පෙ.ව 2.05
මහනුවර ශික්ෂණ රෝහල
රාත්‍රී අඳුර කපා හරිමින් වැටුණ සිහින් පොදවැස්ස තවමත් අවසන්ව නැත. රෝහලේ බාහිර රෝගී අංශය හැරෙන්නට අනෙක් සෑම තැනකම පාලුව රජයමින් තිබිණි. තැනින් තැන අඳුර මකා දමන්නට දල්වා තිබුණු සුදු පැහැති විදුලි පහන් වලින්ද එතරම් පිටුවහලක් ලැබුණේ නැත. හදිසි රෝගියෙක් නොවුනහොත් බොහෝ අවස්ථාවන් වලදී මෙහි තත්වය මේ හා සමානය.
එහෙත් සියල්ල වෙනස් වන්නට ගතවූයේ විනාඩි කිහිපයකි. බෝගම්බර ක්‍රීඩාංගනය පැත්තෙන් වූ ප්‍රධාන ගේට්ටුව දෙසට ඉතා වේගයෙන් පැමිණියේ නවීනතම ලෑන්ඩ් රෝවර් රථයකි. රියදුරා කෙතරම් වේගයෙන් රිය ධාවනය කලේද යත් ගේට්ටුව අසලදී රිය නවත්වා ගැනීමට ගැසූ තිරිංග පහරට රථය එක්වර නතර නොවී ශබ්දයක් නගමින් ඉදිරියට ලිස්සා ගියේය. හදිසියක් බව දැන්වීමට දෝ රථයේ පැති සංඥා දල්වා තිබුණි. මුරකුටියේ උන් මුරකරු තම තොප්පියද අමතක කොට ගේට්ටුව අරින්නට දිවගියේ මෙහි රැගෙන එන්නේ හදිසි රෝගියෙකු යැයි සිතුනු බැවිනි.
ගේට්ටුව ඇරුණු විගස නැවතත් වේගයෙන් ගමන් ඇරඹූ රථය බාහිර රෝගී අංශය ඉදිරිපිට වූ ගස වටා රවුමක් කරකවා වේගවත් තිරිංග පහරක් සමග නැවැත්වීය. සියලුම වීදුරු කලුකර තිබූ බැවින් ඇතුලේ සිටියේ කවරෙකුදැයි හඳුනාගැනීමට කිසිවෙකුටත් නොහැකි විය. එහෙත් වාහනයේ ඉදිරි වීදුරුවේ අලවා තිබූ අති විශේෂ පුද්ගලයෙක් (VIP) යැයි සටහන් වූ අවසරපත නිසා මෙය කිසියම් ප්‍රභූවරයෙකුට අයත් එකක් යැයි සිතාගත හැකි විය.
වාහනය නවත්වනවාත් සමග ඉන් බැසගත්තේ හැඩිදැඩි මිනිසුන් තිදෙනෙකි. හමුදා භටයින්ගේ පෙනුමකින් යුක්තයැයි සිතිය හැකි මේ තිදෙනාගෙන් එකෙක් රථය ඇතුලේ සිටි තවත් පුද්ගලයෙක් දෝතින් ඔසවා ගත්තේ අනෙක් දෙදෙනාගේද අධාරය සහිතවය. ඒත් සමග රථයේ රියදුරු බාහිර රෝගී අංශය වෙත දිවගියේ එහි වූ කවරෙකු හෝ කැඳවාගෙන ඒමටය. ඉතා ස්වල්ප වේලාවකින් ඔහු නැවතත් පැමිණියේ ට්‍රොලියක් තල්ලු කරගෙන පැමිණි සාත්තු සේවකයින් දෙදෙනෙක් සමගය.
ඔසවාගෙන පැමිණි රෝගියා ට්‍රොලිය මත තැබූ අනෙක් තිදෙනා සාත්තු සේවකයින් දෙදෙනාද සමග වේගයෙන් රෝහල තුළට දිව ගියෝය. මෙතෙක් වේලා නිස්කලංකව තිබූ රෝහලේ බාහිර රෝගී අංශය මේ අලුත් රෝගියාගේ පැමිණීමත් සමග කඩිගුලකට ගල් ගැසුවාක් මෙන් කැළඹී ගියේය. බාහිර රෝගී අංශයේ වූ වෛද්‍යවරයා රෝගියා පිරික්සන්නට වූයේ ඔහු ඉතා අමාරුවෙන් හුස්ම ගන්නට වෑයම් දරනු දුටු නිසාවෙනි. රෝගියාගේ වයස අවුරුදු විසි හතකට වැඩි නොවන්නට ඇත. මනාව වැඩුනු ඇඟ නිසා බොහෝ කාලයක් කය වෙහෙසවා වැඩ කල පුද්ගලයෙකු ගේ පෙනුමක් රෝගියා සතු විය. තරමක් නොගැලපෙන අන්දමේ ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි ඔහුගේ අලු පැහැ ටී ෂර්ට් එකෙන් වැඩි ප්‍රමාණයක් ලේ නිසා පෙඟී තිබුණි. මුහුණද එතරම් පැහැදිලිව දිස් නොවූයේ ලේ පැල්ලම් කිහිපයක් මුහුණේද යම් ප්‍රමාණයක් ආවරණය කර තිබූ බැවිනි. හෙදියන් දෙදෙනෙකුගේද සහාය ඇතිව වහා ටී ෂර්ට් එක කපා ඉවත් කල වෛද්‍යවරයාට දැකගත හැකිවූයේ එම ලේ පැල්ලම ඇතිවූයේ උදරයේ ඇතිවූ කුඩා සිදුරක් ප්‍රමාණයේ තුවාලයක් නිසා බවය. අවුරුදු ගණනාවක් ත්‍රස්තවාදී කලබල පැවති කාලයේ අවදානම් සහගත ප්‍රදේශ වල සේවයේ නියුතුව සිටි වෛද්‍යවරයාට මෙය වෙඩි පහරකින් සිදුවූවක් බවට නිගමනය කිරීමට එතරම් වේලාවක් අවශ්‍ය නොවිනි. ඒත් සමග වෛද්‍යවරයාගේ මුහුණේ පෙර නොතිබුණු බැරෑරුම් පෙනුමක් දිස් වන්නට විය.
“නර්ස්... මේක සීරියස් කේස් එකක්. මෙයාව දැන්ම ෂිෆ්ට් කරන්න තියටර් එකට. දැනටමත් පරක්කු වැඩිද මන්දා... ඒ වගේම පොලීසියට ඇවිත් මෙයාව ගෙනාපු අයගෙන් ස්ටේට්මන්ට් එකක් ගන්න කියන්න. මේ තුවාලේ ගන්ෂොට් එකකින් ඇතිවෙච්ච එකක්.“ තමාගේ රෝග විනිශ්චය ලබාදුන් වෛද්‍යවරයා වහ වහා අවශ්‍ය ලියකියවිලි පුරවා දුන්නේ රෝගියා හැකි ඉක්මණින් සැත්කම සඳහා යොමු කිරීමටය.
ඒ විධානයත් සමග රෝගියා තවත් සහායක වෛද්‍යවරු දෙදෙනෙකුත් සමග ඊට යාබද ගොඩනැගිල්ලේ වූ හදිසි අනතුරු ඒකකයේ ශල්‍ය වෛද්‍ය ඒකකය වෙත කඩිනමින් යොමු කෙරිනි. බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා විසින් ලබා දුන් දුරකථන ඇමතුම නිසා ශල්‍ය ඒකකයේ සිටි සියලු දෙනා රෝගියා බාර ගැනීමට සූදානම්ව සිටියෝය. රෝගියා සැත්කම් කාමරයට ඇතුළත් කෙරුනු සැණින් සැත්කම ආරම්භ විය.
පෙ.ව 3.30
රිවිසරස පුවත්පත් ප්‍රාදේශීය කාර්යාලය
මහනුවර
අසේල රුවන්පුර සිටියේ නින්දත් නොනින්දත් අතරය. වෘත්තීයෙන් රිවිසරස පුවත්පතේ මහනුවර ප්‍රාදේශීය වාර්තාකරුවෙක් වූ ඔහුගේ රැකියාව තිබුණේ සෑහෙන අවධානමකය. පහුගිය මාස දෙක තුනක සිටම ඔහුගෙන් සැළකිය යුතු වාර්තාවක් පුවත්පත වෙනුවෙන් ඉදිරිපත් කරන්නට සමත් නොවීම හේතුවෙන් තම ප්‍රධානියාගෙන් අවසන් අනතුරු ඇඟවීම ඔහුට ලැබුණේ පෙරදින සන්ධ්‍යාවේදී ය. මීට මාස හයකට පෙර බිරිඳ ඔහුගෙන් වෙන්වී යාමෙන් පසු මේ සියලුම කරදර ආරම්භ විය. ඇගෙන් හැමවිටම ඔහු වෙත කෙරුණ චෝදනාව වූයේ ඔහුට තමා වෙනුවෙන් වෙන් කරන්නට කාලයක් නොමැති තරමට රැකියාවේ ඇලී ගැලී සිටිනා බවය. මේ සියල්ලම නෑසූ කන්ව සිටි ඔහුට තත්වය බරපතල බව වැටහෙන්නට ගත්තේ ඇය දික්කසාදය ඉල්ලා ඔහුට එරෙහිව නීති උපදෙස් පැතූ විටය. ඉන්පසුව හෙතෙම කෙතරම් ඈ ඉදිරියේ බැගෑපත් වුවද, තම තීරණය වෙනස් කිරීමට ඈ අකමැති වූවාය. අවසානයේ දෙදෙනා දික්කසාද විය.
ඒත් සමගම අසේල තම රැකියාව වෙත දැක්වූ උනන්දුවද ක්‍රමයෙන් හීන වන්නට විය. වෙනදා ඔහු විසින් වාර්තා කරනු ලැබූ ප්රවෘත්ති බොහෝ විට පුවත් පතේ ඉදිරි පිටු වල පළ විය. එහෙත් මේ වන විට හෙතම සති තුනකින් කිසිම පුවතක් පළ කිරීමට අපොහොසත්ව සිටියේය. ඉදිරිපත් කරන ලද සියල්ලම සංස්කාරකවරයා විසින් ඉවත දැමුණේ එක්කෝ එහි අන්තර්ගතය පුවත්පතේ පළ කිරීම සඳහා නොසුදුසු බව සඳහන් කරමිනි. නැතහොත් ඔහු විසින් ඉදිරිපත් කරන ලද බොහෝ පුවත් සෑහෙන පරණ ඒවා බැව් අසේලටම මතක් කර දෙමිනි. පිට පිට සති කිහිපයකදීම ඉහළ පුටුවලින් රැකියාව පිළිබඳ විවිධ අවවාදාත්මක නිවේදන ලැබුණු අතර පෙරදින සන්ධ්‍යාවේ අවසන් නිවේදනය ලැබුණි. හෙතෙම සතියක් ඇතුළත ප්රවෘත්තිමය වටිනාකමක් ඇති කිසිවක් පුවත්පත වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, රැකියාව නිශ්චිතව අහිමි වන බව එහි සඳහන් විය.
මේ මොහොතේ පවා ඔහු සිටියේ හෙට දින නිකුත් වන පුවත්පතට කිසියම් හෝ ආකාරයක පුවතක් ලබාදෙන්නේ කෙසේදැයි යන උහතෝකෝටික ප්‍රශ්නයට පිළිතුරක් සොයමිනි. කෝපි කෝප්ප පහක් මේ වන විට ඔහු විසින් හමාර කර තිබුණි. පෙරදින රාත්‍රී ආහාරය ලබාගත්තේද නැත. සැළකියයුතු මට්ටමක හිසරදයකින්ද පෙළෙමින් හෙතෙම උත්සාහ දැරුවේ පරණ පුවත් පත් කිහිපයක්ද විශ්ලේෂණය කරමින් කොහෙන් හෝ වැදගත් ප්‍රවෘත්තියක් සඳහා කොනක් අල්ලා ගැනීමටය. මේ වන විට කාර්යාලයේ ඔහු හැරුණු විට සිටියේ මුරට සිටිනා පෞද්ගලික ආයතනයකින් සැපයුණු මුරකරුවා පමණකි. ඔහුද මේ වන විට තම පුටුවේ නිදා සිටින බැව් අසේල දැන සිටියේය. තවත් කෝපි කෝප්පයක අවශ්‍යතාව තදින්ම දැණුනත්, මේ වන විට එවැන්නක් ලබාගත හැකි කිසිම කඩයක් විවෘතව තිබුණේ නැත.
හදිසියේම අසේලගේ ජංගම දුරකතනය නාද විය. දුරකතනයේ තිරය දෙස බැලූ ඔහුට මෙය හඳුනන අංකයක් නොවන බව පෙණුනි. කෙසේ වුවත් දුරකතනය කනේ තබා ගත්තේ, මේ වෙලාවේ ඔහුට අමතන්නේ කවුරුන්දැයි කල්පනා කරමිනි.
“මේ රිවිසරස පත්තරේ අසේල මහත්තයද?“
“ඔව්... ඔබතුමා කවුද?“ අසේල පිළිතුරු දුන්නේය.
“මහත්තයා... මම කවුද කියන එක වැඩක් නෑ. මහත්තයට නිවුස් එකක් දෙන්නයි කතා කලේ. මීට පැය දෙකකට කලින් වීරවර්ධන ඇමති තුමාගේ ගෙදර ගන් ෆයර් එකක් වුනා. කාට හරි වෙඩි තිබ්බා. කොහොම හරි එක්කෙනෙක්ටවත් තුවාලයි. දැන් නුවර හොස්පිට්ල් එකට ගෙනිච්චා. පුලුවන් නම් හොයලා බලන්න.“ එසැනින් දුරකතන ඇමතුම ක්‍රියාවිරහිත විය.
අසන්නට ලැබුණු ප්‍රවෘත්තිය සිතේ ධාරණය කරගැනීමට අසේලට තත්පර කිහිපයක් ගතවිය. ඒ සමග ම ඔහුගේ මුහුණේ මේ වනතෙක් පැවති මුඩුම පෙනුම වෙනුවට සිහින් සිනහවක් නැගිනි. තමා සති ගණනක් සෙවූ ප්‍රවෘත්තිය මෙය බව ඔහුට වැටහුණි. බල බලා සිට නාස්ති කිරීමට කාලයක් නැත. වෙන කවරෙකු හෝ මෙම ප්‍රවෘත්තිය ආවරණය කිරීමට ප්‍රථම තමා එතැනට යායුතු බව ඔහුට වැටහුණි. පත්තර ගොඩක් අස්සේ තිබූ තම සයිඩ් බෑගය අතට ගත් හෙතෙම, සටහන් පොතත්, කුඩා කැමරාවත් එය තුළට දමා ගත්තේය. මුරකරුවා අමතා ඉදිරි දොර ඇර ගත් අසේල උදෑසන පින්නෙන් පෙඟුන පදික වේදිකාවට බැස්සේ හැකි ඉක්මණින් රෝහල වෙත ගමන් කිරීමටය.