ආවර්ජනා

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    පෙ.ව 2.05
    මහනුවර ශික්ෂණ රෝහල

    රාත්‍රී අඳුර කපා හරිමින් වැටුණ සිහින් පොදවැස්ස තවමත් අවසන්ව නැත. රෝහලේ බාහිර රෝගී අංශය හැරෙන්නට අනෙක් සෑම තැනකම පාලුව රජයමින් තිබිණි. තැනින් තැන අඳුර මකා දමන්නට දල්වා තිබුණු සුදු පැහැති විදුලි පහන් වලින්ද එතරම් පිටුවහලක් ලැබුණේ නැත. හදිසි රෝගියෙක් නොවුනහොත් බොහෝ අවස්ථාවන් වලදී මෙහි තත්වය මේ හා සමානය.

    එහෙත් සියල්ල වෙනස් වන්නට ගතවූයේ විනාඩි කිහිපයකි. බෝගම්බර ක්‍රීඩාංගනය පැත්තෙන් වූ ප්‍රධාන ගේට්ටුව දෙසට ඉතා වේගයෙන් පැමිණියේ නවීනතම ලෑන්ඩ් රෝවර් රථයකි. රියදුරා කෙතරම් වේගයෙන් රිය ධාවනය කලේද යත් ගේට්ටුව අසලදී රිය නවත්වා ගැනීමට ගැසූ තිරිංග පහරට රථය එක්වර නතර නොවී ශබ්දයක් නගමින් ඉදිරියට ලිස්සා ගියේය. හදිසියක් බව දැන්වීමට දෝ රථයේ පැති සංඥා දල්වා තිබුණි. මුරකුටියේ උන් මුරකරු තම තොප්පියද අමතක කොට ගේට්ටුව අරින්නට දිවගියේ මෙහි රැගෙන එන්නේ හදිසි රෝගියෙකු යැයි සිතුනු බැවිනි.

    ගේට්ටුව ඇරුණු විගස නැවතත් වේගයෙන් ගමන් ඇරඹූ රථය බාහිර රෝගී අංශය ඉදිරිපිට වූ ගස වටා රවුමක් කරකවා වේගවත් තිරිංග පහරක් සමග නැවැත්වීය. සියලුම වීදුරු කලුකර තිබූ බැවින් ඇතුලේ සිටියේ කවරෙකුදැයි හඳුනාගැනීමට කිසිවෙකුටත් නොහැකි විය. එහෙත් වාහනයේ ඉදිරි වීදුරුවේ අලවා තිබූ අති විශේෂ පුද්ගලයෙක් (VIP) යැයි සටහන් වූ අවසරපත නිසා මෙය කිසියම් ප්‍රභූවරයෙකුට අයත් එකක් යැයි සිතාගත හැකි විය.
    වාහනය නවත්වනවාත් සමග ඉන් බැසගත්තේ හැඩිදැඩි මිනිසුන් තිදෙනෙකි. හමුදා භටයින්ගේ පෙනුමකින් යුක්තයැයි සිතිය හැකි මේ තිදෙනාගෙන් එකෙක් රථය ඇතුලේ සිටි තවත් පුද්ගලයෙක් දෝතින් ඔසවා ගත්තේ අනෙක් දෙදෙනාගේද අධාරය සහිතවය. ඒත් සමග රථයේ රියදුරු බාහිර රෝගී අංශය වෙත දිවගියේ එහි වූ කවරෙකු හෝ කැඳවාගෙන ඒමටය. ඉතා ස්වල්ප වේලාවකින් ඔහු නැවතත් පැමිණියේ ට්‍රොලියක් තල්ලු කරගෙන පැමිණි සාත්තු සේවකයින් දෙදෙනෙක් සමගය.
    ඔසවාගෙන පැමිණි රෝගියා ට්‍රොලිය මත තැබූ අනෙක් තිදෙනා සාත්තු සේවකයින් දෙදෙනාද සමග වේගයෙන් රෝහල තුළට දිව ගියෝය. මෙතෙක් වේලා නිස්කලංකව තිබූ රෝහලේ බාහිර රෝගී අංශය මේ අලුත් රෝගියාගේ පැමිණීමත් සමග කඩිගුලකට ගල් ගැසුවාක් මෙන් කැළඹී ගියේය. බාහිර රෝගී අංශයේ වූ වෛද්‍යවරයා රෝගියා පිරික්සන්නට වූයේ ඔහු ඉතා අමාරුවෙන් හුස්ම ගන්නට වෑයම් දරනු දුටු නිසාවෙනි. රෝගියාගේ වයස අවුරුදු විසි හතකට වැඩි නොවන්නට ඇත. මනාව වැඩුනු ඇඟ නිසා බොහෝ කාලයක් කය වෙහෙසවා වැඩ කල පුද්ගලයෙකු ගේ පෙනුමක් රෝගියා සතු විය. තරමක් නොගැලපෙන අන්දමේ ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි ඔහුගේ අලු පැහැ ටී ෂර්ට් එකෙන් වැඩි ප්‍රමාණයක් ලේ නිසා පෙඟී තිබුණි. මුහුණද එතරම් පැහැදිලිව දිස් නොවූයේ ලේ පැල්ලම් කිහිපයක් මුහු‍ණේද යම් ප්‍රමාණයක් ආවරණය කර තිබූ බැවිනි. හෙදියන් දෙදෙනෙකුගේද සහාය ඇතිව වහා ටී ෂර්ට් එක කපා ඉවත් කල වෛද්‍යවරයාට දැකගත හැකිවූයේ එම ලේ පැල්ලම ඇතිවූයේ උදරයේ ඇතිවූ කුඩා සිදුරක් ප්‍රමාණයේ තුවාලයක් නිසා බවය. අවුරුදු ගණනාවක් ත්‍රස්තවාදී කලබල පැවති කාලයේ අවදානම් සහගත ප්‍රදේශ වල සේවයේ නියුතුව සිටි වෛද්‍යවරයාට මෙය වෙඩි පහරකින් සිදුවූවක් බවට නිගමනය කිරීමට එතරම් වේලාවක් අවශ්‍ය නොවිනි. ඒත් සමග වෛද්‍යවරයාගේ මුහුණේ පෙර නොතිබුණු බැරෑරුම් පෙනුමක් දිස් වන්නට විය.
    “නර්ස්... මේක සීරියස් කේස් එකක්. මෙයාව දැන්ම ෂිෆ්ට් කරන්න තියටර් එකට. දැනටමත් පරක්කු වැඩිද මන්දා... ඒ වගේම පොලීසියට ඇවිත් මෙයාව ගෙනාපු අයගෙන් ස්ටේට්මන්ට් එකක් ගන්න කියන්න. මේ තුවාලේ ගන්ෂොට් එකකින් ඇතිවෙච්ච එකක්.“ තමාගේ රෝග විනිශ්චය ලබාදුන් වෛද්‍යවරයා වහ වහා අවශ්‍ය ලියකියවිලි පුරවා දුන්නේ රෝගියා හැකි ඉක්මණින් සැත්කම සඳහා යොමු කිරීමටය.
    ඒ විධානයත් සමග රෝගියා තවත් සහායක වෛද්‍යවරු දෙදෙනෙකුත් සමග ඊට යාබද ගොඩනැගිල්ලේ වූ හදිසි අනතුරු ඒකකයේ ශල්‍ය වෛද්‍ය ඒකකය වෙත කඩිනමින් යොමු කෙරිනි. බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා විසින් ලබා දුන් දුරකථන ඇමතුම නිසා ශල්‍ය ඒකකයේ සිටි සියලු දෙනා රෝගියා බාර ගැනීමට සූදානම්ව සිටියෝය. රෝගියා සැත්කම් කාමරයට ඇතුළත් කෙරුනු සැණින් සැත්කම ආරම්භ විය.




    පෙ.ව 3.30
    රිවිසරස පුවත්පත් ප්‍රාදේශීය කාර්යාලය
    මහනුවර

    අසේල රුවන්පුර සිටියේ නින්දත් නොනින්දත් අතරය. වෘත්තීයෙන් රිවිසරස පුවත්පතේ මහනුවර ප්‍රාදේශීය වාර්තාකරුවෙක් වූ ඔහුගේ රැකියාව තිබුණේ සෑහෙන අවධානමකය. පහුගිය මාස දෙක තුනක සිටම ඔහුගෙන් සැළකිය යුතු වාර්තාවක් පුවත්පත වෙනුවෙන් ඉදිරිපත් කරන්නට සමත් නොවීම හේතුවෙන් තම ප්‍රධානියාගෙන් අවසන් අනතුරු ඇඟවීම ඔහුට ලැබුණේ පෙරදින සන්ධ්‍යාවේදී ය. මීට මාස හයකට පෙර බිරිඳ ඔහුගෙන් වෙන්වී යාමෙන් පසු මේ සියලුම කරදර ආරම්භ විය. ඇගෙන් හැමවිටම ඔහු වෙත කෙරුණ චෝදනාව වූයේ ඔහුට තමා වෙනුවෙන් වෙන් කරන්නට කාලයක් නොමැති තරමට රැකියාවේ ඇලී ගැලී සිටිනා බවය. මේ සියල්ලම නෑසූ කන්ව සිටි ඔහුට තත්වය බරපතල බව වැටහෙන්නට ගත්තේ ඇය දික්කසාදය ඉල්ලා ඔහුට එරෙහිව නීති උපදෙස් පැතූ විටය. ඉන්පසුව හෙතෙම කෙතරම් ඈ ඉදිරියේ බැගෑපත් වුවද, තම තීරණය වෙනස් කිරීමට ඈ අකමැති වූවාය. අවසානයේ දෙදෙනා දික්කසාද විය.
    ඒත් සමගම අසේල තම රැකියාව වෙත දැක්වූ උනන්දුවද ක්‍රමයෙන් හීන වන්නට විය. වෙනදා ඔහු විසින් වාර්තා කරනු ලැබූ ප්‍රවෘත්ති බොහෝ විට පුවත් පතේ ඉදිරි පිටු වල පළ විය. එහෙත් මේ වන විට හෙතම සති තුනකින් කිසිම පුවතක් පළ කිරීමට අපොහොසත්ව සිටියේය. ඉදිරිපත් කරන ලද සියල්ලම සංස්කාරකවරයා විසින් ඉවත දැමුණේ එක්කෝ එහි අන්තර්ගතය පුවත්පතේ පළ කිරීම සඳහා නොසුදුසු බව සඳහන් කරමිනි. නැතහොත් ඔහු විසින් ඉදිරිපත් කරන ලද බොහෝ පුවත් සෑහෙන පරණ ඒවා බැව් අසේලටම මතක් කර දෙමිනි. පිට පිට සති කිහිපයකදීම ඉහළ පුටුවලින් රැකියාව පිළිබඳ විවිධ අවවාදාත්මක නිවේදන ලැබුණු අතර පෙරදින සන්ධ්‍යාවේ අවසන් නිවේදනය ලැබුණි. හෙතෙම සතියක් ඇතුළත ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති කිසිවක් පුවත්පත වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, රැකියාව නිශ්චිතව අහිමි වන බව එහි සඳහන් විය.
    මේ මොහොතේ පවා ඔහු සිටියේ හෙට දින නිකුත් වන පුවත්පතට කිසියම් හෝ ආකාරයක පුවතක් ලබාදෙන්නේ කෙසේදැයි යන උහතෝකෝටික ප්‍රශ්නයට පිළිතුරක් සොයමිනි. කෝපි කෝප්ප පහක් මේ වන විට ඔහු විසින් හමාර කර තිබුණි. පෙරදින රාත්‍රී ආහාරය ලබාගත්තේද නැත. සැළකියයුතු මට්ටමක හිසරදයකින්ද පෙළෙමින් හෙතෙම උත්සාහ දැරුවේ පරණ පුවත් පත් කිහිපයක්ද විශ්ලේෂණය කරමින් කොහෙන් හෝ වැදගත් ප්‍රවෘත්තියක් සඳහා කොනක් අල්ලා ගැනීමටය. මේ වන විට කාර්යාලයේ ඔහු හැරුණු විට සිටියේ මුරට සිටිනා පෞද්ගලික ආයතනයකින් සැපයුණු මුරකරුවා පමණකි. ඔහුද මේ වන විට තම පුටුවේ නිදා සිටින බැව් අසේල දැන සිටියේය. තවත් කෝපි කෝප්පයක අවශ්‍යතාව තදින්ම දැණුනත්, මේ වන විට එවැන්නක් ලබාගත හැකි කිසිම කඩයක් විවෘතව තිබුණේ නැත.
    හදිසියේම අසේලගේ ජංගම දුරකතනය නාද විය. දුරකතනයේ තිරය දෙස බැලූ ඔහුට මෙය හඳුනන අංකයක් නොවන බව පෙණුනි. කෙසේ වුවත් දුරකතනය කනේ තබා ගත්තේ, මේ වෙලාවේ ඔහුට අමතන්නේ කවුරුන්දැයි කල්පනා කරමිනි.
    “මේ රිවිසරස පත්තරේ අසේල මහත්තයද?“
    “ඔව්... ඔබතුමා කවුද?“ අසේල පිළිතුරු දුන්නේය.
    “මහත්තයා... මම කවුද කියන එක වැඩක් නෑ. මහත්තයට නිවුස් එකක් දෙන්නයි කතා කලේ. මීට පැය දෙකකට කලින් වීරවර්ධන ඇමති තුමාගේ ගෙදර ගන් ෆයර් එකක් වුනා. කාට හරි වෙඩි තිබ්බා. කොහොම හරි එක්කෙනෙක්ටවත් තුවාලයි. දැන් නුවර හොස්පිට්ල් එකට ගෙනිච්චා. පුලුවන් නම් හොයලා බලන්න.“ එසැනින් දුරකතන ඇමතුම ක්‍රියාවිරහිත විය.
    අසන්නට ලැබුණු ප්‍රවෘත්තිය සිතේ ධාරණය කරගැනීමට අසේලට තත්පර කිහිපයක් ගතවිය. ඒ සමග ම ඔහුගේ මුහුණේ මේ වනතෙක් පැවති මුඩුම පෙනුම වෙනුවට සිහින් සිනහවක් නැගිනි. තමා සති ගණනක් සෙවූ ප්‍රවෘත්තිය මෙය බව ඔහුට වැටහුණි. බල බලා සිට නාස්ති කිරීමට කාලයක් නැත. වෙන කවරෙකු හෝ මෙම ප්‍රවෘත්තිය ආවරණය කිරීමට ප්‍රථම තමා එතැනට යායුතු බව ඔහුට වැටහුණි. පත්තර ගොඩක් අස්සේ තිබූ තම සයිඩ් බෑගය අතට ගත් හෙතෙම, සටහන් පොතත්, කුඩා කැමරාවත් එය තුළට දමා ගත්තේය. මුරකරුවා අමතා ඉදිරි දොර ඇර ගත් අසේල උදෑසන පින්නෙන් පෙඟුන පදික වේදිකාවට බැස්සේ හැකි ඉක්මණින් රෝහල වෙත ගමන් කිරීමටය.

     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    පෙ.ව 4.00
    වීරවර්ධන අමාත්‍ය නිවස
    හන්තාන


    වීරවර්ධන ඇමතිතුමා සිටියේ ජීවිතයේ කෙදිනකවත් නොවූ තරම් කලබලයට පත්වය. තම නිවසේ වෙඩි තැබීමක් සිදුවීම ඔහුට අදහාගත නොහැක්කකි විය. දේශපාලනය ආරම්භ කල කාලයේ සිටම හිතට එකඟව වැඩ කල හෙතෙම කිසිම විටෙක තම නම පාතාලය සමග හෝ වෙනත් අයතා කටයුතු වලට ගාවා නොගන්නට බෙහෙවින් ප්‍රවේසම් විය. දේශපාලනයට පැමිණෙන බොහෝ දෙනෙක් තම ජීවිතය අවුල් කරගන්නේ මෙවන් දේවලට සම්බන්ධ වීමෙන් බව හෙතෙම හොඳාකාරව අත්දැක සිටියේය. එමෙන්ම පරම්පරාගත ධනවතුන් වූ වීරවර්ධන ඇමතිතුමාට අයතා මාර්ගවලින් මුදල් සෙවීමට උවමනාවක්ද නොවීය. දුප්පතුන්ගේ දුක හොඳහැටි හඳුනාගත් ඔහුට තම පාක්ෂිකයිනගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම හිමිවිය. හැකි සෑම විටෙකම නැති බැරි අය වෙනුවෙනුත්, තම ආසනයේ දියුණුවටත් ඇප කැප වී ක්‍රියාකල අමාත්‍යවරයාගේ දේශපාලන ගමන දිනෙන් දින දියුණු වූයේ හෙතෙම ආණ්ඩු පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ තත්වයට ඔසවා තබමිණි.

    කිසිදිනෙක ගිනි අවි සමග ගනුදෙනුවක් නොපැවැත්වූ ඔහුට හදිස්සියේ මේ නිවසේ සිදුවූ සිදුවීම මහත් පසුතැවිල්ලක් ගෙනදෙන්නක් විය. හෙට දිනයේදී මෙය අනිවාර්යයෙන්ම ප්‍රධාන පුවත්පත් කීපයකම මුල්පිටු සරසන බව සක්සුදක් සේ ඔහුට පැහැදිලිය. එහෙත් ඔහු කණගාටුවට පත්වූයේ වෙඩි වැදුන මිනිසා පිළිබඳවය. ස්වභාවයෙන්ම උණුවෙන හදවතක් ඇති ඔහුට, මේ සිදුවීම නිසා දැඩි පසුතැවිල්ලක් දැනෙන්නට විය.

    ගෙදර සිදුවූ සිද්ධිය පිළිබඳව දැනගන්නා විට ඔහු සිටියේ හදිසි පක්ෂ රැස්වීමකට කොළඹ ගොස් නැවත නුවර බලා එමිනි. නිවසේ ප්‍රධාන ආරක්ෂක නිළධාරීවරයා ලබාදුන් දුරකතන ඇමතුමෙන් ඔහුට පැවසූ දෙය හරිහැටි පැහැදිලිව අවබෝධ නොවුනත්, වහාම තුවාලකරු රෝහලට ගෙනගොස් අවශ්‍ය සෑම ප්‍රතිකාරයක්ම යුහුසුලුව ලබාදෙන්නට ඔහු විධාන කළේය.

    වීරවර්ධන අමාත්‍යවරයා තම හිස අතගාමින් නිවසේ සාලයේ ඉහළටත් පහළටත් ගමන් කළේය. ඔහුගේ බිරිඳත්, ආරක්ෂක නිළධාරීන් තිදෙනෙකුත් පසෙකට වී බලා සිටියේ ඔහුම කතාව ආරම්භ කරන තෙක්ය.

    “එතකොට ජයවර්ධන මට උනේ මොකක්ද කියලා කියන්න“ ඉහළ පහළ ගමන් කිරීම නැවැත්වූ ඇමතිවරයා තම ප්‍රධාන ආරක්ෂක නිළධාරියා වෙත හැරෙමින් පැවසීය.

    “එතකොට වෙලාව පාන්දර එකහමාරට වෙන්න ඇති සර්. ඉස්සරහ පැත්තේ ගේට්ටුවේ මුරට හිටියේ කොස්තා. මනුස්සයාට සද්දයක් ඇහිලා තියෙනවා සුදු බේබිගේ කාමරේ තියෙන හරියෙන්. ඊට පස්සේ මනුස්සයා ටෝච් එකත් ඇරගෙන අනිත් පැත්තේ හිටපු සිල්වාත් එක්ක ගිහින් තියෙනවා ඒ පැත්තට. එතකොට තමයි දෙන්නා දැකලා තියෙන්නේ කවුද මනුස්සයෙක් දෙවෙනි තට්ටුවේ බේබිගේ කාමරේ ජනේලේ ගාව ඉන්නවා. ඊට පස්සේ දෙන්නා කෑ ගහලා තියෙනවා පහලට බහින්න නැත්තම් වෙඩි තියෙනවා කියලා. එතකොටම උඩ හිටිය මනුස්සයා බයවෙලා දුවන්න පටන් ඇරන් තියෙනවා.....“

    “හෝව් හෝව්... දුවන්න? වහලේ උඩ?“ ඇමතිවරයා තම නළල රැළි ගස්වමින් කතාවට බාධා කළේය..

    “ඔව් සර්. කොස්තා කියන්නේ හරියට ඉංග්‍රීසි ෆිල්ම් එකක් වගේ කියලා. මිනිහා වහලෙන් අනිත් වහලෙට මාරු වුනේ හිතාගන්නවත් බැරි වුන විදිහටලු. ඒ පාර තමා සිල්වා ආයෙත් නවතින්න කියලා කෑ ගහලා තියෙන්නේ. ඒ පාරත් නැවතුනේ නැතිවුනාම කොස්තා වෙඩි තියලා. ඒත් වදින්න කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඒ මනුස්සයාට ඒක වැදිලා. වහලේ දිගේ පෙරලිලා ආපු මිනිහා ඉස්සරහා තියෙන ලොකු මල් පඳුර උඩට වැටුනා. ඒ වෙලාවේ සද්දේ ඇහිලා මමයි, කුස්සියේ පැත්තෙ ඉඳලා ජයන්ත මල්ලියි දෙන්නම දුවගෙන ආවා. ඊට පස්සේ තමා අපි සර්ට කෝල් එකක් ගත්තේ. වෙඩි සද්දෙට මැඩම්ලත් ඇහැරිලා දුවගෙන ආවත් මම ගිහින් මැඩමුයි බේබිවයි දෙන්නව නැවැත්තුවා.“

    “හම්.... එතකොට දැන් මනුස්සයට කොහොමද?“

    “සර් කියපු ගමන් අපි වාහනේක දාගෙන ටක් ගාලා මිනිහව ඇරන් ගියා හොස්පිට්ල් එකට. ගන් ෂොට් එක වැදිලා තියෙන්නේ බඩටලු. ටිකක් සීරියස් වගේ. ගියපු ගමන් ඔපරේෂන් එකට ගත්තා. එතන ජයන්ත මල්ලියි, සිල්වයි දෙන්නම ඉන්නවා. කොස්තාව මම රිලීස් කරා ගෙදර යන්න කියලා. මිනිහා ටිකක් ෂොක් වෙලා වගේ හිටියේ.“

    “පොලිසියට ඉන්ෆෝම් කලාද?“

    “අපේ ස්ටේට්මන්ට් එකක් හොස්පිටල් එකෙන් ගත්තා සර්. මම එස්.පී මහත්තයටත් කෝල් එකක් ඇරන් සිටුවේෂන් එක ඉන්ෆෝම් කලා. එයා කිවුවා එයත් බලන්නම් කියලා.“

    “වැලිපැන්නට ඉන්ෆෝම් කරපු එක හොඳයි. එයා ඒ පැත්තෙන් මේක බලාගනී. එළිය වැටුනට පස්සේ මාත් ගිහින් පොඩ්ඩක් මිනිහව හම්බවෙලා එන්නම්. මේක හරිම ප්‍රශ්නයක් ජයවර්ධන. හොරු හැමතැනම බෝවෙලා. ඒත් මේ උන වැඩේ එච්චර හොඳ නෑ. ඒ මනුස්සයට වෙඩි වැදුන එක අහම්බයක් තමා. ඒත් ඒ වෙලාවේ ඒක නොවිය යුතු දෙයක්.“

    “ඔව් සර් මටත් ඒක තේරෙනවා. එතනදී කොස්තා ටිකක් කලබල වුනා වැඩියි.“

    “හ්ම්... මිනිහට පොඩ්ඩක් අවවාද කරන්න. තදින් මොනවත් කියන්න යන්න එපා. සති දෙකක් විතර ලීව් දෙන්න. මැණිකේ... දුව බයවෙලාද?“ ඇමතිවරයා තම බිරිඳ දෙසට හැරුනි.

    “අනේ ජයවර්ධන මේ ටික කියනකන් මොකද වුනේ කියලා මමයි දුවයි දෙන්නම දැනන් හිටියේ නෑ. මටත් දැන්නම් බයයි. හදිස්සියේවත් ඒ මනුස්සයා දුවගේ කාමරේට ඇතුල් වුනානම් එහෙම? සඳුනිත් වෙඩි සද්දේ නිසා හොඳටම බයවෙලා හිටියේ. ඊටපස්සේ මං කිවුවා සිරියාවතීටත් ගිහින් කාමරේ නිදාගන්න කියලා. දැන්නම් නිදි ඇති.“

    “හොඳයි. මැණිකෙත් නිදාගන්න ගිහින්. දැං මට ඇහැ පියවන්න වෙලාවක් නෑ. තව ටික වෙලාවකින් එළියත් වැටෙයි. උදේ පාන්දරම කරන්න වැඩ වගයක් තියෙනවා. ජයවර්ධන... මීට පස්සේ කට්ටියට පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න කියලා කියන්න. සල්ලි නැතිවුනා වගේ නෙවෙයි මනුස්සයෙක්ගේ ජීවිතයක් නැති වුනොත්. ආ... ඒ වගේම උදේම ගිහින් අර හොස්ලිට්ල් එකේ ඉන්න දෙන්නව රිලීස් කරන්න. මං ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරලා සිටුවේෂන් එක බලන්නම්.“ ඇමතිවරයා තම බිරිඳටත්, ආරක්ෂක නිළධාරීන්ටත් යෑමට අවසර දුන්නේය.

    සියලු දෙනාම පිටව ගියත් ප්‍රධාන ආරක්ෂක නිළධාරී ජයවර්ධන නැවතුනේ ය. ඔහුට යමක් පෞද්ගලිකවම ඇමතිවරයා සමග කතාබස් කරන්නට උවමනා විය.

    “ජයවර්ධන.. මොකක් හරි ප්‍රශ්නයක්ද?“ ආරක්ෂක නිළධාරියාගේ හැසිරීම වටහා ගත්තාක් මෙන් ඇමතිවරයා ඇසුවේය.

    “සර්... මං හිතන්නේ අද ආපු මනුස්සයා හොරකමකට ආව කෙනෙක් නෙවෙයි සර්. ඒ මනුස්සයාගේ එහෙම පෙනුමක් තිබුණේ නෑ. ඒ වගේම තව දෙයක් සර්... මේක මැඩම් ඉන්න තැන පෙන්නන්න බැරුව හිටියේ. මේක බලන්නකෝ...“ ජයවර්ධන ඔහුගේ සාක්කුවෙන් ඇදගත් කුඩා ප්‍රමාණයේ ඡායාරූපයක් ඇමතිවරයාගේ අතේ තැබීය.

    එය දෙස බැලූ ඇමතිවරයා හිඳ සිටි පුටුවෙන් නැගිටුනේ ඉබේටමය. සැනකින් වම් අත නළල දෙසට ගියේ ඔහු ඉතාමත් කලබලයට පත්වූ බවක් පෙන්වමිනි.

    “දෙයියනේ... මේ සඳුනි නේද? කවුද මේ ෆොටෝ එකේ ඉන්න අනිත් කොල්ලා“ ඇමතිවරයාට ඉබේම ඇසුණි. ඔහු අත වූ අවපැහැ දුඹුරු ගැන්වුනු ඡායාරූපයේ සිටියේ අවරුදු විසි දෙකක පමණ තරුණියකුත්, අවුරුදු විසි හයක් හෝ හතක් පමණ වන තරුණයෙකුත්ය. දෙදෙනාම අත් අල්ලාගෙන සිනා සෙමින් සිටිනා ඡායාරූපයේ පසුබිමෙන් වූයේ විශාල ගොඩනැගිල්ලකි.

    “නෑ සර්... මේ සඳුනි බේබි නෙවෙයි. මාත් ෆොටෝ එක දැක්ක ගමන් හොඳටම ගැස්සිලා ගියා. සර් ෆොටෝ එකේ අනිත් පැත්ත බැලුවොත් ඔය සඳුනි මිස් නොවෙයි කියලා කන්ෆර්ම් කරගන්න පුලුවන්“ ජයවර්ධන පැවසුවේය.

    වීරවර්ධන ගැහෙන හදින් යුතුව ඡායාරූපයේ අනිත් පැත්ත බැලුවේය. එහි සටහන්ව තිබුණු අත් අකුරින් ලියැවුණු දිනයක් හෙතෙම ඉතා අපහසුවෙන් කියවා ගත්තේය.

    “1941!!! දෙයියනේ... එතකොට මේ ගෑණු ළමයා කවුද? කිසිම වෙනසක් නෑ... සඳුනි වගේමනේ? මේ ෆොටෝ එක කොහෙන්ද හම්බවුනේ?“

    “සර්... ඒකත් එක ප්‍රශ්නයක් තමයි. ඒත්.... සර්.... මට පිස්සුද කියලා හිතෙනවා.....“ ජයවර්ධන යමක් කියන්නට ගොස් ‍ගොත ගසන්නට වූයේ අසරණ වූ විලාසයෙන්ය.

    “කියනවා මනුස්සයෝ කියන්න ගියපු එක...!“ වීරවර්ධනගේ ඉවසීමේ සීමාව පැන තිබුණි.

    “සර්... අද අපි වෙඩි තිබ්බේ ඔය ෆොටෝ එකේ ඉන්න කොල්ලට සර්!!! ඔය ෆොටෝ එක තිබුණෙත් මිනිහා ගාවමයි“

    “මොකක්!! ජයවර්ධන කියන්නේ එතකොට අද වහලෙට බඩගෑවේ අවුරුදු අසූවක විතර වයසක මනුස්සයෙක් කියලද? මොනවද මනුස්සයෝ මේ කියන්නේ?“

    “නෑ සර්.... මටත් මේක තාම හිතාගන්න බෑ. ඒත් මට සියට දෙසීයක් ෂුවර්... මේ කොල්ලමයි අද හිටියේ. හැබැයි ඔය ‍ෆොටෝ එකේ ඉන්න විදිහටම. කිසිම වෙනසක් නෑ. දවසක්වත් වයසට ගිහින් හිටියේ නෑ සර්. මම මගේ ඇස් දෙකටම දැක්ක නිසයි කිවුවේ.“

    ජයවර්ධනගේ වදන් හමුවේ වීරවර්ධන නිහඬ වූයේ ඔහු ජයවර්ධන පිළිබඳව හොඳින් දැන සිටි නිසාය. ඔහු ආවාට ගියාට යමක් පවසන්නෙක් නොවීය. මෙතරම් දැඩිව ඔහු යමක් පවසන්නේනම් මෙහි කුමක් හෝ යමක් තිබිය යුතුය. එහෙත් මේ සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳව කිසිම අදහසක් ඔහු වෙත නොවීය.



    පෙ.ව 4.15
    මහනුවර ශික්ෂණ රෝහල


    පැය තුනකට ආසන්න කාලයක් සිදු කළ ශල්‍යකර්මය නිමාවට පත්විය. උදරයේ තිබූ වෙඩි උණ්ඩය ඉවත් කලත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවූ හානිය නිසා රෝගියාගේ ජීවිතය ඇත්තේ දැඩි අවධානමක බව ශල්‍ය වෛද්‍යවරයාගේ නිගමනය විය. අධික වේදනාව නැති කිරීම පිණිස විශාල ප්‍රමාණයක මෝෆීන් ප්‍රමාණයක් රෝගියා වෙත එන්නත් කෙරුණු අතර, සෑම පැය භාගයකටම වරක් ඔහුගේ තත්වය පරීක්ෂා කරන ලෙස දන්වා ඔහුව දැඩි සත්කාර ඒකකය වෙත යොමු කරන ලදී.

     
    • Like
    Reactions: Niko Boy

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඊලග කැල්ල තවත් රසවත් :D:yes::yes::yes: ඉක්මනට දාපිය හෙට සෙනසුරාදා :yes::yes:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    අගෝස්තු [FONT=Iskoola Pota, serif]14 ([/FONT]ඉහත සිදුවීමෙන් දින දෙකකට පසු[FONT=Iskoola Pota, serif])[/FONT]
    පෙ[FONT=Iskoola Pota, serif].[/FONT][FONT=Iskoola Pota, serif]9.25[/FONT]
    මහනුවර ශික්ෂණ රෝහල

    දින දෙකක් ගතවී තිබුණත් අසේල රුවන්පුර තවමත් තම දඩයම නවතා තිබුණේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇමති නිවසේ සිදුවූ වෙඩි තැබීම පාදක කොට ගනිමින් ඔහු ලිවූ වාර්තාව සඳහා යහපත් ප්‍රතිචාර ලැබී තිබූ බැවින්[FONT=Iskoola Pota, serif], [/FONT]සංස්කාරකවරයා ඔහු වෙත දන්වා සිටියේ මේ පිළබඳව තවදුරටත් සොයා බලා වාර්තා කරන ලෙසය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ අනුව දින දෙකක්ම විවිධ වේලාවන්වලදී මහනුවර රෝහලේ රැඳී සිටිමින් අදාල රෝගියා හා සාකච්ඡාවක් ලබා ගැනීමට ඔහු උත්සාහ කලත්[FONT=Iskoola Pota, serif], [/FONT]මේ වන තෙක් දැරූ සියලු ප්‍රයත්නයන් ව්‍යර්ත වී ගොස් තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]කිහිප වතාවක් රෝහලේ සුලු සේවකයින් දෙදෙනෙකුට අත්ලසක් ලබා දීමෙන් රෝගියාගේ තත්වය පිළිබඳව දැනගත හැකිවූ නමුත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ සෑම එකකින්ම කියවුණේ ඔහුගේ තත්වය තවමත් දැඩි අවධානම් තත්වයක පවතින බවය[FONT=Iskoola Pota, serif]. [/FONT]දැනුදු ඔහු බාහිර රෝගී අංශය ඉදිරිපිට වූ ගස ආසන්නයේ රැඳී සිටිමින් උත්සාහ දැරුයේ අවසාන වශයෙන් හෝ රෝගියා සමග සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා ගැනීමටය[FONT=Iskoola Pota, serif].

    [/FONT] අසේල යනු තම වෘත්තීයෙන් පසු බැස සිටියත්[FONT=Iskoola Pota, serif], [/FONT]සුලු කොට තැකිය හැකි මාධ්‍ය වේදියෙක් නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහුගේ විචක්ෂණ බුද්ධිය මෙහෙයවමින් ලියනු ලැබූ බොහෝ ලිපි සඳහා ඒ කාලයේ ඉහළ ප්‍රතිචාර ලැබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේම මිනිසුන් පිළිබඳව තියුණු ඉවක් ඔහු සතුවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]කොටින්ම කිවුහොත් මිනිහෙක් හැරෙනවිට ඔහු සම්බන්ධව යමක් කීමට කරම් මිනිසුන් පිළිබඳව ඔහු තුළ තිබූ හැකියාව විශ්මයජනක විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ සිද්ධියේද මතුපිටින් පෙනෙනවාට වඩා යම්කිසිවක් අභ්‍යන්තරයේ ඇතිබව ඔහුට ඉවකින් මෙන් දැනෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]විශේෂයෙන්ම මේ බව ඔහුට තහවුරු වූයේ රෝගියාගේ කිසිදු විශේෂිත තොරතුරක් පිටතට යා නොහැකි පරිද්දෙන් රෝහල තුලින්ම මග අවුරා ඇති බව පෙනෙන්නට වූ විටය[FONT=Iskoola Pota, serif]. [/FONT]
    සුහද සාකච්ඡා මගින් හෝ කුඩා අත්ලස් දීමෙන් හෝ කිසිවෙකුගෙන්වත් විශේෂිත තොරතුරක් ලබා ගැනීමට අසේලට මේ දින දෙක තුළ නොහැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මීට පෙර[FONT=Iskoola Pota, serif], [/FONT]රටේ වෙනත් සිදුවීම් වලදී තොරතුරු ලබා ගැන්මට ඔහු විසින් භාවිතා කළ මේ ක්‍රමෝපායන් මෙවර වරදින්නට විදිහක් නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]සිදුවිය හැකි එකම දේ සියල්ලටම ඉහලින් බලවත් අදිසි හස්තයක් විසින් තොරතුරු පාලනය කිරීමය[FONT=Iskoola Pota, serif]. [/FONT]යමක් ලබා ගැනීමට අපහසු වන විට කෙසේ හෝ එය වෙරදා ලබා ගැනීමට පෙළඹීම මනුෂ්‍ය ස්වභාවයය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතා විචක්ෂණශිලී මාධ්‍යවේදියෙකු වශයෙන් අසේල සතුව මෙය උවමනාවටත් වැඩියෙන් පැවතුනි[FONT=Iskoola Pota, serif].

    [/FONT] පැය තුනක් පමණ වේලාවක් බලා සිටියත් කිසිදු ආකාරයක හෝඩුවාවක් වත් හොයා ගන්නට නොහැකිවූ තැන අසේල බලාපොරොත්තු කඩවූ ස්වරූපයෙන් නැවතත් රෝහල් භුමියෙන් පිටත්ව යන්නට ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]දින ගණනාවක් තිස්සේ නොකඩවා මහන්සි වූ බැවින් පැය කිහිපයක සුවදායක නින්දක් ඔහුට අවශ්‍යව තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]බලාපොරොත්තු කඩවීම පිළිබඳ සිතේ වූ තැවුලද මීට බෙහෙවින්ම බලපා තිබුණි[FONT=Iskoola Pota, serif].

    [/FONT] අසේලට තම පාඩුවේ ගමන යා හැකි වූයේ බෝගම්බර ක්‍රීඩාංගනය ඉදිරිපස වූ බස් නැවතුම දක්වා පමණි[FONT=Iskoola Pota, serif]. [/FONT]වේගයෙන් පැමිණි සුදු වෑන් රථයක් ඔහු අසල නැවතුනේ අධික ශබ්දයක පිටකරමින් තිරිංග තදකරමිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහි ඇරුණු පසුපස දොරින් බැස්සේ දේහදාරී පුද්ගලයෙකි[FONT=Iskoola Pota, serif].
    [/FONT]
    මේ රිවිසරසි පත්තරේ අසේල මහත්තයා වෙන්න ඕනේ[FONT=Iskoola Pota, serif]?“

    [/FONT] “[FONT=Iskoola Pota, serif]... [/FONT]ඔව්[FONT=Iskoola Pota, serif].... [/FONT]ඇයි[FONT=Iskoola Pota, serif]?“ [/FONT]අසේලගේ සිතේ අනියත බියක් ඇතිවූවත්[FONT=Iskoola Pota, serif], [/FONT]බියට වඩා මේ වේලාවේ ඔහු තරමක් වික්ෂිප්ත භාවයට පත්ව සිටියේය[FONT=Iskoola Pota, serif].

    [/FONT]හදිසියේ ඔහුගේ හිසමත කඩාපාත්වූ මේ නවතම කරදරය කුමක්දැයි යන්න ඔහුට සිතාගත නොහැකි විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] “අපිව එව්වේ වීරවර්ධන ඇමති තුමා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇමතිතුමාට අසේල මහත්තයව හම්බ වෙන්න ඕනේ කිවුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි පොඩ්ඩක් ගිහින් එමු[FONT=Iskoola Pota, serif].“ [/FONT]දේහදාරී පුද්ගලයා ආචාරශීලීව කතා කලත් එහි ඉල්ලීමකට වඩා අණදීමේ ස්වරෑපයක් පැවතිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේලට බෑ කීමට හැකියාවක් ඒ ස්වරූපය තුළ නොතිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහු වෑන් රථයේ පසුපස දොරින් ඇතුලු වූයේ නින්දෙන් ඇවිදින්නාක් මෙනි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ සමගම රථය විදුලි වේගයෙන් ඉගිලී ගියේය[FONT=Iskoola Pota, serif].

    [/FONT]

    [FONT=Iskoola Pota, serif][/FONT]
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    පෙ[FONT=Iskoola Pota, serif].[/FONT][FONT=Iskoola Pota, serif]9.50[/FONT]
    වීරවර්ධන අමාත්‍ය නිවස
    හන්තාන

    අසේල රැගත් රථය ඇමති නිවසට ඒමට එතරම් වේලාවක් ගත නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් අසේලටනම් ඒ කාලය කල්පයකටත් වඩා දිගුවූවක් ලෙස හැඟෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]වීරවර්ධන ඇමතිතුමා නරක පුද්ගලයෙකු නොවූවත්[FONT=Iskoola Pota, serif], [/FONT]පසුගිය කාලයේ තමාගේ වාසනාව සම්පූර්ණයෙන්ම අනික් පැත්ත කැරකී තිබුණ බැවින් කුමකින් කුමක් සිදුවේදැයි ඔහුගේ සිතේ දෙගෙඩියාවක් පැවතිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ වාහනය ඇමති නිවසේ ඉදිරිපස මිදුලේ නවතා ඔහුට එළියට බසින්නට ඉඩදුන් විට වේගයෙන් ගැසෙමින් තිබූ තම හෘදය වස්තුවේ සඵන්දනය නැවතත් යථා තත්වයට පත්වන බව අසේලට දැනෙන්ට විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] අසේල මහත්තයා ඔහොම්ම ඉස්සරහ සාලෙන් වාඩි වෙන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]මම ඇමතිතුමාට දන්වලා එන්නම්[FONT=Iskoola Pota, serif].“ [/FONT]යැයි කිවූ කලින් කතා කල දේහදාරී පුද්ගලයාම නිවස තුළට ගියේ අසේලව විශාල සාලයේ තනිකරමිනි[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    අසේලට මීට පෙර වීරවර්ධන ඇමතිතුමා මුණගැසී නැතත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහු පිළිබඳව බොහෝ දේ හෙතෙම දැන සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහුගේ ප්‍රතිපත්තිගරුක දේශපාලන පිළිවෙත පිළිබඳව අසේල සිටියේ බලවත් පැහැදීමකිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]එවන් පුද්ගලයෙකු මුල්වරට හමුවෙන මේ අවස්තාවේ හිතේ යම්කිසි ගැස්මක් නොතිබුණාද නොවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේ වුවත් ඒ සියල්ලටම වඩා ඔහුගේ හිතේ වූ ප්‍රශ්නය වූයේ ඇමතිවරයාට ඔහු සමග වූ ගණුදෙනුව කුමක්දැයි යන්න කෙසේවත් සිතාගත නොහැකි වූ බැවින්ය[FONT=Iskoola Pota, serif].

    [/FONT] ඉදිරි සාලයට ඇතුලු වූ අසේල[FONT=Iskoola Pota, serif], [/FONT]තම බෑගයද පසෙකින් ලා පුටුවක වාඩි ගත්තේය[FONT=Iskoola Pota, serif]. [/FONT]උදෑසන සිටම ආහාරයක් ගෙන නොසිටි ඔහුට මේ වෙලාවේ දැඩි කුසගින්නක්ද දැනෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහුගේ සිතුවිලි දාමය එක්වරම බිඳ වැටුනේ ඇමතිවරයාගේ පැමිණීම නිසාවෙනි[FONT=Iskoola Pota, serif]. [/FONT]වහා තම අසුනෙන් නැගීසිටි අසේල ඔහුවෙත සිනාමුසු බැල්මක් හෙලුවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] අසේල රුවන්පුර[FONT=Iskoola Pota, serif]...? [/FONT]මම හරි නේද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]ඇමතිවරයා මිත්‍රශීලී නමුත් ස්ථාවර හඬකින් විමසුවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    ඔව් සර්[FONT=Iskoola Pota, serif]...“

    [/FONT]
    ඉඳගන්න ඉඳගන්න[FONT=Iskoola Pota, serif].... [/FONT]මට අසේලත් එක්ක වැදගත් කාරණාවක් කතා කරන්න තියෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි අසේල තාම උදේට කාලත් නැතුව ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩ්ඩක් ඉන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි තේ එකක් බීලා ඉවර වෙලාම කතා කරමු“ යැයි පැවසූ වීරවර්ධන නිවසේ සේවකයෙකු අමතා දෙදෙනා සඳහාම තේ රැගෙන එන ලෙස පැවසීය[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    තේ බී අවසාන වන තෙක් දෙදෙනා අතර පැවති සාකච්ඡාව දේශපාලනය[FONT=Iskoola Pota, serif], [/FONT]විදේශ ප්‍රතිපත්ති[FONT=Iskoola Pota, serif], [/FONT]විපක්ෂය වැනි එදිනෙදා කතාබහට ලක්වන මාතෘකා වලට පමණක් සීමා විය[FONT=Iskoola Pota, serif]. [/FONT]තේ බී අවසානයේ සේවකයා හිස් බඳුන්ද රැගෙන ගිය පසු ඇමතිවරයා කාරණාව සාකච්ඡා කිරීමට සූදානම් බව පෙන්වීය[FONT=Iskoola Pota, serif].

    [/FONT] අසේල[FONT=Iskoola Pota, serif]... [/FONT]අසේලව මං මේ වෙලාවේ ගෙන්නුවේ විශේෂ රාජකාරියක් බාරදෙන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ මොකක්ද[FONT=Iskoola Pota, serif]? [/FONT]ඇයි අසේලටම ඒක බාරදෙන්නේ කියන කාරණා ඔක්කොම මං පස්සේ පැහැදිලි කරලා දෙන්නම්[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි අසේල මට එක පොරොන්දුවක් වෙන්න ඕනේ[FONT=Iskoola Pota, serif]. “ [/FONT]ඇමතිවරයා අසේල දෙස පරීක්ෂාකාරී බැල්මක් හෙලමින් පැවසුවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    කියන්න සර්[FONT=Iskoola Pota, serif]....“

    [/FONT]
    මං මේ බාරදෙන්න යන කාරණාව කොහොමටවත් මගේ දේශපාලන ජීවිතයට අදාල කාරණාවක් නෙවෙයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් සමහර විට[FONT=Iskoola Pota, serif].... [/FONT]සමහර විට මේක ඉස්සරහට ඒ තත්වයට එන්න පුලුවන්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ගැන මං කියන්න දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]නමුත් මේක මගේ පෞද්ගලික ජීවිතයට බලපාන කටයුත්තක් නිසා අසේලගෙන් මේ සම්බන්ධව සියයට සීයක රහස්‍යභාවය මං බලාපොරොත්තු වෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට වඩා මේ කාරණාව මගේ ජීවිතේ මං වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක්ට බලපාන දෙයක් වෙලා තියෙන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා මේ සම්බන්ධ කිසිම තොරතුරක් අසේලගේ කටින් පිටට යන්න බැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වෙනුවෙන් අසේලට සෑහෙන ප්‍රමාණයක ගෙවීමක් කරන්නත් මං සූදානම්[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල එකඟද[FONT=Iskoola Pota, serif]?“

    [/FONT]
    සර්[FONT=Iskoola Pota, serif]... [/FONT]මං සාමාන්‍යයෙන් කාරණාවක් නොදැන පොරොන්දු දෙන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් සර් ගැන තියෙන විශ්වාසයත්[FONT=Iskoola Pota, serif], [/FONT]මේක සර්ගේ පෞද්ගලික කාරණාවක් නිසත්[FONT=Iskoola Pota, serif], [/FONT]සර් ඇරෙන්න වෙන කෙනෙකුගේ ජීවිතයටත් මේක බලපාන නිසා මං ඒ සම්බන්ධ පූර්ණ රහස්‍යභාවය රකිනවා කියලා පොරොන්දු වෙන්නම්[FONT=Iskoola Pota, serif].“ [/FONT]අසේල පැවසුවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    ඇමතිවරයා විසින් ලබාදෙන්නට පොරොන්දු වූ මුදලට වඩා ඔහුගේ කුතුහලය මේ වන විට බෙහෙවින් වර්ධනය වී තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]රටේ මේතරම් යමක් කරගන්නට අනන්ත මිනිසුන් සංඛ්‍යාවක් මේ පුද්ගලයාට සොයා ගැනීමට හැකියාවක් තිබියදී තමාවම තෝරා ගන්නට මේ කාරණාවේ කිසියම් සුවිශේෂත්වයක් පවතින බව ඔහුට තේරුම් ගොස් තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එය දැනගන්නාතුරු ඔහු පසුවූයේ දැඩි නොඉවසිල්ලකිනි[FONT=Iskoola Pota, serif].

    [/FONT] හොඳයි[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල ඒ පොරොන්දුව ඒ විදිහයට රකින බව මට විශ්වාසයි[FONT=Iskoola Pota, serif].“ [/FONT]ඇමතිවරයා පැවසුවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    අසේල[FONT=Iskoola Pota, serif].... [/FONT]ඔයා දන්නවා ඇති මීට දවස් දෙක තුනකට කලින් මගේ ගෙදර ගන් ෆයර් එකක් වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ සම්බන්ධව ඔයා රිවිසරසි පත්තරේට ආටිකල් එක කරපු බවත් මම දන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම[FONT=Iskoola Pota, serif], [/FONT]පහුගිය දවස් ටිකේම වෙඩි වැදිලා ඉන්න ඒ පේෂන්ට්ගේ විස්තර දැනගන්න අසේල හොස්පිට්ල් එක පැත්තේ කැරකුණ බවත් මම දන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කාරණාවට අසේලව සම්බන්ධ කරගන්න එක හේතුවක් මේක[FONT=Iskoola Pota, serif].“

    [/FONT]
    මෙන්න මේ දෙක දිහා බලන්නකෝ[FONT=Iskoola Pota, serif]....“ [/FONT]යැයි පැවසූ ඇමතිවරයා තමා සතුව තිබූ ඡායාරූප දෙකක් අසේල අත තැබීය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉන් එකක් ඇමතිවරයාගේ දියණිය වූ සඳුනි වීරවර්ධනගේ ඡායාරූපයක් වූ අතර අනෙක මීට දින දෙකකට පෙර ඇමති නිවසට කඩා වැදීමට තැත්කොට වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සතුව තිබූ ඡායාරූපයයි[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ දෙස විමසිලිමත්ව බැලූවද[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහුට එම ඡායරූප දෙකේ එතරම් වැඩි විශේෂත්වයක් සොයාගත නොහැකි විය[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    ම්[FONT=Iskoola Pota, serif].... [/FONT]සර්[FONT=Iskoola Pota, serif].... [/FONT]මේ දෙකේ ඉන්න ගෑණු ළමයා කවුද[FONT=Iskoola Pota, serif]?“

    [/FONT]
    අසේල[FONT=Iskoola Pota, serif]... [/FONT]ඔය කලර් ෆොටෝ එකේ ඉන්නේ මගේ දුව [FONT=Iskoola Pota, serif]- [/FONT]සඳුනි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔය අනිත් ෆොටෝ එකේ ඉන්න ළමයා මම දන්න විදිහට මට කවදාවත් හම්බවෙලා නෑ[FONT=Iskoola Pota, serif]....“

    [/FONT]
    සර්[FONT=Iskoola Pota, serif].... [/FONT]මට ඒ කතාව තේරුණේ නැහැ[FONT=Iskoola Pota, serif].... “ [/FONT]අසේල පිළිතුරු දුන්නේ තරමක් වික්ෂිප්ත බවිනි[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    මං විශ්වාස කරනවා[FONT=Iskoola Pota, serif], [/FONT]මං හරිනම් මේ ෆොටෝ එක අරන් තියෙන්නේ [FONT=Iskoola Pota, serif]1941 [/FONT]හෝ ඊට ආසන්න කාලයකදී කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙමනම්[FONT=Iskoola Pota, serif]... [/FONT]කොහොමටවත් මේ ෆොටෝ එකේ ඉන්නේ මගේ දුව වෙන්න බෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒක පැහැදිලිව අසේලට තේරෙනවා ඇතිනේ[FONT=Iskoola Pota, serif]? [/FONT]ඊළඟට වැදගත්ම කාරණාව[FONT=Iskoola Pota, serif]...“ [/FONT]යැයි කියමින් ඇමතිවරයා පුටුවෙන් මදක් ඉදිරියට නැමුනේ අතිශයින් රහසිගත යමක් පවසන්නට ඇතිබව හඟවන්නට මෙනි[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    මගේ සෙක්‍යුරිටි එකේ හෙඩ් ඕනෑම තැනක දිවුරන්න ලෑස්තියි එදා රෑ වෙඩි වැදුනේ මේ ෆොටෝ එකේ ඉන්න කොල්ලට කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම එයා පැහැදිලිවම කියනවා මේ මනුස්සයා මේ ෆොටෝ එකේ දකිනවට වඩා දවසක්වත් වයසට ගිහින් හිටියේ නෑ කියලා[FONT=Iskoola Pota, serif]....“

    [/FONT]
    මෙය ඇසූ පසු අසේලගේ සිත තුළ අමුතුම ආකාරයක කැළඹිල්ලක් හටගන්නා බව ඔහුටම වැටහුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]ජීවිත කාලයටම නොඇසූ ආකාරයේ අමුතුම කතාවකට තමන් සවන් දීගෙන සිටිනා බව ඔහුට තේරෙන්නට විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] ඒත් සර්[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒක වෙන්න බැරි දෙයක් නේ[FONT=Iskoola Pota, serif]? [/FONT]හරියට එක්ස් ෆයිල්ස් එකේ කතාවක් වගේ නේ[FONT=Iskoola Pota, serif]?“

    [/FONT]
    මං දන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දමයි අසේල මට මේක ගැන හොයන්න ඕන වුනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ඔක්කොටමත් වඩා දැන් මේකේ කොනක මගේ දුවත් ගෑවිලා ඉන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මං කැමති නෑ මේ වගේ අමුතුම දේකට කොහොමටවත් එයාව ගෑවෙනවට[FONT=Iskoola Pota, serif]. [/FONT]අඩුම ගානේ එයා දන්නෙත් නෑ එදා රෑ සිද්ධ වුනේ මොකක්ද කියලා හරියට[FONT=Iskoola Pota, serif]. [/FONT]එදා රෑ මගේ සෙක්‍යුරිටි එකෙන් අර මනුස්සයට වෙඩි තියලා තියෙන්නේ දුවගේ කාමරේ ජනේලෙ ගාව ඉඳිද්දී[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ කියන්නේ මගේ දුවගේ ජීවිතයට මොනවම හරි බලපෑමක් එල්ල වෙන්න පුලුවන් හැකියාවක් මෙතන තියෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසයි අසේල මට මේකේ අලගිය මුලගිය තැන් ඔක්කොම හොයා ගන්න ඕනේ[FONT=Iskoola Pota, serif]..“

    [/FONT]
    ඒත් සර් ඇයි මාවම[FONT=Iskoola Pota, serif]?“

    [/FONT]
    ඇත්ත[FONT=Iskoola Pota, serif]... [/FONT]මට ඕනේ නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රයිවට් ඩිටෙක්ටිව් කෙනෙක් ඉන්වෙස්ටිගේෂන් වලට දාන්න පුලුවන්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් මම මේකට ඉන්වෝල්ව් උනා කියන්නේ විස්තර පිටට යන්න තියෙන හැකියාව හුඟක් වැඩියි[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට ඒකෙන් කරදරයක් වෙන්නේ සඳුනිට[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල වගේ කෙනෙක් මේ වගේ දෙයකට යෙදුනම සැක හිතෙන්න පුලුවන් සම්භාවිතාව හුඟක්ම අඩුයි[FONT=Iskoola Pota, serif]. [/FONT]අනික මම දන්නවා මේ ෆීල්ඩ් එකේ හොඳ දක්ෂතාවයකුත්[FONT=Iskoola Pota, serif], [/FONT]තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න පුලුවන් කමත් අසේලට තියෙනවා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම මම අසේලට මේ වැඩේ ඉවර වෙනකම් හොඳට ගෙවනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]අවශ්‍ය තොරතුරු ඕනෑම එකක් ලබාගන්න අවස්ථාවත් සළසනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල වැඩේට කැමතිද[FONT=Iskoola Pota, serif]?“

    [/FONT]
    සර්[FONT=Iskoola Pota, serif]... [/FONT]මං මේ වැඩේ බාරගන්නම්[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි ඒ සර් දෙනවා කිවුව සල්ලි හින්දා නෙවෙයි[FONT=Iskoola Pota, serif]. [/FONT]අවංකවම මේ ගැන හොයන්න උවමනාවක් මං ගාව තියෙන නිසා[FONT=Iskoola Pota, serif].“ [/FONT]අසේල පැවසුවේ මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුවය[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    අසේලගේ ඒ ප්‍රකාශයත් සමග ඇමතිවරයාගේ සිතේ ඇඳී ගියේ සැනසිලි දායක සිනහවකි[FONT=Iskoola Pota, serif].

    [/FONT] රයිට්[FONT=Iskoola Pota, serif]. [/FONT]මං බොහොම සන්තෝස වෙනවා අසේල මේ වැඩේ බාරගත්ත එක ගැන[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම මං කලින් කිවුවා වගේ අසේලගේ රහස්‍යභාවය රැකීම මම සියයට සීයක්ම බලාපොරොත්තු වෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ මගේ සෙක්‍යූරිටි හෙඩ් [FONT=Iskoola Pota, serif]- [/FONT]ජයවර්ධනගේ කන්ටෑක්ට් ඩීටේල්ස්[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා මේ සිද්ධිය ගැන හැම දෙයක්ම දන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා අසේලට මොනම ආකාරයක හරි ප්‍රශ්නයක් ආවොත් ජයවර්ධනට කතා කරන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා ඔයාට උදව් කරාවි[FONT=Iskoola Pota, serif].“ [/FONT]ඇමතිවරයා අසේලට පැවසුවේ හඳුනාගැනීමේ කාඩ්පතක් දිගුකරමිනි[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    සර්[FONT=Iskoola Pota, serif]... [/FONT]එතකොට මේ ෆොටෝස් දෙක[FONT=Iskoola Pota, serif]?“

    [/FONT]
    දැනට මේ දෙක මං ගාව තියාගන්නම්[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේලට මෙහෙන් යන්න කලින් මේ දෙකේම කොපීස් දෙකක් හම්බවේවි[FONT=Iskoola Pota, serif].“ [/FONT]ඇමතිවරයා කතාව නිමාකරමින් පැවසුවේය[FONT=Iskoola Pota, serif].[/FONT]
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    අගෝස්තු [FONT=Iskoola Pota, serif]14 [/FONT]
    [FONT=Iskoola Pota, serif].[/FONT][FONT=Iskoola Pota, serif]3.00[/FONT]
    රිවිසරසි ප්‍රාදේශීය පුවත්පත් කාර්යාලය

    ඇමති නිවසින් පිටවූ මොහොතේ සිට අසේල සිටියේ දැඩි නොසන්සුන්තාවයකිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]තම දස වසරක මාධ්‍ය ජීවිතය තුළ අසන්නට ලැබුණු වඩාත්ම විස්මයජනක කතාවට ඔහුට සවන් දීමට සිදුවූයේ අද උදෑසනය[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙවැනි කතාවක් එදිනෙදා හමුවන සාමාන්‍ය පුද්ගලයෙක් පැවසුවානම් බොහෝවිට මෙය මනස්ගාතයක් යැයි සිතා ඉවත දැමීමට ඉඩ තිබිණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත්[FONT=Iskoola Pota, serif], [/FONT]මෙය පැවසූයේ මුලු රටේම වැදගත් නමගිය ඇමතිවරයෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේම නිකම්ම ඇමතිවරයෙකුටත් වඩා හෙතෙම සෑහෙන පමණ අධ්‍යාපන පසුබිමකින් හෙබි[FONT=Iskoola Pota, serif], [/FONT]කිසිදෙයකට ඉක්මණින් කලබල නෙවෙනා අයෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]එබැවින් මෙම කාරණයේ සිතුවාට වඩා ගැඹුරු යමක් සැඟවී පවතින බව අසේලට ක්‍රමයෙන් වැටහෙන්නට විය[FONT=Iskoola Pota, serif].[/FONT]
    ඇමති ආරක්ෂක අංශ ප්‍රධානී ජයවර්ධන සමග සිදුකළ කතාබහෙන්ද ඇමතිවරයා පැවසූවාට වඩා වැදගත් යමක් සොයාගැනීමට අසේලට නොහැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ජයවර්ධන පැවසූ පරිදි සඳුනිගේ කාමරයට ඇතුළුවීමට තැත්කළ පුද්ගලයාගෙන් නොබෝ දිනකදී සාකච්ඡාවක් ලබාගැනීම කොහෙත්ම සිදුවිය නොහැක්කකි[FONT=Iskoola Pota, serif]. [/FONT]මන්ද යත් රෝහල් ආරංචි මාර්ග අනුව ඔහුගේ තුවාල එතරම් බරපතල තත්වයේ තිබූ බැවින් වේදනා නාශක ලබාදී තාවකාලිකව සිහිනැති කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී තිබූ නිසාය[FONT=Iskoola Pota, serif].

    [/FONT] කෙසේ වෙතත් මෙහිදී ඔහුගේ අවධානයට වැඩිමනත් යොමු වූයේ අදාළ පුද්ගලයා සඳුනිගේ කාමරයට ඇතුලු වීමට හෝ ඇයව සම්බන්ධ කර ගැනීමට දරා තිබූ උත්සාහයයි[FONT=Iskoola Pota, serif]. [/FONT]සාමාන්‍ය අයෙකු විසින් මෙය සිදු කළානම්[FONT=Iskoola Pota, serif], [/FONT]මෙම තැනැත්තා හොරෙකු හෝ සඳුනිගේ හිත දිනාගැනීම පිණිස හෝ සිදුකළ යමක් යැයි සිතාගත හැකිව තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් ඒ තර්කයන් දෙකම මෙහිදී බිඳ වැටෙන්නේ ඔහු සතුව තිබූ ඡායාරූපය නිසාය[FONT=Iskoola Pota, serif].

    [/FONT] අසේලට වටහා ගත නොහැකිව තිබූ උහතෝකෝටික ප්‍රශ්නය වූයේද මෙම ඡායාරූපයයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇත්තටම මෙය ඇමතිවරයා පැවසූ පරිදි [FONT=Iskoola Pota, serif]1941 [/FONT]දී ගත් ඡායාරූපයක්ද[FONT=Iskoola Pota, serif]? [/FONT]එසේනම්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ ඡායාරූපයේ ඇමති දියණිය සටහන් වූයේ කෙසේද[FONT=Iskoola Pota, serif]? [/FONT]ඒ සියල්ලටමත් වඩා[FONT=Iskoola Pota, serif], [/FONT]ඉහත ඡායාරූපය සත්‍ය එකක් නම්[FONT=Iskoola Pota, serif], [/FONT]එහි සිටි පුද්ගලයා දිනක් හෝ වයසට නොගොස් ඇමති නිවසට පැමිණියේ කෙසේද[FONT=Iskoola Pota, serif]? [/FONT]මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත හැකි එකම මාර්ගය මේ ඡායාරූපය ඇසුරෙන් ලබා ගන්නා තොරතුක් පමණක් බව අසේලට වැටහුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ අතරතුර ඔහු නිරීක්ෂණය කළ කරුණක් වූයේ පැරණි ඡායාරූපයේ යුවල පිටුපසින් තිබෙනා උස ගොඩනැගිල්ල තමා මීට පෙර කොහේ හෝ තැනකදී දැක ඇති බවක්ය[FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota, serif]
    [/FONT]
    සාමාන්‍ය නිවසක් නොවූ එය උස් වහලයකින් සමන්විත වූවක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]බිත්ති සිමෙන්ති නිමාවකින් තොරව කළුගල් වලින් බැඳ ඇති බවක් දිස්විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ අනුව ගොඩනැගිල්ල යටත් විජිත සමයේ හෝ ඒ ආසන්න කාලයක නිම වූවක් බව පෙනෙන්නට තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙය බැලූ බැල්මට බොහෝ පිරිසකට එක් රැස් වීම සඳහා නිර්මාණය කල නගර ශාලාවක් හෝ දේවස්ථානයක ස්වභාවය ගන්නා බවක් පෙනෙන්ට ඇති බව අසේලට පසක් විය[FONT=Iskoola Pota, serif].[/FONT]
    [FONT=Iskoola Pota, serif]
    [/FONT]
    රිවිසරසි පුවත් පතේ ඡායාරූප ශිල්පියා වූ ආසිරි කාර්යාලයට ඇතුලු වන විටද අසේල සිටියේ තම පුටුවේ වාඩිවී ඡායාරූපයට අවධානය යොමුකොට ඉදිරියට නැමීගෙනය[FONT=Iskoola Pota, serif]. [/FONT]අතේ වූ හෙල්මටය සහ ජැකට්ටුව ගලවා දමාගෙන සිටි කැමරා බෑගයද පසෙකින් තබන තුරු අසේලගේ අවධානය ඔහු වෙත යොමු නොවූ බැවින් අසේල අතේ පවතින්නේ කුමක්දැයි බැලීමට ආසිරි ට සිත්විය[FONT=Iskoola Pota, serif]. [/FONT]කොනකින් ඡායාරූපය දෙස එබී බැලූ ඔහුගේ දෙතොළගට මද සිනාවක් නැංවිණි[FONT=Iskoola Pota, serif].[/FONT]
    [FONT=Iskoola Pota, serif]
    [/FONT]
    මොකද මචං[FONT=Iskoola Pota, serif].... [/FONT]උඹේ ග්‍රෑන්පේරන්ට්ස් ලගේ ෆොටෝ එකක් දිහා බලාගෙන භාවනා කරන්නේ[FONT=Iskoola Pota, serif]?“[/FONT]
    [FONT=Iskoola Pota, serif]
    [/FONT]

    ආසිරිගේ ප්‍රශ්නය හමුවේ අසේල පියවි ලෝකයට පැමිණියේ තිගැස්මකුත් සහිතවය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහු තමා ළඟට පැමි‍ණෙනතාක් කල් නොදැකීමට තරම් තම අවධානය ඡායරූපය වෙත යොමුව පැවතියාද යන්න ගැන අසේලටම පුදුම සිතුණි[FONT=Iskoola Pota, serif].

    [/FONT] නෑ මචං[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ මගේ කවුරුවත් නෙවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මං මේ දවස් වල කරන රිසර්ච් එකක පොටෝග්‍රාප් එකක්[FONT=Iskoola Pota, serif]....“ [/FONT]අසේලට තම සගයාට බොරු කීමට සිදුවූයේ ඇමතිවරයාට දුන් පොරොන්දුව සිහිපත් වීය[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    මං මේ කපල් එක පොටෝ එක ගත්ත තැන මොකක්ද කියලා බැලුවේ[FONT=Iskoola Pota, serif]... [/FONT]පිටිපස්සේ තියෙන බිල්ඩින්ග් එක මට මාර ෆැමිලියර්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් තැන මට හරියටම ඔලුවට එන්නෙ නෑනේ[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒකයි මං මේ කල්පනා කරන්නේ[FONT=Iskoola Pota, serif]....“

    [/FONT]
    [FONT=Iskoola Pota, serif]... [/FONT]ඒකත් එහෙමද[FONT=Iskoola Pota, serif]? [/FONT]කෝ දීපං බලන්න පොටෝ එක[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි වගේ පොටෝග්‍රැපර්ස්ලගේ තුන්වෙනි ඇහැටවත් අහුවුන තැනක්ද කියලා බලන්න[FONT=Iskoola Pota, serif]...“ [/FONT]යැයි කියමින් ආසිරි ඡායාරූපය ඉල්ලා ගත්තේය[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    ෂා[FONT=Iskoola Pota, serif]... [/FONT]මාර කෙල්ලෙක්නේ බං[FONT=Iskoola Pota, serif].... [/FONT]මේ වගේ කෙල්ලෝ අද නෑනේ බං අපිට ‍ෆොටෝ ගන්න[FONT=Iskoola Pota, serif].... [/FONT]ටෘ නැචරල් බියුටි එකක් තියෙන කෙල්ලෙක්[FONT=Iskoola Pota, serif].... [/FONT]කවුද බං මේ[FONT=Iskoola Pota, serif]??“[/FONT]ඡායාරූපය අතටගත් ආසිරිගේ මුවින් නික්මුණු දේ පිළිබඳව අසේලට සිනා නොවී සිටීමට නොහැකි විය[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    උඹලත් ඉතින් හදන්නේ කොහේ හරි ලස්සන කෙල්ලෙක් දැක්කොත් ෆොටෝ ගහගෙන ගිහින් පත්තරේ දාන්නනේ[FONT=Iskoola Pota, serif].... [/FONT]දැන් උඹට ඒක වැඩක් නෑනේ[FONT=Iskoola Pota, serif]? [/FONT]ඕක අතට ගත්ත වැඩේ කරපන්කෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]ඔය පිටිපස්සෙන් තියෙන බිල්ඩින්ග් එක උඹ දන්නවද කියලා කියපන්[FONT=Iskoola Pota, serif].“

    [/FONT]
    හරි හරි[FONT=Iskoola Pota, serif].... [/FONT]කියන්න බැරිනම් තියාගනින්කෝ[FONT=Iskoola Pota, serif]...“ [/FONT]යැයි පැවසූ ආසිරි ඡායාරූපයේ පසුබිමේ වූ ගොඩනැගිල්ල දෙස බලාගෙන කල්පනා කරන්නට විය[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    ම්[FONT=Iskoola Pota, serif].... [/FONT]මටත් මේක හොඳටම දැකලා පුරුදුයි[FONT=Iskoola Pota, serif]..... [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif]... [/FONT]හරි[FONT=Iskoola Pota, serif]... [/FONT]මතක් වුනා[FONT=Iskoola Pota, serif].....“ [/FONT]යැයි ආසිරි පවසන විටම අසේල ඉඳගෙන සිටින පුටුවෙන් ඉදිරියට නැමුනේ උනන්දුව දැඩි වූ නිසාය[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    මේ සෙන්ට් පෝල්ස් ගර්ලස් කොලේජ් එකේ මේන් හෝල් එක මචං[FONT=Iskoola Pota, serif]...“ [/FONT]ආසිරි පැවසුවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT]
    උඹට හොඳටම ෂුවර්ද[FONT=Iskoola Pota, serif]?“

    [/FONT]
    ෂුවර්දත් කියලා අහනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇයි බං[FONT=Iskoola Pota, serif]... [/FONT]උඹයි මායිනේ ගියේ ගියපාර එහෙ ආටිකල් එකක් කවර් කරන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]මතක නැද්ද[FONT=Iskoola Pota, serif]? [/FONT]අර සිස්ටර් මේරි හම්බවෙලා ගත්ත ඉන්ටර්වීව් එක[FONT=Iskoola Pota, serif]? [/FONT]කොලේජ් එකේ හන්ඩ්‍රඩ්ත් ඉයර් ඇනිවසරි එකට[FONT=Iskoola Pota, serif].“

    [/FONT]
    මේ සමගම මීට මාස හතරකට පමණ ප්‍රථම සිදුවූ ඒ ගමන පිළිබඳ මතකය අසේලගේ සිහියට නැගුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]විද්‍යාලයේ සියවස් සමරුව සඳහා අවශ්‍ය විශේෂාංගය සඳහා අවශ්‍ය වූ තොරතුරු සහ ඡායාරූප ලබාගැනීමට ගියේ අසේල සහ ආසිරිය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහිදී බොහෝ වේලාවක් ගතකොට විද්‍යාලයේ විදුහල්පතිනිය[FONT=Iskoola Pota, serif], [/FONT]විද්‍යාලයේ ගුරුවරියන් සහ ශිෂ්‍යාවන් සමග කතාබස්කොට තොරතුරු ලබාගත් බවද ඔහුට මතක් විය[FONT=Iskoola Pota, serif].

    [/FONT] පොඩ්ඩක් හිටපං මචං[FONT=Iskoola Pota, serif]. [/FONT]මං ගාව ඔය ලොකේෂන් එකේ ගහපු ෆොටෝස් ඇති[FONT=Iskoola Pota, serif]...“ [/FONT]යැයි කියූ ආසිරි ඔහුගේ පරිගණකය පිරික්සන්නට විය[FONT=Iskoola Pota, serif].[/FONT]
    විනාඩි කීපයක ඇවෑමෙන් අවශ්‍ය ඡායාරූප ගොනුව විවෘත කරගත් හෙතෙම “රයිට්[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ තියෙන්නේ බඩු[FONT=Iskoola Pota, serif].... 100% [/FONT]ෂුවර් මේ එකම තැන කියලා[FONT=Iskoola Pota, serif]...“ [/FONT]යැයි පැවසුවේය[FONT=Iskoola Pota, serif].

    [/FONT] ආසිරි විසින් පෙන්වූ ඡායාරූප දෙස බැලූ අසේලට[FONT=Iskoola Pota, serif], [/FONT]ඡායාරූපයේ සඳහන් ස්ථානය එයම බැව් තහවුරු කරගත හැකිවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]කාලය විසින් වටපිටාව සෑහෙන දුරට වෙනස් කොට තිබුණද[FONT=Iskoola Pota, serif], [/FONT]ඡායාරූ කිහිපයකම සටහන්ව ඇත්තේ එකම ගොඩනැගිල්ල බව වටහා ගැනීමට එතරම් අපහසු නොවීය[FONT=Iskoola Pota, serif].

    [/FONT] මචං[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ ඉන්න දෙන්නා කවුද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න අහන්න කවුරුත් උඹ දන්නවද සෙන්ට් පෝල් එකේ[FONT=Iskoola Pota, serif]?“

    [/FONT]
    ම්[FONT=Iskoola Pota, serif].... [/FONT]මෙහෙමයි මචං[FONT=Iskoola Pota, serif]. [/FONT]ෆොටෝ එක පරණ නිසා මං නම් හිතන්නේ නෑ මේකෙ ඉන්න අය අඳුනන කවුරුත් කොලේජ් එකේ ඇති කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම මේ දෙන්නගේ ලොකු සම්බන්ධයක් කොලේජ් එකට නැත්තම් හොයන එකත් ලේසි වෙන එකක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද ආවට ගියාට බිල්ඩින්ග් එක ඉස්සරහා ඉඳලා ෆොටෝ ගත්තට කාටවත් මතක හිටින එකක් නෑ නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් අපි උත්සාහ කරලා බලමු[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි ප්‍රින්සිපල්ට කතාකරමු[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද ගිය සැරේ අපේ ආටිකල් එක ගැන සිස්ටර් සෑහෙන්න ඉහළින් කතා කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා අපිට එයා උදව්වක් කරාවි“

    රයිට්[FONT=Iskoola Pota, serif]... [/FONT]එහෙනම් මචං හෙට උදේට මාත් එක්ක උදේ පොඩ්ඩක් සෙන්ට් පෝල්ස් එකට දුවලා එන්න යන්න එනවද[FONT=Iskoola Pota, serif]? [/FONT]මොන වැඩේ තිබුණත් මේක ටිකක් අර්ජන්ට්[FONT=Iskoola Pota, serif]...“

    [/FONT]
    හරි[FONT=Iskoola Pota, serif]... [/FONT]මං එන්නම්[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි බලමු මොනාහරි විස්තරයක් දැනගන්න පුලුවන් වෙයිද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]උදේ [FONT=Iskoola Pota, serif]10[/FONT]ට විතර අපි යමු[FONT=Iskoola Pota, serif].“

    [/FONT]
    මේ අනුව අසේලට පසක් වූයේ මේ විසඳීම සඳහා අවශ්‍ය පළමු හෝඩුවාව ඔහුවෙත ලැබී ඇති බවය[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් ඇත්තේ ක්‍රියාත්මක වීමට කාලයයි[FONT=Iskoola Pota, serif]. [/FONT]හෙට දින සෙන්ට් පෝල්ස් විද්‍යාලය වෙත ගොස් ඡායාරූපයේ සිටිනා පුද්ගලයින් දෙදෙනා පිළිබඳව හෝඩුවාවක් ලැබුණහොත් ප්‍රශ්නයෙන් [FONT=Iskoola Pota, serif]50% [/FONT]පමණ විසඳෙන බව ඔහුට සිතුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් ආසිරි පැවසුවාක් මෙන් මේ පිළිබඳව කිසිම තොරතුරක් නොලැබුණහොත් නැවතත් තමන් පෙර සිටින තැනටම වැටෙන බවද අසේලට සිහිපත් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]කෙසේ වුවත් හෙට වනතෙක් තම බලාපොරොත්තු සථල වන බවට විශ්වාස කළ යුතු යැයි ඔහුට හැඟුනි[FONT=Iskoola Pota, serif].[/FONT]