීව ය. ඔහුට අනුව ක්‌වොන්ටම් අංශුවලට ද මනින්නට පෙර යම් ගුණයකට නිශ්චිත අගයක්‌ තිබිය යුතු විය. ඔහු දැඩිව ඒ මතයෙහි එල්බගෙන සිටියේ ය. දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැතැයි ඔහු කීවේ සම්භාවිතාවක්‌ ගැන විශ්වාසයක්‌ නො තබමිනි. ඔහු එසේ නිශ්චිත අගයක්‌ තිබෙන බවට තර්ක කිරීම සඳහා පැටළුණු අංශූ යොදා ගත්තේ ය. ඔහු කියා සිටියේ පැටළුණු අංශු ආරම්භයේ දී යම්කිසි ගුණයක්‌ සම්බන්ධයෙන් අංශුවල අගයන් ගේ එකතුව ශුන්‍ය වන්නේ නම් එක්‌ අංශුවක එම ගුණය මැන්න විට අනෙක්‌ අංශුව ඒ අදාළ අගයට විරුද්ධ අගය ගත යුතු බව ය. අයින්ස්‌ටයින්ට අනුව එයින් කියෑවෙන්නේ පළමු අංශුවේ ගුණයක්‌ මැන්න කල දෙවැනි අංශුවේ අදාළ ගුණය මැනීමට පෙර ම එම අංශුවට ඒ ගුණය සම්බන්ධයෙන් නිශ්චිත අගයක්‌ ඇති බව ය. එහෙත් අයින්ස්‌ටයින් කියා සිටියේ දෙවැනි අංශුවට එලෙස අගයක්‌ ගැනීමට පළමු අංශුවෙහි අදාළ ගුණය මැනීමෙන් පසුව පළමුවැන්නේ සිට දෙවැන්නට ක්‍ෂණිකව සන්නිවේදනයක්‌ විය යුතු බව ය.එහෙත් සාපේක්‍ෂතාවාදයට අනුව එලෙස ක්‍ෂණික සන්නිවේදනයකට ඉඩ නැති බව ද එවැනි සන්නිවේදන (අන්තර් ක්‍රියා) ඇත්නම් ඒ අද්භූත ක්‍රියා (Spooky action) විය යුතු යෑයි ද ඔහු කියා සිටියේ ය. ඔහු කෙටියෙන් කියා සිටියේ කෝප්න්හේගන් විවරණය අසම්පූර්ණ බව ය.

බෝර් ගේ පිළිතුර වූයේ පැටළුණු අංශු දෙක සමස්‌තයක්‌ ලෙස මිස අංශු දෙකක්‌ ලෙස නො ගත යුතු බව ය. එමගින් බෝර් ක්‍ෂණික සන්නිවේදනය පිළිබඳ ප්‍රශ්නය මඟහැරීයේ ය. කෙසේ වෙතත් පසුව ඇස්‌පෙ විසින් කරන ලද පරීක්‍ෂණවලින් පෙනී ගියේ අංශු අතර යම් සන්නිවේදනයක්‌ ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සිදු වන බව ය. එහෙත් එයින් අංශූ අතර ක්‍ෂණිකව සන්නිවේදනයක්‌ සිදු වන බවක්‌ (අංශූ දෙක සමස්‌තයක්‌ ලෙස ගත හැකි බවක්‌) නො කියෑවෙයි. ඇතැම් විට අංශු අතර ආලෝකයට වැඩි වේගයකින් සන්නිවේදනයක්‌ සිදු වන නමුත් ක්‍ෂණික සන්නිවේදනයක්‌ සිදු නො වනවා විය හැකි ය. ඒ කෙසේ වෙතත් පැටළුණු අංශූ නිව්ටෝනීය (අයින්ස්‌ටයිනීය) අංශූ මෙන් ක්‍රියා නො කරන බව පැහැදිලි ය. එහෙත් අයින්ස්‌ටයින් යථාර්ථවාදයේ හා තම ප්‍රවාදවල ආධානග්‍රාහීව එල්බ ගනිමින් පැටළුණු අංශු ද, සාධාරණ වශයෙන් ගත් කල ක්‌වොන්ටම් අංශු ද, සම්භාව්‍ය අංශු මෙන් ඊනියා යථාර්ථවාදයට හා ඇරිස්‌ටෝටලීය න්‍යායට එකඟ වෙමින් හැසිරිය යුතු යෑයි විශ්වාස කළේ ය.


මේ පිළිබඳව බටහිර භෞතික විද්‍යාවට මෙයට වැඩි යමක්‌ කිව හැකි නො වේ. එයට අනුව අඩු තරමෙන් ඊනියා ස්‌ථානීය යථාර්ථවාදය (local reality) ප්‍රතික්‌ෂේප වී ඇත. ප්‍රතික්‌ෂේප වී ඇත. එහෙත් මෙරට ඊනියා යථාර්ථවාදීන්ට මේ පිළිබඳ හාන්කවිසියක්‌ වත් නැත. තමන්ට නො වැටහෙන ක්‌වොන්ටම් භෞතිකයක්‌ ගැන ලියූ ජනතා විමුක්‌ති පෙරමුණේ කසිකබල් පුබුදු ජාගොඩ නමැත්තෙක්‌ තමා ගේ නො දැනුම පමණක්‌ ලොවට හෙළි කළේ ය. බටහිර භෞතික විද්‍යාව අද සංසන්දනය කළ හැක්‌කේ ගලේ මළ පහ කළ බළලකුට ය. පැටළුණු අංශු සමස්‌තයක්‌ ලෙස ක්‍රියා කරන්නේ ද, එසේ ක්‍රියා කළත් සමස්‌ත බව නැති වන්නේ කෙසේ ද, එවැනි අංශු අතර සන්නිවේදනය යනුවෙන් හැඳින්විය හැකි ක්‍රියාවලියක්‌ සිදු වන්නේ ද ආදී ප්‍රශ්නවලට බටහිර භෞතික විද්‍යාවට පිළිතුරු නොමැත.
බටහිර භෞතික විද්‍යාවට අවශ්‍ය වූයේ මුළු විශ්වයට ම බලපාන ප්‍රවාද සොයාගැනීමට ය. සියලු අංශු එක්‌ අයුරකින් ක්‍රියා කළ යුතු යෑයි බටහිර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කළ හ. එය ආධානග්‍රාහී විශ්වාසයක්‌ විය. ඒ පිටුපස ඇත්තේ යථාර්ථවාදයක්‌ කෙරෙහි වූ ආධානග්‍රාහී විශ්වාසයයි. ඇරිස්‌ටෝටලීය න්‍යාය කෙරෙහි ද බටහිරයන්ට වූයේ ආධානග්‍රාහී විශ්වාසයකි. බටහිර විද්‍යාවේ ප්‍රවාද ගැන කතා කරන්නවුන් අපට කියන දෙයක්‌ නම් බටහිර විද්‍යාව ආධානග්‍රාහී නො වන බව ය. ඔවුන් කියන්නේ ප්‍රවාද දිගින් දිගට ම වෙනස්‌ වන බව ය. එහෙත් බටහිර විද්‍යාවට පදනම් වූ යථාර්ථය ආදිය වෙනස්‌ කිරීමට ඔවුන් සූදානම් නැත.කෝපන්හේගන්විවරණය යථාර්ථවාදයට පිටුපා ඉන්ද්‍රියානුභුතවාදයක්‌ පසුපස ගිය ද අද බටහිර භෞතික විද්‍යාඥයෝ කෙසේ නමුත් නැවතත් යථාර්ථයට පිවිසීමට උත්සාහ කරති. කෝපන්හේගන් විවරණය ඔවුන් අතින් විවේචනයට ලක්‌ වන්නේ එබැවිනි. ඉන්ද්‍රියගෝචර සංසිද්ධි පිටුපස ඇති ඊනියා යථාර්ථයක්‌ මතුකර ගැනීමට ඔවුහු උත්සාහ දරති.
ඔවුන්ට අද ඇරිස්‌ටෝටලීය න්‍යායට පිටුපෑමට සිදු වී ඇති නමුත් ඒ තාවකාලික යෑයි මම සිතමි. ඇරිස්‌ටෝටලීය න්‍යායෙහි පදනමෙහි ඇත්තේ ම ද්‍රව්‍යවල පැවැත්ම ය. ද්‍රව්‍ය චලනය වෙයි. එක්‌ අවස්‌ථාවක සිට තවත් අවස්‌ථාවකට මාරු වෙයි. එහෙත් ද්‍රව්‍ය, ද්‍රව්‍ය ලෙස ගත් කල වෙනස්‌ නො වන්නේ යෑයි බටහිරයෝ විශ්වාස කරති. මතුපිටින් පෙනෙන වෙනස ඉක්‌මවා යන වෙනස්‌ නො වන ද්‍රව්‍යභාවයක්‌ තිබෙන්නේ යෑයි බටහිර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කරති. මේ ආත්මවාදය මිස අනෙකක්‌ නො වේ. බටහිරයෝ ආධානග්‍රාහීව ආත්මවාදයක එල්ලී සිටිති.

ඊනියා යථාර්ථයක්‌ ක්‍ෂණයකට වුව ද ගැනීම ආත්මවාදී වෙයි. ක්‍ෂණයක්‌ යන්න ද පඤ්ඤත්තියක්‌ වනුයේ කාලය පඤ්ඤත්තියක්‌ බැවිනි. ක්‍ෂණය යන්න එලෙස පණවන ලද්දක්‌ වූ කල ඊනියා යථාර්ථයක්‌ ක්‍ෂණයකට වුවත් පැවතීම යන්න අර්ථ ශුන්‍ය ප්‍රකාශයකි. අප ආත්මවාදයට විරුද්ධ වන්නේ ආධානග්‍රාහී ව නො වන බව මෙහි ලා සඳහන් කළ යුතු ය. එසේ විරුද්ධ වන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් හා අවශ්‍ය අවස්‌ථාවල අනුමානයෙනි. (inference). මේ බුදුන් වහන්සේ අනුදැන වදාළ ක්‍රමය වෙයි. මෙහි දී ප්‍රත්‍යක්‍ෂය යන්න හුදු පංචේන්ද්‍රියන්ට ගෝචර වන සංසිද්ධි පමණක්‌ නො වන බව ද අමතක නො කළ යුතු ය.

පංචේන්ද්‍රියන්ට අමතරව මනස ද ඉන්ද්‍රියක්‌ ලෙස බෞද්ධයෝ සලකති. මනස ප්‍රධාන ඉන්ද්‍රිය වෙයි. එහෙත් බටහිරයෝ ඒ ප්‍රධාන ඉන්ද්‍රිය නො සලකති. බෞද්ධයන්ට අනුව මනස පමණක්‌ වුවත් ක්‍රියාත්මක විය හැකි අතර අනෙක්‌ ඉන්ද්‍රියන්ට ක්‍රියාත්මක වීමට නම් මනස ද අවශ්‍ය වෙයි. මනස නොමැති ව අනෙක්‌ ඉන්ද්‍රියන්ට තනි තනි ව ක්‍රියාත්මක විය හැකි නො වේ. බටහිරයන් ගේ චින්තනයෙහි වූ දුර්වලකම හේතු කොටගෙන ඔවුහු මනසට පමණක්‌ පෙනෙන දෙවියන් මායාවක්‌ යෑයි ගනිමින් මනසට වත්, අනෙක්‌ ඉන්ද්‍රිය ඇති ව මනසට වත්, නො පෙනෙන ගුරුත්වාකර්ෂණයක්‌ ඊනියා යථාර්ථය ලෙස සලකති.

- මහාචාර්ය නලින් ද සිල්වා (විදුසර 2011 සැප්තැම්බර් මස 07 වැනිදා)

lankacnews




BUMP එකක්වත් දාල යන්න




 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    okage article wala thiyenne western science ta mada gahana ewa witharai ban. u igenagena thiyenneth western eva, u danna magulakuth na nodanna magulakuth na. nikan wachalaya wage ka gahanawa

    uge okkoma articles wala thiyenne iniya, batahira, ydew onna oya wachana 3 witharai.

    owa ithin konde badapu china unta hodai

    mun wage un lankawe un idiriyata yanawata wiruddai.. irisiyakara hattha

    muge lamai nam pita rata yawala higher studies denawa lol
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    okage article wala thiyenne western science ta mada gahana ewa witharai ban. u igenagena thiyenneth western eva, u danna magulakuth na nodanna magulakuth na. nikan wachalaya wage ka gahanawa

    uge okkoma articles wala thiyenne iniya, batahira, ydew onna oya wachana 3 witharai.

    owa ithin konde badapu china unta hodai

    mun wage un lankawe un idiriyata yanawata wiruddai.. irisiyakara hattha

    muge lamai nam pita rata yawala higher studies denawa lol

    ow ban uge tiyenne boru kagahilla witarai
    danna redhdhakuth na nodanna magulakuth na :baffled: