ආලෝකය_රැගෙන_ආ_ලංකාපටුන
දන්ත ධාතුන් වහන්සේ රැගෙන පැමිණි ඓතිහාසික ලංකාපටුන පුදබිම - 1965 දී සංරක්ෂණය කිරීම.
---------------------------------------------------------------------------------------------------------------
තුන් ලොවටම වැඩ පිණිස වූ අසූහාරදහසක් ධර්ම ස්කන්ධය දේශනා කළ ශ්‍රී මුඛයෙහි ශබ්ද තරංගයන් හා නිබඳව ස්පර්ශ වූ නිසාත් සම්බුදු රජාණන් වහන්සේගේ සුවිශේෂ ධාතුන් වහන්සේ වශයෙන් පිළිගැනෙන නිසාත් ශ්රීස දන්ත ධාතුන් වහන්සේගේ පුරා වෘත්තය හා සබැඳෙන සෑම තැනක් ම ශාසන වංශ කතාව නියෝජනය කෙරෙන ප්ර්බල ස්ථානයන් බවට පත්ව තිබෙයි. පිවිතුරු සද්ධර්මය චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන ධර්මද්වීපය යැයි විරුදාවලිය ලත් අප මාතෘභූමියට අමිල අනර්ඝ මාණික්යයයක් සේ වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උරුම වන්නේ හේමමාලා සහ දන්ත කුමරුන් එය රැගෙන පැමිණි ඓතිහාසික ගමනක උත්කෘෂ්ඨ ප්‍රතිඵලය නිසාය.

ක්‍රි.ව. 310 දී ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඉන්දියාවේ කාලිංග දේශයේ තාම්ර-ලිප්ත නැව් තොටේ සිට (වත්මන් තමලුක් නගරය) වෙළෙඳ නැවක නැගී ඔවුන් පැමිණෙන්නේ ලංකාවේ ලංකා පටුන නම් නැව් තොටට ය. එය දමිල බසින් හඳුන්වන්නේ ‘ඉලංකතුරෙයි’ වශයෙනි. පුරාතණයේ මෙය ලංකාව සහ ඉන්දියාව අතර පැවැති සටන් වෙනුවෙන් සේනාව පිටත් කිරීමට යොදා ගත් වරායක් වශයෙන් සැළකූ බව ද ඉතිහාස කතා සනාථ කරයි. මෙම වරාය පිහිටා ඇත්තේ ත්රිරකුණාමල දිස්ත්‍රි ක්කයේ කොට්ටියාර් පත්තුවෙහි ය. මුතූර් සේරුවිල මාර්ගයේ තොප්පූර් කරා පැමිණ උප්පූරල් හරහා මෙතැනට ලඟාවිය හැකි ය. කඳු සහිත උස් බිමෙක ඉතා රමණීය දර්ශනයක් මවන සමුද්රාැසන්නයේ ඇති ලංකාපටුන අදත් රුවල් නැව් හත අටක් නවතා තැබිය හැකි තොටුපලකි.
දන්ත ධාතුන් වහන්සේ රැගෙන පැමිණීම නිසා ලංකාපටුන ශාසන ඉතිහාසයට එක් වන්නේ පූජනීය නැව් තොටක් වශයෙනි. එසේම එය ඊට ප්‍රථමයෙන් පුදබිමක් ලෙස පැවැති බවට පුරාවිද්්යාත්මක සාධක මතුව ඇති නිසා ලංකාපටුන දෙයාකාරයකින් පූජනීය භූමියක් බවට පත් වී තිබීම සුවිශේෂි කරුණකි. මෙම කඳු සහිත සුන්දර භූමියෙහි උසම කඳු මෙවුල මත චෛත්‍යක ශේෂ ලකුණූ දකින්නට ලැබෙයි. ඉතිරි වූ උස අඩි 8 ක් පමණ ගොඩැල්ල වර්ෂ 1965 වසරේදී මැයි මස 02 දා සොයාගෙන ඇත. මෙම ගොඩැල්ල නිධන් හොරුන් විසින් හාරා එහි තිබූ වස්තුන් සොරා ගෙන තිබූ බවක් ද කියැවෙයි.
කාවන්තිස්ස රජතුමා සේරුවිල මංගල මහා සෑය කරවීමෙන් පසුව අවට නොයෙක් බෞද්ධාරාම ඇති කළේය. විශේෂයෙන් වරාය අසල පිහිටි පර්වතවල ආරාම ඇති කිරීම පිළිබඳව බෙහෙවින්ම පැරැණි රජවරුන් උත්සුක වී ඇත. මේ අනුව කාවන්තිස්ස රජතුමා (රා.ව.පූර්ණ. දෙවැනි සියවස දී) ලංකා පටුන වරාය අසල ඇති පර්වතය මත ස්තූපයක් ඉදිකර එහි බෞද්ධාරාමයක් බිහි කළේය. ඔහුගේ ආගමික කාර්යයන් අතර සමුද්රවගිරි විහාරය කරවීමද එකකි. ලංකා පටුන නටබුන් හඳුන්වන්නේ සමුද්රඩගිරි විහාරය නමිනි. (උපුටා ගැනීම – නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය – පුරාවිද්‍යා චක්රිවර්ති එල්ලාවල මේධානන්ද හිමි)
මෙම භූමියේ බටහිර පැත්තේ ගල්පර්වත ගණනාවක් ආශ්රමයේ කටාරම් සහිත ලෙන් පෙළක් තිබේ. ඒවායින් කියැවෙන්නේ මහා සංඝයා වහන්සේට එම ලෙන් පූජා කළ බව යි. මෑත යුගයේ පැවැති කොටි ත්රයස්තවාදී උවදුර නිසා ලංකාපටුන ප්‍ර දේශය ද පැවැතියේ දැඩි අනාරක්ෂිපත තත්වයකය. ඊටත් එපිට යුග, කාල විපත් මැද මෙම ස්ථානය වල් වැදී තිබුණි.
එදා පිට රැටියන් මුහුදු ගමන් එන විට ලාංකේය බිමේ ඇති සම්බුදුරජාණන් වහන්සේගේ පාදශ්පර්ශයෙන් පිවිතුරු වූ ද ස්වභාව සෞන්දර්යයේ අග්‍ර ඵලයක් වූ ද අති රමණීය ශ්‍රී පාද කන්ද දර්ශනය වෙයි. එසේම ලක් බිමේ වෙරළාසන්නයේ ඇති කඳු මුදුන් මත ඉදි වූ ස්තූප පෙළෙහි බෞද්ධාගමික සොඳුරු අභිමානය ද ඔවුහු දුටුවෝය. එවිට මේ අප පැමිණෙන්නේ කුඩා වුවද අතිශය සම්භාවනීය වූ සදහම් දීපයකට බව ඉන් හැඟීමක් ඇතිවෙයි.
ලංකාපටුන ද එම හැඟීම දනවන සොඳුරු පූජනීය බිමක් වශයෙන් අතීතයේ දී පැවැත එන්නට ඇත. අද එහි කඳු ගැටයෙහි ආරුක්කු මත කුඩා ස්තූපයක් ඉදි කර ඇත.
දම්දිවේ උදාරත්වය උදාන ගීතිකාවක් සේ ලොවට හඬ ගා කියමින් වෙරළේ රළ මතින්ද නැගෙන්නා වූ ඒ ස්වරය අදත් මේ රමණිය කඳු මෙවුල මතදී ඇසෙන්නා සේය. හේමමාලාවන්ට දන්තකුමරුන්ට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ රැගෙන පැමිණීමට ඉඩ හසර සළසා දුන් වරායක විහාරය සදානුස්මරණීය පූජනීය පින් බිමක්මය. එය නැගෙනගිරෙන් පායා එන හිරුමඬලේ ආලෝක කදම්භයක් සේම අගනේ ය.
උපුටා ගැනීම: ශ්‍රී දලදා මාලිගාව